How they do sex scenes in cinema? සිනමාවේ දී ලිංගික දර්ශන සිදු කරන්නේ කොහොමද?

මෙම ලිපියේ අන්තර්ගතය වැඩිහියන්ට පමණක් සුදුසු වන නිසා වැඩිහිටියන් පමණක් මෙම ලිපිය කියවන ලෙස ඉල්ල සිටිනවා.

හැමෝටම ආයුබෝවන්! කාලෙකට පස්සේ අළුත් ලිපියකින් හම්බ වෙන්න හිතුවා. ගොඩක් අය චිත්‍රපටි ගැන කතා කෙරුවත් වැඩිය කතා නොකරන පැත්තක් ගැන මම අද කතා කරන්න හිතුවා. ඒ චිත්‍රපටි වල අන්තර්ගත් වන ලිංගික දර්ශන ගැන. ආයෙත් ඉල්ලා සිටිනවා වැඩිහිටියන් පමණක් මේ ලිපිය කියවන ලෙස.

චිත්‍රපටිවල ලිංගික දර්ශන නම් මේ කාලයේදී අඩුවක් නැතිවම තියෙනවා. මේ ලිංගික දර්ශන බොහෝමයක් අපිට දකින්න ලැබෙන්නේ හොලිවුඩයේ චිත්‍රපටි වල. බොලිවුඩ් හා දකුණු ඉන්දියානු චිත්‍රපටි වල නම් ඒවා ඇත්තෙම නෑ වගේ. ඒ අතරිනුත් දකුණු ඉන්දියානු චිත්‍රපටි. අඩුම තරා සිප ගැනීමක්වත් නෑ. බොලිවුඩයේ නම් ඇතැම් පරණ චිත්‍රපටි වල පමණක් ලිංගික දර්ශන තිබුණත් දැන් දැන් සාමාන්‍ය චිත්‍රපටි වලටත් ඔවුන් ඒවා එකතු කරන්න පටන් ගෙන. අපි හැමෝම දන්න බොලිවුඩයේ රජු එහෙමත් නැතිනම් Shah Rukh Khan පවා ප්‍රසිද්ධ වුනේ ආදරයෙන් විතරයිනේ.

ඔයාලා බලලා තියෙන ගොඩක් චිත්‍රපටි සහ රූපවාහිනී කතා මාලා වල මේ ලිංගික දර්ශන ඇතුලත් වෙලා තියෙන්න ඇති කියලා මම හිතනවා. ඒ නිසා ඒවගේ ජවනිකා වල සිදු වෙන දේ හා ඒ අවස්තා ගලා යන ආකාරය ගැන මම විස්තර කරන්නේ  යන්නේ නෑ. මේ වගේ ලිංගික අවස්තා කොටස් 3 කට බෙදලා වෙන් කරන්න මම කැමතියි.

1. සිපගැනීම් හා අඩ නිරුවත් අවස්තා.

2. ලිංගික ක්‍රියා සිදු වූවත් ඒවා නොපෙන්වන අවස්තා.

3. ලිංගික ක්‍රියා සහ නිරුවත් වීම් පෙන්වන අවස්තා.

මෙයින් පලවෙනි අවස්තා දෙක නම් නළු නිළියන් කිසිම අපහසුතාවයකින් තොරව රඟ දක්වනවා. මෙයින් පළවෙනි අවස්තාව නම් අපිට දැන් සමාජයේ නිතර නිතර දකින්න ලැබෙන නිසා සිප ගැනීම් සහ අඩ නිරුවත් දේවල් සාමන්‍යකරණීය වෙලා තියෙන්නේ. දෙවැනි අවස්තාවත් රඟදැක්වීමට එතරම් අපහසු වෙන්නේ නෑ. මොකද මෙහි වෙන්නේ මෙම ජවනිකාවට පෙර අඩ නිරුවත් හා සිප ගැනිම් ආශ්‍රිත සිදුවීම් කිහිපයක් පෙන්වා එම ලිංගික ක්‍රියා සිදු වූවා යැයි ප්‍රේක්ශකයාට ඒත්තු ගැන්වීමයි. මෙහිදී ලිංගික ක්‍රියා සිදුවූවා යැයි අප සිතාගෙන සිටින කාල රාමුව මෙයින් ඉවත් කරනවා.

ඒත් මේවා අතරින් වඩාත් අමාරු වන්නේ 3 අවස්තාවයි. ජීවිතයේදී අපි හැමෝම සිදු කරන පෞද්ගලික කටයුත්තක් තවත් මිනිසුන් ඉදිරියේ කිරීමටත් එම අවස්තාව තවත් මිලියන ගනනක් නැරඹීමට සිටිනවා යැයි මානසිකත්වයෙන් සිදු කිරීමටත් ඉතා අපහසුයි. ඇත්තටම මේ දේවල් කරනවද? අපි ඒ ගැන පොඩ්ඩක් බලමු.

ගිවිසුම් ගත වීම.

ඇත්තටම නළුවෝ මේවා කරන්නේ කැමැත්තෙන්ද? එයාලා කියන කියන හැම දේම කරනවද? මේ වගේ ප්‍රශ්න ඔයාලට මේ වගේ ජවනිකා බලද්දී අනිවර්යයෙන් එන්න ඇති. ඇත්තටම කිව්වොත් නළු නිළියන් චිත්‍රපටිය රඟ දැක්වීමට පෙර ගිවිසුමක් නිශ්පාදකවරයා හා අද්‍යක්ශකවරයා සමගින් අත්සන් කරනවා. මේකේ ප්‍රධාන අරමුන වෙන්නේ චිත්‍රපටියේ මැදදී නළුවා හෝ නිළිය එහි ඇති ඇතැම් දර්ශන රඟ දැක්වීමට අකමැති වුවහොත් මේ ගිවිසුම හරහා නිශ්පාදකවරයාට හෝ අධ්‍යක්ශකවරයාට නඩු මගට වුවත් බැසීමට ඇති හැකියාව නිසා. මෙහි ලිංගික දර්ශන ඇතුලත් විය හැකියැයි ගිවිසුමෙහි තිබුනොත් නළුවා හෝ නිළිය එම ක්‍රියා කිරීමටද එකඟ වෙනවා.

ඇත්තෙන්ම මෙහි ලොකුම ගැටළුව වෙලා තියෙන්නේ හොලිවුඩයේ චිත්‍රපට නිශ්පාදනයේ ආරම්භක අවදියේදී හා හොලිවුඩයේ අඳුරු යුගය ලෙස හැඳින්වෙන 1970-1990 වැනි කාල පරිච්ඡයේදී. මේ කාලය තුල නිර්මාණය වුන ඇතැම් චිත්‍රපටි සතෙකුටවත් බලන්න බැරි තරම් අප්‍රසන්න චිත්‍රපටි. මෙම කාලයේදී චිත්‍රපටි නිර්මාණය කිරීම ආරම්භ කළ නිසා ගම්බද මෙන්ම නගරබද තරුණියන් ජනප්‍රිය වීම සඳහා මෙම චිත්‍රපටි කර්මාන්තයට පා තැබුවේ කියන ඕනෑම දෙයක් කිරීමේ අදහසින්. මෙම කාලයේදී චිත්‍රපටි අදිකාරිය විශාල සමාගම් අතර තිබීමත් මෙම සමාගම් අතර විශාල තරඟයකුත් තිබීම නිසා එකකට එකක් පරයා චිත්‍රපටි නිශ්පාදනය වුනා. එක් චිත්‍රපටියක සිප ගැනීම් අවස්තා තිබුනහොත් වෙනත් සමාගමකින් එළි දක්වන චිත්‍රපටයක අඩ නිරුවත් අවස්තා තිබුනා. ටිකෙන් ටික මේ ආකාරයට තරඟය වැඩී වීම නිසා ලිංගික අවස්තා වැනි බොහෝ දේවල් හොලිවුඩයට ඇතුළු වුනා. තරුණියන්ගේ අසරණකම හා ජනප්‍රිය වීමට තිබූ ආශාවෙන් ප්‍රයෝජනයක් ලබා ගත් නිශ්පාදකවරුන් හා අධ්‍යක්ශකවරුන් තමන්ගේ චිත්‍රපටය ජනප්‍රිය කර ගැනීමට තමන්ගේ මනසේ තිබූ සියලු අදහස් සිනමාවට ගෙන අවා. 1970-1990 කාලය සිනමාවේ විවිද අදහස් නිර්මාණය වූ වසර කිහිපයක් ලෙස සැළකිය හැකියි. මෙම කාලයේදී චිත්‍රපටි වල ලිංගික අවස්තා අමු අමුවේ අමානුශික අයුරින් රඟ දැක්වූවා. මේ දශක වල චිත්‍රපටි ඔයාලා බලලා තියෙනවානම් මේ කරුණ ඔයාලා දැකලා ඇති.  ‘Don’t look Now, A Clockwork Orange, Body Heat, The big easy වැනි චිත්‍රපටි මේ සඳහා උදාහරණ වෙනවා.

Don’t Look Now චිත්‍රපටයෙන්.

තාක්ෂණයේ පිහිටෙන් මේ කාලයේදී නම් මෙවැනි ජවනිකා එතරම් අපහසුතාවයකින් තොරව රඟ දැක්විය හැකියි. ඒත් එම කාල වලදී නිළියන් හට එය සබෑවටම කිරීමට සිදු වුනා. එයින් ඔවුන්ගේ පවුල් වලටද, ජීවිත වලටද විශාල ලෙස බලපෑමක් සිදු වුනා. එම කාලයේ සිටි ඉතාමත් රූමත් නිළියන්ට පවා මේ සිදුවීම් නිසා විවාහ ජීවිතයක් ගෙවීමට සිදුවී නැහැ. ඇතැම් නිළියන්ගේ සියදිවි නසා ගැනීම්වලටත් මෙම සිදුවීම් බලපා තිබෙනවා. ඒ වගේම ළමයින් යොදා ගනිමින්ද මෙම ලිංගික ක්‍රියා සිදු කර තිබෙනවා. ඇතැම් ඔස්කාර් සම්මාන උළෙලවල් වලදී පවා මෙයට විරුද්ධත්වය පාමින් නිළියන් කළු ඇඳුමින් පැමිණුනු අවස්තාද තිබෙනවා. ඒත් පසු කාලීනව මෙම ගිවිසුම් වලට මානව, ළමා හා කාන්තා අයිතිවාසිකම් එකතු කොට තිබෙනවා. ඒ නිළියන්ගේද ළමුන්ගේද
ගෞරවය රැකීම සඳහා.

රචනය කරනු ලබන ඇතැම් ජවනිකා.

රචනය කරන ලද එහෙමත් නැත්නම් choreographed කරන ලද ලිංගික අවස්තා මේ චිත්‍රපටිවල තියෙනවා. choreographed කිව්වහම අපිට මතක් වෙන්නෙ නර්තන අවස්තාවන්. නර්තන අවස්තා වලදී සිදුකරන ක්‍රියා පිළිවෙල මේ අවස්තාවේදිත් සිදුවෙනවා. නර්තනයේදී සිදු කළ යතු අන්දම steps, movements, face expressions, timing, postures වැනි බොහෝ දේවල් සිදු කරනවා මෙන්ම මෙහිදීද steps, movements, face expressions, timing, postures වැනි අංග අධ්‍යක්ශකවරයා විසින් රචනය කර ඒ අයුරින් රඟ දැක්වීමට නළු නිළියන්ට උපදෙස් දෙනවා. ඒත් මේක නර්තනයේදී මෙන් පහසු කාර්යයක් නෙවෙයි. මොකද ස්වාභාවිකව හැඟීම් සමග උද්දීපනය වෙන මේ ක්‍රියාව මේ විදියට මේ විදියට කරන්න කියලා උපදෙස් ලබා දුන්නත් එම ක්‍රියාව කරන අවස්තාවේදී එය ඒය අයුරින්ම කිරීමට ගොඩක් අපහසු වීම නිසා.

මේ අයුරින් sex scenes choreographed කළ ප්‍රසිද්ධ චිත්‍රපටයක් ලෙස ‘Gone Girl‘ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. මෙහි එන sex scene එකක පිරිම පුද්ගලයා සුරාන්තයට එළැඹෙන අවස්තාවේදීම කාන්තාව විසින් ඔහුගේ ගෙල කපා දමනවා. මෙහි ප්‍රධාන වශයෙන්ම timing, face expressions වැනි දේවල් choreographed කරලා තියෙනවා. දෙදෙනාම එකතු වී රඟ දක්වන මෙවැනි අවස්තාවකදී timing වැනි දේවල් නියමිත අයුරින්ම පවත්වා ගැනීම ඉතා අපහසුයි. මෙවැනි තවත් චිත්‍රපටි ලෙස ‘Fight Club’, ‘Seven’ චිත්‍රපටිද හැඳින්විය හැකියි.

Gone Girl  චිත්‍රපටය

ලිපියේ තව ගොඩක් කරුණු අන්තර්ගත වෙන්න තියෙන නිසා මම හිතුවා ඉතුරු ටික මේකෙම දෙවෙනි කොටසකින් අරන් එන්න. ලිපියේ අඩුපාඩු තියෙනවානම් කමෙන්ට් කරන්න. ඒ වගේම ලිපිය ගැන ඔයාලට හිතෙන දේවලුත් ඉදිරි ලිපියේ අඩංගු වෙන්න ඕනි කියලා හිතෙන කරුණු ගැනත් කමෙන්ට් කරන්න. ඉදිරි ලිපියත් අරන් එන්නම්. හැමදෙනාම පරිස්සම් වෙන්න. ජය!

විශ්ව ජයසංඛ (8 Posts)


One thought on “How they do sex scenes in cinema? සිනමාවේ දී ලිංගික දර්ශන සිදු කරන්නේ කොහොමද?

  • May 6, 2020 at 7:29 AM
    Permalink

    thanx thawa gaburin film review genna puluwanda mn kemathi film gena igenaganna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!