Season 08 Episode 04 Hard Review

#Forthethrone #got #gameofthrone #hbo #baiscopelk #Season8 #Epi04 #GOT08


එහෙම නම් හැමෝම කැමති නිසා හාර්ඩ් රිවීව් එක කරන්න හිතුවා. දැනට පිට වෙච්ච ස්ක්‍රිප්ට් එකේ තියෙන ඒවා හැබෑවටම ඇත්ත වෙන්න පුළුවන් වුණත්, වෙලාවකට එයාලා අපි හැමෝවම අන්දනවා වෙන්නත් පුළුවන්. දැනට නම් පෙනෙන්න තියෙන්නෙ සංවිධානාත්මකව, අපි ව අන්දපු බවක්. අනාගතේ ගැන මහ ලොකු ප්‍රෙඩික්ෂන් නැතත් අපි නාට්‍ය තුළ වුණ දේ මුලින්ම පියවරෙන් පියවර ගැඹුරින් දකින්න බලමු.

මුලින්ම තිබ්බෙ සෑහෙන විශාල අවමංගල්‍යයක්. අවමංගල්‍ය තිබ්බ විදිහ ගැන අපි කතා කළොත්, ඒක සමූහ අවමංගල්‍ය ගොඩට තමා අයත් වෙන්නෙ.. සමූහ අමංගල්‍යය වලට පහසු සම්ප්‍රදාය ගින්න වුණත්, අපි දැක්ක විදිහට සාමාන්‍යයෙන් උතුරේ ගින්න භාවිතා කළේ නැහැ. ඒකට හේතුව උතුරේ ස්ටාර්ක් සහ අනෙක් වංශ වල තිබුණෙ මිනී වැළලීමේ සම්ප්‍රදාය.

අවමංගල්‍යය සඳහා ගින්න භාවිතා කළේ, වයිල්ඩ්ලින්ග්ස් වරු සහ කාසල් බ්ලැක් එකේ නයිට් වොචර්ස්ලා.. රිවර් ලෑන්ඩ් එකේ මිනී පුච්චනවා..නමුත් ඔවුන් මිනිය මුලින් පා කරනවා. ටාගේරියන්වරු මිනී පුච්චන අය වෙන්න ඕනෙ. කොහොම වුණත් මෙතනදි ආරක්ෂිතම විදිහ මිනී පිච්චීම නිසා, ඔවුන් ඒ ක්‍රමය තෝරාගත් බව අපට හිතන්න පුළුවන්.  මෝමන්ට් වංශය සමඟ, උතුරේ බොහෝ මිනිස්සු අවසන් ගමන් ගියා. උතුරේ සහ වේල් හී හමුදාවන් වගේම ඩැනේරිස්ට අයත් අන්සලීඩ් හමුදා සහ ඩොත්‍රැකි හමුදා කෙළින්ම 50% ක් විනාශ වුණා. ඇගේ මකරු දෙදෙනත් වෙහෙසට පත් වෙලා.රේගාල් තුවාල වෙලා.. අපිට ඒක දකින්න තිබුණා..

ඩැනී ට භෝජන සංග්‍රහය වෙලාවෙදි, තමන් ඉන්නෙ ඇත්තටම තමන්ව අගය කරන මිනිස්සු වටේ නොවෙන බව දැනෙන්න ගන්නවා. ජොන් ට මිනිස්සු සලකන්නෙ, උතුර බේරාගත් යුධ වීරයෙක් ලෙසට. කොටින්ම ජෝන් ගෙ තියන බලයට කෑදර නැති ගතියට පොදු ජනතාව හරි ආසයි. ඔහුගෙ මිත්‍රශීලී බව, මිනිස්සු වෙත දක්වන දයාව මිනිස්සුන්ව ඇද ගන්නවා. ඒත් ඩැනීට උතුර සලකන්නෙ, දෙවන ඒරිස් දෙස බලපු ඇස් වලින්. තමන්ගෙ නායකයා වන රිකාර්ඩ් ස්ටාර්ක් මරපු ඔහුගෙ දෙටු පුතා හෙවත් වින්ටර්ෆෙල් වල නියම අනුප්‍රාප්තිකයා මරපු පිස්සු රජාගෙ දිහා බලන බැල්මෙන්. ඒත් ඒක ඇත්තටම පටු කල්පනාවක්. ඩැනී නැත්තම් මෙතැන එකම මළගමක් වෙන්න තිබ්බා. ඒක ජොන් කියද්දි, ආර්‍යා වුණත් පිළිගත්තා.

ඩැනී ඒසෝස් වල යදම් බිඳින්නිය වුණා, වහලුන් නිදහස් කළ මකර මාතාව වුණා.. ඒත් වෙස්ටරෝස් මිනිස්සුන්ට ඈව ඒ වීරත්වයෙන් පේන්නෙ නෑ. ඒකට ඇගේ වෙස්ටරෝස් එන්ට්‍රන්ස් එකත් ලොකුවට බලපෑවා වෙන්න පුළුවන්. ටාර්ලි වරු ඝාතනය සහ හමුදා මෙන්ම ආහාර සංචිත විනාශ කිරීම ගැන තොරතුරු මහ ජනතාවට එන්නෙ වෙනම විදිහට. ඈ මිනිස්සු බේරන්න කරුණාව පෙරට දාලා, තමන්ගෙ ආක්‍රමණ පස්සට දාලා, මහා යුද්ධයට එකතු වුණාට, වෙස්ටරෝස් ජනතාවට ඈව දැනෙන්නෙ ජොන් ට පහළින්. එකක් ජොන් ගෙ හෘදයාංගම බව නිසා වෙන දෙයක්. අනෙක ඩැනී කියන්නෙ ඩැනීගෙ තාත්තා නෙවෙයි කියලා පිළිගන්න තියෙනවා මිනිස්සුන්ගෙ ප්‍රබල අකමැත්තක්. ඒක සන්සාටත් තියෙනවා.

ඩැනී දැන් ජොන් සහ කිරුළ අතර අතරමං වෙලා. ඩැනීට තමන් නොපිළිස්සෙන ජාන දරන්නියක් බව දැන ගාත්ත මොහොතෙ ඉඳල එකිනෙකාගෙ අතින් අතට මාරු වෙවී, විසේරිස් ට ඔටුන්න අරන් දෙන එකේ තේරුමක් නැති බව දැනෙන්න ගත්තා. විසේරිස්ට තිබ්බෙ බල වියරුවක්. විසේරිස් සහ රේගාර් රූපයෙන් ටිකක් එක වගෙ වුණාට, රේගාර්ට විසේරිස් ට වගේ බලයට හදිසියක් කෑදරයක් තිබ්බෙ නෑ. ඩැනී හරිම ඉවසිලිවන්තව තමන්ගෙ බලයට ආපු කෙනෙක්. ඈ මකරු වැඩෙන තුරු, සේනාව එක් වන තුරු හොඳින් කාලය ගත්ත නුවණැති ආක්‍රමණික රැජිණක්.. ඇත්තටම ඈ ජොන් ට කළ ආදරය නිසාමයි , මේ පත්වෙන අවාසනාවන්ත සිද්ධි ගොඩකට මුහුණ දෙන්න වුණේ කියලත් කියන්න පුළුවන්..

ඩැනී ආපු කෙළින්ම ගහගෙන ගිය විදිහට සර්සිව ආක්‍රමණය කළා නම්, සර්සි ට ගෝල්ඩන් කම්පැනිය එන්න කලින්ම සර්සිව විනාශ කරන්න ඈට ඉඩ තිබ්බා. හිතන්න..එක ස්කෝපියන් දුන්නක් විතරයි ඒ දවස්වල ඔවුන් සතුව තිබ්බෙ, ලැනිස්ටර් ටාර්ලි වරු සමඟ කළ සටනේදි ඔබ දකින්න ඇති. ඩැනී කල් මරපු වෙලාවෙ සර්සි කීයක් ඒවාගෙ දුනු ලෑස්ති කරලා, බලසම්පන්න වෙලාද කියලා ඔබ දැක්කා නේද? අපි දන්නවා ඩැනීගෙ සේනාව වෙහෙසට පත් වුණා. භාගයක් මිය ගියා.. මේ ඔක්කොම වුණේ ජොන්ට ඩැනී දක්වපු අසීමිත ආදරය නිසා..හරියටම බැලුවොත් දැන් වුණත් ඩැනීට දැනෙන්නෙ , බල කෑදරකම නෙවෙයි.. ජොන් ගෙ වෙනස ඈ ව බිය කරනවා.. ජොන් ඇත්තටම ඩැනිඋට වඩා මාස කිහිපයක් වැඩිමල්. ඒත් ජොන් නෑකමට ඩැනීගෙ සහෝදරයා ගෙ පුතා..ඒක ජොන් ජීවත් වුණු සදාචාරය ඇතුළෙ දි ජෝන් ට බැරියර් දානවා ඩැනීව විවාහ කරගන්න. ජෝන් ඩැනීට පුදුමාකාරව ආදරය කරනවා. ඒත් ඩැනීට ඒ ආදරය අවිශ්වාසයි. ඩැනීට ඕනෙ, කාල් ඩ්‍රෝගෝට වගේ ජොන් ට ආදරේ කරන්න. හොඳින් මතක තියා ගන්න, ඩාරියෝට ඈ දැක්කුවෙ ප්‍රේමය නෙවී.. ඇඟේ තනිකමේ අවශ්‍යතා පිරිමහ ගැනීමක්…ඈ ඩාරියො සමඟ සිටි සැම මොහොතකම ඇගේ හැඟීම් වල සිටියෙ, කාල් හෝ ජෝරා ඇයට දැක්වූ ප්‍රේමය. ජෝරා තරුණව හිටියා නම්, ඩාරියෝ ට තබා ජොන් ට වත් ඇප නැතිවෙන්න තිබ්බා. ජෝරා එක්ක ඈ උපරිම තරහ ගත්තෙ, ඈට ද්‍රෝහි වීමට..ඒත් පස්සෙ වගේම පෙරත් ආදරේ වෙනසක් තිබ්බෙ නෑ. ගෑණු වැඩියෙන්ම තරහ ගන්නෙ ආදරේ උන් එක්ක.

ජොන් ගෙ පැත්තට ආවොත් , දැන් මේ අහසින් වගේ වැටුණු නෑ කම ජොන් ට වඩා හැම අතින්ම පාඩු වුණේ ඩැනීට. මෙතන දි ජෝන් ගෙ නියම අයිඩෙන්ටිටිය, ඔහුගේ රාජ්‍යත්වය ට බලපාන ප්‍රමාණයටත් වඩා දෙදෙනා අතර සම්බන්ධයට බලපානවා. මොකද ජොන් රජ වුණොත්, ජොන් ට ඩැනී කුවීන් හැටියට ගන්න, සම්ප්‍රදායික ආගම් ඉඩ නොදෙන්න පුළුවන් ..ජන සමාජෙ ඉඩ නොදෙන්න පුළුවන් ..ඒ ඔක්කොටම වඩා ඩැනී මෙච්චර දුරක් ආවෙ, තමන් දුක් විඳලා ගත්ත උරුමය, ඔහුට දෙන්න නෙවී.. කෙටියෙන්ම ඔහුවත් අයිති කරගන්න. දැන් හැමදේම කණපිට ගහලා. රේගාල් වුණත් දැන් ඩැනීව ටිකක් ප්‍රතික්ෂේප කරනවා. මොකද ඔහු ඔහුගෙ ස්වාමියා ලෙස ජොන් ව හිතාගෙන ඉන්නවා. මකරු කියන්නෙ බුද්ධියෙන් ඉහළ සතුන් කියලා අපි කතා කළානෙ.

ඩැනී කොහොම හරි ගහපු යුධ සැලසුම නරක එකක් නෙවෙයි. මුහුදෙන් අන්සලිඩ් ආක්‍රමණයත්, ඩොත්‍රැකි වරුන් හා ඉතිරි අන්සලීඩ් වරු සමඟ උතුරු හමුදා ගොඩබිමින් පිටත් වීමත් ඇගේ හමුදාවන් වල ප්‍රමාණෙ හැටියට හොඳ සැලැස්මක්. ඒත් සර්සි මෙතැනදි ගත්තෙ භූමි වාසිය. යුද්ධ කලාවෙදි භූමියෙ වාසිය හුඟක් වැදගත් වෙනවා. යූරෝන් කියන්නෙ මුහුද මගේ ගොඩබිමයි වගෙ කියන දැනෙන කෙනෙක්. මකරුන්ට අහසෙන් ආවත් නොපෙනෙන, නොසිතෙන විදිහට, ඔහු තමන්ගෙ නැව් හැංගුවා.. ඒකයි රේගාල් ට පළමු ඊතලය වදිනකල් කළ හැකි දෙයක් ඩැනීට හිතා ගන්න බැරි වුණේ. රේගාල් ගෙ වෙහෙස ගැන හිතලා ජොන් රේගාල් පිටේ ගියේ නැති එක, රේගාල් ට අවාසිය ට බලපෑවා. ඩැනිට එය මකරෙක් නැති කළා. ඒ වගේම ජෝන් ගෙ ජීවිතේ එක අවදානමකින් බේරුවා..

ජෝන් රේගාල් එක්ක හිටිය නම්, රේගාල්ව මෙහෙයවන්න ඉඩ ඔහුට හදා ගන්න තිබ්බා. මෙහෙයවන්නෙ නැති මකරෙක් මරන්න පහසුයි. ඒක සාමාන්‍ය දෙයක්. අනික ඒ ඊතල වලින් නැව් විනාශ කරන්න පවා පුළුවන් වුණා. මිසන්ඩේ අහු වුණෙත්, ඒ නිසයි.

ඒත් මේ යුද්ධ උපක්‍රම තුළ විශාල අඩුපාඩුවක් තමයි තොරතුරු ගලා නොපැමිණීම. වාරිස් කියන විදිහට ඔහුට හැම තැනම චර පුරුෂ අය සිටිනවා. ඒ අය හරහා වත් ඔහුට බැරි වුණේ ඇයි,සර්සිගෙ යුධ ශක්තිය හරියටම දැන ගන්න. ගමන් මාර්ගය, නැව් පැමිණෙන දිශාවන්, නැව් ප්‍රමාණය, ආයුධ මේ සියල්ල වාරිස් තමන් ගැන උදම් අනන විදිහ එක්ක කලින් දත යුතු දේවල්.

මිසන්ඩේ ගෙ මරණයට දැන් අපි යමු .. ඒක දරුණුවට ඩැනීට බලපානවා..ජෝරාගෙ මරණයෙ උණුහුමින් දවස් කීපයක් වත් නොයා, ඈට ඇගේ සොයුරියක් වැනි මිතුරිය අහිමි වෙනවා. මිසන්ඩේ ඩැනීට සේවිකාවක් වුණේ නැති තරම්. ඈ උපදේශකාවක්..ළඟම යෙහෙළියක්. කොටින්ම සොයුරියක්. ඩැනී මිසන්ඩේ ගෙ කොණ්ඩ ගොතන අවස්ථා පවා අපි දැක්කා..දෙන්නා, ජොන් ගැන කතා කරද්දි, ග්‍රේ වෝම් ගැන කතා කරද්දි තරුණ යෙහෙළියන් දෙන්නෙක් වගේ හිටියෙ. මැරෙන්න ගිය, අනපේක්ෂිත වුණු වෙලාවල් වල එක ට අත් අල්ල ගත්තෙ.. ඩැනීට වචනයක් කියන්න මිසන්ඩේ සන්සාට වත් ඉඩ දුන්නෙ නැහැ. මතකනෙ ක්‍රිප්ට් එකේ..සන්සා ටිරියන්ව නම්මං ඇති බව, මිසන්ඩේ දැක්කා නම්, ඩැනී දැක්කාට හපං ඒක. මිසන්ඩේ කියන්නෙ ඇත්තටම පොඩි ඩැනී වගේ තමා. ඉතිං සර්සි මිසන්ඩේ ව මරාදාද්දි, ඩැනීට තමන්ගෙ සොයුරිය , යෙහෙළිය පමණක් නෙවෙයි, කෙලින්ම තමන්ගෙ මානූෂීය අර්ධය නැති වුණා.. ඇඟේ මෘදු හැඟීම් නැති වුණා.. අඩුම මෙතන ජොන් හිටියා නම්, ඈ ටිකක් හරි අස් වැසෙයි..ඒත් ඔහුත් නෑ.. ජෝරා හා මිසන්ඩේ දෙන්නා, ඇගේ මනසෙ හිටපු අය. ඇගේ මෘදු බව තබා ගත්තෙ ඔවුන් දෙන්නා. සතියක් තුළ ඒ දෙන්නම අහිමි කිරීම මත ගොඩ නැගෙන විශාදය සුළු පටු නෑ.. ජොන් ඒක සපුරන්න, ඉස්සර ප්‍රමාණවත් වෙලා හිටියත් දැන් නම් මදි . ඔහුව දැන් ඈට පේන්නෙ, අහිමි වීමට ඔන්න මෙන්න තියෙන, තමන් බලෙන් හංග ගත්ත..එළි දැක්කොත් තමන්ටත් තරඟයක් වන කෙනෙක් විදිහට. මේ මානසික තත්වයන් ඇතුළුව, ගොඩ නගාගත් හමුදාවෙ අර්ධයක්ම විනාශය සහ දරුවන් වැනි මකරුන්ගේ මරණ ප්‍රමුඛ බොහෝ දේ ඈව දරුණුවට ඩිප්‍රෙස්ඩ් කරනවා.. ඩ්‍රකාරිස්. Burn them all.. මේ වචන ටික මිසන්ඩේ ගෙ කටින් පිට වුණු විදිහ හරිම වෛරී..තමන් ඉතාම ආදරය කරන දෙදෙනාම තමන් ඉදිරියෙන් සිටගෙන ඉද්දී, ඔවුන් දෙදෙනා රැජිණක් සහ හමුදා අණ දෙන්නෙක් වෙද්දි, ඔවුන්ට තමන්ව බේරාගන්න ඉඩක් නැති බව දැනෙද්දි දැනෙන අසරණ කම එක්ක එන වෛරය සෑහෙන දෙනෙක් එකවර දවා හළු කරන හැඟීමක්.. ඒක සාමාන්‍යයි …

ඉතින් තවදුරටත් ඩැනී ගෙන් මානුෂික හැඟීම් බලාපොරොත්තු වෙන්න බෑ.. ග්‍රේ වෝර්ම් ට වුණත් දැන් ආයෙ බය වෙන්න කාරණයක් නෑ.. ජීවත් වෙන්න කාරණයක් නැහැ.. ඔහු දැන් මරාගෙන මැරෙන්න සම්පූර්ණයෙන් සූදානම්. මරාගෙන මැරෙන්න වෛරයෙන් එන හමුදා නායකයෙක්, හරි භයානකයි. අනිවාර්යයෙන්ම ඩැනී මේ යුද්ධෙ දිනනවා කියලා මං කියන්නේ එකයි. සර්සි කරපු තවත් මොළේ ඇති වැඩක් තමයි කින්ග්ස් ලෑන්ඩිං තුළ හදපු මිනිස් පළිහ. දැන් ඩැනීට ඩිරෙක්ට් ඇටෑක් එකකට ගියොත් මහා ලේ වැගිරීමක් වෙනවා.ඒත් ඩැනීට ඕනෙ සර්සිව පරද්දන්න.ඉතිං ඈ මේ වෙලේ ඕනෙම දෙයක් කරාවි… කොහොම වුණත් ඩැනී ආවෙ, තමන් සමඟ ඩ්‍රැගන්ස්ටෝන් ගිය සමස්ත සේනාව සමගම නෙවෙයි. එහෙම ඈ ආවා නම් ආයෙ යන්න ඈට ඩ්‍රැගන්ස්ටෝන් එකත් නැතිවෙන්න ඉඩ තිබ්බා.

දැන් අපි හැරෙමු වේරිස් සහ ටිරියන් දිහාට..දෙන්නා එක්ක දැන් රැජිණට වඩා හොඳ විකල්ප තෝරමින් ඉන්නෙ. වියරු වුණු ඩැනීගෙ කනට මේව ගියොත් වාරිස් ඉවරයි. කොහොමත් ඔහු මියයනවා කියලා අනාවැකියක් මිලිසන්ඩ්‍රේ කිව්ව නිසා ඒ ගැන බලා ඉන්නයි තියෙන්නෙ. වේරිස් දැන් දැන් තමන්ගෙ කාර්‍ය ඉටු කරනවා මදි. එයා උපදේශකයෙක් විදිහට ඔයිට වඩා ඉන්ෆොර්මේෂන් ඕනෙ. ඒ වගේම අනාරක්ෂිතයි කියලා හිතෙන තැන් වල කුමන්ත්‍රණයන් කරද්දිත් වේරිස් ටිකක් ප්‍රවේසම් වුණොත් හොඳයි. ටිරියන් කතා කරන විදිහ ඕනෙම වෙලාවක හරවන්න පුළුවන් …ඒත් වේරිස් දැන් රාජධානිය සම්බන්ධව හිතද්දි ටිකක් කලබල වෙලා ඉන්නෙ.

සර්සි සහ යූරෝන් ග්‍රේජොයි ගෙ සටන් සැලසුම් කෞෂල්‍යය නරක නෑ..ඒත් යූරෝන් කලබලයි. හැබැයි දක්ෂයි. කොහොම වුණත්, මං හිතන්නෙ ටිරියන් දරුවෙක් ගැන ප්‍රකාශ කරපු එකෙන් සයිඩ් ඉෆෙක්ට් එකක් හටගන්න ඉඩ තියෙනවා. යූරෝන්ගෙ මුහුණ හැඟීම් දකින්න නොපෙන්නුවාට, ඔහු මෝඩයෙක් නොවේ නම් ටිරියන් සර්සිගෙ බඩේ ළමයෙක් ඉන්න බව දැන ගත්ත එක ඔහුට ප්‍රශ්නයක් වෙන්න ඕනෙ. කොහොම වුණත් ඒක ඔහු ප්‍රශ්නයක් කරගත්තොත්, ඔහු මුලින්ම කයිබර්න් මරන්න හොඳටම ඉඩ තියෙනවා. සර්සි ගෙ දරුවා නැතිකරන්න පවා ඉඩ තිබෙනවා..සර්සිට ලේසි බේරුමක් ලබන්න නම් මවුන්ටන්ව කාමරේ තියාගන්න වෙයි. ඒත් තාමත් යූරෝන්ගෙ අරමුණ සිංහාසනේද කියලා පැහැදිළි නෑ. අන්තිම වෙලාවෙ දිනාගෙන එන පැත්තට එකතු වෙලා, ලැනිස්ටර් වරු හැම මොහොතෙම කළා වගේ ට්‍රීසන් එකක් කරන්න පව ඉඩ තියෙන අමුතු පාලකයෙක්.

යූරෝන් ට මකර සෙල්ලමෙන් දිගටම දිනන්න තියෙන ඉඩ අඩු වෙන්නත් පුළුවන් කියලා හිතෙනවා ..

හුඟක් අය තවත් මකරු ගැන අහලා තිබ්බා මගෙන්…ඩ්‍රොගොන් ඉන්නවා..රේගාල් මලා..තව මකරු ඉපදුණොත් ඒක හොඳයි. ඒ වගේම ලොකු මකරු තුන් හතර දෙනෙක්..අහස දෙබෑ කරන් සයුර හූරා ගෙන ආවොත් ඉතිං එකෙන්ම හෙණ එපික්.

ඒත් එහෙම වුණොත් පොඩි පරහක් තියනවා. ඒකෙ තියෙන්නෙ ප්‍රැක්ටිකල් නැති කමකට වඩා, ඩැනීගෙ බලය ඕවර් වෙයිට් වෙන එක. එහෙම වුණොත් කතාවෙ මේ යුද්ධෙ ඇතුළෙ කිසි සටනක් නෑ…මුළු ඒරියා එකම ලොකුම එකෙන් ඩ්‍රකාරිස් වෙයි. ඒ වගේ දෙයක් මේ අධ්‍යක්ෂක වරු කරයි කියලා හිතෙනවා නම් ටිකක් අඩුයි. හැබැයි..මකරු ගොඩාක් ඇවිත් ඔක්කොම අලු දූලි කරනවාට, මගෙ හිතේ වුණත් ආසාවක් තියෙනවා.. පළවෙනි ප්‍රමෝ එකේ ලෙසට එහෙම වෙන්න පුළුවන්. කොහොමත් ඉංග්‍රිසි කතා මාලා හා චිත්‍රපටි ගොඩකදි ඔය හදිසියේ එන සපෝටිව් සොබා දහම් ආමි මං දැකලා තියෙනවා.

දැන් එහෙමනම් මකරු සෙට් එකක් එන්න ඉඩ තියෙන පැති ගැන හිතමු..විශේෂයෙන්ම ඩ්‍රොගොන් හුඟ කලක් අතුරු දන් වී සිටීම නිසාත්, ජෝරා හා ටිරියන් ඔරු පැද්ද පැරණි වැලේරියා නගරය පැත්තෙ පියඹා ගිය මකරා ඩ්‍රෝගොන් නම්, ඔහු හෝ ඇය ඒ පැත්තෙ ගියෙ කෑම හොයන්නමද කියන සැකය තියෙන නිසාත් අපිට බලාපොරොත්තු තියා ගන්න පුළුවන්. මකරු ස්වභාවිකව ඉපදෙන්න ඉඩක් දැන් තියෙනවා ද කියන එක සැකයි.. හැබැයි ඩැනීට රඟපාන අපේ සුන්දර එමීලියා කිව්ව විදිහට ලොකුම ලොකු ටීවී එකකින් 5 වෙනි එපිය බලන්න කිව්වෙ නිකම් වෙන්නත් බෑ.. හැබැයි මකරු ආවොත් නම් සර්සි නැතිවෙන්නම කුඩු වෙයි. ඒ තරමටම ඩැනීගෙ බලයත් අසීමිත වෙයි.

ඩැනීට එක මකරෙක්ට ආමර් අන්දන්න වෙලාවක් නම් මේ වෙලේ හැටියට තියෙයි කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි..

මං කැමතියි, ඩ්‍රැගන්ස්ටෝන් ගැනත් චුට්ටක් මේ ගමන් කියන්න. ටාගේරියන් ලා මුලින්ම ආවෙ මෙහෙට. ඉන්පස්සෙ තමයි, වෙස්ටරෝස් ඇල්ලුවෙ. ටාගේරියන් ලාගෙ මහා මාලිගය තියෙන්නෙ ඩ්‍රැගන්ස්ටෝන් වල. ඩ්‍රැගන් ග්ලාස් නිධියක් පවා ඔබ එහි දැක්කා. ඒ මාලිගය හදලා තියෙන්නෙම මකරුන්ට සුවසේ ඉන්න පහසු ලෙස. හොඳට ඉඩ ඇතුව. කින්ග්ස්ලෑන්ඩිං වලදි මකරු විනාශ වුණේ..ඉඩ අඩු කම නිසා.. සමහර මකරු පූසන් තරම් පොඩිලු..මකරු හිර කරලා ඉද්දි ඔවුන් ලොකු වෙන්නෙ නෑ..

ටාගේරියන්වරු කින්ග්ස්ලෑන්ඩිං මාලිගය ට වෙලා සත් රාජධානි බලාගද්දි, මේ මාලිගාව වැඩි වටිනාකමක් තිබ්බෙ නෑ..නමුත් ඩ්‍රැගන්ස් ටෝන් වුණත් සත් රාජධානිය ට අයිතියි. පස්සෙ ඉතිං රොබට් බ්‍රැතියන්ගෙ විප්ලවෙන් පස්සෙ, මේ මාලිගාවෙ හිටියෙ, රොබට්ගෙ එක් සහෝදරයෙක් වෙන ස්ටැනිස් බ්‍රැතියන්. ස්ටැනිස් බ්ලැක් වෝටර් බොක්කෙ, යුද්ධෙන් පරාද වුණාට පස්සෙ උතුර ට ආවා යුද්ධ කරන්න. ඔහු කිසිවෙක් තියලා ගියෙ නෑ ඩ්‍රැගන්ස් ටෝන් වල. ඒ නිසා, අන්තිමේ ඔහුගේ මුළු පවුලේම මරණයෙන්, හමුදා විනාශ වීමෙන් ඩ්‍රැගන්ස්ටෝන් හිස් වුණා. ඩැනී ආවෙ ඒ හිස් වූ මාළිගාවට.

දැන් අපි යමු ස්ටාර්ක් වරු දිහාවට. ආර්‍යා සහ සන්සා විසින් ඩැනීව සැක කරන්නෙ උතුර ඇය අයිති කරගනී කියන හිතෙන්. උතුර නැවත් ස්ටාර්ක් වරු අතට ගත්ත වෙහෙස ගැන දන්නෙ ඇයයි. ඈ වේල් උතුරු හමුදාවට එක් කරලා, උතුර දිනවලා, ලිට්ල් ෆින්ගර් මරලා වේල් වල අයිතියත් නිල නොවෙන විදිහට අරන් ඉන්නෙ. සන්සා ටිරියන් ට ජොන් ගෙ සැබෑ ලයිනේජ් එක කියන්නෙත්, ජොන්ට රජ කම අරන් දෙන ආශාවට වඩා, උතුර ඩැනී වගේ අධිරාජිණියක් යටතේ තිබීමෙන් තමන්ට වෙන අවාසිය හිතලා. එගොන් හෙවත් ජොන් ළඟ සිහසුන තිබීමෙන් උතුර ට යම් නිදහසක් ලැබෙයි කියන හිතිවිල්ල ඈට තියෙනවා. කොහොම වුණත් මේ කාරණය සන්සා ටිරියන්ට පැවසීම ජොන් ට කොයි විදිහෙ බලපෑමක් කරයිද කියලා තාම දන්නෙ නෑ.. ජෝන් ගෙ ඇස් වල අවිශ්වාසය තිබ්බා. ඩැනී සදාකල් ඔහුව අවජාතකයෙක් කරන්න හදනවාද කියලා, ඔහුට හිතෙන්න පුළුවන් … ඔය හිතිවිල්ල යම් දවසක ඩැනීට විරුද්ධව ජොන් ව පාවිච්චි කරවන්න තරම් වටින සිතිවිල්ලක්.

අපි අර්‍යා දිහාට යමු. ආර්‍යා ගෙන්ඩ්‍රිගෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා..ආර්‍යා ට ඕනෙ ලෝර්ඩ් කෙනෙක් වෙන්න. ආර්‍යා අඳින්නෙත් පිරිමි විදිහට. ආර්‍යාට ස්ටොර්ම්ලෑන්ඩ් වල ලේඩි වෙන්න බැරිවට, ආර්‍යා නායිකාවක් වෙන්න අකමැති වෙයිද? ආර්‍යාගෙ අරමුණ සිංහාසනේ වෙන්බත් පුළුවන්. ඩැනී කෙලින්ම යුද්ධ කරන් එන අතරෙ, ආර්‍යා මාළිගාවට ඇතුළු වුණොත් මොනා වෙයිද? ආර්‍යා මළිගාව ගැන, එහි උමං ගැන හොඳටම දන්නවා. ආර්‍යා ට පැරණි ගමන් සගයා ආයෙ හමු වුණා. හවුන්ඩ් ට සහ ආර්‍යාට තියෙන්නෙ ළඟ ඉලක්ක දෙකක්. මොන වගේ දෙයක් වෙයිද? තාමත් හිතාගන්න නම් බෑ.

සන්සාට උතුරෙ ඉඳං මේ මහා යුද්ධට දායක වෙන්න පුළුවන් ලිට්ල් ෆින්ගර් වගේ කපටි කමෙන් තමයි. සන්සා ට රැජිණක් වීමේ ආශාව නම් තිබ්බා. ඒ රජෙක්ව විවාහ කරගෙන. කොහොමත් සන්සා, ජොන් ට වෙනස් විදිහකට ආදරේ කරන්න අරන්ද කියලා, සමහර තැන් වලදි හිතෙනවා. ඩැනී දිහා ජොන් බලනකොට, ඈගෙ මුහුණෙ තියෙන්නෙ ඉරිසියාවක්. ජොන් දැන් ස්වජාත නිසා, ස්ටාර්ක් දුවලා කොහොමත් ටාගේරියන් ලාට කැමතිත් නිසා, එගොන් ටාගේරියන් ලාගෙ ඉතිහාසයෙත්, සිස්ටර් වයිෆ්ලා හිටිය නිසා, එහෙම දෙයක් වෙයිද? හිතන්න නම් අමාරුයි. කතාව තව පැය 3ක් වත් නෑනෙ. හැබැයි.. GRRM ගෙ පළමු plot line එකේ නම්, ජොන්- ආර්‍යා එක් කරන්න ඔහුට ඕනෙ කම තිබ්බලු. ඒවා පස්සෙ හිතමුකො.

අපි දැන් යමු ආයෙත් ආර්‍යා හා හවුන්ඩ් දිහාට, දෙන්නටම හවුන්ඩ්ට හා බෙරික්ට ආර්‍යාව විෂන් කළේ ලෝඩ් ඔෆ් ලයිට්, ආර්‍යාගෙ දක්ෂතා තව උත්කර්ෂවත් වෙන්න ඔහුගෙ සහය නයිට් කිං ව විනාශ කරන වෙලෙත් ඈට ලැබෙන්න ඇති කියලා මතයක් තියෙනවා. ඒවාගේම ජොන්ව මරණයෙන් නැගිට්ටුවීමට ලෝඩ් ඔෆ් ලයිට් දායක වුණා. ස්ටැනිස්ව උතුරට ගෙන්නුවෙත්, ඔහු. යුද්ධයක් නොකරම ඩ්‍රැගන්ස්ටෝන් ඩැනීට ලැබුණෙත් ඒ හින්දා. ලෝඩ් ඔෆ් ලයිට් ගින්දර සමඟ පුදන ඒසෝස් වල දෙවියෙක්. ඕල්ඩ් ගොඩ් වගේම තනි දෙවියෙක්. නමුත්, බ්‍රැන් සහ ත්‍රී අයි රේවන් පදනම් වෙන්නෙ පැරණි දෙවියන්ට වුණාට, නයිට් කිං ගෙ විශයෙහි, වැඩිම කාර්‍යභාරයක් කරලා, ත්‍රී අයි රේවන් ව රැක්කෙ නම් ලෝඩ් ඔෆ් ලයිට් තමයි.

මේ වෙලාවෙ බ්‍රැන්ට ටිකක් බලපාන ප්‍රදේශයකුත් ඕපනින් ක්‍රෙඩිට්ස් වල පෙන්වනවා. කින්ග්ස්ලෑන්ඩිං වලට ඉතාම ළඟ iles of faces කොටස තමා ඒ. ඒ කොටසෙ, තවමත් ඉතිරි වූ චිල්ඩ්‍රන් ඔෆ් ද ෆොරස්ට් ලා සහ ග්‍රීන් සියර්ස් ලා ජීවත් වෙන බවට කතා තිබෙනවා ..කවුද ඔවුන්? අනාගතය පෙනෙන මැජිකල් ඇබිලිටි තියෙන, චිල්ඩ්‍රන් ඔෆ් ද ෆොරස්ට් ලා ගෙන් පැවතෙන කට්ටියක්. නාට්‍ය මාලාවෙ අපි දැකපු ජෝජන් රීඩ්, ඒ කියන්නෙ මීරාගෙ මල්ලි එහෙම ග්‍රීනසියර්ස් කෙනෙක් තමයි. මතකනෙ, එයාට හීන හරහා සහ විෂන්ස් හරහා අනාගතේ පේනවා. පරණ ත්‍රී අයි රේවන් වුණත් ග්‍රීන් සියර්ස් කෙනෙක්ලු. බ්‍රැන් ග්‍රීන්සියර්ස් කෙනෙක් කියලා කියනවා. ඒත් මිනිහා දැකපු අනාගතයක් ගැන තාම ප්‍රකාශ කරලා නෑ. ග්‍රීන් සියර්ස් කෙනෙක් වගේම වොග් වෙන්නත් පුළුවන් කෙනෙක්. ජෝජන් නම් වෝග් වෙන්නෙ නෑ. කොහොම වුණත් බ්‍රැන්ඩන් ස්ටාර්ක්ට ග්‍රීන් සියර්ස් ලා හා චිල්ඩ්‍රන් ඔෆ් ද ෆොරස්ට් ලා නම් ඕනෙ වෙලාවක සහය වෙයි. ඒත් ඒ සහයෙන් මහ යුද්ධයට මොන වගේ දෙයක් වෙයිද? එච්චර දෙයක් පෙන්වන්න ඉඩ නම් නෑ..ඒත් ඒ දූපත් පෙන්නුවෙ නිකං වෙන්න බෑ..බලමු නේද?

කොහොම වුණත් ඉස්සරහට අපිට නයිට් කිං ට වඩා දරුණු කවිලන් කෙනෙක් හමුවෙයි වගේ…

අවසානෙ තවත් විශේෂ සිද්ධියක් තියෙනවා. ඒ තමා ජේමිගෙ සහ බ්‍රියැන්ගෙ සමු ගැනීම. ජේමි ගියෙ සර්සි ට ආදරේ නිසාද? නැත්තම් මහ විනාශයක් කරගන්න කලින් සර්සිව විනාශ කරන්නද? ඒක නම් ඩවුට් එකක්. බ්‍රොන් තමන්ව හා ටිරියන්ව මරන්න එව්වෙ සර්සි බව දැනගෙන ඔහු තවත් සර්සිට ආදරේ කරාවිද? ලොකුම දේ තමා, ජේමි ගෙ නමින් ලෝකෙ ට පෙන්වන්න පොරොන්දු වුණු අවසාන දරුවාටත් සර්සි යූරෝන් ගේජෝයි ගෙ නම දැනටමත් දී තිබීම. තමන්ගෙ ළමයි, බ්‍රැතියන් ළමයි ලෙස හැදුණු එක ගැනත් වේදනාවෙන් හිටි ජේමි, මේ දරුවා වෙන කෙනෙක් අතට යෑම කොහොම බාර ගනීද? ජේමි සර්සි ව හැර වෙනත් කාන්තාවක් එක්ක වාසය කළේ, සර්සි ඔහුව අත් හැරපු නිසයි. ඒත් ඔහු රොබ් ගෙ සිර කරුවෙක් ව පසු වෙද්දිත්, තමන්ගෙ ඥාති ලැනිස්ටර් කෙනෙක් එක්ක සර්සි වාසය කළා. මේ සම්බන්ධකම් වලට ඇත්තටම සර්සි කවදාවත් අවංක වුණේ නෑ..හැබැයි ඒකට සාදාරණ හේතු තිබ්බ බවව් මං පසු ගිය ලිපියක කතා කළා..

ඉතිරි එපිසෝඩ් දෙක හොඳම විදිහට තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම්, අදට සමු ගන්නම්…මකරු බැරි නම් කපුටො හරි ඇටෑක් කරවලා සර්සිගෙන් ත්‍රෝන් එක ඩැනී ලබා ගන්නවා නම් හුඟක් අය කැමතියි. ඩැනී ත්‍රෝන් එක ගත්තා ට පස්සෙ තමයි, හොඳම හරිය තියෙන්නෙ..

එහෙනම්, ඩැනී ට අපේ සුබ පැතුම්

නෙරංජි සුලක්ඛනා (57 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

නෙරංජි සුලක්ඛනා has 57 posts and counting. See all posts by නෙරංජි සුලක්ඛනා

25 thoughts on “Season 08 Episode 04 Hard Review

  • May 16, 2019 at 12:07 AM
    Permalink

    Akkiyo adawath review eka dannkoo

  • May 15, 2019 at 9:03 PM
    Permalink

    iye menma adath dawasata 10 parakata wada awith bala, thawamath nathi hein balaporoththu atha haragena nindata sudanam unemi…..

  • May 15, 2019 at 8:19 PM
    Permalink

    පරක්කු උනාට සොරි කියන්න නම් එපා අක්කෙ ඔන්න *ලොකු* ලිපියක් දාන්නෙ නැතුව 😐 පේනවනෙ, ජනතාව කලබල වෙලා ඉන්නෙ අක්කගෙ රිවීව් එක නැතුව 😮

  • May 15, 2019 at 12:50 PM
    Permalink

    what is the girl doing..the girl must post the review today.

  • May 15, 2019 at 11:02 AM
    Permalink

    Oh thawama dala na kiyanne adath dana patak na wage neda akkeeeee….. 🙁

  • May 14, 2019 at 9:24 PM
    Permalink

    අප්පට සිරි…
    කතාව එපා වුණා වගේ වුණාද ඔයාටත් මට වගේම???

    කමක් නෑ අනේ මොනවා හරි දාලා යන්ට…
    ඔයාගේ අදහස් පට්ට වටිනවා…
    තව දෙකයිනේ උපරිම…
    ඕනේම නම් ලිපි හතරක් තියෙයි තව…

    පරිස්සමට ඉන්ට…

  • May 14, 2019 at 7:49 PM
    Permalink

    ane thawama dala na nee… 🙁 KOheda ME Tharuniya..

  • May 14, 2019 at 6:10 PM
    Permalink

    වේරිස් අයියා කෑමට වස දාන්න හදන කොට. අලුත් රජාගේ ආගමනයටත් කලින් ජනතාවගේ නියෝජිතයා වලපල්ලට අලුමත්තේ යද්දිම,පරණ මතක දූවිලිවෙලා ගඩොල් ගොඩක් අස්සේ යටවෙනකොට,ප්‍රේමයේ සෙනහස විදිමින් තනිකමෙන් මිරිකුන ඇය ඇගේ සහෝදරයාගේ තුරුලේ!! ඇයට කවදාවත් නොලැබුන දේත් එක්ක, යුද්දයේ කුරිරු කමත් එක්ක සසල උන ස්ටාක් සිතිවිලි, එක්ක ඩැනීගේ අලුත් සංවේගයේ පිටතට දැනුන කුරිරු ගින්නට ගිණිබත් වූ රෙඩ් කීප් බලකොටුව අස්සේ සිරවී භීතියෙන් තැති ගැන්වී මුලු ගැන්වී උන්න ඒ තරුණිය කොහිද හාඩ්‍ රිවීව් එක කරන ………..

  • May 14, 2019 at 1:57 PM
    Permalink

    😐 😐 😐 😐 ඩැනීගෙ වැඩේට ශොක් වෙලාද තවම නැත්තෙ රිවීව් එක 😮

  • May 14, 2019 at 12:52 PM
    Permalink

    Please…………………….
    Ikmanatoooooo..

  • May 14, 2019 at 10:44 AM
    Permalink

    Akke 5 kooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo….. ada ue idan danakan balan inne

  • May 13, 2019 at 10:53 PM
    Permalink

    akke 5 weni epiye review eka ikmnta dandooo…akka danakan dawasata 5s parak withara awilla balala yanawa

  • May 13, 2019 at 9:28 PM
    Permalink

    පස්වෙනි එපිය රිවීව් කරන් නැද්දෝ…. ලීක් උන ස්ක්‍රිප්ට් එක නම් ඇත්ත නේ අක්කෙ 🙁

  • May 12, 2019 at 10:12 PM
    Permalink

    Maru akke…monawa wei d kiyala balan imu

  • May 12, 2019 at 2:11 AM
    Permalink

    GOT iwara unama Long night kiyala ekak enawa hariyata load of the rings ekata passe hobbit awe e wage

  • May 10, 2019 at 9:55 AM
    Permalink

    hbo එකෙන් ගොට් වලම මීට කලින් ඉතිහාසෙ ගැන ටිවී සීරීස් සෙට් එකක් කරන කතාවක් තියෙනව නේද අක්කෙ? මේ එපි දෙකත් ඉවර උනාම පොඩ්ඩක් ඒ ගැනත් ලිපියක් දාන්න… ගොට් ඉවර උනාම මොනව කරන්නද මන්ද :-/

  • May 9, 2019 at 8:18 AM
    Permalink

    මිසන්ඩෙ නෙවී චතුරංග, මැලිසැන්ඩ්‍රෙ කිව්වෙ. ඒකියන්නෙ Red woman.
    මවුන්ටන්, ඉලන් පේන්, සර්සි තමා දැනට ලිස්ට් එකෙන් ඉතිරි

  • May 9, 2019 at 1:49 AM
    Permalink

    New Dragons Names;
    1. Milisande
    2. Johra
    3. Sir .. …..

  • May 9, 2019 at 12:53 AM
    Permalink

    මිසැන්ඩේ කොතැනදීද අර උපදේශකයා මැරෙන බව කිව්වේ???
    මට මතකම නෑනේ…
    ආ… ආර්යාගේ ලැයිස්තුවේත් සර්සිගේ ආරක්ෂකයා ඉන්නවා මට මතක විදිහට…
    අනික සන්සා ජොන් ව බැන්ඳෝතින් ඒක සහෝදර විවාහයක් වෙන්නේ නෑනේ???

    මේ නිකමට වගේ අහන්නේ ඔයාට බැරිද මගේ එක්ක වැඩියෙන්ම තරහා ගන්ට???

  • May 8, 2019 at 9:30 PM
    Permalink

    ස්තූතියි.. mssanka..

  • May 8, 2019 at 9:17 PM
    Permalink

    අක්කට වැරදුනු පොඩි තැනක් පෙන්නන්න තියෙ..
    ජෝන් රේගාල් පිටේ නොගියෙ රේගාල්ට මහන්සි නිසා නෙමෙයි. කින්ග්ස් ලෑන්ඩින් යන විදිහ ප්ලෑන් කරද්දි ජෝන් මැප් එකේ රේගාල්ව පෙන්නන ඉත්තව එයා යන සෙට් එකට දැම්මම, ග්‍රේ වෝම් ඒක ආපහු ඩැනීගෙ සෙට් එකට දානව. ඩැනී කලින් කතා වෙන්න ඇති ඒ ගැන. මටත් ඒක මිටර් උනේ ග්‍රේ වෝම් මොකක්ද කලේ කියල දෙතුන් පාරක් බලද්දි… ජෝන් ටෝමන්ඩ්ට අරහෙම කියන්නෙ ඩැනී එක්ක තියෙන අවුල පෙන්නන් නැතුව ඉන්න වෙන්න ඕනෙ.

  • May 8, 2019 at 8:44 PM
    Permalink

    thanks.

  • May 8, 2019 at 8:42 PM
    Permalink

    බෝම ස්තූතියි අක්කෙ රිවීව් එකට 🙂

  • May 8, 2019 at 8:27 PM
    Permalink

    thawath deyak, bariwelawath… “bariwelawath” sansata iron throne eka aythi unoth.. arya ganath hithaganna puluwan wenwa..eya Queen’s guard wei.. Ser arya stark wdihata.. sansa nitharama kiyana “No one can protect me” kyna ekath ethanadi galapenawa..

  • May 8, 2019 at 7:42 PM
    Permalink

    dany ta thamai throne eka labenna ona..eth kauda azor ahai? jon uthura palanaya karavi samaharawita sansa vivaha karagena.. arya gendry ta adare nadda? eyata lady kenek wenna ona na thamai eth gendry anik aya wage lady wikara piliganna pirimiyek nemene..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!