Season 08 Episode 04 The Last of the Starks
#Forthethrone #got #gameofthrone #hbo #baiscopelk #Season8 #Epi04 #GOT08
නොබැලූ අය කියවන්න එපා…!! SPOILERS !!!
අද එපිසෝඩ් එක සමහරුන්ගෙ හිත් බින්ඳා .ඒත් තවත් සමහරු හොඳයි කියනවා. ඉතිං අද කතාව කෙටියෙන් රසවිඳිමු. හෙට අනිද්දා දිහාට ගැඹුරින් කරුණු සාකච්ඡා කරමු.
අපි මුලින්ම දැක්කෙ, ජෝරා, ලියානා, එඩ් , තියොන් සහ බෙරික් ප්රමුඛ අන්ධකාරය බිඳින්නට පැමිණි අයගේ මලගම. ජෝරා ගේ මරණය සමඟ ඩැනී ගේ වේදනාවට වඩා ඈට දැනෙන අනාරක්ෂිත බව තමයි පේන්නෙ… සන්සා තියොන් වෙනුවෙන් සැබෑවටම වැලපුණා. ජොන් ගෙ කතාවත් ඇත්තටම ඒ අවස්ථාව ට සුදුසු හිත ට දැනෙන කතාවක්. චිතක වලට ගිනි තියද්දි, ජොන් තෝරගන්නෙ ලියානා මෝමන්ට් ව. එතැනදි ඇත්තටම , එයට හේතුව තමන්ගෙ මවගෙ නම් දරණ, තමන්ට උතුර නතු කරවූ, තමන්ට තරහ ගිය කළ බැන වැදුණු, වින්ටර්ෆෙල් ලබා දුන්, රැකදුන් කුඩා සොයුරියක් වැනි ඇය ගැන තිබූ ගෞරවණීය ආදරය වෙන්න පුළුවන්. කොහොම වුණත් ප්‍රධාන චරිත දෙක අතින් දුක් බරව මෝමන්ට් ලා අවසන් ගමන් ගියා.
කොහොම නමුත් සෑහෙන්න කට්ටිය නම් මේ යුද්ධෙන් ඉවර වුණා.
දැන් ඩැනී ට ඇත්තටම ඉතුරු තමන්ට හිටි හමුදාවෙන් බාගයයි. ඔවුන් වුණත් ඉතාම විඩාපත්.
ඉන්පස්සෙ අපි දැක්කා වින්ටර්ෆෙල් මාලිගයෙ ඇතුළෙ තිබ්බ ෆීස්ට් එක. ඒකෙදි, ගෙන්ඩ්‍රි රිවර්ස් තව දුරටත් අවජාතකයෙක් නොවී ස්වජාත කරන්න රැජිණ වග බලාගත්තා. ඒ වගේම එතැනදි ඉතාම කුළුපග ලෙස ඔහුට වයින් මග් එක පිරිනැමුවෙ ජොන්. ඔහුගෙ සැබෑ පියාව මරපු, ඔහුගෙ සැබෑ මව බඳින්න පොරොන්දු වෙලා හිටපු, ඔහුව හදාවඩා ගත් පියාගෙ හොඳම මිතුරා තමයි රොබට් බ්‍රැතියන්. ඉතිං ගෙන්ඩ්‍රි හා ජොන් අතර තියෙන්නෙ සංකීර්ණ ඥාතිත්වයක්. මට දැනුණු දෙයක් තමයි, ඩැනී දැන් අලුත් උරුමක්කාරයා ගැන ඉන්නෙ චකිතයෙන් …ඒක සාමාන්‍ය දෙයක්. මෙච්චර දුක් විඳලා ආපු ගමනක, කවුද කැමති, අත පිහිදගන්න. ඈට මේ දෙවල් දැන ගන්න ලැබුණෙ, ඈ ජොන් ට ආදරේ කරන්න ගත්තාට පස්සෙ, ඈ උතුර ට ආවාට පස්සෙ, ආපහු හැරෙන්නම බැරි තැන.
කොහොම වුණත් ඩැනීගෙ මේ හැසිරීම් රටාව නම් ජොන් ගෙ හිතේ කලකිරීමක් ඇති කරන පාටයි. ඒත්, එතනදි ඩැනී වැරදි නෑ. සන්සා ගෙ අවිශ්වාස බව වුණත් ඩැනීගෙ හිතේ ඇති කරන්නෙ, අසහනකාරී බවක්. සන්සාට අනුව හමුදාව මේ අවස්ථාවෙ විවේක ගැන්වීම හොඳයි කිව්වත්. මං පුද්ගලිකව මෙතනදි එකඟ ඩැනීට. පාලකයන්ට විවේක ගන්න පුළුවන් වුණාට ආක්‍රමණිකයන්ට බෑ. මොකද ආක්රමණිකයා පරක්කු කරන තරමට අනෙක් පාර්ශව ශක්තිමත් වෙනවා.
කොහම වුණත් පේන විදියට සන්සා කට පරිස්සම් නොකරපු එකෙන්, හරි අවුලක් වෙන්න යන පාටයි. වේරිස් සහ ටිරියන් තව දුරටත් ඩැනීට නතුව හිඳීද කියන එක දැන් ප්‍රශ්නයක්.
ආර්යා සහ හවුන්ඩ් ඉතිරි වෙච්චි දේවල් ඉවර කරන්න කින්ග්ස්ලෑන්ඩිං යාමත්, රේගාල් ගෙ මරණයත්, මිසන්ඩේගෙ මරණයත් මේ කතාවෙ වැදගත්ම දේවල්. මිසන්ඩේගෙ අවසාන වාක්‍ය “Drakariys” ඒ කියන්නෙ, burn them all කියන එකම තමා..ඩැනීගෙ හඟීම් කොයි පාරක් දිගේ එය ගෙන යයිද? ජෝරා, මිසන්ඩෙ හා ඩාරියෝ නැතුව ඩැනී බොරු මිත්‍රයන් ළඟ තනි වෙයිද?
අපි ඒක බලා හිඳිමු. ග්‍රේ වෝර්ම් මැරෙන තුරු යුද්ධ කරයි ඉස්සරහට ඔහු පත්වුණු වේදනාව වෙනුවෙන්. කොහොම වුණත් බ්‍රැන් කට්ටිය ටික ටික අමාරු අඩි වලට පත් කරන පාටයි…
ජේමි අවසානෙ තමන්ගෙ සොයුරිය තෝරගත්තා.. හැබැයි ඔහුව මරන්න බ්‍රොන් එවපු බව දැනගෙන.
අපි බලා ඉමු එහෙනම්…වෙන දේ… හාර්ඩ් රිවීව් එකෙන් හමු වෙන්නම් ….
raegar wenna brida night king.. ginnata pichene nthi targaryan kamai,jpn ta thyna wishesha almai ekm pahadili wenne nadda?
Thanx akke.. next review eka enkn balagena inne..
akke man vivarana kiyawanna aluth kenek..atthatama hondai akke meka.. thank u oya hodata liyanawa.. akke podi udawwak oya jaime gana liyapu post eka link karannako mekata.. man atthatama asai kiyawanna..loku prashnayak mata kauda azor ahai kyla..man mulinma hithuwe e jon kiyala..eth night king maruwe arya nisa eya wenna brida? oya kiwwat wage arya iron throne ekta giyat puduma naha..eth mata hithenawa dany pissu natanne nthuwa wada kalanam eya hoda palakayek wei kiyala..eya muladi ehemai..passe eyata balaya oluwata gahuwa kiyalai mata hithenne… ammo man kiyawagena giya neh.. jaime gana kynako..e athi..
wait and see
DAARIO NAHARIS KOHEDA?
for the dragon,
Deanery’s low level war strategy caused to the all lost.
ඩැනීරිස් , මෝඩ වැඩ නිසා මකරෙකුට මැරෙන්න සිදු උනා.
ජෝන් මකරා සමග සිටියා නම් result එක වෙනස්වෙන්න තිබුනා.
Varys merei neda akke.melisendre kiyanwa neda varys merenwa kyla.
Review ekata thx akke
200% ක් ෂුවර්. ජේමි ගියේ සර්සිට තෑග්ගක් දෙන්න. (kingslayer – අතීතය නැවත නැවත සිදුවෙමින් පවතී) ඩැනී හරි ජෝන් හරි එහෙම නැත්තං දෙන්නටම හරි මැරෙන්න වෙනවා.