Love Mocktail සාර්ථකත්වයේ රහස

ඔබ දකුණු ඉන්දියානු චිත්‍රපට රසිකයෙකු නම් මේ නම ඇහෙනකොටත්. මේ නම දකිනකොටත් මේක මොනවගේ දෙයක්ද කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕනී වෙන්නේ නෑ. ඉතින් චිත්‍රපටය බලපු නැති අය හරි ඒ ගැන දැනගන්න ඕනී අය හරි ඉන්නව නම් මෙතනින් බයිස්කෝප් සිංහලෙන් අපගේ වෙබ් අඩවියේ තියන ලිපිය කියවනන. ඒ වගේම  බයිස්කෝප් මංසලේ මීට පෙර මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමග පලවුනා. මෙතනින් ගිහින් ඒකත් බලලා ඉන්න. මොකද අද මම කතා කරන්න යන්නේ ලව් මොක්ටෙල් චිත්‍රපටය එතරම් සර්කත්වයක් ලබගැනීමට හේතු මොනවද කියලා….

ඩාර්ලින් ක්‍රිෂ්ණා නොහොත් ක්‍රිෂ්ණා නාගප්පා කියන්නේ පුංචි සන්දියේ ඉදන්ම සිනමා ක්ශේත්‍රයට පිස්සු වැටිලා හිටිය කෙනෙක්. ඉතින්  ඔහු පිස්සුවෙන් වගේ සිනමාව හදාරනවා… එයාගේ මේ උණ නිසාම කොහොම හරි කණ්නඩ චිත්‍රපට දෙක තුනක රගපාන්නත් මොහුට අවස්තාව හම්බවෙනවා. ඉතින් ඒවා ඒ හැටි ජනප්‍රිය වෙන්නෙ නම් නැහැ.
ඉතින් ඔහු කල්පනා කරනවා “අනුන්ගේ චිත්‍රපට වල රගපාලා මට ඉස්සරහට යන්න බෑ. මම මගේම කියලා මොකක් හරි දෙයක් කරන්න ඕනි කියලා” ඉතින් මෙහෙම හිතලා තව තවත් සිනමාව ගැන ඉගෙන ගන්නවා. ඔහු එක තැනකදි මාධයට කියනවා “මම ගොඩක් දුෂ්කර ගමනක් ගෙවාගෙන ආවේ. මට ඉදිරියට යාමට වෙන මගක් නැහැ කියලා තේරුම් ගියා. සිනමාව හැර වෙන කිසිම දෙයක් ගැන මම දැනගෙන හිටියේ නෑ. ඒ නිසා මම ඉගෙන ගත්ත දේවල් වලින් යමක් කල යුතුයි කියලා මට හිතුනා” ඒ සිතුවිල්ල තමයි ලොකු ගමනක ආරම්භය වුනේ. මීට අවුරුද්දකට කලින් ඩාර්ලින් ක්‍රිෂ්ණා කියනේ මයිසූර් වල හිටපු නිකන්ම කිරි කජු කොල්ලෙක්. ඒත් අද වෙනකොට එයා ගැන මුලු ලෝකෙම කතා කරනවා.
ඉතින් ක්‍රිෂ්ණ එයාගේ හීනය කොහොම හරි හැබෑ කරගන්නවා කියලා හිතාගෙන දිවා රෑ නොබලා ගොඩාක් දේවල් සැලසුම් කරනවා. ඒත් ඒ එකක් වත් හරියන්නේ නෑ. ඒත් එක දවසක් එයා යාළුවෙක් එක්ක බිඩාඩී ඉදන් මයිසූර් වලට කාර් එකේ යනවා ඔය අතර මෙයාගේ ඔළුවට ලස්සන අදහසක් ගලාගෙන එනවා. ඉතින් ක්‍රිෂ්ණා ආව ගමන්ම යනවා එයාගේ හොදම යාළුවා මිලානා නාගරාජ් (චිත්‍රපටයේ නිදීමා) හම්භවෙන්න. ගිහින් මිලානට එයාගේ අදහස කියනවා.  මිලානා මේක අහලා ගොඩක් පුදුම වෙනවා ඇය ක්‍රිෂ්ණව දිරිමත් කරනවා. ඉතින් ක්‍රිෂ්ණත් තමන්ගේ අදහස වචනවලට පෙරලලා පිටපත ලියන්න ගන්නවා. දවස් 15ක් 20ක් ඇතුලත කොහොම හරි මෙයා පිටපත ලියලා අවසන් කරනවා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ චිත්‍රපටය හදන එක. මෙතනදි ඔහු අති දැවැන්ත තීරණයක් ගන්නවා. ඒ තමයි චිත්‍රපටය වෙන කාටවත් නොදී තමන්ම නිර්මාණය කරනවා කියලා. ඔහු එක අවස්තාක කියනවා “මට ඕනි නම් තිබුනා මේ චිත්‍රපටය නිර්මාණය කරන්න වෙනත් සිනමාකරුවෙකුට භාරදෙන්න. ඒත් මගේ හිත කිව්වා මේක මටම කරන්න කියලා. ඉතින් මම මගේ වටේ හිටිය දෙතුන් දෙනත් එක්කරගෙන වැඩේ කරන්න හිතා ගත්තා. ඒ අතර හිටපු මගේ හොදම යාළුවෙක් තමා කිච්චා සුදීප් කියන්නේ. ඔහු මට කිව්වා වෙන කෙනෙක් මේ චිත්‍රපටය කලොත් ජනප්‍රිය වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒක නිසා උබම මේක කරපන් කියලා. ඒක තමා මට ලැබුල ලොකුම දිරිගැන්වීම.”
ඉතින් ක්‍රිෂ්ණා මේ චිත්‍රපටය නිර්මාණය කරන්න හිතාගෙන බැංකුවට යනවා ඒත් බැංකුවට ගිහින් බලනකොට ඔහුගේ බැංකු ගිණුමේ තියෙන්නේ රුපියල් ලක්ශයක් විතරයි.ඉතින් ඔහු ඒකත් අරගෙන ගෙදර ගිහින් කල්පනා කරනවා. පාහුවදා ඔහු තමන්ගේ හොදම යෙහෙලිය මිලානා හම්බවෙන්න යනවා ඊට පස්සේ මිලානට මේ ගැන කියනවා. ඉතින් මොකුත් නොකියාම මිලානා කැමති වෙනවා චිත්‍රපටයේ සම නිශ්පාදකවරිය විදිහට එකතු වෙන්න.
ඉතින් ක්‍රිෂ්ණා වැඩ පටන් ගන්නවා.
ඔහු තමන්ගේ ප්‍රදේශයට, කන්ණඩ බාශාවට ගොඩක් ආදරේ කරනවා. ඒක නිසා ඔහු සිතාගන්නවා මේක කන්නඩ බාශාවෙන්ම ඒ ප්‍රදේෂයේම නිර්මාණය කරනවා කියලා. ඊට පස්සේ ලොකුම අභියෝගය වුනේ චිත්‍රපටයට ගැලපෙන චරිත ටිකක් හොයාගන්න එක. ඉතින් මෙතනදිත් ප්‍රදාන චරිත දෙක වන ආදි සහ නිදීමා යන චරිත දෙකට පන පොවන්නත් ක්‍රිෂ්ණා සහ මිලානා දෙන්නම තීරණය කරනවා. ඊට පස්සේ සෙසු චරිත වලට ඕනී නලු නිලියන් ටිකත් කුසලතා පරික්ෂණයක් තියලා මේ දෙන්නම තෝරගන්නවා. ඒ වගේම ක්‍රිෂ්ණා තමන්ගේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා ලෙස බාරතයේ දක්ෂ සංගීතය අධ්‍යක්ෂක වරයෙක් වෙන රගූ ඩික්සිත් මහතාව තෝරගන්නවා. කොහොම හරි අන්තිමේ රූගතකිරීම් ආරම්භ කරනවා.
චිත්‍රපටය විකාශනය වීමෙන් පසු ක්‍රිෂ්ණා දවසක් කියනවා “අපිට සටන් අධ්‍යක්ෂක වරු, නර්ථනය අධ්‍යක්ෂක වරු,  හිටියේ නෑ. ඒ නිසා ඒ හැම දෙයක්ම මම තනියමයි කරේ. චිත්‍රපටයේ ගිත පවා මට රචනා කරන්න සිදුවුනා. ඒ වගේම අපිට කළා අධ්‍යක්ෂක වරයෙක් සිටියේ නැති නිසා අපිට හැම රූගත කිරීමක්ම ලොකේශන් එකේදිම කරගන්න සිද්ද වුනා. ඒ වගේම අපේ මේක් අප් දාගත්තෙත් අපිමයි. මිලානා ඒකට අනිත් නළු නිලියන්ට උදව් කලා.”
ඉතින් ඔය විදිහට රූගත කිරීම් ආරම්භ වෙන මේ චිත්‍රපටය ඉතාමත් ඉක්මනින් ලොකු කැපකිරීමකින් පසුව රූගතකිරීම් අවසන් කරගන්න ක්‍රිෂ්ණට පුළුවන් වෙනවා. ඉතින් අවසාන් වෙනකොට මෙහි පිටපත් රචකයා, අධ්‍යක්ෂකවරයා, නිෂ්පාදක වරයා, ගීත රචකයා සහ ප්‍රධාන නළුවා ලෙස  චිත්‍රපටයෙන් 90%කම බරක් දරන්නේ ක්‍රිෂ්ණා තනිවමයි. ඔහුගේ හයියට හැම වෙලාවකම පිටිපස්සෙන් මිලානා හිටියා. රගූ මහතත් ඔහුගේ තීරණයට උපරිම සාධාරනයක් ඉෂ්ඨ කරමින් ගීත ටික ඉතාම ලස්සනට කරලා දෙනවා. එය වෙන්න ඇති මේ චිත්‍රපටයේ සාර්තකත්වයට ලොකුම හේතුව වුනේ. මොකද ඔහු ඔහුගේ චිත්‍රපටය ඔහුගේ මුදලින් ඔහුගේ මිතුරන් එක්ක ඔහුට ඕනී විදිහට කරා.
ඉතින් චිත්‍රපටය තිරගත වුනාට පස්සේ දෙස් විදෙස් බොහෝ විචාරකයෝ ක්‍රිෂ්ණා ගැන කතා කරන්න ගන්නවා.මොකද මෙය ඔහුගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂනය. පොඩි කොල්ලෙක් අඩු බජට් එකකට කොහොමද මෙච්චර දෙයක් කරේ කියලා ඔවුන් පුදුම වෙනවා. චිත්‍රපටයට කලින් කෝල් එකක් වත් දීලා කොහොමද ඇහුවේ  නැති උන් ක්‍රිෂ්ණා ගැන ගූගල් එකේ පවා විස්තර හොයනවා. ඉතා කෙටි කාලෙකින් ක්‍රිෂ්ණා ඉන්දියාවේ විතරක් නෙමේ මුළු ලොකෙම ආදරය කරන චරිතයක් වෙනවා. විචාරකයෝ දිගින් දිගටම ක්‍රිෂ්ණටයි මිලානාටයි කියනවා 
” කොහොමද ඒ ආදර ජවනිකා ඔයාලා එච්චර තාත්වික විදිහට කලේ කියලා” ඔය අතරෙදි ක්‍රිෂ්ණා රසිකයන් සහ විචාරකයන් උඩු යටිකුරු වෙන පුවතක්  දැනුම් දෙනවා. ඔහු සහ මිලානා වසර වසර පහක සිට පෙම්වතුන් බව හෙලි කරනවා. ඉතින් මේ දෙපලට තව තවත් රසිකයෝ ආදරය කරන්න ගන්නවා.
චිත්‍රපටය බැලුවනම් ඔයාලා දකින්න ඇති ආදිගෙයි නිදීමගෙයි ආදර ජවනිකා කොච්චර තාත්විකද කියලා. ඔක්කොම ඇත්ත වගේම දැක ගන්න තිබුනා. ඒ වගේම ඒ හැගීම් මනාව පිළිබිබු කරලා තිබුනා ඒකට එකම හේතුව ඔවුන්ගේ හැබෑ ආදර හැගීම් කැමරාව ඉස්සරහා තාත්විකව එලියට ඒම වෙන්න ඇති.
චිත්‍රපටය තිරගතවීම ආරම්භ වන්නේ ජනවාරි 30 ඉතින් මාර්තු වෙනකොට කොරෝණා වසන්ගතය නිසා සිනමාහල් වැහෙනවා. ඒත් එක්කම ලව් මොක්ටෙල් චිත්‍රපටයේ ටොරන්ට් පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙන්වා. නිතින් මේක බලපු ගොඩක් අය ක්‍රිෂ්ණට කියලා තිබුනලු. “අපි චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගෙන බැලුවා. ඒක ගොඩක් ලස්සනයි ඒක නිසා අපි කැමතියි ටිකට් එකේ ගාන ගෙවන්න ඒකට වැඩපිළිවෙලක් හදන්න කියලා” ඉතින් ඔන්න ඔක තමයි ලව් මොක්ටෙල් එකේ පසුබිම් කතාව. 
 ඒ වගේම තව සුභ ආරංචියකුත් කියනවා ක්‍රිෂ්ණා අවසානයේදි මාධ්‍යය සාකච්ඡාවකට ඇවිත් කියනවා ” මට ඔනි වුනේ කවුරුත් නොකරපු හැමෝම ආදරය කරන දෙයක් කරන්න. ඉතින් ඒක මම කරා. දැන් රසිකයො ගොඩක් බලන් ඉන්නේ මමයි මිලානාවයි නැවතත් ආදරවන්තයෝ විදිහට රිදී තිරයේ දකින්න. ඉතින් මම තව කතාවක් නිර්මාණය කරන්න හිතා ගත්තා. මම දන්නවා ඒක ලේසි දෙයල් නෙමෙයී. ඒත් ඉස්සරහට අපි දෙන්නව නැවතත් දකින්න පුළුවන් වෙයි” කියලා.. එහෙනම් නොදන්න දේවල් ගොඩක් දැනගන්න ඇති කියලා හිතනවා. මේ වගේ විස්තර තව තවත් දැනගන්න බයිස්කෝප් මංසලට ගොඩවෙන්න.
දිල්ශාන් සචින්ත (51 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!