අපිව හිනස්සපු පූසයි, මීයයි.

ටොම් ඇන්ඩ් ජෙරී කිව්වාම කවුද නොදන්නේ?. කිසිම කතා බහක් කළේ නැති වුනාට අපිව කොර වෙනකන්ම හිනා ගස්සපු මේ දෙන්නව කොහොම අමතක වෙන්නද? අපේ ළමා කාලය ලස්සන කරපු මෙයාලව කොහොම අමතක කරන්නද? සමහර අය නම් තාම මෙයාලත් එක්ක ඉන්නවා, කොච්චර ලොකු වුනත්😀. එහෙනම් මම අද ලෝකයක්, කතා නොකර හිනා ගස්සප්පු මේ දෙන්නා ගැන කතා කරන්න යන්නේ.

කට්ටියම දන්නවනේ ටොම් ඇන්ඩ් ජෙරී කියන්නේ කාටද කියලා. එහෙම දන්නෙ නැත්නම් ඔයාගෙ ළමා කාලයේ ගොඩක්ම වැදගත් දෙයක් ඔයාට මිස් වෙලා තියෙනවා. ටොම් කියන්නේ හැමදාම මීයෙක් පස්සෙන් පන්නන පූසෙක්ට. එතකොට ජෙරී කියන්නේ අර කලින් කියපු ටොම් අවුරුදු ගානක් තිස්සෙ පන්නන මීයාට. මෙයාලා ගැන මම අද කතාකරන්න යට කරුණු වලින් සමහරක් කරුණු නම් ඔයාලා දන්නවත් ඇති. සමහර ඒවා දන්නෙ නැතුවත් ඇති. හරි එහෙනම් වැඩේට බහිමු.

ඔයාලා දන්නවත් ඇති. ටොම් සහ ජෙරී කියන චරිත දෙක නිර්මාණය කරලා තියෙන්නේ William Hanna සහ Joseph Barbera කියන මහත්වරුන් දෙපළ. ඒත් ඔයාලා දන්නවද ඔයාලගේ ළමා කාලය කොච්චර නම් මහත්වරුන් දෙන්නට ණය ගැතියිද කියලා? එයාලා තමයි අපි ඔක්කොම දන්න යොගී බෙයාර්, Top Cat (පිස්සු පූසා), ස්කූබි ඩූ, The Smurfs(නිල් කුරුමිට්ටෝ), The Flintstones (ගිරිපුර ඇත්තෝ) වැනි කාටූන් චරිත වල නිර්මාණකරුවන්.

William Hanna සහ Joseph Barbera තම කාටූන් නිර්මාණ සමග.

ටොම් ඇන්ඩ් ජෙරී කෙටි චිත්‍රපට මාලාව තිරගත වීම ආරම්භ වෙන්නෙ 1940 පෙබරවාරි 10 වැනිදා. පලවෙනි එපිසෝඩ් එක වෙන්නේ ‘‘Puss gets the boot” . එතැන ඉඳන් 2005 සැප්තැම්බර් 27 වෙනකන් කෙටි චිත්‍රපට 163 නිකුත් වෙලා තියෙනවා. මේ අතරින් දිගම එපිසෝඩ් එක වෙන්නෙත් පළවෙනි එපිසෝඩ් එක. ඒකෙ Run Time එක විනාඩි 09 යි තත්පර 08 යි.

‘Puss gets the boot” එපිසෝඩ් එකෙහි ටොම් සහ ජෙරී සිටින පින්තූරයක්.

තිරගත උනු කොටස් ගණන ගැන කියනවානම්, ඒක ගොඩක් අයට පැටලිලි සහගත දෙයක්. අපි මේ කියන්නේ ටොම් ඇන්ඩ් ජෙරී කෙටි චිත්‍රපට කතා මාලාව ගැන. ඒත් මේකෙ spin-off නම් බර ගාණක් ඇවිත් තියෙනවා. ඒවා නම් තාමත් කාලෙන් කාලෙට එනවා. අපි ඒවා ගැනත් තව ටිකකින් කතා කරමු. දැන් අපි කියන ප්‍රධාන කතා මාලාව නම් 2005 වෙද්දි ඉවර වෙලා තියෙනවා.

ටොම් ඇන්ඩ් ජෙරී කතා මාලාව ප්‍රධාන කතා මලාව කොටස් තුනකින් යුක්ත වෙලා තියෙනවා.

  • පළවෙනි කොටස වෙන්නෙ William Hanna සහ Joseph Barbera මහත්වරු විසින්ම නිර්මාණය කරපු කෙටි චිත්‍රපටි වලින් යුක්ත කොටස. ඒකෙ එපිසෝඩ් 114ක් තියෙනවා. 1940 පෙබරවාරි 10 වැනිදා සිට 1958 අගෝස්තු 01 වැනිදා දක්වා මේ කොටස් ටික තමයි තිරගත වෙලා තියෙන්නේ. කොටස් තුනෙන් හොඳම කොටස වෙන්නෙත් මේ කොටසම තමයි.
  • දෙවෙනි කොටස වෙන්නේ Gene Deitch මහත්මයා විසින් නිර්මානය කරපු කොටස් 13 කින් සමන්විත කොටස. මේ කොටස් කිහිපය 1961 සැප්තැම්බර් 07 වැනිදා සිට 1962 දෙසැම්බර් 21 දක්වා තිරගත වෙලා තිබෙනවා.
  • අවසාන කොටස වෙන්නේ Chuck Jones මහත්මයා විසින් නිර්මානය කරපු කොටස් 34 කින් සමන්විත කොටස. මේ කොටස 1963 ජූලි 27 වැනිදා සිට 1967 සැප්තැම්බර් 08 වැනිදා දක්වා තිරගත වෙලා තියෙනවා. මේ කොටස් ටිකේ එකතුව ගත්තහම එපිසෝඩ් 161 වෙනවා.

ඒ වගේම 2001 අප්‍රේල් 06 වැනිදා සිට ටීවී ප්‍රදර්ශනය සඳහා පමණක් “The Mansion Cat” නමින් ටොම් ඇන්ඩ් ජෙරී කතා මාලවක් ආරම්භ වෙලා තියෙනවා.

2005 සැප්තැම්බර් 27 වැනිදා තිරගත වුනු ටොම් ඇන්ඩ් ජෙරී අවසාන එපිසෝඩ් එක “The Karate Guard” නමින් තිරගත වෙලා තියෙනවා. ඒ වගේම ඒක අධ්‍යක්ශනය කරලා තියෙන්නේ Joseph Barbera සහ Spike Brandt මහත්වරුන් දෙපල. කොහොමෙන් කොහොමෙන් හරි ඔක්කොම එපිසෝඩ් ගණන 163 බවට පත් වෙලා තියෙනවා.

MGM ස්ටූඩියෝව විසින් පළවෙනි එපිසෝඩ් එක තිරගත කළත් එයාලා පළවෙනි එපිසෝඩ් එකෙන්ම ඒක තිරගත කරන එක නවත්තලා දාලා තියෙනවා. ඇයිද කියලා ඇහුවොත් ඔයාලට පුදුමත් හිතෙයි. එයාලා හිතලා තියෙනවා පූසෙක්ගෙයි මීයෙක්ගෙයි කතා කාටූන් වල පොදු චරිත දෙපලක් නිසා ඒක වැඩිය ජනප්‍රිය වෙන එකක් නෑ කියලා. ඒත් දැන් වෙද්දි පොඩි අයගෙ ඉඳන් ලොකු අය වෙනකන් හැමෝම දන්න පූසයි මීයයි කවුද කියලා ඇහුවොත් ඔයාලා දෙන එකම උත්තරය ‘ටොම් ඇන්ඩ් ජෙරී’.

MGM ස්ටූඩියෝව විසින් තිරගත කළ පළවෙනි එපිසෝඩ් එක.

ඔයාලා දන්නවද, ටොම්ගේ අයිතිකාර නෝනා සාමාන්‍යයෙන් පෙන්නන්නේ කකුල් දෙකෙන් විතරයි. ඒත් 1950 ජනවාරි 14 වැනිදා තිරගත කළ “Saturday Evening Puss” කියන එපිසෝඩ් එකේදි මෙයාගෙ මූන පෙන්නලා තියෙනවා. මේ කාන්තාව කලු ජාතික ගැහැනියක්. ඒ කාලෙදි මේ චරිතය ගොඩක් මතභේද වලට තුඩු දීලා තියෙනවා. සමහරු මේක ‘ජාතිවාදී’ අංගයක් ලෙස සලකලත් තියෙනවා. ඉතින් ඒක නිසා පස්සේ මේ කාන්තාව සුදු ජාතික කාන්තාවක් බවට පත් කරලා තියෙනවා.

ටොම්ගේ අයිතිකාර කලු ජාතික කාන්තාව.

මේ කතා මාලාව පුරාවට ටොම්ගේ පෙනුම විශාල වෙනස්කම් ගොඩකට මුහුණපාලා තියෙනවා. මුල් කාලෙදි ටොම් නියම පූසෙක් වගේ කකුල් හතරෙන්ම ඇවිදලා තියෙනවා. ඒත් පස්සෙ ටොම් කකුල් දෙකෙන් ඇවිද්දවන්න අධ්‍යක්ශවරුන් තීරනය කරලා තියෙනවා. ඒ වගේම ඝන ලොම්, මූනේ තිබ්බ රැලි රැලි ගතිය, ඝන ඇස්බැමි වගේ දේවලුත් පස්සෙ පස්සෙ නැති වෙලා ලස්සන ටොම් කෙනෙක් හදන්නත් එයාලා තීරණය කරලා තියෙනවා.

මුල්ම ටොම් සහ ජෙරී.

ගොඩක් දෙනා දන්නෙ නැති දෙයක් තමයි මම දැන් කියන්න යන්නේ. මුල්ම කාලෙදි ටොම්ට සහ ජෙරීට කියලා තියෙන්නේ Jasper සහ Jinx කියලා. පළවෙනි එපිසෝඩ් එක සාර්ථකව සිනමා ශාලා වල තිරගත වුනාට පස්සේ Hanna සහ Barbera මහත්වරුන් දෙපළ මේ දෙන්නගේ නම් වෙනස් කරන්න තීරනය කරලා තියෙනවා. ඒ වෙනුවෙන් මෙයාලා ස්ටූඩියෝ තරඟයක් ආරම්භ කරලා තියෙනවා මේ දෙන්නට නම් තියන්න. John Carr කියන ශිලිපියා තමයි මෙයාලට Tom සහ Jerry කියන නම් දෙක දීලා තියෙන්නේ. ඒ වෙනුවෙන් එයා $50 මුදලකුත් දිනා ගෙන තියෙනවා. ඒ කාලේ වෙනකොට Tom And Jerry කියන්නේ නත්තලට හදන මික්ස් ඩ්‍රින්ක් එකක් කියලයි කියන්නේ.

Tom And Jerry නත්තල් බීම.

මම කලින් කිව්වා වගේ Tom And Jerry ප්‍රධාන කතා මාලාවට සමගාමීව තිබ්බ Spin-Off බර ගානක් තිබිලා තියෙනවා.

  1. Tom and Jerry Show (1975)
  2. The Tom and Jerry Comedy Show (1980–82)
  3. Tom and Jerry Kids (1990–93)
  4. Tom and Jerry Tales (2006–08)
  5. The Tom and Jerry Show (2014–present) වගේ ගොඩක් මේකට ඇතුලත් වෙනවා.

ඒ වගේම මේවත් එක්ක මේ දෙන්නා ඉන්න චිත්‍රපටි බොහොමයකුත් මේ වෙනකොට ඇවිල්ල තියෙනවා. තව ඉස්සරහටත් චිත්‍රපටි ඒවි.

විවිධ කතා මාලා.

ඒ වගේම කතා මාලාව ඔස්කාර් සම්මාන 7 කුත් තවත් 6 කටත් නිර්දේශ වෙලා තියෙනවා. මේ ඔස්කාර් සම්මාන දිනා ගත් කෙට චිත්‍රපට.

  1. “The Yankee Doodle Mouse” in 1943
  2. “Mouse Trouble” in 1944
  3. “Quiet Please!” in 1945
  4. “The Cat Concerto” in 1946
  5. “The Little Orphan” in 1948
  6. “The Two Mouseketeers” in 1952
William Hanna සහ Joseph Barbera ඔස්කාර් සම්මාන සමග.

ඔයාලව හිනස්සපු ටොම් සහ ජෙරීට වයස කීයක් විතර ඇති කියලා හිතනවද? 1940 පෙබරවාරි 10 ඉඳන් දැන් වෙද්දි මේ දෙන්නට වයස 79ක්. සමහර අය ඇවිත් අවුරුද්දෙන් දෙකෙන් යද්දි සමහරු අවුරුදු 79ක් වෙනකන් ඉන්නවා,අන්න ඒකයි😀. ඒ වගේම ඒ දෙන්නා තවත් අවුරුදු ගානක් අපි අතර ඉඳීවි. ඒ වගේම එයාලව නිර්මාණය කරපු William Hanna සහ Joseph Barbera මහත්වරුන් දෙපලට අපි ස්තූතිවන්ත වෙන්න ඕනි.

මට මුලින්ම කියන්න ඕනි දෙයක් අමතක උනා. මම කලින් Avengers-End Game Time Travel ගැන ලිපියක් ලිව්වෙ ගැන. ඒක බලපු, ඒකට ඔයාලගෙ අදහස් දීපු හැමෝට ස්තූතියි. ඒ වගේම තිසර අයියවත් විශේෂයෙන් මතක් කරන්න ඕනි. එහෙනම් ටොම් ඇන්ඩ් ජෙරී ගැන ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරන්න කියලා කියන ගමන් මම යනවා. තවත් ලිපියකින් හමුවෙන තුරු ඔබට ජය!

විශ්ව ජයසංඛ (6 Posts)


One thought on “අපිව හිනස්සපු පූසයි, මීයයි.

  • May 22, 2019 at 12:26 PM
    Permalink

    Tnx bro wistharayata. Meka ape favouritma ekak thama podi kale. Mewa balala nath num wadak na. Dn thiyena cartoon monawada.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!