Saaho (2019) | මේ වැඩ පෙන්නන වෙලාවයි. #02

Saaho Post – #02

#Saaho #Devolopment #Production #Cast

ඕං එහෙනම් දෙවනි පෝස්ටුව. පලවෙනි එක කියෙව්වෙ නැත්නම් මෙතනින් කියවන්න.

අද අරං එන්නේ චිත්‍රපටියෙ ප්‍රඩක්ශන් එක සහ ඩිවලොප්මන්ට් එක.

බාහුබලි චිත්‍රපටිය ඉවර වෙලා නිදහසක් උනාට පස්සෙ 2017 ජුනි මාසෙ තමයි මේකෙ වැඩ වලට ටීම් එකම බොක්කෙන් බහින්නෙ. ඉන්දියානු රුපියල් කෝටි 300ක බජට් එකකින් තැනෙන මේ චිත්‍රපටය එවකට වැඩිම වියදමක් වැය කරල හදන ඉන්දියානු චිත්‍රපටය වෙන්නයි ගියේ. පස්සෙ 2.0 නිසා මේක ඒ ලැයිස්තුවේ පහලට වැටුනා. 2014 වසරේදි නිකුත්වුනු Run Raja Run චිත්‍රපටය අධ්‍යක්ශනය කරපු Sujeeth Reddy තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ශනය කරන්නේ.V. Vamsi Krishna Reddy සහ Pramod Uppalapati ප්‍රමුඛ UV Creations ආයතනය සහ Bhushan Kumar ප්‍රමුඛ TSeries ආයතනය තමයි මේකෙ නිශ්පාදන කටයුත්ත කරන්නේ. Shankar-Ehsaan-Loy ගේ සංගීතයෙන් හැඩවන සාහෝ චිත්‍රපටය R. Madhi ගේ අතිදක්ශ කැමරාකරණයට බඳුන්වනවා. තෙලුගු, හින්දි, දමිළ භාශාවන්ගෙන් වෙන වෙනම් රූගත කිරීම් කරමින් නිපදවන ලද මේ සලරුව එම භාශා තුනට අමතරව ජපන් භාශාවෙන්ද හඬකවා ලොවපුරා එකවර තිරගතවීම්ට නියමිතයි. තවත් භාශා මෙයට ඉදිරියේදී එකතුවීමට ඉඩ ඇත.

ප්‍රධාන චරිතයන් හොබවන ප්‍රභාස් සහ ශ්‍රද්ධා කපූර් සමගින් Arun Vijay, Jackie Shroff, Lal, Neil Nitin Mukesh, Mahesh Manjrekar, Mandira Bedi, Chunky Pandey, Aditya Srivastava, Evelyn Sharma, Murali Sharma, සහ Vennela Kishore සමග එක්ව 2017 අගෝස්තු මාසයේදී මේ චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹුනා. ප්‍රධාන වශයෙන් හයිද්‍රාබාද්, මුම්බායි, අබුඩාබි, ඩුබායි, රුමේනියා හි රූගත කිරීම් සිදුවූ අතර ඉතිරිය යුරෝපයේ රූගතකිරීම් සිදුවූවා. චිත්‍රපටයට වෙන් කල බජට් එකෙන් වැඩිහරියක් වෙන් කරල තියෙන්නේ මේකෙ එන ක්‍රියාදාම දර්ශන වෙනුවෙන්. මේකින් වීඩියෝස් වල ඔබට දකින්න ලැබෙන්න ඇති සෑහෙන්න අවිආයූද, වාහන, පසුතල දර්ශන මේ වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන වග. ඒ වගේම මේ චිත්‍රපටයේ ක්‍රියාදාම දර්ශන අධීක්ශනය කරන්නේ ලොව අති දක්ශ action director කෙනෙක් වන Kenny Bates විසින්. Mission: Impossible, Transformers, Rush Hour, G-Force, Pearl Harbor, Knight Rider (TV Series) වැනි ලොව දැවැන්ත ක්‍රියාදාම චිත්‍රපට සහ ටෙලිකතා රැසක සටන් අධ්‍යක්ශකවරයෙකු වූ Kenny මෙම චිත්‍රපටය ගැන පවසා තිබුනේ ඉන්දියානු සිනමාවට එන දැවැන්දම ක්‍රියාදාම චිත්‍රපටය මෙය වනු ඇතැයි යනුවෙනි. මේ ලැයිස්තුවේ තවත් ඔහු දායක වුනු අතිශය ජනප්‍රිය සිනමාපට රැසක්ම තියෙනවා.
https://www.imdb.com/name/nm0060962/

රූගත කිරීම්හි පලමු අදියර හයිද්‍රාබාද් වලදී 2017 ඔක්තෝබර් මාසයේදී අවසන් විය. රුගත කිරීම්හි දෙවන අදියර 2017 දෙසැම්බර් මාසයේදී රාමෝජී ෆිල්ම් සිටිහිදී ආරම්භ විය. තම කුළුදුල් තෙලුගු චිත්‍රපටයට දායක වන ශ්‍රද්ධා කපූර්හට රඟපෑම්හි යෙදීමට වැඩි වශයෙන් බර අවි හා සම්බන්ධ ක්‍රියාදාම දර්ශන තිබුනා. නීල් නිතිශ් මුකේශ් චිත්‍රපටයේ දුශ්ඨ චරිතය වන අතර ජැකී ෂ්රෝෆ් සහ චන්කි පන්ඩේ සහය චරිතයන් නිරූපණය කරනු ලබනවා. රූගත කිරීම්හි තෙවන අදියර 2018 ජනවාරි මාසයේදී හයිද්‍රාබාද් සහ මුම්බායිහිදී සිදු කරනු ලැබූ අතර අවසන් දින කිහිපයේදී ප්‍රභාස් සහ නීල් නිතින්ගේ ක්‍රියාදාම දර්ශන රූගත කිරීම සඳහා රූගත කිරීම් මාසයක කාලයකට ඩුබායි වෙත මාරු කරනු ලබනවා. ඒ අතරතුර ශ්‍රද්ධා තම Stree චිත්‍රපටයේ වැඩ කටයුතු ටික අවසන් කරගන්නවා. සාහෝ චිත්‍රපටයෙන් බාගයක් පමණ එසේ රූගත කිරීම් අවසන් කරගැනීමෙන් පසු මුළු සාහෝ කණ්ඩායමම රූගත කිරීම්හි හතරවන අදියර සදහා අබුඩාබි වෙත යනවා. සති කිහියපක් එහි රූගත කිරීම්වල සාහෝ කණ්ඩායම යෙඳී සිට ඇති අතර පස්වන අදියරද පෙබරවාරි අග භාගයේ ඔවුන් අබුඩාබිහිදී ආරම්භ කර තිබෙනවා. ඉන්පසු මාර්තු මැද බාගයේදී රූගත කිරීම්හි හයවන අදියර ඩුබායි සහ රුමේනියාහිදී සිදුකර තිබෙනවා.

එහෙනම් හෙට චිත්‍රපටයේ තවත් පැත්තක් අරන් එන්නම්. ඊලග පෝස්ටුවෙන් හමුවෙමු. ජයෙන් ජය෴෴


තාරක නුවන් දිල්හාර (120 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!