ඇවෙන්ජර්ස් End Game කාල තරණය.

ඔයා තාමත් Avengers:End Game බලපු නැති කෙනෙක්නම් දැන්ම මේ ලිපිය කියවන එක නවත්තන්න.

ඒක බලලා ඉවර වෙලා මේ ලිපිය කියවන්න.


කාල තරණය. මේ මාතෘකාව නම් සිනමා ලෝකයේ ප්‍රධාන තැනක් ගත්තු මාතෘකාවක්. මේ දිනවල අති සාර්ථක අන්දමින් වාර්තා පිට වාර්තා තබමින් තිරගත වන Avengers:End Game චිත්‍රපටයෙත් පාදක වෙලා තියෙන්නෙ මේ Time Travel එහෙමත් නැත්නම් කාල තරණය කියන දේ. End Game එක එන්න ගොඩක් කල් ඉඳලම කට්ටිය මේකෙ එකක් ඇති කියලා අනුමාන කරමින්නෙ හිටියේ. ඔන්න ඉතින් Russo Brothers ලා අපිට End Game චිත්‍රපටයෙන් කවදාවත් කිසිම චිත්‍රපටයකින් දකින්න නොලැබුනු විදියට කාල තරණයක් ලබා දෙනවා. MCU ෆෑන්ස්ලට නම් මේක අලුත් අත්දැකීමක්. ඒ උනාට X-MEN ෆෑන්ස්ලට නම් මේක අමුතු දෙයක් නෙවෙයි. ඒත් මුල ඉඳලම බලපු කට්ටියටත් දැන් වැඩේ ටිකක් අවුල් වගේ. ඒ උනාට අපේ DC සහෝදරයෝනම් මදි නොකියන්නම එයාලගෙ ෆෑන්ස්ලට කාල තරණය ලබා දෙනවා. The Flash එහෙම බලපු අය දන්නවනෙ ඉතින්. කොහොම උනත් මේ End Game එකේ තිබ්බ Time Travel එකත් කට්ටියට ටිකක් තේරුම් ගන්න අමාරුයි වගේ. ඒක නිසා මම අද ඒක ගැන ලිපියක් ලියන්න හිතුවා.

තෑනොස් ගේ ස්නැප් එක නිසා විනාශ උන කට්ටියව ආපහු ගෙන්න ගන්න විදියක් ගැනනේ ඉස්සෙල්ලම කට්ටිය කල්පනා කරන්නේ. ඒක නිසා ඉස්සෙල්ලම තෑනොස්ගෙ බෙල්ලත් ගහල යනවා. කට්ටිය ඒක නිසා හිතනවා මේක ආපහු හරිගස්සන්න බෑ කියලා. ඒක නිසා එයාල ඒගොල්ලන්ගෙ අලුත් ජීවිතයට හැඩ ගැහෙන්න උත්සාහ කරනවා. ඒත් එක ඇතුලෙ හිරවෙලා හිටපු අපේ ස්කොට් එලියට ආවම තත්වෙ වෙනස් වෙනවා. කට්ටිය ඊට පස්සෙ කාල තරණය ගැන හිතන්න පටන් ගන්නවා. දෙයක් කියන්න ඕනි. මෙතෙක් චිත්‍රපටි වල භාවිතා උනු කාල තරණ සංකල්ප වලට වඩා වෙනස් සංකල්ප තමා End Game එකේදි භාවිතා වෙන්නෙ. සමහර විට ඔයාල අහල ඇති Paradoxes ගැන. කියන්නෙ කාල තරණයේදි වෙන්න පුලුවන් වැරදි වගේ දෙයක්.

අපි උදාහරණයක් විදියට පොදු විද්‍යාඥ මතයක් බලමු. Time Travel Paradox ගැන පැහැදිලි වෙන එකක් තමා Grand Father Paradox එක කියන්නෙ. ඒ කියන්නෙ මෙහෙම දෙයක්. හිතන්න ඔයාලා කාලය හරහා ආපස්සට ගිහිල්ලා ඔයාගෙ සීයව මරනවා. එහෙම මැරුවම ඔයාගෙ තාත්තා ඉපදෙන්නෙත් නෑ. ඔයා ඉපදෙන්නෙත් නෑ. එහෙනම් කවුද කාලය හරහා ඇවිත් සීයාව මැරුවේ? මේ වගේ උත්තර දෙන්න බැරි ප්‍රශ්න ගොඩකට අපි කාල තරණයේදී මුහුණ දෙනවා. ඒ වගේ තවත් එකක් තමා කාලය හරහා යන ස්කොට් ආපහු පොඩි එකෙක් විදියට එන එක. ටෝනි මේකට කියන්නෙ EPR Paradox එක කියලනේ. ඒක නිවැරදි වෙන විදියට ටෝනි කාල අභ්‍යවකාශයේ නිශ්චිත තැනට යන්න පුලුවන් වෙන විදියට එකක් හදනවා.

ඊලඟට අනිත් දේ තමා හල්ක් කියපු දේ. ඒක තමයි ඔයා ඔයාගෙ අතීතෙ වෙනස් කලාට ඔයාගෙ වර්තමානය වෙනස් වෙන්නෙ නෑ කියන එක. ඒකත් කාල තරණය සම්බන්ද ගොඩක් ප්‍රසිද්ද මතයක්. මේක ඉදිරිපත් කලේ David Deutsch කියන විද්‍යාඥයා. එයා කියන්නෙ මෙහෙම දෙයක්. ඔයා කාලය හරහා ගිහින් ඔයාගෙ අතීතේ දෙයක් වෙනස් කළොත් ඒක ඔයාගේ වර්තමානයට බලපාන්නෙ නෑ. ඒ කියන්නෙ Multi verse එක ගැන. හරි, ඒකත් අපි කලින් සිදුවීමෙන්ම පැහැදිලි කර ගමු. ඔන්න ඔයා කාල හරහා ගිහින් ඔයාගෙ සීයව මරනවා. එහෙමයි කියලා ඔයාගෙ තාත්තා නැතිවෙන්නෙවත් ඔයා නැතිවෙන්නෙවත් නෑ. ඒත් ඔයා සීයව මරපු වෙලාවෙ ඉඳන් අලුත් සමාන්තර කාල රේඛාවක් හැදෙනවා සීයවත්, ඔයාගෙ තාත්තවත්, ඔයාවත් නැති. අන්න ඒකයි මේකෙන් කියවෙන්නේ. ඒ අතර එක්කෙනෙක් යෝජනාවක් දානවනේ තෑනොස් බබා කාලෙදි මරමු කියලා. එතකොට තමයි හල්ක් මේක පැහැදිලි කරලා දෙන්නේ. ඔයා බබා තෑනොස්ව මැරුවොත් තැනොස් නැති කාල රේඛාවක් අලුතින් හැදෙනවා මිසක් දැනට තියෙන කාල රේඛාවට මුකුත් වෙන්නෙ නෑ කියලා. ඒ කියන්නේ ප්‍රධාන time line එක නොවෙනස්වන දෙයක්, ඒ නිසා කාල තරණය කරලා ඒකෙ වෙනස්කමක් කරන්න හැදුවාම වෙනමම time line එකක් නිර්මාණය වෙනවා කියන එක. මෙන්න මේ සිද්ධාන්තෙ තමා End Game එකේදි භාවිතා වෙන්නේ. මතක තියා ගන්න මේ එක Time Travel Paradox අදහසක් විතරයි. මේ වගේ අදහස් ඕන තරම් කියලා තියෙනවා. මේ නොයෙක් අදහස් වලින් Russo Brothers ලා තෝර ගෙන තියෙන්නේ Multi verse කියන සංකල්පේ. මොකද ඒකෙන් ලොකු කතාවක් නිර්මාණය කරගන්න පුලුවන් නිසා වෙන්න ඇති. ඒත් විද්‍යාඥයෝ තාම හිතන්නේ කාලය ආපස්සට යන එක කරන්න බැරි වැඩක් කියලයි.

ඇත්තටම කලින් කියපු අදහස හල්ක්ටත් හරියට පහදලා දෙන්නෙ එයා Time stone එක අරගන්න ගියපු වෙලාවෙදි. ඔන්න ඉතින් කට්ටිය ප්ලෑන් එකක් හදනවා.Infinity Stones ටික තෑනොස්ට කලින් අරගෙන ඇවිත් Gauntlet එකක් හදලා ඒකෙන් නැති වෙච්ච අයව ආපහු නැවත යථා තත්වයට ගේන එක සහ ඊට පස්සෙ ගෙනාපු දේවල් ආපහු නැවත් තිබ්බ තැන් වලටම ගිහින් දාන්න. එතකොට ගේන මැණික් හයෙන් ආරම්භ වෙන අලුත් කාල රේඛා හය මකලා දාන්න පුලුවන් නිසා. ඒක මෙහෙම ගමු. ඔයා අතීතෙට ගිහිල්ල සීයව අරන් ඔයාගෙ වර්තමානෙට එනවා. එතකොට සීයා නැති අලුත් කාල රෙඛාවක් ඔයා සීයව ගෙනාපු වෙලාවෙ ඉඳන් ආරම්භ වෙනවනේ. ඉතින් ඔයා ආපහු සීයව ඔයා ගත්තු තැනටම, ගත්තු වෙලාවට ආපහු ගෙනත් දැම්මොත් අර කාල රේඛාව වැහිලා යනවා. එහෙමද හිතන්නේ? නෑ ඒක ටිකක් අමාරුයි මොකද ඔයාගේ සීයාට මතකයි ඔයා එයාව එක්කන් ගියා කියලා. ඒක නිසා ඒක ජීවී දේවල් එක්ක ටිකක් ඒක අමාරුයි. ඒත් ඔයා අතීතෙට ගිහින් ඔයාගෙ ලේන්සුවක් වගේ දෙයක් ගෙනල්ලා ආයෙත් ගිහින් දැම්මොත් ඒ වෙලාවෙදි නම් ඒක වැහිලා යනවා. මොකද ලේන්සුව නැති කාල රේඛාවයි දැන් කාල රේඛාවයි එක හා සමාන වෙන නිසා ඒක එකතු වෙලා ඒක වැහිලා යනවා. මතක තියා ගන්න මේ වෙලාවෙදි ඇවෙන්ජස්ලගෙ ප්ලෑන කාලය හරහා ගිහින් මැණික් ටික ගේන එක විතරයි. එහෙම ගෙනල්ල මැණික් වල බලයෙන් දූවිලි උන අය ආපහු ගේන එක.

දැන් තමා වැඩේ පටන් ගන්නෙ. මම කලින් කියපු ටික හොඳට තේරුනා නම් දැන් වැඩේ ලේසියි. අපි මේක වෙන වෙනම ගමු.

  1. ඉස්සෙලම අපි ගමු තෝර් Reality Stone එක ගන්න කාල රේඛාව. ඒත් මෙතනදි එයා එයාගෙ කලින් මිටියත් එක්කමනෙ එන්නෙ. ඒක නිසා Reality Stone එකයි, මිටියයි නැති කාල රේඛාවක් හැදෙනවා.
  2. Mind Stone එක ගත්ත කැප්ටන් ඒක ඈන්ට් මෑන් අතේ එවනවනේ. ඔන්න Mind Stone එක නැති තවත් කාල රේඛාවක්.
  3. ටෝනියි, ස්ටීව් එකතු වෙලා Space Stone එකත් ගන්නවනේ. ඔන්න තවත් එකක් එකතුවෙනවා.
  4. හල්ක් Time Stone එක ගන්නවා.
  5. බාටන් මෙතනදි Soul Stone එක ගන්නවා.
  6. ඔන්න මෙතනදි තමා වැඩේ ඇනෙන්නේ. මෙතනදි Power Stone එක විතරක් නෙවෙයි, ඒ කාල රේඛාවේ අතීත නිබියුලාත් එනවා.

ඔන්න ඉතින් කොහොමෙන් කොහොමෙන් හරි කාල රේඛා 6ක් ම හැදුනා. ඒත් ඒවගෙ නැති වෙලා තියෙන්නෙ මැණික් විතරක්ම නෙවෙයි. තව ඒවා තියනවා. ඔන්න ඉතින් ඊට පස්සෙ කට්ටිය හදා ගත්ත Gauntlet එකෙන් හල්ක් දූවිලි වෙලා ගියපු කට්ටියව ආපහු හදන්න හදනවා. මම හිතන්නෙ ඒ ස්නැප් එකෙන් කට්ටිය ආපහු හැදෙනවා. ඒත් ඒක වෙන අතරෙම අර නරක නිබියුලා (අපි අතීතෙන් ආපු නිබියුලාට එහෙම කියමු ) Quantum Gate එක ඇරලා තෑනොස්ට එන්න දෙනවා. ඔන්න ඔතනින් තමා අවුල ඇතිවෙන්නේ. මතක තියා ගන්න තෑනොස් ආපු එකත් අයිති වෙන්නෙ Power Stone එක ගෙනාපු Time Line එකට. ඊට පස්සේ තියෙන එකෙන් තෑනොස් සහ එයාගෙ ආමි එක විනාශ වෙලා යනව, නිබියුලාත් එක්කම. එතන වෙන දේවල් නම් මම කියන්න යන්නෙ නෑ. මොකද අපි බලන්නෙ Time Line ගැන නිසා.

අපි කලින් කතා කරපු දේවල් තේරුණා නම් ඔයාට දැන් වෙලා තියෙන දේවල් හොඳටම පැහැදිලියි. පළවෙනි දේ තමයි Power Stone එකත් එක්ක ජීවී වස්තුත් ආවා. අනික ඒ ජීවී වස්තු ටික ආපහු ගිහින් දැම්මත් එක ටිකක් අවුල් වෙනවා. ඒක එහෙමම තියමු. ඉතින් අවසානෙට කැප්ටන් ගත්තු බඩු ටික නම් ආපහු දානවා Power Stone එකත් එක්කම. ඒත් ඒ වැඩෙන් කාල රේඛා 5ක් විතරයි වැහිලා යන්නේ. Power Stone එක ගෙනාපු Time Line එකට Power Stone එක ගෙනත් දැම්මත් ඒ කාල රේඛාව වැහිලා යන්නෙ නෑ. මොකද ඒ කාල රේඛාවෙන් ආපු නිබියුලා, තෑනෝස් සහ ආමි එක විනාශ වෙච්ච නිසා. ඉතින් ඒක නිසා අපිට අවසාන වශයෙන් අපිට කියන්න පුලුවන් End Game එක ඉවර උනේ සමාන්තර කාල රේඛාවකුත් ඉතුරු කරලා කියලා. ඒත් ඒ කාල රේඛාවෙත් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ, මොකද ඒකෙ තෑනොස් කියල කිසිම එකෙක් 2014 න් පස්සෙ ඉන්නෙ නැති නිසා😀. මම හිතන්නෙ මේ Time Line එකටත් Russo Brothers ලා මොනවා හරි කරයි. මොකද Spider Man-Far From Home එකෙනුත් Multi verse ගැන කියනවානේ.

දැන් නම් ඔක්කොම ඉවරයි. එහෙමද හිතන්නේ? නෑ. අපි කලින් කිව්වනේ Time Line දෙකක් ඉතුරු උනා කියලා. ඒත් ඒ ඔක්කොම අවුල් වෙන වැඩක් අන්තිමට වෙනවනේ. කැප්ටන් බඩු ටික දීල එනගමන් අතීතෙ නැවතිලා පෙගී කාටර් එක්ක එයාගෙ විවාහ ජීවිතේ ගතකරනවා. අන්න එතන අලුත්ම ටයිම් ලයින් එකක් හැදෙනවා. ඉතින් ඒ ටයිම් ලයින් එකේ අයිස් යට කැප්ටන් කෙනෙකුත් ඉන්නවා, මේ විදියට වර්තමානේ ඉඳන් ගියපු කැප්ටන් පෙගී එකක් විවහා වෙලා ජීවත් වෙනවා. ඉතින් අපි දන්නේ නැහැ ඒ ටයිම් ලයින් එකේ උන දේවල් ගැන. අයිස් යට හිරවෙලා ඉන්න කැප්ටන්ට කුමක් වෙනවද කියලවත් දන්නේ නැහැ. හැබැයි පෙගී එක්ක ජීවත් වෙලා වයසට ගියාට පස්සේ ආපහු ටයිම් ට්‍රැවල් කරලා ප්‍රධාන time line එකට එන කැප්ටන් අරන් එන්නේ අයිස් යට ඉන්න කැප්ටන්ගේ පලිහ.. ඉතින් ඒ ටයිම් ලයින් එකේ උන දේවල් නම් දැනට අභිරහසක් තමයි.. ඉදිරියේදී ඒවත් විසඳාවි කියල හිතමු අපි. 

අවසාන වශයෙන් කියන්න ඕනි අන්තර්ජාලයේ මේ Time Travel එක ගැන විවිධ අදහස් පළ වෙලා තිබ්බා. ඉතින් මේකත් End Game-Time Travel ගැන මගේ පුද්ගලික මතයක් විතරයි. මේ ගැන ඔයාලටත් විවිධ විවිධ අදහස් තියෙන්නත් පුලුවන්. ඒ ගැන කියන්න අමතක කරන්න එපා. මම මෙතන Quantum physics ගැනයි, Time Travel ගැනයි කතා කළාට තාමත් A/L විභාගෙවත් කරල නෑ😁. ඒ නිසා මෙතන ගොඩක් අඩුපාඩු ඇති. ඒවා ගැනත් කියන්න ඕනි.

අන්තිමටම මම කියන්න ඕනි වෙනස් විදියකට Time-Travel එක ඉදිරිපත් කරන්න Russo Brothersලා ගත්තු උත්සාහය ඇත්තටම හොඳයි. ඇත්තටම මම බලපු Time Traveling ෆිල්ම් වලින් හොඳම Time Traveling එක තියෙන ෆිල්ම් එක විදියට End Game එක තෝරගන්න පුලුවන්. ඒ වගේම ෆිල්ම් එකට සිංහල උපසිරැසි දීපු බයිස්කෝප් එකටත් මම ස්තූති කරනවා. එහෙනම් තවත් ලිපියකින් හමු වෙන තුරු ඔබට ජය!

විශ්ව ජයසංඛ (6 Posts)


15 thoughts on “ඇවෙන්ජර්ස් End Game කාල තරණය.

  • May 31, 2019 at 1:37 PM
    Permalink

    me 5th dimention ewwa pissu kelinawa. man hithanne thawa aurudu 2000 kata wath 5th dimentin gena therun ganna apita be. good day.

  • May 13, 2019 at 9:19 PM
    Permalink

    නියම ලිපියක් සහෝ. මංසලට සාධරයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔය හැදුන රියලටීස් මේ විදිහට හඳුන්වන්නත් පුලුවන්…

    1. 2014 තානෝස් සහ එයාගෙ සෙබලුන් 2023 වෙත ටයිම් ට්‍රැවල් කර විනාෂ වී ගොස් ඇති, අපි පහුගිය අවුරුද්දේ දැක්ක ඉන්ෆිනිටි වෝ සිද්ධිය කවදාවත් සිදු නොවුනු එක. මේකෙදි ටෝනි, නටාෂා, කැප් කවුරුත් ඩෙසිමේට් වෙලාත් නෑ. හැමෝම සාමාන්‍ය විදිහටම ජීවත් වෙනවා.

    2. 2012 ටෝනිගෙන් සහ ස්කොට්ගෙන් ගිලිහෙන ස්පේස් ස්ටෝන් එක ලෝකි අරගෙන පිස්සු නටන රියලටිය.

    3. සහෝ කියල තියෙන විදිහටම අනාගත කැප්, අතීත පෙගී සමග විවාහ වූ රියලටි එක.

    4. සෝල් ස්ටෝන් එක ගැනනම් හිතාගන්න බෑ තවම. මේක රීප්ලේස් කරන්න බැරි වුණානම් ඒකත් තව රියලටි එකක් හැදෙන්න හේතුවක් කියලා සැක කරන්න පුලුවන්…?

    ඉතින් මේවා ගැන අපිට ඉදිරි කතාවලින් තව ඉඟි දකින්න පුලුවන් වෙයි කියලා හිතමු. ✌️

  • May 12, 2019 at 11:19 PM
    Permalink

    Elama.

  • May 12, 2019 at 9:50 PM
    Permalink

    Loki space stone eka aran pannama wenama time line ekak hadenw nee??mokada ethanadi captai,tonitai,scot ti eka araganna bari una nisa nee aye athiithayata gihin space stone eka ganne? Ehema baluwama loki panapu nisa thama dial eka thanos athin marila nathuwa athi….Patta explain eka!!issarahatath karan yamu!!

  • May 12, 2019 at 7:43 PM
    Permalink

    Etakota loki space stone eka aragen vanish wena time line ekata mokada wenne guys.??

  • May 12, 2019 at 7:35 PM
    Permalink

    මම දැකපු හොඳම පැහැදිලි කිරීමක්….
    ජය වේවා!!!

  • May 12, 2019 at 6:10 PM
    Permalink

    Supiri

  • May 12, 2019 at 3:14 PM
    Permalink

    Mata hithenne doctor strange sahenna wada kotask thiyei idiri film wala.

  • May 12, 2019 at 12:04 AM
    Permalink

    Thanks.. mata kawru hari kiyanwada captain amarica kohomada thorge hammer eka ussanne, thorge powers eyata awe kohomada kiyala..??

  • May 11, 2019 at 10:54 PM
    Permalink


    Rahal

    01 ඔව් ඒ රියලිටියත් මැකුන් නෑ වෙන්න පුළුවන්.. සමහර විට කැපා එක වෙනස් කරා වෙන්නත් පුළුවන් අන්තිම පාර ගිය වෙලේ

    02 බැහැ..ඒ දිවි පිදීම සදාකාලිකයි.. ස්ටෝන් එක රීප්ලේස් කරාට නටෂාව ආපහු ගන්න බැහැ.. ලබන අව්රුද්දේ එන්නේ අතීත කතාවක්.. (ඒ ටයිම් ලයින් එකේදී කැපා ස්ටෝන් එක රීප්ලේස් කරනවා)

  • May 11, 2019 at 8:27 PM
    Permalink

    ඇත්තටම වැඩේ පට්ට. සරලව තේරුම් කරලා තියෙන්නවා මචන්.! මගේ මේ scene එක නොතේරුන යාලුවෝ සෙට් ඒකමට Link එක share කලා.

    වැරදි හොයන්නවා කියල හිතන්න එපා. එත්,
    1. “එකත් එක්කම. ඒත් ඒ වැඩෙන් කාල රේඛා 5ක් විතරයි වැහිලා යන්නේ.” කියන එක වැරදි.
    2012 New York – Timeline එකේ Loki Space stone එක අරන් පැනල යන්නවා. එතන දී අලුත් Timeline එකක් හැදෙන්නේ. අපි දන්න Agent of Sheild few episodes, Thor Ragnarok, Infinity war or End game කිසි දෙයක් එ timeline එකේ වෙන්නේ නෑ එතකොට.

    2. “බාටන් මෙතනදි Soul Stone එක ගන්නවා.”
    මේක replace කරන්නවා කියන්න බෑ. මන් දන්න විදියට. හිතනකො ඕක replace කල කියලා. එහෙනම් Natasha මොන timeline එකේ ද ඉන්න ඕනේ? 2023 වල කොහෙන් හරි මතු වෙන්න ඕන නේ? (හරියටම sure නෑ වැඩේ. Natasha ඉස්සරහට එන්න WandaVision එකයි, Black window movie [එක තාම dates නැති උනාට sure නිසා] ඉන්නවා කියලා තියෙන්නවා. සමහර විට old scene වලට ද දන්නේ නෑ )… කොහොම හරි අවේ නැ කියන්න කෝ. එතකොට ඒ timeline එකේ දී ඒ universe එකේ soul stone එකත් නෑ Thanos dial එකත් නෑ. එක ancient one කිව්වා වගේ ලොකු අවුලක් වෙන්න පුළුවන්.


    සමහර විට මෙතන මං මොන හරි misunderstood කරන්න ඉන්නත් පුළුවන්. මට note උන දී comment එකකින් දැම්මා. වැරදි නම් හරි, වෙන ideas තියෙනවා නම් කියන්න!

    මොනා නැතත් හිතන්න පට්ට area එකක් ඉතිරි කරපු film එකක්!

  • May 11, 2019 at 7:56 PM
    Permalink

    Rimesh..
    ස්ටෝන් ටික නැවත ඒ ඒ ටයිම් ලයින් වල ස්ථාපිත කරාම ඒ හැදුනු අමතර ටයිම් ලයින් මැකිලා යනවා.. ඉතුරු වෙන්නේ තැනොස් වැනිෂ් උන 2014 ටයිම් ලයින් එක සහ කැප් පෙගී එක්ක ජීවත් වුනු එක්දාස් නමසිය ගණන් වල ටයිම් ලයින් එක විතරයි.

  • May 11, 2019 at 7:52 PM
    Permalink

    Nice article , keep it up brother

  • May 11, 2019 at 7:29 PM
    Permalink

    ජීවී වස්තු වලට ටයිම් ට්‍රැවල් අමතක වෙන්නෙ නෑනෙ…?
    ඒ කියන්නෙ බෲස්,ඒන්ශන් වන් එක්ක කතා කරපුවා එහෙමත් ඒන්ශන් වන්ට මතක තියෙනවද?
    තව තෝර් අම්මා එක්ක කතා කරන එක එහෙම???

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!