Saaho (2019) | මේ වැඩ පෙන්නන වෙලාවයි..

Saaho Post – 01

– The Reality Behind The Saaho –

තමංගේ වෘතීය ජීවිතෙන් අවුරුදු දෙක තුනක් මං වෙනුවෙන් වෙන් කරන්න පුළුවන්ද ඇහුවම.. “ඒකට කමක් නෑ ඩාලිං ඔයාට කැමති දවසක් ශෙඩුල් කරගන්න” කියාපු, තමන්ගේ වෘතීය ජීවිතයෙන් අවුරුදු හතරහමාරකටත් වැඩියෙන් එක චිත්‍රපට නමක් වෙනුවෙන් කැප කරපු නිහතමානී නළුවකු සිටීනම් ඒ ප්‍රභාස් වෙන්න ඇති. දවසක් S.S. රාජමෞලිට ප්‍රභාස් කියනවා. “රාජ්. අපි ලොකු චිත්‍රපටියක් කරමු.” කියලා. 2010දි විතර දවසක රාජ් අහනවා ප්‍රභාස්ගෙන් ” ලොකු චිත්‍රපටියක් තියෙනවා. කරමුද? “ කියලා. 2011 දි විතර රාජ් ප්‍රභාස්ට කියනවා “බාහුබලි කියල එකක් තමයි නම” කියලා. 2012දී මිර්චි චිත්‍රපටය අතරතුර රාජමෞලි ප්‍රභාස්ට මුළු කතාවම කියනවා. 2013 දි රාජ් ප්‍රභාස්ගෙන් දින ඉල්ලනවා. “ඩාලිං ලොකු චිත්‍රපටියක් කරන්න නම් අවුරුද්දක් දෙකක් ඕන. “ කියලා. ප්‍රභාස් හිනාවෙලා කියනවා මං ඉහත කී කතාව. එහෙමින් පටන් ගත්තු බාහුබලි චිත්‍රපටය අවසානයේ නැවතුනේ කොහෙන්ද කියලා ඔබ හොඳාකාරවම දන්නවා ඇති. ඉන්දියානු සිනමාවට බිහිවුනු දැවැන්තම බ්ලොක්බස්ටර් සිනමාපට දෙක වෙමිනුයි එය නතර වුනේ.

බාහුබලි චිත්‍රපටයෙන් පස්සෙ, මුළු ලෝකයම අවධානයෙන් හිටියේ ප්‍රභාස්ගෙ ඊලඟ චිත්‍රපටිය මොකද්ද කියලා දැනගන්න. ඒකට පිළිතුරක් වශයෙන් 2017 අප්‍රේල් 28 දින බාහුබලි දෙවැන්න තිරගත වෙන්නට දිනයක් තිබියදී 2017 අප්‍රේල් 27 වෙනිදා ප්‍රභාස්ගේ ඊලඟ චිත්‍රපටය Saaho නමි වන බවට ටීසර් වීඩියෝවක් UV Creation ආයතනය විසින් නිකුත් කරනවා.

බාහුබලි උණෙන් තදටම අසනීප වෙලා හිටිය ප්‍රභාස් ෆෑන්ස්ලට එදා මේක දිව්‍ය ඖශධයක් වුනා මට අද වගේ මතකයි. ඉන් පස්සෙ බාහුබලි 2 තියාගෙන ගියපු වාර්තා ලැයිස්තුව නිසා මේ චිත්‍රපටය කස්ටියට ටිකෙන් ටික අමතක වේගෙන ආවා. තත්වය එසේ තිබියදී බාහුබලි උණ බැහැගෙන එනකොටම ප්‍රභාස්ගේ උපන්දිනයට සමගාමීව 2017 ඔක්තෝම්බර් 23 වෙනිදා First look පෝස්ටර් එකක් නිකුත් වීමෙන් ප්‍රභාස් ෆෑන්ස්ලා ආයෙත් ටියුන් වෙනවා. එයින් පසු වසරක් යන තුරාවටම මෙහි හැලහොල්මනක් දකින්න නැතුව ලෙඩ වෙලා හිටපු ප්‍රභාස් ෆෑන්ස්ලට ඊට පස්සෙ අවුරුද්දේ(2018) ඔක්තෝම්බර් 23 වෙනිදා ප්‍රභාස්ගෙ උපන්දිනය දිනය දවසේදී ආයෙත් පොඩි ටියුන් එකක් හම්බවෙනවා. ඒ Shades Of Saaho | Chapter 1 නම් Making වීඩියෝ එකෙන්. Making වීඩි‍යෝවක් ලැබූ ඉහලම වීව්ස් ප්‍රමාණය, ඉහලම ලයික් ප්‍රමාණය හිමි කරගනිමින් මේකින් වීඩියෝවේ පටන් ඉතිහාසය අලුතෙන් ලියමින් වාර්ථා අලුත් කරමින් තැබූ Saaho චිත්‍රපටයේ ඊලඟ පියවර ප්‍රේක්ශකයින්ගේ සිත් තුල නව බලාපොරොත්තුවක් ඇති කරනු ලැබූවා.

ඒ උණුසුම යන්නත් මත්තෙන් ඉන් මාස පහකට පසු ශ්‍රද්ධා කපූර්ගේ උපන්දිනය නිමිති කරගෙන Shades Of Saaho Making වීඩීයෝ මාලාවෙ දෙවැන්න Shades Of Saaho | Chapter 2 නමින් 2019 මාර්තු 03 වැනිදා නිකුත් වනවා. මේ වෙද්දි මිලියන 7 කට ආසන්න වීව්ස් ප්‍රමාණයක් තියෙන මේ වීඩි‍යෝව තමයි ප්‍රභාස් ෆෑන්ස්ලට අන්තිමටම හම්බුනු තෑග්ග වූයේ.

කාලය එසේ ගතවෙලා යද්දී පහුගිය දවසක (2019 මැයි 20) හදිසියේම ප්‍රභාස් සෝශල් මීඩියා ඇවිත් පණිවිඩයක් දෙනවා.
” Hi Darlings.. How Are you?
Tomorrow I have surprise for you.
Check it out in my Instagram..
I love you…”

කිව්වා වගේම පහුවදා වෙච්චි අද (මැයි 21) දවල් 12.00ට අපි මෙච්ච්ර වෙලා කතාකරපු Saaho චිත්‍රපටයේ Theatrical release poster එක නිකුත් කරනවා. පහලින් තියෙන්නෙ ඒක.

එහෙනම් චිත්‍රපටය ගැන විස්තරයක් ඊලඟ පෝස්ටුවෙන් අරන් එන්නම්. අපි විසිවුනා. ජය෴෴


 

තාරක නුවන් දිල්හාර (112 Posts)


One thought on “Saaho (2019) | මේ වැඩ පෙන්නන වෙලාවයි..

  • May 22, 2019 at 8:37 AM
    Permalink

    Thanks ………………….good luck ……………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!