Superheroes (සුපිරි වීරයින්ගේ තතු) #3- කුන්ෆ් ෆු ලොවේ බල ධාරාව – Shang-Chi

හුඟ කාලෙකින් ඔන්න මං ලිපියක් ලියන්න යන්නේ. ඔයාලට මතක ඇතිනේ මං සුපිරි වීරයින්ගේ තතු නමෙන් අයන්-මෑන් ගැනයි කැට්වුමන් ගැනයි ලිවුවා. මේ ඒ ලිපි මාලාවෙම තෙවැන්න. මේ පාර ලියන්න න්ම් යන්නෙ එසේ මෙසේ චරිතයක් ගැන නම් නෙවෙයි. මේ සැරේ ලියන්න යන්නේ අනාගතයේ ආරම්බ වෙන මාර්වල් සිනමා විශ්වයේ හතර වෙනි කොටසේ තමන්ටම කියලා චිත්‍රපටයක් ගොඩ නගා ගත් චරිතයක් ගැන. සමහර විට කොමික් කියවන අට නම් මෙයා ගැන දන්නවා ඇති. මෙයා තමා ෂැන්-චී. එහෙනම් අද මාත් එක්ක ෂැන්-චී ගැන දැනගන්න එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම මං ආරාධනා කරනවා. එහෙනම් දැන් කතාවට එකතු වෙමු.

ෂැන්-චී කියන්නෙ චීන භාෂාවෙ එන වචනයකක්. එහි තේරුම තමා ආත්මයේ නැගී සිටීම කියන එක. ඉතිං, ෂැන්-චී කියන්නෙ අපි කවුරුත් ආදරේ කරන මාර්වල් සමාගම විසින් නිකුත් කළ ඇමරිකානු කොමික් කතාවකින් එලි දැක්වුණු මනඃකල්පිත චරිතයක්. කුන්- ෆූ; මේ සංකල්පයත් මාර්වල් විශ්වය තුළ බොහෝ අවස්තාවල කතා කෙරෙනවා. මේ ෂැන් කියන්නෙත් කුන්- ෆූ වටා ගෙතෙන චරිතයක් කිවුවොත් නිවැරදියි. ඒ නිසා මෙයාට හොඳට ආයුධ හසුරුවන්න පුලුවන්. සුපුරුදු පරිදි මෙයත් පස්සෙ කාලෙකදී ඇවෙන්ජර් කණ්ඩායමට එකතු වෙනවා. මං කලින් කිවුවා වගේ මෙයාගෙ චිත්‍රපටය 2021 වර්ෂයේ  Shang -Chi and the Legend of Ten Rings නමින් කොමික් චිත්‍රපට ඉතිහාසය උඩු-යටිකුරු කරන්න සූදානම්!

ඉතිහාසය
චරිතය එන්න තිබුණේ 1972 වර්ෂයේ. මාර්වල් බලාපොරොත්තු වුණේ කුන්- ෆු පාදකව රූපවාහිනී කතාවට මේකට අවසර ගන්න. නමුත් ඒකට කතාමාලාවේ අයිතීන් සහිත තැනැත්තන්, අපේ වෝනර් බ්‍රදර්ස්ලා, අකමැති වෙලා තිබෙනවා. ඉතිං මාර්වල් සමාගම කොමික් කතාවකට අයිතීන් අරගත්තා සැස් රෝමර්ගේ චරිතයේ දුෂ්ට චරිතය ෆූ මන්චූව කොමික්වලට ගේන්න. මෙතනදී සැස් රෝමර් කියන්නේ නවකතාකරුවෙක්. එයාගේ විශිෂ්තතම චරිතය ලෙස මන්චූව හඳුන්වන්න පුලුවන්.
ෂැන්-චීව හඳුන්වාදුන් මාර්වල් ස්පෙෂල් #15
ඒකට පස්සෙ මාර්වල් සමාගම විසින් සැන්- චීව නිර්මාණය කරනවා. ඒ අර කලින් කියපු ෆූ මන්චූගේ පුතා විදිහට.  ෂැන්ගේ සහය චරිත විදිහට මාවල්ලා මෙතෙන්දී ගන්න හැම චරිතයක්ම රෝමර්ගේ නිර්මාණ. ඔවුන් කිසිම චරිතයක් කුන්- ෆූ කතාමාලවෙන් අරගෙන නැහැ. කොහොම හරි ෂැන්ව අපිට මුලින්ම කොමික්වලින් දකින්න ලැබෙන්නේ 1973 දෙසැම්බර් මාසයේ නිකුත් වන Special Marvel Edition #15 මඟින්. ශැන්-චීව නිර්මාණය කරන්නේ ස්ටීව් එන්ග්ල්හාර්ට් සහ  විසින්. ඔහු නැවතත් 16 සහ 17 කොටස්වලින් පැමිණෙනවා. මෙතනදී කතාමාලාවේ නම The Hands of Shang- Chi: Master of Kung Fu ලෙස වෙනස් වෙනවා. කතාවට පාදක වන කුන් ෆු සංකල්පය නිසා කතාමාලාව දැවැන්ත ලෙස ප්‍රසිද්ධියට පත් වෙනවා. මේ නිසා ෂැන්ව කොමික් කලාප රැසකින් ලෝකයාට දකින්න ලැබෙනවා. ඒ වගේම වයිට් ටයිගර්, අයන් ෆිස්ට්, කොලින් වින් වගේ මාෂල් ආර්ට්වලට අයත් චරිත එක්ක ක්‍රොසෝවරුත් සිද්ද වෙලා තිබෙනවා. ඒ වගේම එක්ස්-මෙන්, මාර්වල් නයිට්ස් වගේ තේමාවලද, 2007 දී නිකුත් වන Heroes For Hire හි ප්‍රධාන චරිතයක් ලෙසද ෂැන්- චීව දකින්න ලැබෙනවා. දැන් ඔයාලට හිතාගන්න පුලුවන්නේ මාර්වල්වල කොමික් පැත්තෙන් ෂැන්-චී ප්‍රධාන වශයෙන් කැපී පෙනෙනවා කියලා. අන්න ඒ නිසාම මෙයාව මාර්වල්ලා MCU එකට ගේන්න උත්සහ කළා වෙන්න පුලුවන්.
ජිම් ස්ටාර්ලින්
ස්ටීව් එග්ල්හාර්ට්
 
චරිතය
ෂැන් ඉපදෙන්නේ චීනයේ හොනාන්වල. ඒ පුතා විදිහට. ෂැන්ගේ අම්මා ඇමරිකානුවෙක්. ෂැන්ව පොඩි කාලයේ ඉදන්ම කුන්ෆු වලට පුහුණු කරනවා. ඒ මන්චූ සහ ඔහුගේ ගුරුවරුන් විසින්. එයාගෙ තාත්තා හොද කෙනෙක් කියලා හිතපු ෂැන් එයාගේ තාත්තා කියපු විදිහට ජේම්ස් පෙට්‍රී කියන පුද්ගලයව මරන්න ලන්ඩන්වලට යනවා. මෙතෙන්දී මන්චූ ෂැන්ට කියන්නේ ජේම්ස් කියන කෙනා සාමයට තර්ජනයක් කියලා. ජේම්ස්ව ඝාතනය කරාට පස්සෙ එයාගෙ තාත්තගේ ඇත්තම පැතිකඩ ෂැන්ට කියල දෙන්නේ සර් ඩෙනිස් නෙලන් ස්මිත් විසින්. නිව් යෝර්ක්වලට ගිහින් තමන්ගේ අම්මගෙන් ඇත්ත දැනගන්නේ මන්චූ මේකට පස්සෙයි. ඇත්තටම මන්චූ කියන්නේ නපුරෙක් කියලා ෂැන් ඉක්මණටම තේරුම් ගන්නවා. මෙතනින් පස්සෙ ෂැන් තමන්ගේ තාත්තට එරෙහිව සටන් කරන්න පටන් ගන්නවා. මේක දැනගත්ත මන්චූ ෂැන්ව මරන්න ෂැන්ගේ හදාගත් සොහොයුරා මිඩ්නයිට්ව එවනවා. පස්සෙ ඩෙනිස් නෙලන් තමන්ගේ MI-16 නියෝජිත, බ්ලැක් ජර් ටාර් මඟින් ෂැන්ව සිර භාරයට ගන්නවා. කොහොමෙන් කොහොමහරි. ෂැන් නෙලන්ගේ මිතුරෙක් බවට පත්වෙනවා.ඊට පස්සේ නෙලන්, ටාර්, ක්ලයිව් රෙස්ටන් හා ලෙයිකෝ වූ එක්ක ෂැන් තමන්ගේ තාත්තට එරෙහිව සටන් කරන්න පටන් ගන්නවා. ඇත්තටම මිය නොගිය පෙට්‍රීත් මේකට එක් වෙනවා. උඩින් සදහන් කළ ලෙයිකෝ තමා ෂැන්ගේ පෙම්වතිය වෙන්නෙත්. පසු කාලෙකදී ෂැන් තමන්ගේ මිතුරන් එක්ක එකතු වෙලා Freelance Restoration, Ltd එක පටන් ගන්නවා. තමන්ගේ තාත්තාගේ මරණයෙන් පස්සේ ෂැන්- චී Freelance Restoration, Ltd එකෙන් ඉවත් වෙලා, චීනයේ යැන්-ටින්වලට ගිහින් කීවත් වෙනවා. 
පස්සෙ කාලෙකදී ෂැන් ආයෙමත් තමන්ගේ යාලුවොත් එක්ක එකතු වෙනවා. ඒ ආර්ගස්ගේ අපාරධ කල්ලියට එරෙහිව සටන් කරන්න. ඒකට පස්සෙ ෂැන්ට දැනගන්න ලැබෙනවා තමන්ගේ තාත්තා තවමත් ජීවතුන් අතර කියලා. ඉතිං ආයෙත් ඔහුට තමන්ගේ තාත්තට එරෙහිව සටන් කරන්න වෙනවා. මෙතෙන්දී ඔහු MI-6 එකට එකතු වුණ මන්චූගේ සහකරුවන්ගෙන් සහය ලබා ගන්නවා. ඊළඟට ෂැන්ව අපිට දකින්න ලැබෙන්නේ Heroes For Hire කණ්ඩායමෙන්. Heroic Age එකේදී ෂැන් හෑන්ඩ් කණ්ඩායමට විරුද්ධව කටයුතු කරන්න එක් වෙනවා. මේ හෑන්ඩ් කණ්ඩායම තමා අපිට අයන් ඉස්ට් සීරීස් එකේදී එහෙම දකින්න ලැබුණේ. ඒ වගේම ෂැන් කැප්ටන් ඇමරිකා. ස්පයිඩි, අයන් මෑන් එක්ක වගේම ෂීල්ඩ් එකත් එක්කත් වැඩ කරනවා. ඔය ටික තමයි ඉතිං ෂැන්- චීගේ චරිතය ගැන කෙටියෙන් කියන්න තියෙන්නේ.
බලයන් සහ හැකියාවන්
කොමික් තුළ ෂැන්ගේ සටන් ශෛල්‍යයන් හරියටම දක්වලා නැහැ. නමුත් ඔහු විවිධ අධිමානුෂික හැකියාවන් ඇති පුද්ගලයින් රැසක් පරාද කරනවා. හැබැයි මෙයාට අනිත් අයට වගේ අධි මානුෂික බලයන් නැහැ. උදාහරණයක් විදිහට සාමාන්‍යයයෙන් කුන් ෆු පුහුණු කරපු අයට තමන්ගේ මනසින් දේවල් පාලනය වගේ දේවල් පුලුවන් බව හුඟක් චිත්‍රපටවලදී අපිට දකින්න ලැබෙනවනේ. තමුත් ෂැන්ට ඒ වගේ කිසිම දෙයක් බැහැ. නමුත් මාර්වල විශ්වය තුළ සිටින හොදම මාර්ෂල් ආර්ට් සටන් කරුවන්ගෙන් පළමු වැන්නා තමා ෂැන්- චී. ඒ අයන් ෆිස්ට්වත් දෙවැනි ස්ථානයට ඇද දමමින්. ඉතිං හිතාගන්න පුලුවන්නේ ෂැන්ගේ සටන් හැකියාවේ තරම. මං උඩින් කිවුවා වගේ මෙයාට සුපර්හ්‍යුමන්ලාව පවා පාරද කළ හැකියි. ෂැන් කියන්නේ කඩු, නන්චකූ, ශුරිකන් වගේ ආයුධ හැසිරවීමේ ප්‍රවීණයෙක්. ෂැන් ඇවෙන්ජර්ස්ලත් එක්ක ඉන්න කාලේ, ටෝනි මෙයාට විශේෂ ආයුධයක් හදලා දීලා තියෙනවා. ඒකෙන් ෂැන්ට එයාගේ චී එකට අවධානය යොමු කිරීම වැඩි කරල තියෙනවා. ඒකෙන් එයාගේ ශක්තිය වැඩිවෙන එකයි වෙන්නේ. ඒකෙන් එයාට තමන්ගේ අනුපිටපත් ඕන තරම් හදන්න හැකියාව දීලා තියෙනවා. නියමාකාර පුහුණුව, උත්සාහය, කැපවීම තමා ෂැන්ව බලවත්ම සටන් කරුවෙක් කරන්නේ.
 
චිත්‍රපට සහ ක්‍රීඩා
ලිපිය පටන් ගද්දිම මං කිවුවනේ ෂැන්- චීගේ චිත්‍රපටයක් මාර්වල් සිනමා විශ්වයට එක් වන බවට. 1980 ගණන්වලදී ස්ටැන් ලී විසින් ෂැන්ලී චිත්‍රපටයක් සඳහා බ්‍රැන්ඩන් ලීව තෝරාගෙන තිබෙනවා. ඒ ගැන කතා කරන්න ස්ටැන් බ්‍රැන්ඩන්ව සහ ඔහුගේ මවව පවා මුණ ගැසිල තිබෙනවා. ආයෙත් මේ ගැන කතාවට ලක් වෙන්නේ 2006 අවුරුද්දේ. ඒ පැරමවුන්ට් සමාගම සමඟ කැප්ටන් ඇමරිකා, නික් ෆ්‍යුරි, ඩොක්ටර් ස්ට්‍රේන්ජ්, පවර් පැක්, බ්ලැක් පැන්තර් යන චිත්‍රපට සමඟ සමගාමීව.
 
Shang -Chi and the Legend of Ten Rings  
ලිපිය තුළ චිත්‍රපටය ගැන කතා කරන්නෙ නැතුවම බැහැ. Shang -Chi and the Legend of Ten Rings: මේ තමයි MCU හි ෂැන්- චී චිත්‍රපටයේ නම. 2018 දෙසැම්බර් මාසයේදී මාර්වල් සමාගම ඩේවිඩ් කොලහැම්ව තිර පිටපත් රචනයට හයර් කරනවා. මේ වසරේ මාර්තු මාසයේදී ඩෙස්ටින් ඩැනියල් ක්‍රෙට්න් චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා ලෙස අරගෙන තියෙනවා. සැන් දියෙගෝ කොමික් කොන්හීදී සිමි ලි‍යු ප්‍රධාන චරිතය ලෙසත්, 2021 වසරේ පෙබරවාරි මාසයේ නිකුත් කරන බවටත් නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරනවා.
චිත්‍රපටය තුළත් නෙවෙයි, ෂැන් Marvel Future Fight පරිගණක ක්‍රීඩාව තුළත් ඉඳලා තියෙනවා.
 
ඔන්න ඔය ටික තමයි ෂැන්- චී ගැන කියන්න තියෙන්නේ.කොහොම හරි මාර්වල් සිව්වැනි අදියරේදී ෂැන්- චීව අපිට දකින්න ලැබෙයි. ඒ වගේම එළඹෙන ඇවෙන්ජර්ස්වරුන්ගේ නව යුගයේදී ෂැන් අපිට නැතුවම බැරි චරිතයක් වෙනවා නිසැකයි. එහෙනම් ඉතිං දැන් යන්න තමයි යන්නේ. ආයෙත් මේ වගේ චරිතයක් ගැන ලියවුණු ලිපියකින් හරි, කොමික් කතාවකින් හරි හමුවෙමුකෝ. එහෙනම් සිනමාවේ නෙක තතු සොයා යන ඔබ සැමට සුභ දවසක්!
සචින්ත කල්හාර (9 Posts)


2 thoughts on “Superheroes (සුපිරි වීරයින්ගේ තතු) #3- කුන්ෆ් ෆු ලොවේ බල ධාරාව – Shang-Chi

  • August 7, 2019 at 1:22 PM
    Permalink

    මරු ලිපිය

  • August 3, 2019 at 10:37 PM
    Permalink

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!