Season 08 Episode 03 – | Hard Review | නිම් නොවූ නිශාව

 

*ලිපිය කොටස් කිහිපයකින් යුක්තයි. කැමති විදිහකට කියවන්න. **


– අතරමං නොවූ රසවින්දනය –

මේ ලිපිය ටිකක් දිග වෙයි. ඒත්, හුඟක් දේවල් තිබෙනවා කියන්න. ශ්‍රව්‍ය දෘශ්‍ය කතා කලාව ප්‍රධාන කොටස් දෙකයි. එකක් සිනෙමාව . අනෙක ටෙලි නාට්‍ය. කාලානුරූපව ටෙලි නාට්‍ය සිනෙමාත්මක හැඩ තල ගත්‍තා. ඒවාට වියදම් කළ මුදල්, තාක්ෂණ පිරිවැය එක්ක සමහර ටෙලි මාලා සිනමාව අභිබවා ගියා. ගොඩක් වෙලාවට මේ ටෙලි මාලාවන් වලට පාදක වුණේ දිගු සාහිත්‍ය කෘතීන්. සමහරු ඒවා අළලා සිනෙමා පටයක් හෝ සිනමා පට කිහිපයක් කළා.

තවත් අය සිනෙමා පටියක හෝ කිහිපයක කාල රාමුව මද නිසා නිසා ටෙලි මාලයක් නිර්මාණය කරන්න යෙදුණා. ඒත් එයින් කිසිවක් කිසිවකට වඩා උසස් වෙන්නෙ නෑ.. ගොඩක් වෙලාවට මේවට පාදක වුණේ සාහිත්‍යය කෘතීන් කියලා මං කිව්වනෙ. හැරී පෝටර්, ලෝර්ඩ් ඔෆ් ද රින්ග්, මහාභාරත්, රාමායන, ඔඩිසි, ගේම් ඔෆ් ත්‍රෝන් ආදී ඉන් කීපයක් පමණයි.

මේ වගේ සාහිත්‍ය කෘතී ඇසුරෙන් කෙරෙන ඕනෑම ටෙලි නාට්‍යක් හෝ චිත්‍රපටියක් නරඹන කොටස් තුනක් ඉන්නවා. ඉන් පළමු වැන්න සාහිත්‍ය කෘතිය පෙර පරිශීලනය කළ කොටස. දෙවැන්න, ශ්‍රව්‍ය දෘශ්‍ය කාව්‍ය පමණක් රස විඳින පිරිස. තෙවැන්න, ශ්‍රව්‍ය දෘශ්‍ය කෘතිය රසවිඳ එයින් ඔද වැඩුණු මනසින් සාහිත්‍ය කොටස අත පත ගාන උදවිය. මේ තුන් ගොල්ලො අතරෙ රසවින්දනයේ විවිධත්වය දරුණුවට මතු වෙනවා. පොත කියවපු අය, සිනමා පටය අඩු තක්සේරු කරනවා. සිනමා පටිය විතරක් බලපු අය, ඒකෙ තියෙන සමහර දේවල් නොතේරි පටලා ගන්නවා. සිනමා පටිය බලලා, පොත් කියවපු අය, දහසක් ෆෑන් තියෙරි මවලා ඔලුව ඔල්මොරොන්දන් කරන් අනෙක් අයවත් පටලනවා. හැබැයි ජනප්‍රිය සිනමාවට වැඩියෙන් ම වාසි අන්න ඒ වගේ රසිකයො…

මේ වගේ රසිකයො නිසා තමයි සාහිත්‍ය කෘතියක් සිනමා කෘතියක් සන්නමක් Brand එකක් බවට පත්වෙන්නෙ. අන්න එතනදි නිර්මාණය පරයා ව්‍යාපාරය ආරම්භ වෙනවා. සිනමාව ලෝකය තුළ ව්‍යාපාරයක් වෙන්නෙ අන්න ඒ විදිහට. සිනමාව ව්‍යාපාරයක් බවට පත් වුණාට පස්සෙ, නිර්මාණ කරුවාට හැම විටම තමන්ට ඕනෙ දේම කරන්න හැකියාව ලැබෙන්නෙ නෑ. හැම වෙලාවෙම ඔහු, බලපෑම් කණ්ඩායම් වල පාලනයට නතු වෙනවා. ඔයාල හිතනවාද GRRM ජෝන් ගෙ මරණයෙන් එහාට පොත ලියල නෑ කියලා. ඔහු අනිවාර්යයෙන්ම ප්ලොට් ලයින් එක ඔස්සේ පොත ඩ්‍රාෆ්ට් කරලා නැති වෙන්න විදිහක් නෑ..ඒත් hbo එකෙන් ඔහුගෙ පොත ප්‍රකාශනය වීමට තාවකාලික ව බාධා පමුණවනවා.

ඒ ඇයි ? ඔවුන්ගෙ කතාව සහ පොත අතර තිබෙන ඝට්ටනය මඳකට නවතලා අපූර්ව අත්දැකීමක් දීලා ප්‍රේක්ෂකයා ඇද බැඳ ගන්න. ඒවාගේම බාගෙට නැවතිච්ච පොත් පෙළේ, දන්න අහුකොන් හරහා, ෆෑන් තියරි ගොඩ නගන රසිකයන් හරහා, මෙම නිර්මාණය ට නොමිලේ ප්‍රසිද්ධියක්, ජනප්‍රියත්වයක් ලබා දෙන්න. ඒ හරහා ඔවුන් තමන්ගෙ ව්‍යාපාරය පහසුවෙන් ගොඩ දාගන්නවා. මේ සත්‍ය දැන ගත්තා ම , සිනමාව රසවින්දනය කරද්දි, අනපේක්ෂිතව බලාපොරොත්තු ඇති වෙන්නෙ නෑ.. ඒක ජීවිතය හෝ ආගමක් වෙන්නෙ නෑ. ඒ වගේම හොඳම ඩයි හාඩ් ෆෑන්ස් ලා මේ තියරිය උපරිමයෙන් දන්න අය කියන එකත් අමතක කරන්න එපා..

-ෆැන්ටසි සිනමාව සහ රියැලිටි අපි-

Game of Throne කියන්නෙ, ෆැන්ටසි කතාන්දරයක් ..ඇත්ත වගේ නිර්මාණය කළ සමාන්තර ලෝකයක්. එහි මධ්‍යතන යුගය ප්‍රතිනිර්මාණය කරන අතරෙ, සාමාන්‍ය ලෝකයක් තුළ නැති, මකරුන් , අග්නි මායවන්, අමුතු ඇදැහීම් සහ වෙනස් විදිහේ සෝම්බිවරුන් දක්නට ලැබෙන ලෝකයක්. එහි බල අරගලය සහ කුලල් කෑම් අපේ වර්තමාන ලෝකය තුළ පවතින සිද්ධාන්ත එක්ක සමාන වෙන නිසාම අපිම ඒ ෆැන්ටසි ලෝකය අපේ ලෝකෙ එක්ක පටලා ගන්නවා.පස්සෙ අපිම අරක අතාත්ත්විකයි. මේක අතාත්ත්විකයි කියලා, නිර්මාණය තුළ යතාර්ථයක් හොයමින්, එහි රසවින්දනය ට බාධා කරගන්නවා.

මේ වගේ නිර්මාණයක අනිවාර්යයෙන්ම යටිපෙළක් තිබෙනවා. Game of Throne නිර්මාණ පෙළ ගත්තොත්, එහි බර අරගලය තමයි එයට තිබෙන යටි පෙළ. Power is the Power මේ කතාව පුරාම දිවෙන්නෙ, ඔන්න ඔය වාක්‍ය කණ්ඩය. ඉතිං මේක සනාථ කරන්න පුළුවන් හැම දෙයක්ම මේ සිනමා කෘතිය හරහා ශ්‍රවය දෘෂ්‍ය මානයකින් පෙන්වන්න ඔවුන් උත්සාහ කරනවා.

සාමාන්‍ය ලෝකයක වුණත්, බල ආශාවෙන් පෙළෙන හැම කෙනෙක්ම යම් නොදන්නා, බලයක් කෙරෙහි බියෙන් තමා ජීවත් වෙන්නෙ. සාමාන්‍ය බල ආගලයක් තියෙන තැනකට ඒලියන් ඇටෑක් එකක් ආවොත්, සොභාවික අනතුරක් ආවොත්, එයට සූදානම් නොවී සිටි බල පාර්ශව නන්නත්තාර වෙනවා..මේ කතාවෙ යට පෙළ තියෙන්නෙ ඒවාගේ.. මෙහි සිද්ධ වුණු හැම හමුවීමක්ම, හැම යුද්ධයක්ම, හැම පාවාදීමක්ද, හැම සතුටක්ම, හැම කඳුලක්ම පාර කියන්නෙ එකම බල මූලයකට. ඒ තමයි..සිංහාසනය..ඇත්තටම මෙහි ප්‍රධානම දේ දිගු රාත්‍රිය හා නයිට් කිං ගෙ යුද්ධය කියලා අපි හිතා හිටපු එක, අපේ අවුල මිසක් නිර්මාණයේ අවුලක් නෙවෙයි.

හිතන්න, අපිට දුවන්න ට්‍රැක් එකක් තියෙනවා. අපි දුවගෙන යනවා..අපිට ඉඟි දීලා තියෙනවා ..කොයි වෙලේ හරි කොටියෙක් පනී ට්‍රැක් එකට කියලා. එතකොට අපි හැම වෙලේම ට්‍රැක් එකේ දුවන්නෙ බයෙන්. කොටියා පනීද කොටියා පනීද බල බල…සමහර වෙලාවට කොටියා පනින එකක් නෑ කියලා අධිතක්සේරුව ට ඉන්න කෙනෙක්, වේගෙන් ට්‍රැක් එකේ ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි, කොයි මොහොතක හරි කොටියා පැනලා උගෙන් බේරෙන ධාවකයා ට අධිතක්සේරුවෙන් ඉන්න කෙනා පරද්දන්න ත් පුළුවන්. අධිතක්සේරුවකින් ඉන්න කෙනාට වඩා අනිසි බිය නැති කරගත් කෙනාගෙ වේගෙ වැඩියි.

මේ සියල්ල ඔලුවට දගෙන මේ හාර්ඩ් රිවීව් එක කියවන්න..එතකොට ඔයාලාගෙ හිතට, ලොකුවට බලාපොරොත්තු සුන් වෙච්චි ගතියක් වගේ දෙයක් දැනෙන්නෙ නෑ. හුඟක් දෙනෙක්ට මේ එපිය මදි වුණේ, එපියෙ වරදක් නිසා නෙවෙයි, ෆෑන් තියරි මත ගොඩ නගපු අනවශ්‍ය බර බලාපොරොත්තු නිසා.

 

-Hard Riview –

ප්‍රශ්න බොහෝමයක් යොමුවෙලා තිබ්බාත්, මුලින්ම මගේ රසවින්දනය කරලා ඉන්පස්සෙ දන්න විදිහට උත්තර දෙන්නම්. කලුවර නිසා කට්ටියර මඟ හැරුණු යමක් වෙතොත්, විස්තර කරන් ඉදිරියටම යමු.

මුල් විනාඩි කිහිපයම වෙන් වුණේ, යුද්ධයට ස්ථාන ගත වෙන්න.

ඉදිරි පෙළ ජෝරා මෝමන්ට් හා, ගෝෂ්ට් ප්‍රමුඛ දොත්‍රැකි පිළ. ඒ පසු පස තොර්කොනෙඩෝ (ග්‍රේ වෝර්ම්) ප්‍රමුඛ දොවැගේරීස් (අන්සලීඩ්) හමුදාව. ඊට පිටුපසින් ගිනි තැබිය හැකි ප්‍රාකාරය ..සහ අන්සලීඩ් වරුන්ට අයත් යුධ විදින.

වින්ටර්ෆෙල් ප්‍රධාන ද්වාරය සමඟ ලියානා මෝමන්ට් ප්‍රමුඛ උතුරු හමුදා. වම් පසින් වේල් හී පාබල හමුදා සමඟ බ්‍රියෑන් ඔෆ් ටාර්ත් සහ පසු පෙළ ජේමි, පොඩ්‍රික්.
දකුණු පසින් ටෝමුන්ඩ්, එඩ් , සෑම්, ගෙන්ඩ්‍රි, හවුන්ඩ් , බෙරික් ආදීන් සමඟ වයිල්ඩ්ලිං හමුදා… ඔන්න ඔහොමයි බිම් සැලැස්ම. දුනුවායන් හිටියෙ, සර් ඩාවොස් සහ ආර්‍යා ස්ටාර්ක් සමඟින් මාලිගා ප්‍රාකාරය මත.

ඔය අතරෙ, වෙයාවුඩ් පූජනීය වෘක්ෂය සමීපයේ, තියොන් ප්‍රමුඛ අයන් බෝන් හමුදා හා ඇලිස් කාස්ටාර්ක් ප්‍රමුඛ කාස්ටාර්ක් සේනා ඉන්නවා..බ්‍රැන් රැකවළට..

කොච්චර සැලැස්මක් එක්ක හිටියත්, සැලසුම් වලින් යුද්ධ කරන්න පුළුවන් මිනිස්සු එක්ක විතරයි. ඒත් මෙතැනදි මේ කණ්ඩායම මුහුණ දෙන්නෙ අමනුස්සයෝ පිරිසකට. ඩෙඩ් ආමි එකකට. මේ ඩෙඩ් ආමි එකේ විශේෂය තමයි. ඔබ මැරුණොත්, ඔබේ පිළට අවාසිය දෙගුණ වෙනවා. එකක් ඔබ නැතිවීම. දෙක ඔබ විරුද්ධ පිළේ එකෙක් වීම. ඉතින් මේක දන්න නිසාම මේ යුද්ධය බයයි. දුර්වලයන් ඔවුන්ට තියෙන ආරක්ෂිතම බිංගෙය වූ සොහොන් ගැබේ හැංගුවෙත් ඒ නිසයි.

යුද්ධය පටන් ගන්න පෙර තිබ්බ චකිතය වගේම නිහැඬියාව සිනමාවක සාමාන්‍යයෙන් දක්නට ලැබෙන දෙයක්. ඒත් ඒ හැම කැමරා තලයක්ම මෙතෙක් මං දැක්ක හොඳම සිනමා යුද්ධ එක්ක බලද්දි, ඉතාම ඉහළ මට්ටමේ තිබ්බා. වෙවුලන සෑම් ගෙ අත් දෙකින් පටන් ගන්න ජවනිකාව, අවසානය වෙන තුරු ඇහිපිල්ලමක් ගහන්න මට නම් හිතුණෙ නෑ. ඒ සීක්වන්ස් ඇත්තටම සුපිරි.

මේ කතාවට ආපු ලොකුම හයිය සහ බලාපොරොත්තුව නම් red woman. ඇත්තටම ඈ පැමිණෙන බවට පොරොන්දු දී තිබුණා..ඒ නිසාම මං නං හිතා හිටියෙ, අර කැලැලක් තියෙන දරුවා වගේ වෙස් වලාගෙන එන්න ඇති කියලා.. ඈ එහෙම ආවෙ නෑ.ආඩම්බර කාර විදිහට ලස්සනට අශ්වයා පිටේ ආවා. මුලින්ම ජෝරා ව හමු වෙලා, අග්නි දෙවියන්ගෙ පිහිටෙන් දොත්‍රැකි හමුදා වේ කඩු සියල්ල ගිනි බත් කළා.. ඈ එනම් රෙඩ් වුමන් අනාගතය දකින්නියක්.අපි ඒක දන්නවා. ඩොත්‍රැකි හමුදා සහමුලින් විනාශ වන බව ඈ දැන හිටියා. නමුත් ඈ ඒක නතර කළේ නෑ. ඇයි ඒ?

මේ යුද්ධයේ දුරප්‍රමාණය පෙන්වන්න, ඩොත්‍රැකි ආලෝකය වැදගත්. එතෙක් අන්ධකාරයේ ඩෙඩ් ආමි එක කොච්චර දුරින්ද කියලා කාටවත් පෙන්නෙ නෑ. දෙවැන්න, මේ යුද්ධෙට පස්සෙ එන මහ යුද්ධෙන් පස්සෙ, කිසිම විදිහකින් ම්ලේච්ඡ ඩොත්‍රැකි හමුදා ඉතිරි වුණොත්, ඒක වෙස්ටරෝස් ජන ජීවිතේ ප්‍රබල බලපෑමක් වෙනවා. ඔවුන් හොරු, මං පහරන්නො, ස්ත්‍රී දූෂකයො..ඔබ ඒ බව දන්නවානෙ. ඉතිං ඔවුන්ට බලාපොරොත්තු ආලෝකයක් දීලා ඔවුන්ව ඈ මුලින්ම ඉදිරියට යන්න ඉඩ හදනවා.

මෙතැනදි ඩැනී ඩොත්‍රැකි හමුදා මුලින් තිටන්නෙ, මේක ඕපන් ෆීල්ඩ් බැටල් එකක් නිසා..මල හමුදාව දැක තිබ්බාට, ඈ හිතන්නෙ ඩොත්‍රැකි හමුදා ගොඩ නගාගෙන තියෙන කීර්තිය මෙතැන්ටත් අදාළයි කියලා. ඒත් ඒක එහෙම නැති බව අපි දන්නවා. ඩොත්‍රැකි වරුන්ගෙ ගින්න අන්ධකාරයට හැරෙනවා. ඉන් තම සතුරාගෙ ප්‍රමාණය අවබෝධ කරගන්නත්, සතුරාගෙ දුර ප්‍රමාණය අවබෝධ කරගන්නත් හැකිවෙනවා. ජොන් සහ ඩැනී මකරුන් පිට නහින්නෙ මේක දැනගෙන.

කයිය ගහන ඩොත්‍රැකීන් ට වඩා, ඉතාම විනයානුකූල හමුදාවක් වුණු අන්ස්ලීඩ් වරු ලොව හොඳම හමුදාව බව ග්‍රේවෝම් ඔප්පු කරන්න පටන් ගන්නෙ මේ අතරෙ. වේල් හමුදා, වයිල්ඩ් ලිං මෙන්ම අන්සලීඩ් අය, එකට මල හමුදා එක්ක පොර කද්දි, ඩ්‍රෝගෝන් හා රේගාල් දෙන්නෙ අප්‍රමාණ සහයක්.

රෙඩ් වුමන් , ග්‍රේ වෝම් ට වලාර් මොගූලිස් කියද්දි, ඔහු වලාර් දොහයිරිස් කිව් විදිහෙන්ම ග්‍රේ වෝම් බේරෙන බව දැනුණා. සියලු මිනිස්සු මිය යා යුතු යැයි කෙනෙක් පවසද්දි, යමෙක් සියලු මිනිස්සු සේවය කළ යුතු යැයි පවසනවා නම්, එහිදී අනෙකාගේ රැකවරණය ට තමන් කැප වන බව,

අනෙකාට උදව් කරන බව තමයි, පැවසෙන්නෙ, ඒසොස් වලදි, එය මරණීය බව ලබා දෙන දෙවියන්ගෙන් බේරෙන වාක්‍යක්..ඔය දෙවියො බිහිවෙන්නෙම දුක් විදින වහල් සේවකයන් ට මරණයෙන් සැනසීම ලබා දෙන්නලු…හැබැයි මේ යුධ ශක්තිය ඇත්තටම අවිනීත ඩෙඩ් ආමි එක ඉස්සරහ හැරෙන්නවත් මදි. එහෙම නම්, ප්ලෑන් බී ඒ තමයි න්‍යායට ගහන එක. ඩෙඩ් ආමි එක හැදෙන එක, නවත්වන එක. එහි මූලය විනාශ කිරීම. කවුද මූලය නයිට් කිං.. රජාව මැරුවොත් චෙස් වගේ මේ, සටනත් ඉවරයි.

ඒ බව දන්න නිසාමයි, ඔවුන් බ්‍රැන්ව ඇමට ගත යුතුබව, බ්‍රැන්ම තීරණය කළේ..ඉතිං ඒ යුධ උපක්‍රමය හොඳ වුණත්, නටි කිං ටිකක් පාන්දර වෙලාවක් වෙනකං යුද්ධෙට එන්නෙ නෑ. මේ වෙද්දි, බලකොටුවත් පාලනෙන් ගිලිහිලා. කොච්චර අල්ලන් ඉන්න හැදුවත් පල එන හමුදා ඇතුළට ගන්න වෙන එකෙන් ලියානා මෝමන්ට් අතින්, ද්වාරයේ පාලනය ගිලිහෙනවා. ඈ අන්තිමේදි, යෝධයෙක්වත් මරාගෙනම බොහොම ගෞරවණීය ලෙස මිය යනවා… හෝඩෝර් තරමටම දොර අල්ලන් ඉඳලා ඈ නිහඬ වීරවරියක් වුණා.

කොහොම කළත් දොරෙන් කෙලින්ම ඇතුළට එන්න සෑහෙන දෙනෙක්ට බැරි වුණ නිසයි ඔවුන් ප්‍රාකාරයෙ එල්ලුණේ.. ඒ වගේම රෙඩ් වුමන් ගිනි බැරියර් එකක් දැම්මත්, මලහමුදාව, ඊට උඩින් මල මිනී පාලමක් හැදුවා…ඒකත් එක හෙතුවක් වුණා, බලකොටුවට ඩෙඩ් ආමි එක කඩා වදින්න.

ආර්‍යා ගෙ ආයුධ භාවිතාව ගැන නම් මං හිතපු විදිහ සම්පූර්ණයෙන් හරි නේද? ඕක මං කොහෙන්වත් දැක්ක ෆෑන් තියරියක් නෙවෙයි. ගිය සති කීපෙ අසනීප නිසාම මට තියරි නම් ගොඩක් මඟ හැරුණා..ඔයාලා දන්නවාද? ඕක ලංකාව ඉන්දියාව වගේ අංගම් ඉලංගම් සටන් බහුල රටවල භාවිතා වෙන ආයුධයක්. කොන්තයක් වගේ.. රිටි පන්නන විදිහට තමයි පාවිච්චි වෙන්නෙ. කොන්තයක් මිට ළගින් දෙකට කැඩුණොත් වැඩක් නෑ. නමුත් ගෙන්ඩ්‍රි ලවා ආර්‍ය හදවන ආයුධය, ඊට වෙනස්. දෙකට කැඩුවොත් මුවහත් 4ක් හැදෙනවා.

ආර්‍යා සන්සාව ආර්ක්ෂක ස්ථානයට යැවීමත්, මෙතැනදි වැදගත්, ස්ටාර්ක් ture born එකම කාන්තාව රැක නොගත්තොත් වින්ටර්ෆෙල් දින්නට වැඩක් නෑ. ආර්‍යා නෝවන්, බ්‍රැන් ත්‍රී අයි රේවන්, ජොන් පිරිසිදු ලේ නෙවෙයි. ඉතිං true born life එක තියෙන කෙනා වැදගත්ම.

ආර්‍යාගෙ සටන් එක්ක ගිය මියුසික් තමයි මට නම් ආසාම වුණේ. ඈ සටන් කරන් යද්දි, ඩාවෝස් ඈ දෙස බලා හිටියෙ, පුදුමයෙන් හා ආදරෙන්..කොහොම වුණත් බෙරික් 19 පාරක් ජීවිතෙන් බේරිලා 20 වෙනි වර ආර්‍යා බේරගෙන ජීවිතෙත් සමුගත්තා.හවුන්ඩ් කොහොම හරි, අවුරුදු ගාණක් කළා වගේ ආර්‍යව ආරක්ෂිත තැනකට ගෙනාවා..ආර්‍යා ට තුන්වෙනි සීසන් එකේදි, දුඹුරු ඇස්, නිල් ඇස්, කොළ ඇස් ගැන කී රෙඩ් වුනන් ඇගේ අභිප්‍රාය මොකක් වෙන්න ඕනෙද කියලා ඈට පැහැදිළි කළා. සිරියෝ ෆොරෙල් ගෙ වචන කිහිපෙකින්… මේ කොටස් හරි කාව්‍යාත්මකයි. ඒකෙ තියෙන්නෙ සම්පූර්ණ සිනමා ගතියක්. කොහොම වුණත්, අපි එච්චර නොහිතා ෆෑන් තියරි වලින් හදපු ෆෑන් බේස් වලට මාට්ටු වෙලා හිටිය්ස් නිසා මිසක්, විවෘත මනඩින් බැලුවා නම්, ආර්‍යා ගැන එයාලා මුල ඉඳන්ම හිතපු බව අපිට පෙන්න ඕනෙ.

අපි ෆෑන් තියරි වල එලඹගෙන අලුත් කතාවක් හදාගෙන ප්‍රොෆසි පස්සෙ දිව්ව එකට, නිර්මාණ කරුවන් මොනා කරන්නද? ඒත් දැන් අපි අසෝර් අහායි ප්‍රොෆසියට එමුකො. ඇත්තටම ආර්‍යා උපන් තැන ලුණු කඳුලු ලේ ගලන තරු තිබුණෙ නෑ. ඒත් ආර්‍යා ගෙ නියම උපත සිදුවුණ තැන නම් ඒවා තිබ්බා..ඒ නෙඩ් ගෙ මරණය වුණු තැන. කොහොම වුණත් මං පෙර රස විඳුමෙ කිව් විදිහට, අපි පොතේ අහපු දැකපු ප්‍රොෆසි එක්ක ආර්‍යා ගැලපෙන්නෙ නෑ. ඒ කියන්නෙ, ආර්‍යා අසෝර් අහායි නෙවෙයි. ඒ කියන්නෙ ආර්‍යා නයිට් කිං ව විනාශ කළාට ඒක තාවකාලික එකක්ද? අන්න ඒ ප්‍රශ්නෙ තමයි දැන් මට තියෙන්නෙ. මේක ඇත්තටම නිකම් හිතලුවක්.

මට මොනම හේතුවක් නිසාවත් බ්‍රැන්ඩන් ස්ටාර්ක් ව දිරවන්නෙ නෑ. ඔහු කපුටන්ට වෝග් වෙලා හිටියා..ඔහුට මේ යුද්ධය වෙනුවෙන් කරන්න මුකුත්ම නැද්ද? ඔහු මෙතන good guy කෙනෙක්ද? නැත්තම් වෙන මොකක් හරි සැලැස්මක් ඔහුට තියෙනවා ද? ඔය ඔක්කොම ප්‍රශ්න අපිට තියෙනවා ..

මුලින්ම නයිට් කිං ට ඇන්නෙ, තියොන්. ඔහු බිඳී ගියා. ඔහු ජලයෙන් භෞතීස්ම වුණ කෙනෙක්. දෙවැනියාට නයිට් කිංට ඇන්නෙ ආර්‍යා, ඈ ඔය තත්වයට පත් වුණේ, සිංහයන් නිසා..ලැනිස්ටර් ලා නිසා, ලැනිස්ටර් ලා ළඟටනොයන්න ආර්‍යා තාමත් උතුරු දැරියක්, ආර්‍යා noone කෙනෙක් නෙවෙයි. එහෙම නම් යම් අයෙක් තුන් වෙනි වතාවට නටිට් කිං ව හරියට විනාශ කරයිද? මේවා ප්‍රෙඩික්ෂන් හෝ ෆෑන් තියරි නෙවෙයි. ෆැන්ටසිය තුළ හිතෙන හිතලු.

මට හිතෙනවා බ්‍රැන් හරහා නැවත නයිට් කිං ට ඉපදෙන්න පුළුවන් කියලා..ඒත් එච්චර කාලයක් නිර්මාණයට නැති නිසා ඒ ගැන දන්නෙ නෑ.. කොහොම හරි තාව කාලිකව හෝ සදා කාලයට නයිට් කිං ඉවරයි කියලා හිතමුකො.. ඊළඟට මොකද වෙන්නෙ?

මේ යුද්ධයෙන්, වින්ටර්ෆෙල් හැර සමස්ත උතුරෙම නායකයො මිය ගියා. නෙඩ් අම්බර්, ඇලිස් කාස්ටාර්ක්, ලියානා මෝමන්ට් ..අනෙක් උතුරු නිවාස ඔක්කොම මල මිනී වලට එක් වෙලා ඩෙඩ් ආමි එකත් එක්ක ආවා. දැන් උතුරට නිවාස නායකයො ඉන්න විදිහක් නෑ. වින්ටර්ෆෙල් වලට හේතුවක් නැතිවම දැන් උතුරේ සම්පූර්ණ බලය එනවා. වේල් වල බලය බේලිශ් මලාට පස්සෙ තියෙන්නෙ, සන්සා අතේ. ඔවුන් රොබින්ට කැමති නෑ. රිවර්ලෑන්ඩ් බලයත් අමුතුව්‍ර්න් සන්සාට , ආර්‍යා ට ගන්න දෙයක් නෑ. උරුමකාරයන් නැති නිසාත්, මවුපාර්ශවීය උරුමය නිසාත්, ඔවුන්ට එය අයිතිවාසිකම් කිව හැකි තැනක තිබෙනවා.

හැබැයි සර්සි එක්ක යුද්ධය නම් මේ කට්ටියට ලේසි නෑ. සර්සි හිතුව විදිහටම දැන් ඩැනී ජොන් පිළේ හමුදා විනාශ වෙලා බරපතල ලෙස. සර්සි ගෝල්ඩන් ආමි එකෙන් තවත් ශක්තිමත් වෙලා…ඉතින් ඩ්‍රැගන්ලා දෙන්නෙක් තාමත්, ඉන්න නිසා ඩැනීට පොඩි වාසියක් තියෙනවා.ඒත්, එහෙම කළොත් නම් කින්ග්ස්ලෑන්ඩිං අලු වෙලා යාවි. බලමු ඉස්සරහට මක් වෙයිද කියලා..

ඔබේ අදහස් සමඟ මගේ සත දෙක

හුඟ දෙනෙක් ට නයිට් කිං ඒ විදිහට මැරිච්ච එක දුකයි. දුෂ්ටයා අතින්, වීරයා ගුටිකාලා කාලා කෙල්ලගෙන් බේත් දාගෙන ඇවිත්, ආයෙමත් ගුටිකාලා මැරෙන්නෙ, බොළඳ කතා වල, හරි මොළෙන් ගේම ගැහුවොත්, චෙක් මේට් කරන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ. හැබැයි ඒකට නියම ඉත්තා නියම තැන ප්ලේස් වෙන්න ඕනෙ. මිනිහෙක්ගෙ ලොකු පොඩි කම ශරීර ප්‍රමාණෙන් මනින්න බෑ. හිතේ ශක්තියට හා නිර්භීත කමට ගොඩක් දේ කළ හැකියි.

ආර්‍යා පුංචි බව ඇත්ත. ඒ ත් ඇගේ වීරත්වය හා උපක්‍රමශීලී බව යම් දිනක ඈ සිංහාසනේට ගෙනිච්චත් මං පුදුම වෙන්නෙ නෑ..

බ්‍රැන් රේවන් ලා යවලා හැමෝවම ගොනාට අන්දලා නයිට් කිං ට පාර පෙන්නුවා කියලාමයි මට හිතෙන්නෙ. මට නම් බ්‍රැන් සැකයි. ශාන්ත කම ම සැකයි.

ජෝන්ව නයිට් කිං හැම වෙලේම අතෑරියෙ, ජොන් කෙරෙහි, නයිට් කිං ගෙ යම් හැඟීමක් තියෙන නිසා..ඔහු හැම වෙලාවෙම හදන්නෙ ජොන් ව මඟ හරින්න. ඒකට හේතුව ජොන් එක්ක යම් නෑ කමක් ඔහුට තියෙනවා ..ඔහු කවුරු වුණත්.. මෙයට පිළිතුරු නැතිව නයිට් කිං මිය ගිය එක ප්‍රශ්නයක් වුණත්, බ්‍රැන්ගෙ ක්‍රියා නිසා මට හිතෙන්නෙම මේ චක්‍රය අවසාන නෑ කියලා. නයිට් කිං ගෙ අරමුණ, ත්‍රී අයි රේවන්ගෙ මතකය. ඒ මතකය අලුත් කෙනෙක්ට පවරන්න පෙර විනාශ කළොත් විතරයි, නයිට් කිං ට සදා කාලික ජීවනය ලැබෙන්නෙ. ඒ කියන්නෙ giver නැති කළාම, මතකය නැති, සෝම්බිලා වගේ මිනිස්සු ඔහුට පාලනය කළ හැකියි. ඒක තමා බ්‍රැන් කියන හේතුව. ඒත් මට ඒක සැකයි. මං ඉස්සරහ කොටස් තුන ගැන අපේක්ෂාවෙන් ඉන්නෙ.

නයිට් කිං ටාගේරියන් සම්බන්ධ කමක් තියෙනවා ඇති, නොපිළිස්සෙන වෙන හේතුවක් නම් නෑ නේද? කොහොම වුණත් ආර්‍යා එතනට ආවෙ සූක්ෂ්ම ලෙසින් වගේම වේගයෙන්, ඒ නිසා කාටවත් හිතාගන්න බැරි වෙන්න ඇති. ජෝන් වුණත්, මකරගෙ ගින්නට පිළිස්සුම් ගත් බවක් මං දැක්කෙ නෑ..

මං හිතන්නෙ ප්‍රශ්න ගොඩකට පිළිතුරු මේ රසවින්දනය තුළ තියෙන්න ඕනෙ. පරණ ලිපි වල තිබ්බ ඒවා එකක්වත් නොකියවා එකම දේ නැවත අහන්න එපා ඉතිං..ඔයාගෙ දේවල් වලට පිළිතුරක් නැත්තං ඒකට එකම හේතුව..කලින් එය කියා තිබීම.

අන්තිමේදි කියන්නෙ මෙච්චරයි.. හොඳ රසවින්දකයෙක් කවමදාවත්, නිර්මාණ දෙකක් කම්පෙයාර් කරන්නෙ නෑ. ඒක අසාධාරණයි. වෙනස් වෙනස් ආනුභූතින් වලින් හැදුණු, වෙනස් වෙනස් කාල පරාස වල හැදුණු නිර්මාණ දෙකක් සංසදනය කිරීම මෝඩ වැඩක්. ප්‍රොෆසි ඔලුවෙ පටවාගෙන ඒවායෙන් තියරි හදාගෙන, තමන්ගෙ තියරි ඉටු නොවුණාට කේන්ති ගන්නෙපා..කේන්දර කාරයො හැම කාලෙම කියන්නෙ බොරු..හරි දැන් අපේ රටේ කියන අනාවැකි හරියනවාද? නෑනෙ.. ඒවගේ තමා.. මේ මං දැකපු හොඳම එපියක්..

 

එහෙනම් තවත් ලිපියකින් හමු වෙමු. ස්තූතියි.
නෙරංජි සුලක්ඛනා (57 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

නෙරංජි සුලක්ඛනා has 57 posts and counting. See all posts by නෙරංජි සුලක්ඛනා

17 thoughts on “Season 08 Episode 03 – | Hard Review | නිම් නොවූ නිශාව

  • May 7, 2019 at 11:06 AM
    Permalink

    samge babawa night king salakunu kala,e nisa matath hithenne night king nathi unath passe kaleka ayama night king kenek ei kyala

  • May 4, 2019 at 9:13 AM
    Permalink

    @ගයාන්
    ටිරියන් ඒ හෑන්ඩ් ඔෆ් ද ක්වීන් බැජ් එක ගලවගන්නෙ ඒ වෙලාවෙ වෙපන් එකක් විදියට, හිනා යනව තමයි 😛 ඒත් ටිරියින් කියන්නෙ ශීල්ඩ් එකකිනුත් මිනී මරපු පොරක්.

    @kassa
    ගෝස්ට් මැරිල නෑ, trailer එකේ ඉන්නො 0:)

    @Dammika Bandara
    සන්ස විතරක් true born වෙන්නෙ දැන් අනිත් අය වෙන අය වෙලා නිසා, බ්‍රෑන් ත්‍රී අයි රේවන් වෙලා, ආර්යා ෆේස්ලස් වෙලා. ජෝනුත් ටාගේරියන් උරුමක්කාරයෙක්, ස්ටාක් බාස්ටඩ් කෙනෙක් නෙමෙයිනෙ දැන් 😮

    [ ඔන්න අක්කට පොඩි පොඩි පස්න වලට උත්තර දෙන්න වෙලාවක් නැති නිසා මං දන්න විදියට උත්තර ටිකක් දැම්ම :-B ]

  • May 3, 2019 at 10:18 PM
    Permalink

    මට හිතෙනවා knight king මැරුණට ඔහුගේ ගේ පරම්පරාව ඉවර නැතුව ඇති කියල. මට මතක විදිහට s4 එකේ අන්තිම episode 7එකේ දී , knight king පොඩි ළමයකුට යමක් සිද්ධ කරනවා. එතන සිද්ධ වෙන්නේ හරියට knight king තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙනයන්න උරුමක්කාරයකු හදනවා වගේ වැඩක්. children of forests la අතින් knight king බිහිවෙන්නෙත් එම මිනිසා පන පිටින් ඉන්නකොට..ඒ වගේම අර පොඩි ළමයාගේ ඇස් දෙක නිල්පාට වෙන්නෙත් පණපිටින් ඉන්නකොට.ඉති මට හිතෙනවා ඒ knight king ගේ දරුවෙක් කියලා..

  • May 2, 2019 at 4:02 PM
    Permalink

    ආර්යාට ඩැගර් එක දෙන්නෙ බ්‍රෑන්.. මට නං හිතෙන්නෙ නයිට් කිංග් ගේ අවසානය වෙන්න ඔනෙ විදිය තීරණය කලේ බ්‍රෑන් කියල..
    අතීතෙට ගිහිල්ල බ්‍රෑන් ම තමා නයිට් කිංග් ව හදන්න ඇත්තෙ කියලත් හිතෙනව..

  • May 1, 2019 at 9:41 PM
    Permalink

    Thanx review ekata….
    reed family ekata mokada vune…. ghost merunada…
    preview eka genath monava hari kiyanna….
    tease aftermath kiyala apu video eka mokadda…

  • May 1, 2019 at 7:43 PM
    Permalink

    Kohoma unath night king jon akka satanakata anne naha athana prashnayak thiyanawa neda. Ai night king hama welema jon wa maga arinne.

  • May 1, 2019 at 7:36 PM
    Permalink

    බෑන්ව මරන්න කඩුව ගන්න කලින් නයිට්කින්ගෙ මූණෙ අමුතු මොංගල් මූඩ් එකක් නෝට් උනේ නැද්ද? ඩ්‍රොගොන්ගෙ ගින්නෙන් පිච්චුනේ නැතිඋනාම තග් හිනාවක් දාපු කෙනා, අච්චර අවුල් වෙන්න හේතුවක් ඇතිනෙ.

    (අනික ප්‍රොෆසි ඔලුවෙ පටවගන්න එපා කියන්න අයිතියක් නෑ අක්කට 😀 අක්කමයි අසොර් අහායි තියරිය tv series එකේ ලොකුවට කතා වෙලත් නැතුව වෙනම ලිපි හිටන් ලියල අපේ ඔලුවට දැම්මෙ 😛 දැන් අපි ඒ තියරිය බිමින් තියාගන්න බැරුව ඉන්නෙ o_O

    ආර්යගෙ ඩැගර් එකද එහෙම උනොත් ලයිට්බ්‍රින්ගර් වෙන්නෙ :O
    සමහරවිට ඒක රේගාර්ට අයිතිවෙලා තිබිල එයා ඒක බේලිෂ්ට දෙන්න ඇති දවසක ජෝන්ට දෙන්න කියල, මොකද බේලිෂ් ජෝන් ගැන දැනගෙන හිටිය කියල අක්කම කොහෙදි හරි කිව්ව මතකයි, අනික බේලිෂ් චාටුවෙන් කට්ටියව නම්මගන්න දස්සයනෙ, රේගාරුත් අහුවෙන්න ඇති.

  • May 1, 2019 at 7:03 PM
    Permalink

    ලිපියට බොහොම ස්තූතියි…

  • May 1, 2019 at 4:52 PM
    Permalink

    ක්‍රිප්ට් එකේදි ටිරියන් hand of the queen පලඳනාව ගලවනව සන්සා ඩ්‍රැගන් ග්ලාස් කිනිස්ස අතට ගත්ත වෙලවේ. එකෙ තේරුම ටිරියන් අන්තිම මොහොතෙ ඩැනේරිස්ව අතැරල සන්සව තෝරගත්ත කියන එකද?

  • May 1, 2019 at 10:17 AM
    Permalink

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා සන්සා විතරක් true born වෙන්නේ කොහොමද?

  • May 1, 2019 at 2:03 AM
    Permalink

    kalin night king merunama wena kenek night king una kiyalane kiyanne.meparath wenne eka,ethana inna kenek anthimata night king wenawa.meke iwarayak ne

  • April 30, 2019 at 10:00 PM
    Permalink

    ඇත්තටම බ්‍රෑන් මොකද කලේ කියන එක හෙන ප්‍රශ්නෙනේ. අපි දැක්කේ මොකුත්ම කලේ නෑ වගේ නේ?අපි කලින් එපිය බලනකොට, ප්ලෑන් එක සෙටල් කරගත්තේ බ්‍රෑන් ක්‍රිප්‍ට් එකට නොයා ඉන්නනේ. මේ එපිය පටන් ඇරගෙන ටික දුරක් යනකල් පට්ට බෝරින් උනා එක විදිහකට. මං කියන්නේ රෙඩ් වුමන් කතාව ඇරුනම අපි ගොඩක් දැක්කේ ජීවත් වෙන්න තීරණය කරපු උදවියගේ එක්තරා පරාජයක්, මේ අතර තුරේ බ්‍රෑන් වොග් යස්සාවේසේ අරගෙන කපුටෝ ටිකක් යවනවා කුණාටුව මැද්දෙන්. ඊට පස්සේ තමා අපේ මේ කතා අංගේ ප්‍රධාන චරිතයක් උන අයිවිස් ආරච්චිලාගේ නයිට් කිං උත්තමයා සැපත්වෙන්නේ. මං හිතන්නේ අපේ ජෝන් ඩැනී ප්‍රමුක හමුදාවේ ප්ලෑන සක්සස් කරන්න බ්‍රෑන් මෙච්චර වෙලා කරලියේ නොහිටපු .නයිට් කිං තමං ගාවට ගෙන්න ගන්නවා. වොග් කෙනෙක් නිසාත් .නයිට් කිං බ්‍රෑන්ව මාක් කරපු නිසාත් බ්‍රෑන්ව හොයාගෙන එන්න ඇති . අන්තිමට මෙච්චර ඉක්මනට බලාපොරොත්තු නොවුන නයිට් කිං වස්න්තය අකල් කුකුසකින් නිමා උනා ක්ෘතුහලය කාවද්දන ගමන්.

    සැ.යු මේක මගේ ඔලුවට ආපු නිකන්ම අදහසක් විතරයි

  • April 30, 2019 at 7:04 PM
    Permalink

    ආර්‍යා සන්සාට දුන්නෙ ඩ්‍රැගන් ග්ලාස් නිකම් පිහියක් වගේ ආයුධයක්. ඇගේ හිතේ බය අඩු කරන්න.

    මට නම් ඒ වැඩේට හිතාගන්න පුළුවන් එකම කෙනා සෑම් විතරයි ..චතුරංග

  • April 30, 2019 at 6:31 PM
    Permalink

    thanks hode hamadamath wage supiri lipiyak denawata. golden company eke jonta ekathu wena ekak nathi weida,jon gawa thiyana kaduwa blackfire eka unoth.oya kaduwatama trailer ekak ahu nisa wenna ida thiyanawaneda

  • April 30, 2019 at 5:32 PM
    Permalink

    අක්කා කියලා තියෙන කතාව සම්පූර්ණයෙන් ඇත්ත, මොකද ෆෑන් තියරි හදාගෙන ඔලුව උදුම්මවගෙන දගලන ෆෑන්ලා නිර්මාණාත්මක මේ දිහා බලලා නෑ කියලා හොදට තේරෙනවා. මටත් කියන්න තියෙන්නේ මාත් මේ ගොට් එපි ඔක්කමගෙන්ම දැකපු සුපිරිම එපියක් තමා මේක කියලා. එහෙනම් අක්කේ රිවීව් එකට බොහොම තුති…. හුගක් ප්‍රයෝජනවත් වෙනවා මේවා ඇත්තෙන්ම… එහෙනම් දිගටම ලියන්න ශක්තිය දැනුම ලැබෙන්න කියලා පතනවා. ජය වේවා…!!

  • April 30, 2019 at 5:18 PM
    Permalink

    මම කලින් එකට දැම්මා මම දන්නේ නැති දෙයක් ගැන…
    ආර්යා සන්සාට දුන්නේ මොකක්ද කියලා අහලා…
    මට ඇත්තටම ඒ ගැන අවබෝධයක් නෑ…

    තව මම ඇහුවා බ්‍රෑන් ගේ මතකය දෙන්ට පුලුවන් කවුරු හරි ඉන්නවාද කියලා…

  • April 30, 2019 at 5:07 PM
    Permalink

    කලින් එපි දෙකේ නැති උනාට මේ සැරේ නම් සුපිරියටම Review එක තියෙනවා.
    Thank You.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!