ඔබ නැරඹිය යුතුම Netflix Original Series දහය

කොහොමද යාලුවනේ? ඔන්න කාලෙකට පස්සේ ආයෙත් මංන්සල පැත්තෙ ආවා තවත් ලිපියක් අරන්. මේ පාර ගෙනාවේ ටීවී සීරීස් ෆෑන්ලට වටිනා ලිපියක්. මේ සැරේ මං කතා කරන්න හදන්නේ ටීවී ෆෑන්ලා අනිවාරෙන්ම බැලිය යුතු නෙට්ෆ්ලික්ස් සීරීස් 10 ක් ගැණයි. ඔයාලට නෙට්ෆ්ලික්ස් සබ්ස්ක්‍රිප්ශන් එකක් තියෙනව නම් මේවගෙන් එකක් හරි බලල නැත්තම් වෙලාවක් තියෙද්දී අනිවාරෙන්ම එකක් හරි බලන්න. සබ්ස්ක්‍රිපශන් එකක් නැත්තම් බලන හැටි ඔයාලා දන්නවා ඇතිනේ. එහෙනම් අපි වැඩේට බහිමු.

අංක 10- Chilling Adventures of Sabrina (2018)
ආර්චී කොමික් සහ නෙට්ෆ්ලික්ස් එක්ව ගෙන එන තවත් සුපිරි කතා මාලාවක් තමා Chilling Adventures of Sabrina කියන්නේ. මේ කතා මාලාවට IMDB දර්ශකය තුළ 7.6 ක අගයක් සහ Rotten Tomatoes තුළින් 84% අගයක් ලබා දී තිබෙනවා. මේ වෙද්දී සීසන් 3 ක් විකාශය වී අවසන්. Kiernan Shipka, Ross Lynch, Miranda Otto, Gavin Leatherhood වැනි නළු නිලි කැලකින් රසවත් වන මේ වෙබ් කතා මාලාව තරුණ වියේ පසුවන මායා කාරියක් මුහුණ දෙන භයානක සිදු වීම් පෙලකට පාදක වේ. මේ කතා මාලාව TV-14 ඛාණ්ඩයට හා Horror, Drama, Fantasy වර්ගීකරනයන්ට අයත් වේ. මෙයත් ඔබ නැරඹියම යුතු වෙබ් කතා මාලාවක්.
අංක 9- Dracula (2020)
මේක නම් 2020 නෙට්ෆ්ලික්ස්ලා ලබා දුන් මිනි සීරීස් එකක්. කොටස් තුනකින් සමන්විත් වන මේ කතා මාලාවත් TV-14 ඛාණ්ඩයටයි අයත් වෙන්නේ. ඩ්‍රැක්‍යුලා සාමිගේ කතාවට නවතම මුහුණුවරක් ලබා දුන් මේ කතා මාලාවට IMDB තුළ 6.8 කුත්, Rooten Tomatoes තුළ 75% කුත් ලැබී තිබෙනවා. මෙය Johnny Campbell ගේ අධ්‍යක්ෂණයක්. Claes Bang, Dolly Wells, Mark Gattis, John Heffernan, Morfydd Clark රංගනයෙන් දායක වන ඩ්‍රක්‍යුලා ඔබ අනිවාරෙන්ම නැරඹිය යුතු නෙට්ෆ්ලික්ස් කතා මාලාවක්.
අංක 8- Elite 
අපේ ලිස්ට් එකේ 8 වන ස්ථානය ලබා ගන්නේ Elite කතා මාලාව. මෙය 2018 සිට විකාශය වන්නක්. විශේෂත්වය තමයි මේක ස්පාඥ්ඥ වෙබ් සීරීස් එකක් වීම. IMDB තුළ 7.6 ක දැවැන්ත අගයක් සහ Rotten Tomatoes තුළ 97% විශිෂ්ට අගයක් මේ කතා මාලාව ලබා ගෙන තියෙනවා. පෞද්ගලික පාසලක් හා නව යොවුන් පිරිසක් පාදක කරගෙන තැනුන මේ කතා මාලාව TV-MA ඛාණ්ඩයටයි වැටෙන්නේ. කවදාවත් ස්පාඥ්ඥ කතා මාලාවක් බලල නැත්තම් වෙනසකටත් එක්ක Elite බලන්නකෝ.
අංක 7- Marvels The Punisher
පනිශර්ව නොදන්න කෙනෙක් ඉන්න බැහැ. නෙට්ෆ්ලික්ස්- මාර්වල් සබැදුමේ තවත් කතා මාලාවක් තමා The Punisher කියන්නේ. අදියර 2 කින් කැන්සල් වුණත් මේ කතා මාලාව ඉතා විශිෂ්ට ප්‍රේක්ෂක ප්‍රසාදයක් හා චිත්‍රපට දර්ශක තුළ ඉතා ඉහළ අගයන් ලබා ගන්නවා. IMDB තුළ මීට ලැබී ඇති අගය 8.5 ක්. John Bernthal, Amber Rose, Ben Barnes, Jason R. Moore රංගනයෙන් දායක වන මේ කතා මාලාව මේක බලපු නැති කෙනෙක් ඉන්නව නම් අනිවාරෙන්ම බලන්නකෝ.
අංක 6- Everything Sucks!
2018 නෙට්ෆ්ලික්ස් ගෙන ආ මේ කතා මාලාව එක් අදියරකට පමණක් සීමා වෙලා තියෙනවා. නමුත් මීට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රසාදය නම් ඉතා ඉහළයි. IMDB හි 7.5 ක් හා Rotten Tomatoes තුළ 71% ලබා ගෙන තිබෙනවා. 1990 ගණන්වල බෝරින් නම් ප්‍රදේශයක පාසලක සිදුවන සිදුවීම් මාලාවක් පෙන්වන මේ වෙබ් සීරීස් එක Comedy පැත්තෙන් නම් ඉතා ඉහළයි. කොටස් 10 ක් විතරක් තියෙන නිසා ඉක්මණින් ඉවර කරලා දාන්නත් පුලුවන්. Peyton Kennedy, Sydney Sweeney, Jahi Winston ඇතුලු පිරිසක් තමා රංගනයෙන් දායක වෙන්නේ. මේ කතාවත් ඔබ නැරඹිය යුතුම සීරීස් එකක්.
අංක 5- Dark
පළමු නෙට්ෆ්ලික්ස් ජර්මන් කතා මාලාව තමා Dark කියන්නේ. කාල කුහරයක් නිසා ඇති වන අභිරහස් අතුරුදන් වීම් මාලාවක් සහ ඒ ගැන සොයන පිරිසක් මුහුණ දෙන අභියෝගකාරී සිද්දි මාලාවක් ඩාර්ක් කතා මාලාවට පාදක වෙනවා. සංකීර්ණ බවින් ඉහළ මේ වෙබ් කතා මාලාව මනසට නම් හොඳ ව්‍යායාමයක් කියලා තමා මගේ මතය නම්. ඒ වගේම ඇඟේ හිරි ගඩු පිපෙන අවස්තාවලින් නම් අඩුවක් නෑ. IMDB අගය 8.7 ක් වී Top Rated TV ලැයිස්තුවට ඇතුලත් වීම හා Rotten Tomatoes හි 94% වර්තා කිරීම මේ කතා මාලාවේ විශිෂ්ඨත්වයට හොඳම උදාහරණ. දැනට සීසන් 2 ක් ඇවිත් තියෙන්නේ. ඊළඟ සීසන් එක අවසානය සනිටුහන් කරන්න නියමිතයි. මේකත් ඔබ නැරඹියම යුතු කතා මාලාවක්.
අංක 4- Marvels Daredevil
දැනට විකාශය වී ඇති මාර්වල් කතා මාලාවලින් හොඳම කතා මාලාව වන්නේ Daredevil බව නොරහසක්. නමුත් සීසන් 3 කින් මෙය අවසන් වුණා. නමුත් මේ කතා මාලාවේ රංගනය, කතා ගලායෑම යන පැතිකඩවලට ලැබුණූ අතිශය ප්‍රේක්ෂක ප්‍රසාද හා විචාරක ප්‍රසාද නිසා දැන් මේ කතාව MCU තුළට ගෙන ඒමට පවා සැලසුම් කරනවා. IMDB තුළ 8.6 ක් රැගෙන  Top Rated TV ලැයිස්තුවටත් ඇතුලත් වූ මේ කතා මාලාවට Rotten Tomatoes තුළ 92% දැවැන්ත අගයක් ලැබී තිබෙනවා. Charlie Cox, Deborah Ann Woll, Vincent D’Onofrio වැනි නලු නිලි කැලක් පණ පොවන මේ කොමික් කතා මාලාව බලල නැත්තම් අනිවාරෙන්ම බලන්න කියලා මම ආරාධනා කරනවා. ඔයාලට මේ කතා මාලාවේ සිංහල උපසිරැසි මෙතනින් ගිහින් ගන්න පුලුවන්. 
අංක 3- The Umbrella Academy 
මාර්වල්, DC වලටම සීමා නොවූ නෙට්ෆ්ලික්ස්ලා ගෙන ආ ප්‍රථම Dark Horse කොමික් කතා මාලාව තමයි The Umbrella Academy කියන්නේ. 2019 වර්ෂයේ වාර්තාවලට අනුව නෙට්ෆ්ලික්ස් තුළ දෙවෙනියට වැඩියෙන්ම නැරඹූ කතා මාලාව වන්නේ මෙයයි. මෙය සුපිරිවීර කතාවක් වුණත් මේ තුළින් ඊඩ වැඩි ආදර්ශමත් පැත්තක් කතා බහට ලක්වෙනවා. ඒ වගේම තවත් දෙයක් තමයි මේකේ සංගීතය භාවිතය නම් ඉතා ඉහළයි. දැනට එක සීසන් එකක් විකාශය වෙලා අවසන් වගේම දෙවෙනි සීසන් එකට රීනිව් කරලා අවසන්. IMDB තුළ මේ කතා මාලව 8.1 ක අගයක් ලබා ගෙන තිබෙනවා. සුලු කලකින් ඉතා ජනප්‍රිය වී ඇති මේ වෙබ් සීරීස් එකට Aidan Gallangher, Ellen Page, Robert Sheehan, Tom Hopper, Emmy Raver-Lampman, David Castaneda වැනි නලු නිලි කැලක් රංගනයෙන් දායක වෙනවා. මේ කතා මාලාව ඔබ අනිවාරෙන්ම නැරඹිය යුතු සීරීස් එකක්. මේකේ උපසිරැසිත් මෙතනින් ගිහින් අරගන්න පුලුවන්.
අංක 2- The Witcher
GOT අවසානෙන් පසු දුකින් ඉන්න ෆෑන්ලට නෙට්ෆ්ලික්ස්ලා දුන්නු හොඳම තෑග්ග තමා විචර් කියන්නේ. දැනට එක් අදියරක් විකාශය වී අවසන්. ඉතා දැවැන්ත ආදායමක් වැය කර නිමවා ඇති මෙම වෙබ් සීරීස් එකට 8.3 IMDB අගයක් ලැබිලා තියෙනවා. TV-MA ඛාණ්ඩයට අයත් වෙන මේ කතාව සුපිරි නලු Henry Cavill ගෙන් හැඩ වේ. මෙයත් පොත් මාලාවක් ඇසුරිනුයි නිමවා ඇත්තේ. ඔබ Fantasy, Action, Adventure ගණයන්ට කැමතියි නම් මේක අනිවාරෙන්ම බලන්න.
අංක 1- Stranger Things
අපේ ලිස්ට් එකේ අංක එක දිනා ගන්නේ ඉතිං Stranger Things තමා. මොකද මේ තමා මෙච්චර කාලෙකට නෙට්ෆ්ලික්ස්ලා අපිට ලබා දුන් විශිෂ්ටතම කතා මාලාව. මුල්ම සීසන් එක 2016 ආ මෙම සීරීස් එකට 8.8 ක IMDB අගයක් හා 93% Rotten Tomatoes අගයක් ලැබිලා තියෙනවා. සම්මාන ගණනාවක් ලබා ගත් ස්ට්‍රේන්ජර් තින්ස් කතා මාලාව Duffer Brothers ලා විසින් නිර්මාණය කරලා තියෙනවා. Milly Bobby Brown, Finn Wolfhard, Noah Shnapp, Winona Ryder, David Harbour ඇතුලු නලු නිලියන් රැසකින් රසවත් වන මේ කතා මාලාව නෙට්ෆ්ලික්ස් තුළ වැඩිම ගණනක් නැරඹූ කතා මාලාවයි. මේක නම් ඔබ නොබලම බැරි වෙබ් සීරීස් එකක්. දැනට සීසන් 3 ක් විකාශය වෙලා තියෙනවා වගේම මේ වසරේ දෙසැම්බර් මාසයේ සිව්වන අදියර එන්න දැනට නියමිතයි. ඒ වගේම දැනට ආපු හැම සීසන් එක්කම සබ් මෙතනින් ගිහින් අපේ බයිස්කෝප් අඩවියෙන් ලබා ගන්න.
මේ දවස්වල කට්ටිය ගෙදර ඉන්න එකේ ඔන්න බල බල ඉන්න සීරීස් දහයකුත් අරන් ආවා. එකක් හරි බලල නැත්තම් අනිවාරෙන්ම අරන් බලන්නකෝ. එහෙනම් මං ආයෙත් මේ වගේ තව ලිපියකින් ඔබ හමුවෙන බලාපොරොත්තුවෙන් දැනට සමු ගන්නවා, අදහ්සකුත් පල කරන් යන්න අමතක කරන්න එපා.
සුබ දවසක්!
සචින්ත කල්හාර (14 Posts)


One thought on “ඔබ නැරඹිය යුතුම Netflix Original Series දහය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!