Die Hard 6 – හයවෙනි පාරටත් මැරුවා සමඟ වාසේ…
සුපිරි චිත්රපටිවල ඉදිරි දිගහැරුම… (XIV)
“නැහිලා මැරිය” චිත්රපටි මාලාව ගැන කවුද නොදන්නේ… අපේ දිනිඳු සම්පත් සහෝ තමන්ගෙ 50 වැනි උපසිරැසිය විදිහට දුන්නෙත් “නැහිලා මැරිය 5” නේ… ඉතින් මේ ආරංචිය ඒකෙ 6 වැන්න ගැන. Die Hard සිනමා පෙළ ආරම්භයේ සිට අද දක්වා එන ප්රමුඛ චරිතය NYPD පොලිස් නිලධාරියෙක් ලෙස ජීවිකාව අරඹලා පොලිස් පරීක්ෂක තනතුර දක්වා පැමිණි John McClane (Bruce Willis). පහුගිය සිව්වතාවෙම ඔහුගෙ වික්රමයන් සිදු කෙරුණේ මව් රට ඇතුළෙමයි. නමුත් මේ පාර ඔහුව රටින් පිටට එක්කරගෙන ගිහින් කරන වික්රමයකට පෙළඹෙව්වේ ඔහුගෙ පුතා John McClane Jr. (Jai Courtney) විසින්.
$ 90m වැයක් වෙනුවෙන් ඇමෙරිකාව තුළ උපයා දුන් මුදල $ 67m වෙද්දී, විදේශයන් තුළ ඉපයීම $ 235m ලෙස සටහන් කිරීමට මේ මැක්ලේන් පිය පුතු දෙපළගේ වික්රමය සමත් වුණා. එනිසාවෙන්ම සෘජුවම රටින් පිට වෙළඳපළ ඉලක්ක කරගෙන 6 වැන්නක් නිපදවන්න අදහසක් පහළ වෙලා. මේ 6 වැනි පාරටත් වික්රමයක් කරන්න මැක්ලේන් සූදානම් වුණාට දැන්නම් මේ හාදයට හොඳටෝම වයසයි. ඇරත් 5 වැන්න කිසිසේත්ම සාර්ථක නිර්මාණයකුත් නොවෙයි. මේ සිනෙ පෙළහරෙහි තැනුණු අසාර්ථකම නිර්මාණය එය බවයි විචාරක අදහස.
ඒ මොනවා වුණත් 6 වැනි ව්ක්රමය තියෙන්නෙත් රටින් පිටලු. දැනට කියැවෙන විදිහට ඒ වෙනුවෙන් ජෝන් මැක්ලේන්’ට ජපානයට යන්ඩ වෙන බවක් තමයි කියැවෙන්නේ. හරියටම කිව්වොත් ටෝකියෝව මූලික කරගෙන මේ නිර්මාණයට පදනම සකසන්න මෙහි පිටපත් රචකයා දැනටම කටයුතු කරමින් ඉන්නවලු. ඒ වුණත් මේ කියන 6 වැන්න මෙහි අවසානය සනිටුහන් කරන්නට යන බවක් තමා කියැවෙන්නේ. හේතුව අවුරුදු 25ක් තිස්සේ වීරක්රියා 5ක් කරලා මැක්ලේන්’ට දැන් හොඳටම මහන්සියි ඇරත් දැන් ඔහුට මේ පොලිස් රස්සාවෙනුයි, නිතරම ඔහු යන යන තැන්වලම සිදු වෙන කලබගෑනිවලිනුයි විශ්රාම ගන්ඩ කාලෙත් හරි.
තවමත් මෙහි කතා පරිසරය ගැන කිසිදු විස්තරයක් හෙළිදරව් කර නැහැ. නමුත් මෙය නම් කර තිබෙන්නේ “Die Hardest” ලෙසින්. Ben Trebilcook කියන නවක පිටපත් රචකයා මෙහි ලියන වැඩ ටික ගැන මේ වන විට අවධානය යොදවලා තියෙනවා වුණත්; තවමත් කතාවෙ සැකිල්ල සකසමින් යනවා විතරයි. ඉතින් මේ සිනෙ පෙළෙහි ප්රධාන නළුවා Bruce Willis සහ නිෂ්පාදක Alex Young මීට එක්වෙනු ඇතැයි කියලා නිෂ්පාදනායතනය විශ්වාසය පළකරනවා. නමුත් මෙය සැබෑවක් වේවිද යන්න තවමත් කියන්නට බැහැ. එහෙම වුණත්, තවමත් මේ “නැහිලා මැරිය” සිනෙ පෙළ මැක්ලේන් එක්කම විශ්රාම ගන්වනවා ද? මැක්ලේන් ජූනියර් එක්ක ඉදිරියට ගෙන යනවාද කියලානම් හෙළිදරව්වක් සිදු වෙලා නෑ. ඒ කොහොම වුණත් ‘හැම තිස්සෙම වැරදි තැනක’ ඉන්න සිදුවෙන මැක්ලේන්’ගේ දෛවය එහෙම ලේසියෙන් හොඳ වෙන එකක් නෑ කියලා තමයි අපට හිතාගන්ඩ වෙන්නේ… 😛
තිරයට එන දිනය: නිශ්චය කර නොමැත
නියමයි උදා සහෝ ලිපිය නම්
ජය වේවා
මොනා උනත් Die Hard 2 නං පට්ට….
පට්ට මචං දිගටම ලියහං