UNDA ආදායම් පිලිබඳ විපරමක්

ඉන්දීය සිනමා රසිකයන් අතර, විශේෂයෙන්ම මලයාලම් සිනමා රසිකයන් අතර මේ දවස්වල වැඩි වැඩියෙන් කියැවෙන නමක් තමයි UNDA!

මෙගා ස්ටාර්, මම්මුතිගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වන මේ සිනමාපටය තිරගත වීම ඇරඹිලා අදට දින දහයයි. මලයාලම් බොක්ස්-ඔෆීසිය ගැන ඉන්දීය සිනමා රසිකයන්ට තොරතුරු දැනගන්න ලැබෙනවා අඩු නිසාම Unda සිනමාපටයේ පළමු දින දහයේ ආදායම බෙදී ගිය ආකාරය පහතින් දක්වලා තියෙනවා.

  • Kerala 16.5Cr
  • Rest of India 1.96Cr
  • UAE/GCC 5.7Cr
  • Rest of World 0.40Cr
  • **Total Worldwide Gross 24.21CR

මේ අනුව පළමු දින දහය ඇතුළත නැවත වතාවක් ඉන්දීය කෝටි 20 සීමාව ඉක්මවන්න මම්මුතිට හැකිවුණා. නමුත් තවමත් මේ සිනමාපටය තිරගත කරලා තියන්නේ දර්ශනවාර 10 000ක් වගේ බොහොම පොඩි ගාණක් විතරයි. මම්මුතිගේ ප්‍රේක්ෂකාගාරය හා මේ දිනවල කේරළයේ ජනප්‍රිය ශානරයේ Box_Office ඝට්ටනයක් නොමැති නිසාවෙන් බොහෝ විට කෝටි 40-50කට අධික ආදායමක් ළඟා කර ගන්නත් පුලුවන් වේවි.

මෙම ආදායම් වාර්තාවත් සමඟින් 2019 වසරේ 07වන වැඩිම ආදායම්ලාභි මලයාලම් සිනමාපටය බවට Unda පත් වෙලා අවසන්! මෙම වසරේ වැඩිම ආදායම ලැබූ මලයාලම් සිනමාපටය ලෙස වාර්තා වන්නේ කෝටි 200කට අධික ආදායමක් ලබාගත් Mohanlalගේ Lucifer චිත්‍රපටයයි’ දෙවන ස්ථානයේ පසුවන්නේ කෝටි 100ක ආදායමක් හිමි කරගත් මම්මුතිගේම MadhuraRaja චිත්‍රපටයයි!

Kavinu Weerakkody (14 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!