Saaho (2019) | මේ වැඩ පෙන්නන වෙලාවයි. #03

Saaho Post – #03

#Saaho #Development #Production #Action #Releasing

ඕං එහෙනම් තුන්වෙනි පෝස්ටුව. දෙවනි එක කියෙව්වෙ නැත්නම් මෙතනින් කියවන්න.

මේ අරන් එන්නේ චිත්‍රපටයේ ක්‍රියාදාම දර්ශන සහ ඒවට කට්ටිය මහන්සි වෙච්ච විදිහ ගැන.

සාහෝ කියන්නේ සෑහෙන්න ක්‍රියාදාම දර්ශන සපිරි චිත්‍රපටයක්. චිත්‍රපටයේ තිර රචනයෙන් වැඩි ප්‍රමාණයක්ම වෙන් වෙලා තියෙන්නෙ ක්‍රියාදම දර්ශන වලට. ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායිහි Burj Khalifa දැවැන්ත ගොඩනැගිල්ල පාදක කරගෙන සිදු කරනු ලැබූ ක්‍රියාදාම දර්ශන සඳහා චිත්‍රපටයේ බජට් එකෙන් ඉන්දියානු රුපියල් කෝටි 25ක් වෙන් කර තිබෙනවා. එමෙන්ම බාහුබලිහි මෙන්ම මේ චිත්‍රපටයේදීද ප්‍රභාස් දැඩි ප්‍රරිශ්‍රමයකින් පුහුණුවීම් රාශියක යෙඳී තිබෙනවා. එම පුහුණුවීම් අතර හෘද චිකිත්සක පුහුණුවක්ද ඇතුලත් බවයි දැනගන්නට ලැබෙන්නේ. බර ඉසිලීම් පුහුණූවීම්, බාධක තරණයන් පුහුණූවීම් මෙන්ම තමන්ගේ ප්‍රධාන නිළිය ශ්‍රද්ධා කපූර්වද නිතර දිරිමත් කරමින් ඇයටද ක්‍රියාදාම ජවනිකා සදහා පුහුණුවීම් සදහා අවශ්‍ය සහයෝගය ලබාදෙමින් ප්‍රබාස් මේ සඳහා ලොකු කැපකිරීමක් කල බව සඳහන් වනවා.

ශ්‍රද්ධාගේ චරිතය චිත්‍රපටයේ කැපී පෙනෙන අංගයක් ගන්නා එකක් බව සඳහන් වනවා. ඇය මෙහි ප්‍රභාස් රඟන අඳුරු කල්පිත දැවැන්ත චරිතයට නොමද සහයක් ලබාදෙමින් සුවිශේශි ක්‍රියාදාම දර්ශන රැසකට තම දායකත්වය සපයමින් චිත්‍රපටය සඳහා දැවැන්ත කාර්යයක් ඉටු කරනු ලබනවා. එමෙන්ම අවසානය තෙක් ප්‍රේක්ශකයින් ඇය පොලිස් නිලධාරිනියෙකු යැයි අනුමාන කර සිටීවි. එමෙන්ම මේ චිත්‍රපටයේ යම් අන්ඩර්වෝටර් එහෙමත් නැත්නම් දිය යට කිමිදුම් දර්ශන කිහිපයක්ද අඩංගු වනවා. ඒ සඳහා ප්‍රභාස් ඒ වෙනුවෙන්ම (scuba diving) කිමිදුම් පුහුණූවීමක් හදාරා තිබෙනවා. සාහෝ චිත්‍රපටය ශ්‍රද්ධා කපූර්ගේ පලමු ටොලිවුඩ් ආගමනය වන අතර ප්‍රභාස්ගේ පලමු බොලිවුඩ් ආගමනයයි. චිත්‍රපටයේ හින්දි වර්ශන් එක හඬ කැවීමද ප්‍රබාස් විසින්ම සිදු කරනු ලබන අතර තෙලුගු වර්ශන් එකේදි ශ්‍රද්ධා හට වෘතිමය ශිල්පිණියක් විසින් තෙලුඟු භාශාව හඬකවනු ඇතැයි සඳහන් වනවා. අධ්‍යක්ශක සුජීත් මේ චිත්‍රපටයේ ප්‍රතිවීර චරිතය සඳහා ජනප්‍රිය බොලිවුඩ් නළු නීල් නිතින් මුකේශ් තෝරාගෙන තිබෙනවා. නීල් පමණක් නොව ඉන්දීය ටෙලි සහ සිනමා නිළු මන්දිරා බේඩිද මෙහි ප්‍රතිවීර චරිතයක් හොබවනු ඇති.

ඉතින් පෝස්ට් තුනක් තිස්සේ චිත්‍රපටයේ මේ වෙනතෙක් මා දන්නා හැම තොරතුරක්ම ඔබවෙත සමීප කරන්නට මා යෙදුනා. එහෙනම් දිනය සටහන් කරලා තියාගන්න මේ වසරේ අගෝස්තු 15 ඉන්දියානු නිදහස් දිනය සමරන දිනයේ ලොවපුරා රිදීතිරයන් දසදහසක් වගේ ප්‍රමාණයක භාශා ගණනාවකින් තිරගතවීම ආරමභ කරන්නට නියමිත මේ අති දැවැන්ත සිනමා අද්දැකීම විඳගන්නට. ඉන්දියානු රු. කෝටි 300ක් වැය කර නිපදවූ, අගෝස්තු 15 දින තෙලුඟු, හින්දි, දමිළ, ජපන් ඇතුළු භාශාවන්ගෙන් නිකුත් වීම්ට නියමිත සාහෝ චිත්‍රපයේ තවත් තොරතුරු ලැබෙන හැටියට ඔබ වෙත ඉදිරි‍යේදී දැනුවත් කරන්නම්.

ඊලඟ කාරණය නම් මේ චිත්‍රපටයේ රූගත කිරිම්හි හෝ වෙනත් ඔෆීශියල් නොවන කිසිදු තොරතුරක් හෝ ඡායාරූපයක් හෝ සමාජ ජාලයන්ට නිකුත් නොකිරිමට සාහෝ කණ්ඩායම වගබලාගෙන තිබෙනවා. මේ නිසා ප්‍රේක්ශකයින් හට ඔෆීශියල් එනවුන්ස්මන්ට් එකක් එනතුරු කිසිදු ගොසිප් එකක් යාම වැලැක්වීම නිසා චිත්‍රපටය ගැන උනන්දුව තව තවත් ප්‍රේක්ශකයින් හට වැඩිවන බවක් පෙනී යනවා.

එසේ නම් එදා මෙදාතුර ඉන්දියානු සිනමාවේ දැවැන්තම ක්‍රියාදාම චිත්‍රපටය එනතුරු සියල්ලෝම මඟ බලා සිටිමු.!!!

අපි විසිවුනා. ජයෙන් ජය.෴

 

තාරක නුවන් දිල්හාර (111 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!