මෙතෙක් ලොව වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපට දහය

“සිනමාව යනු ලොව ඇති විශිෂ්ටතම කලාවයි.” චිත්‍රපටයක් සාර්ථක බවට දැක්වීමට නම් හුඟක් කරුණු පාදක වෙනවා. ඉන් මූලිකම කරුණ වන්නේ චිත්‍රපටයක් ලබන අදායමයි. සාමාන්‍යයෙන් චිත්‍රපටයක් සාර්ථක වීමට නම් එය නිර්මාණයට වැය කළ මුදලට වඩා කැපී පෙනෙන අයුරින් එහි ආදායම වැඩි විය යුතුයි. ඉතිං අද මං කතා කරන්න හදන්නේ මේ තාක් දුරට ලොව වැඩිම ආදයම් ලැබූ චිත්‍රපට දහය ගැණයි. හැබැයි මේ ලිස්ට් එක මීට වඩා වෙනස් වෙන්න පුලුවන්. මොකද හැම වසරෙම මේ ලිස්ට් එකට අලුත් චිත්‍රපටයක් එකතු වෙනවා වගේම එම චිත්‍රපටි මේකෙ දැනට තිබෙන චිත්‍රපටවල වාර්තා බිඳ දමන්නත් පුලුවන්. ඒකයි මේ තාක් දුරට කියලා කිවුවේ. එහෙනම් අපි වැඩේට බහිමු.

අංක 10-  Frozen II
ඩිස්නි ආයතනයේ ජනප්‍රිය ඇනිමේෂන් චිත්‍රපට මාලාවක් වන ෆ්‍රෝසන්හි දෙවැනි දිගහැරුමයි දසවෙනි ස්ථානය ලබා ගන්නේ. මෙය 2019 වර්ෂයේ නොවැම්බර් මස තිරගත වීම ඇරඹුවා. මෙයට වැය කළ මුදල වන්නේ ඇ. ඩො. මිලියන 150 ක් පමණයි. එතකොට ආදායම ඇ. ඩො. බිලියන 1.5. මේක සිනමා ඉතිහාසය තුළ ලැබූ තවත් එක් දැවැන්තම ලාභයක්. මෙය Jennifer Lee හා Chris Buck ගේ අධ්‍යක්ෂණයක්. IMDB හි 7.0 ක අගයක් දක්වා තිබෙනවා.
අංක 9- Furious 7
Fast & Furious නැත්තම් F&F කියන්නේ හුඟක් ක්‍රියාදාම ප්‍රේක්ෂකයින්ගේ ආදරයට පත් වූ සිනමාපට මාලාවක්. එහි හත්වෙනි චිත්‍රපටය ලෝක ආදායම් වාර්තා ලැයිස්තුවේ නවවෙනි ස්ථානය වාර්තා කරනවා. අපි කවුරුත් දන්න පෝල් වෝකර්ගේ අවසන් සිනමාපටය වූ මෙය ඇ. ඩො. මිලියන 190 කින් නිමවා තිබෙන්නේ. ආදායම ඇ. ඩො. බිලියන 1.51 ක්. Universal සමාගමට ඉතා දැවැන්ත මුදලක් උපයා දුන් F7 ජනප්‍රිය අධ්‍යක්ෂක James Wan ගේ අධ්‍යක්ෂණයක්. IMDB අගය 7.2 ක්. රිලීස් කරලා තියෙන්නේ 2015 ඒ වගේම මේක ලෝකෙ තියෙන හොඳම ක්‍රියාදාම සිනමාපට අතරින් එකක්.
අංක 8- The Avengers 
MCU හි පළමු ඇවෙන්ජර්ස් චිත්‍රපටය වූ මෙය Joss Whedon ගේ අධ්‍යක්ෂණයක්. රිලීස් කරලා තියෙන්නේ 2012. මේකට වැයවෙලා තියෙන්නේ ඇ. ඩො. මිලියන 220 ක් විතරයි. ආදායම ඇ. ඩො. බිලියන 1.5. දැවැන්තම මාර්වල් සිනමාපට අතරින් එකක් වන මේ චිත්‍රපටය IMDB හි 8.0 ක අගයක් ලබා තියෙනවා. ඒ වගේම මේක විතරක් නෙවෙයි මේ ලිස්ට් එකේ තියෙන මාර්වල් ෆිල්ම් එක.
අංක 7-  The Lion King 
ලෝකේ නිමවා ඇති විශිෂ්ටතම ඇනිමේෂන් චිත්‍රපටයක් තමා The Lion King කියන්නේ. මෙය 2019 රිලීස් වූවක්. අධ්‍යක්ෂණය Jon Favreau විසින්. ඇ. ඩො. මිලියන 260 ක් වැය කරල නිමවා ඇති ලයන් කින් සලරුව ලබා ඇති ආදායම බිලියන 1.6 ක්. 6.9 ක IMDB අගයක් ලබා ඇති මේ චිත්‍රපටය මෙතෙක් අපිට දකින්න ලැබුණු හොඳම ඩිස්නි ෆිල්ම් එකක් කිවුවොත් වරදක් නෙවෙයි.
අංක 6- Jurassic World
පරණ ජුරාසික් පාර්ක් trilogy එක ඇවිත් වසර ගණනාවකට පස්සේ ජුරාසික් වර්ල්ඩ් නමින් 2015 මේ සිනමාපටය ප්‍රේක්ෂකයින් අතරට පැමිණියා. ඒ වෙනස්ම විදිහේ කතාවක් එක්ක. Universal මේකට වැය කරලා තියෙන්නේ ඇ. ඩො. මිලියන 150 ක මුදලක්. එතකොට ආදායම දන්නවද? බිලියන 1.67 ක්. ඒ වගේම මේක ලෝකේ ලැබූ ඉහළම ප්‍රේක්ෂක ප්‍රසාදයක් සමග IMDB තුළ 7.0 අගයක් දක්වනවා. මෙහි දෙවැන්න 2018 රිලීස් වුණා වගේම ඒකත් අති සාර්ථක ලෙස තිරගත වුණා. ඒ වගේම තෙවැන්නත් එන්න නියමිතයි.
දැන් අපි බිලියන එකේ ගණන් ගැන කතා කරල ඉවරයි. දැන් අපි කතා කරන්න යන්නේ බිලියන දෙකේ ආදායම් ගැන.
අංක 5- Avengers: Infinity War 
මතකද Black Panther බලලා මේක එනකම් ඉවසිල්ලක් නැතුව මේක එනක්ම් බලන් හිටිය හැටි. පිස්සු වගේ වුණා නේ? අන්න ඒ පිස්සුව නිසාම බිලියන දෙක පැන්නූ පළමු මාර්වල් සිනමාපටය බවට Infinity War පත් වුණා. වැය කර ඇති මුදල ඩොලර් මිලියන 316. ආදායම බිලියන 2.0 ක්. 2018 වසරේ නිකුත් වූ මේ අපිරිමිත යුද්ධයට IMDB 8.5 ක අගයක් අරන් Top 250 යන්නත් පුලුවන් වෙලා තියෙනවා.
අංක 4- Star Wars: Episode VII- The Force Awakens
ස්ටාර් වෝර්ස් සිනමාපටයක් මේ ලැයිස්තුවේ අඩංගු වෙනවා. මේ තමා වැඩිම අදායම් ඉපයූ ස්ටාර් වෝර්ස් ෆිල්ම් එක. 2015 තිරගත වූ මෙය මිලියන 306 කින් නිමව ඇති අතර ආදායම බිලියන 2.06 ක් ලෙසට සටහන් වෙනවා. J.J. Abrams අධ්‍යක්ෂණය කර ඇති මේ සලරුව 7.9 ක ලෙසට IMDB මීටරේ කරකලා තියෙනවා. ඒ වගේම මේ තමා 2015 තිරගත වූ සිනමාපටයක් ලොව වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට ලැයිස්තුවට පැමිණි තෙවෙනි වතාව.
අංක 3- Titanic 
ඊළඟට කියන්න යන චිත්‍රපටයට කලින් බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා ලැයිස්තුවේ අවුරුදු 10 කට වඩා කාලයක් පළමු ස්ථානය රඳවාගෙන ඉන්නට සම්ත් වුණේ අපි හැමෝම දන්න ටයිටැනික් සිනමාපටයයි. 1997 රිලීස් වූ ටයියැනික් ප්‍රේමාදරයට වැය කර ඇත්තේ මිලියන 200ක් පමණයි. ආදායම බිලියන 2.1 ක්. අධ්‍යක්ෂණය James Cameron විසින්. IMDB අගය 7.8 ක්.
අංක 2- Avatar 
Avatar තමයි වසර 10 කට අධික කාලයක් Titanic දරා සිටි පළමු ස්ථානය උදුරා ගත් පළමු සිනමාපටය වන්නේ. හැබැයි වැඩේ කියන්නේ බෙදා හැරි සමාගමයි, අධ්‍යක්ෂකවරයයි දෙකම කලින් සිනමාපටයේ දෙකමයි. ඒ වගේම ජේම්ස් කැමරන් තමාගේ සිනමා විශිෂ්ටත්වය නැවත වරක් ඔප්පු කළ අවස්ථාව මෙයයි. IMDB අගය 7.8 ක්. වැය කර ඇති මුදල මිලියන 237 ක් වගේම ආදායම බිලියන 2.79 ක්. තිටගත වූයේ 2009.
අංක 1- Avengers: Endgame
එහෙනම් දැන් අපි යන්නේ ලෝකෙ තියෙන හොඳම සිනමාපටයක් ගැන කතා කරන්නයි. හරියටම Avatar පළමු තැන අරන් වසර 10 කට පස්සේ MCU විශිෂ්ටතම සිනමාපටය වූ Avengers: Endgame එම වාර්තාව තමා සතු කරගන්නවා. Joe Russo, Anthony Russo අධ්‍යක්ෂණය කළ මේ විශිෂට ගණයේ සිනමාපටය ඇකානු ඩොලර් මිලියන 356 ක් වැය කර නිර්මාණය කර ඇති අතර ඇමරිකානු ඩොලර් බිලියන 2.8 ක ආදායමක් ලබා තිබෙනවා. ඒ තමා සිනමාපටයක් මේ තාක් දුරට ලැබූ දැවැන්තම ආදායම වන්නෙත්. ඒ විතරක් නෙවේ, ලොව කොමික් සිනමාපටයක් ලැබූ දැවැන්තම ආදායම, ලොව සාර්තකම කොමික් සිනමාපටය, ඉක්මණින්ම බිලියන 2 පසු කළ සිනමාපටය වන්නෙත් එන්ඩ්ගේම් තමයි. 2019 අප්‍රේල් මස තිරගත වූ මේ සිනමාපටය 8.4 ක IMDB අගයක් ගෙන Top 250 තුළ 69 වෙනි ස්ථානය දිනා ගන්නවා.
එහෙනම් වැඩේ අවසානයට ඇවිත්. මං හිතනවා ඔයාලට මේ ලිපිය වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ආයෙත් හමුවෙමු. ඒ වගේම මේ යන තත්වයත් එක්ක හුඟක් පරෙස්සම් වෙලා ඉන්න. එහෙනම් මං ගියා. 
සුබ දවසක්!
සචින්ත කල්හාර (16 Posts)


One thought on “මෙතෙක් ලොව වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපට දහය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!