සුපිරි චිත්‍රපටිවල ඉදිරි දිගහැරුම… (III)

Men in Black 4

මෙන්න එනවා කළු සූට් කාරයෝ 4 ත්….. මේ කියන්න යන්නේ තවත් නවතම ආරංචියක් කළු සූට් කාරයන් ගැන. ඒ සිව්වන වතාවටත් මේ කට්ටිය රාක්ෂයන් සමඟ සටන් කරන්න ලැහැස්තියි කියලා සෝනි සමාගම නිලාත්මක ලෙස ප්‍රකාශ කරලා තියෙනවා. Men in Black 4 අනුබන්ධනය විකසනය වෙන්නේ ඔවුන්ගේ අතින් බවත් ඒ සමඟම ප්‍රකාශ නිකුත් කරලා හමාරයි.

සෝනි පික්චර්ස් සමාගම කියන්නේ පෘථිවියට තවමත් එක එක කුණුකන්දල් වලින් ආරක්ෂාවක් අවශ්‍යයි කියලා. මේ නිසා ඔවුන් කුලියට අරගෙන තියෙනවා තිර රචකයෙක්ව මේ සිව්වන දිගහැරුම හැකි තාක් ඉක්මනට ඔබේ අතට පත් කරවන්න. ඒ තමයි Oren Uziel. මෙයා මේ වැඩේ පටන් අරගෙන තියෙන්නේ සාර්ථක ලෙස 21 Jump Street 2 චිත්‍රපටියේ තිර කතාව ලිව්වට පසුවයි. ඒ වගේම ඔවුන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා නියෝජිත J සහ K නැවත කරළියට ගේන්නත් එහෙත් පොඩි කොස්සකට තියෙන්නේ නියෝජිත K චරිතය රඟ දක්වන Tommy Lee Jones වෙනුවට Josh Brolin ආදේශ වීමට තියෙන ඉඩකඩ බොහොම වැඩි වීමයි. ඒකට හේතුව කවුරුත් දන්න විදිහට මේ වගේ ක්‍රියාදාම චිත්‍රපටියකට මහන්සි වෙන්න වයෝවෘද්ධ නියෝජිත K හට ඇති හැකියාව අඩු කම නිසයි. කොහොම වුණත් තවම චරිත ගැන නම් පැහැදිලි ආරංචියක් නැහැ. කලින් සැරේ වුණා වගේ Will Smith සහ Tommy Lee Jones දෙන්නම නැවත මේ චරිත කරළියට ගේනවද කියන එක තවමත් තීරණය කර නොමැති දෙයක්.

මෙසේ හතර වෙනි වතාවටත් පෘථිවිය බේරා ගන්න මේ නියෝජිතයෝ ගෙන්වන්න ඕනේ කියන එක සෝනි සමාගමට හිතෙන්න හේතුව අරුමයක් නොවෙන්නේ, කලින් ඒවයේ ආදායම් වාර්තා පොඩි පට්ටම් කරගෙන යන්න ‘Men in Black 3 (2012)’ චිත්‍රපටිය සමත් වුණ නිසා වෙන්න ඕනේ.  Men in Black 3 චිත්‍රපටිය 2012 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 624ක් හෙව්වේ එයාගෙම කලින් වාර්තා අලුත් කරමින්. ඒ 2002 වසරේ තිරගත විණ ‘Men in Black 2 (2007)’ චිත්‍රපටියේ ආදායම වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 441 සහ 1997 තබපු ආරම්භක පියවර වෙනුවෙන් –‘Men in Black (1997)’– ලබපු ආදායම වන ඇමෙරිකානු ඩොලර් මිලියන 589 යන වාර්තා හැම එකක්ම බිඳ දමමින්. ඒ වගේම කලින් සැරේ වගේම මෙහි අධ්‍යක්ෂණ දායකත්වය Barry Sonnenfeld සහ විධායක නිෂ්පාදනය Steven Spielberg විසිනුයි දරන්නේ.

කෙසේ වෙතත් තවමත් නිකුත් කරන දින වකවානුවක් නැත්තේ කළු සූට් කාරයන්ගේ සිව් වෙනි දිගහැරුම  ප්‍රධාන චරිත රඟ දක්වන දෙදෙනාගේ තියෙන ගැටළුව නිසා බවයි ආරංචිය. එහෙම කියලා නිෂ්පාදක මඩුල්ල කලින් සැරේ වගේ Tommy Lee Jones කතාව තුළ රජකරවන්න අයෙත්  කතාව අවුරුදු 10 ක් අතීතයට අදින එකක් නැහැ කියලා තමයි විචාරකයෝ නම් කියන්නේ.

තිරයට එන දිනය: ප්‍රකාශ කර නොමැත.
හසන්ත වික්‍රමරත්න (70 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


හසන්ත වික්‍රමරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

හසන්ත වික්‍රමරත්න has 70 posts and counting. See all posts by හසන්ත වික්‍රමරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!