GoT Season 08 Episode 01 Hard Review

#Forthethrone #got #gameofthrone #hbo #baiscopelk #Season8 #Epi01 #GOT08


ඉතින් කොහොමද ඔයාට? තව දවස් තුනකින් ආයෙත් ඔයාට Game of Throne 2nd Episode එක බලන්න ලැබෙනවා. ගොඩක් ඔයා excite වෙලා නේද ඉන්නෙ? හරි..එහෙනම් අපි hard review එකට යමු.

හිතුවාට වඩා බලාපොරොත්තු සුන් කරපු පළවෙනි epi එක හමුවීම් වලට, තැන දුන්නා වැඩියි කියලා තමයි ගොඩක් දෙනා කිව්වෙ. ඒත්, ඒවා සියල්ලම නොපෙන්නා ඉන්න පුළුවන් කමක් තිබ්බෙත් නෑ. ඒ හමුවීම් වලට තිබ්බ උනන්දුවෙ හැටියට.

හුඟක් අය මේ වෙද්දිත් දන්නවා.පළමු කතා මාලාවෙ පළමුවැනි කාතාංගය එක්ක ලොකු සම්බන්ධයක්, අවසාන කතා මාලාවෙ පළමු කතාංගය දැක්වුවා කියලා. එය වුවමනාවෙන්ම කළ බවයි, අධ්‍යක්ෂකවරු කිව්වෙ. කොහොම වුණත්, එහි දීප්තියක් තිබ්බෙ නැතිවම නොවෙයි.

ඒත් රොබට් බ්‍රැතියන් උතුරට එන යුගය හා අද ඩැනේරිස් ටාගේරියන් උතුර ට එන යුගය අතර ලොකු වෙනසක් තියෙනවා. දේශපාලනිකව මෙන්ම සොබා දහම අතින් පවා, උතුර වෙනස් වෙලා. සීතල දරුණු ලෙස උතුර වෙලා ගෙන. එදා රොබට් බ්‍රැතියන් එක්ක ආවෙ ආරක්ෂකයො පමණයි..ඔවුන්ට නෙඩ් සහ කැටලින් ප්‍රමුඛ උතුර සූදානම් වුණ හැටි ඔබට මතකද? අද සන්සා ස්ටාර්ක් ට උතුරට ලැබුණෙ හැටපන්දාහක් විතර ආමි එකක් සහ මකරු දෙන්නෙක්. ඒ වාගේම එදාට වඩා කෑම සපයා ගැනීමට අපහසු ශීතලකට ඔවුන් මුහුණ දෙමින් ඉන්නවා. ආරක්ෂාව එදාට වඩා අවශ්‍ය කාල පසුබිමක් ඔවුන්ට තිබෙනවා. ඒ හැමදේටම වඩා, මේ හැටපන්දාහකට අධික පිරිස කවදාවත් ශීතල මුහුණ දුන් අය නෙවෙයි. එතැනදි සෞඛ්‍ය ගැටලු පැන නගිනවා. ඔබට ස්ටැනිස්ට වුණු දේ මතකයි කියා හිතනවා. ස්ටැනිස් ගෙ හමුදාවන් මිය ගියෙ, ශීතල දරා ගත නොහැකිව. අනික ශීතයේ හිටපු අශ්වයො වගේ නෙවෙයි, අලුතින් ගෙනා අශ්වයො.උන්ට ටික කලක් යන තුරු පරිසරය අවබෝධ වෙන්නෙ නෑ. දැන් ඔබට තේරෙනවාද මේ යුද්ධයේදි ජොන් ට තිබෙන අභියෝගය?

රිකාර්ඩ් ස්ටාර්ක් නම් උතුරු පාලකයා, සහ ඔහුගෙන් පසු උතුරේ පාලකයා වෙන්න සිටි බ්‍රැන්ඩන් ස්ටාර්ක් කියන දෙන්නාම මරා දැමුවෙ, ඒරිස් ටාගේරියන් හෙවත් මෑඩ් කිං .මේ අතීතය වසර විසිපහයි. නිකනුත් North Remembers කියන්ස් උතුරට මේ සිදුවීම අමතක වෙන්න, එක යුගයක් වත් ගිහින් නෑ තාම. උතුරේ ජීවත් වෙන අවුරුදු 30ට වැඩි අය කවුරුත්, මේ සිද්ධිය ඇසින් දැක්කා වගේ දන්නවා. ඉතින් පොදු සතුරෙක් වෙනුවෙන් වත් මේ ආගන්තුක ටාගේරියන් නම දරණ රැජිණව විශ්වාස කරන්න, ඇයට පක්ෂ පාති වෙන්න ඔවුන් උත්සාහ කරන්නෙ නැහැ. උතුර අගන්තුක මිනිස්සුන්ට හරි අකමැතියි. First Men සහ Children සුසංයෝගයෙන් හැදුණු මේ මිනිස්සු, අනාදිමත් කාලෙක ඉඳලා, එක්තරා ගුප්ත විදිහකට ජීවත් වෙන්නෙ, ඔවුන්ගෙම වටිනාකම් එක්ක..

අපි දුටුවා, ආර්‍ය සැමටම පෙර ජොන් ව දකින්න වින්ටර්ෆෙල් බලකොටුවෙන් එළියට ගිහින් ඉන්න හැටි. ඒත් ජොන් ආර්‍යාව දැක්කෙ නෑ. ඇයි ඒ? ඈ සිටියෙ සාමාන්‍ය සෙනඟ අතර. කොටින්ම ගෙන්ඩ්‍රි ට පවා ඈව මඟහැරුණා. වෙනදා කට්ටියටම ඉහළින් ගිහින් දේවල් දකින ඈ කට්ටියම මැද්දෙ, නොපෙනී තමන්ට වුවමනා අය වුවමනා හැටියට දැක බලා ගත්තා.

ආර්‍යාගෙයි ජොන් ගෙයි හමුවීම හුඟක් අයට Disappointment එකක් ගෙනාවෙ ඔන්න ඔතනින්. ආර්‍යා ජොන්ව පුදුම කළා සන්සා ගෙ පැත්ත ආරක්ෂා කරලා. යම් දවසක ජොන් සන්සා දෙපැත්තක් වුණොත්, පවුල වෙනුව්‍ර්න්, සන්සා වෙනුවෙන් ආර්‍යාව්පෙනී හිටින බවත්, ජොන් ව සන්සා තරමට ඈට නොවටින බවත් දැන් ජොන් දන්නවා. ඒක ජොන්ගෙ moods හොඳින් පෙන්නුවා..ආර්‍යා ඔහුව සිප වැළදගත් අවසාන දෙබසෙදි.

“අමතක කරන්න එපා, ඔබ පවුලෙ කෙනෙක් බව.”

ඔබට මං මෙතැනදි තව දෙයක් මතක් කරනවා. වෙයිෆ් ආර්‍යා ව මුල් කාලයෙ පුහුණු කරද්දි, ඇගෙ පවුලෙ විස්තර අහනවා. ආර්‍යා කියන්නෙ, ඈට සොහොයුරෝ සිව් දෙනෙකුත්, එක් සොයුරියකත් සිටින බව.ඒත් වෙයිෆ් ඇයට දිගින් දිගටම පහර දෙනවා ඈ බොරු කියනවා කියලා. ඒත් ආර්‍යා දිගින් දිගටම තමාට සොහොයුරෝ හතරක් සහ එක් සොහොයුරියක ඉන්න බවයි කියන්නෙ. වෙයිෆ් ඒත් පහර දීම නවත්වන්නෙම නෑ.. අවසානෙ ආර්‍යා ට ඈ කියනවා ඈ කියන දේ වැරදි බව..අවසානෙ වෙයිෆ් පහර දීම නවත්වන්නෙ, ජොන් අඩ සොහොයුරෙක් බව පිළිගැනීමෙන්.

කොහොම වුණිත්, අර්‍යා සහ ජෝන් අතර හමුවීම gods wood වලදි වීමත් තීරණාත්මක දෙයක්. බ්‍රැන් සහ ආර්‍යා හමු වුණෙත් එතැනදි. මට අනුව මේ කතාව තුළ වඩාත්ම වැදගත් දෙන්නා, බ්‍රැන් සහ ජොන්.

/ ක්‍රෙඩිට් පිළිවෙළට රැවටෙන්න එපා. ( ඒ ගෙවන වටිනාකම සහ ප්‍රවීනත්වයේ අනුපිළිවෙල) /

ඉතින් බ්‍රැන් සහ ජොන් දෙන්න වගේම ආර්‍යා ත් පොතේදි නම්, සතුන් හරහා යම් යම් දේවල් දැකපු අය. ඉතින්, මේ සතුන් සමබන්ධ දේට gods wood වල ගසත් සම්බන්ධ නිසා, එහි යම් විශේෂයක් තිබෙනවා. අනික ආර්‍යා නීඩ්ල් කඩුව ජොන් ට පෙන්නලා, ජොන් වැලේරියන් ලෝන්ග් ක්ලොව් එක පෙන්නලා ජෙලස් ද අහද්දි, ඇයි වැලේරියන් ඩැගර් එක ඈ ජොන් ට නොපෙන්නුවෙ කියලා කුකුසක් නම් තියෙනවා. පුදුමෙ කියන්නෙ, ඈ ඒක ගෙන්ඩ්‍රිට පෙන්නුවා..

ආර්‍යා හදන්න දුන්න ආයුධය ගැන ප්‍රශ්න හුඟක් අහපු අයත් හිටපු නිසා, මං කැමතියි ඒ ගැනත් කියන්න. ඈ ඇඳලා දුන්නු කොළයෙ හැටියට, එය දෙකට කඩන්න පුළුවන් හෙල්ලක් වගේ දෙයක්. මීට කලින් දැකපු කඩුවක් හෝ කිණිස්සක් හෝ, දුනු හී ආදියෙන් වෙනස් මේක. ආර්‍යා තව දුරටත්, ඇගේ නීඩ්ල්ට ඩ්‍රැගන් ග්ලාස් දාලා හදන්න කැමති නෑ. නමුත් ඇගේ ශරීරෙ හැරියට, ඉස්සර සිරියො ෆොරෙල් කියනවා වගේ ඈට වෝටර් ඩාන්ස් වගේ ආයුධය සමඟ අත සැහැල්ලු කරගන්න ඕනෙ නම්, අවශ්‍ය වෙන්නෙ නිඩ්ල් වගේ ආයුධයක්. ඈ කඩුවට වඩා noone කෙනෙක් ලෙස ප්‍රැක්ටිස් වුණේ..රිටි වලින්. මං හිතන්නෙ ඈ හදවන්නෙ දෙපැත්තෙන්ම ඩ්‍රැගන් ග්ලාස් තල දමපු රිටක් වගේ දෙයක්. හැබැයි එය මැද්දෙන් ගලවන්න පුළුවන් වෙන්න හදන්නෙ.මැදටත් ඩ්‍රැගන් ග්ලාස් දාලා. එතකොට සතුරා අනපේක්ෂිත ලෙස ආයුධය වෙනස් කිරීමෙන් බය කරන්නත් පුළුවන්.

සන්සා පොලිටිකල් ගේම් එක ඉතස්ම හොඳින් සෙල්ලම් කරනවා. ඈ ඩැනේරිස් ගැන තකන්නෙ, අනෙක් උතුරු වැසියන් සේම සැකෙන්. එතැනදි ඈ සාධාරණයි. ඈ දන්න ඉතිහාසෙදි, ටාගේරියන් වරු නිසා ස්ටාර්ක් වරුන්ට ලැබුණෙ අහිමිවීම් පමණයි. ජොන් කියන්නෙ සන්සා සතු හිමිකමක්. මෙතැනදි ජොන් ව නැති වෙයි කියන බිය ඇතුළෙ ආපු පොඩි kitchen politics එකක් තමයි, වැඩිපුරම සන්සා සහ ඩැනේරිස් අතර තියෙන්නෙ. ඒත්, සන්සා ගෙ මෙහෙයුම් සහ පාලනය නායකයෙක් ලෙස ඩැනීට වඩා මහ ඉහළින් පේනවා උතුර තුළ. වේල්ස් වරු පවා, දැන් ඕඩර් ගන්නෙ සන්සා ගෙන්. ඔවුන් අර පුංචි කොල්ලා ‍රොබින් ඇරන් ඉතාම දුර්වල බව පිළි අරන් ඉවරයි. ඩැනේරිස් ගෙ බල කාමය සහ අනෙකා තමා යටතේම සිටිය යුතුයි කියන අධික Domination ගතිය නිසාම ඈට සන්සා තරම් දක්ෂ ලෙස පාලනය කරන්න බැරි වෙයි.

බ්‍රැන්, ගැන කතා කළොත්, පළවෙනි එපිය තුළ ඔහු සිටි, රාමුව හරිම ගුප්තයි. එහි ශාන්ත බවක් තිබ්බා කියල තරිඳු විශ්වනාත් කිව්වා. ඔහුගේ විචාරෙදි. නමුත් මට එය දිගින් දිගටම බලද්දි පෙනුණේ, එහි විශාල සැලැස්මකට අදාළ දෙයක් එක්ක ද්වේෂයක් තියෙනව කියලා. අපි හිතන තරම්, බ්‍රැන් සර්ව සාධාරණ ශාන්ත mode එක play කරයි කියලා මට හිතෙන්නෙම නෑ.

බ්‍රැන් ඩැනීගෙ විගඩං වලට නම් කැමති නෑ… ඒ වගේම ඩැනී ගැන සෑම් අවුල් ගත්ත වෙලේම ( රැන්ඩෙල් , ඩිකොන් මරණය පැවසීමෙන්) ජොන් වෙත යැව්වෙත්, ඩැනී ගැන යම් අප්‍රසාදයක් ජොන් තුළ ඇති කරන්න පියවරක් එක්කම, ඔහුට අයත් රජ උරුමය ගැන පැවසීමත් එකටම කරන්න. ජොන් ගෙ උරුමයට ඩැනී බාධාවක් වුණොත්, අනිවාර්යයෙන්ම සෑම් මේ කාරණය ප්‍රසිද්ධ කරන තැනට පාර බ්‍රැන් හැදුවෙ, ඩැනීගෙ සහ සෑම් ගෙ පළමු හමුවේ අවුල ම යොදාගෙන.

දැන් නයිට් කිං ලාස්ට් හාර්ත් පහු කරලා ඉවරයි. ඔහු අනෙක් නිවාස වල ඉතුරු බිතුරු ඉවර කරලා ම වින්ටර්ෆෙල් එයිද? නැත්තම් කෙලින්ම රජුන්ගේ මාවත එනම් kings’ road දිගේ එයිද කියල කියන්න අමාරුයි. ඒත්, ඉන්ට්‍රොවෙ හැටියට නම් ඒකයි පාර. එඩ්, බෙරික් සහ ටෝමුන්ඩ් ඉන්නෙ ඩෙඩ් ආමි එකට පස්සෙන්.. ඔවුන් දකින නයිට් කිං ඉතිරි කල සිම්බල් එකත් තවමත් හරියටම තහවුරු නොවූ සංකේතයක්. හැබැයි ඒ ටාගේරියන් සංකේතය නම් වෙන්න බෑ.

බ්‍රැන් හමු වෙන්න සිටි පැරණි මිතුරා ජේමි කියලා කතාංගය අවසානෙ අපි දැක්කනෙ. ඇත්තටම ජේමි ගෙ පැමිණීම බ්‍රැන්ට විශේෂ වුණේ තමන් ගෙ අබ්බගාත බවට වග කිව යුත්තා නිසා පමණද? බොහෝ දේවල් වලට ජේමි වග කිව යුතුයි. ඒ බව ඇත්ත..ඒත් දැන් ජේමි හුඟක් මානසිකව හැදුණු කෙනෙක්. අපි බලමු..බ්‍රැන් හරියටම කවුද කියලා බලාගන්නත් ජේමි අපිට තුරුම්පුවක්. ජේමි ගෙ චරිතෙ වැදගත් කම ගැන, මං 2017 දි ලිව්වා.

මේ ලිපිය අවසානයේ කියන්න තියෙන්නෙ, මේ රෝදය බොහොම ව්‍යාකුලයි. පෙනෙන්නෙ අතීතය නැවත නැවත , පුංචි පුංචි වෙනස්කම් ඇතුව හෝ නැතිව සිද්ධ වෙනවා. එහෙම නැත්තම්, මේ අතීතය, වර්තමානය හා අනාගතය ඔක්කොම පැටලිලාද කියලා.

එ ගැන ලියන්නත් ආසයි. අද හෙටම ලියන්නම්. ඊට කලින් දෙවැනි එපියට අදාළ ටේලරේ ගැන කියන්නම්. එහෙනම් ස්තූතියි..නේ දිරිගැන්වීම් වලට..ලිපිය හදන්නෙ ..තිසර.. මට හුඟක් තොරතුරු දෙන යාලුවො ඉන්නවා.. ඒ අයගෙ බම් ලියන්න ගියොත් පෝස්ට් එකක් තරම්. තව දුරටත් රොයිලි අයියා මහන්සි වෙලා හදන සබ් ගැනත් සිහි කරනවා. ඒ ගැන දවසක ලියන්න රස කතාවක් තියෙනවා..

ගිහින් එන්නම්..

නෙරංජි සුලක්ඛනා (57 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

නෙරංජි සුලක්ඛනා has 57 posts and counting. See all posts by නෙරංජි සුලක්ඛනා

8 thoughts on “GoT Season 08 Episode 01 Hard Review

  • April 22, 2019 at 6:14 PM
    Permalink

    අද තමා අක්කගෙ රිවීව් එකක් මුලින්ම කියෙව්වෙ, කට්ටියක් කමෙන්ට් කරල තිබ්බ ඔයා අපක්ෂපාතී නෑ කියල, මම කියන්නෙ ඒම වෙන්න ඕන නෑ. ඩැනී මැරෙන්න ඕන කෙනෙක්, සර්සි ජීවත් වුනත් කමක් නෑ ඒකි මැරෙන්න ඕන. ඔයාගෙ රිවීව් එක පට්ට, තාම එපිය බැලුවෙ නෑ, 2 එකත් එක්කම එක බලනව, දිගටම වැඩේ කරන්න. සුබ පතනවා. ජය වේවා

  • April 22, 2019 at 4:51 PM
    Permalink

    නියමයි අක්ක‌ේ. දෙවෙනි ඒපිය බලන්න අරගෙන තමයි ඔක්කොම ලිපි ටික කියවේවෙ.

  • April 22, 2019 at 2:49 PM
    Permalink

    Tnx sis.

  • April 22, 2019 at 10:38 AM
    Permalink

    Tharindu thama itin review walata vadda uuu kiana eka thama itin hariyannay.

  • April 20, 2019 at 1:54 PM
    Permalink

    ඩැනිට ජෝන් කියද්දී උතුරේ මිනිස්සුන්ගේ විස්වාසේ දිනාගන්න අමාරුයි කියල
    කට කොනින් කින්ඩි හිනාවක් දානවා
    ඒ එක්කම මකරු දෙන්න එනවා
    උතුරේ අය බය වෙනවා
    ඒක බාල ඩැනි හෙන තග් හිනාවක් දානවා
    ඩැනි හිතන්නෙම බයෙන් පාලනය කරන එක ගැන
    ඩැනිට හොඳ පාලකයෙක් වෙන්න බැහැ එයා ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියල දැන් හොදටම පෙන්වල ඉවරයි

    වයිට්ල අම්බර් කොලුවගෙන් පෙන්නපු සංකේතය සෑහෙන වැදගත් දෙයක් අනිවාර්යෙන්ම
    හෝඩොර් වගේ දෙයක් අනිවාර්යෙන්ම
    පලවෙනි එපියෙන්ම ඕක පෙන්නුවා
    අන්තිම සීසන් එකේ පලවෙනි එපියේත් ඒක පෙන්නුන්ව
    ඒවා නිකම් වෙන්න බෑ
    මට හිතෙන විදි දෙකක් තියෙනව ( තාරක එරන්ද අයිය දාල තිබ්බ එකට අමතරව)
    1. ඒ එන්නේ ත්‍රි අයි රේවන්/ නයිට් කිං වෙන බ්‍රන්ව හොයාගෙන
    2. ගිණි තියල මරපු එකෙන් පෙන්නුම් කරන්නෙ ඒ තමා මේ කරදරය අවසන් කරන්න තියෙන විදිය. ඒ කියන්නේ බ්‍රන්ව මරණ එක තමා ඕකට විසදුම. බ්‍රන් ත්‍රි අයි රේවන් වෙයිද එහෙම නැත්නම් නයිට් කිං වෙයිද කියන එක මොකක් උනත් අනිවාර්යෙන්ම බ්‍රන්ට මැරෙන්න වෙනවා. ඒ දේ වෙන්න පුළුවන්.

    ඒ හැර වෙන දෙයක් තාම කල්පනා උනෙම නැහැ ඒ සංකේතය ගැන

    එත් එක්කම ජෝන් ආර්යා හමුවේදී ආර්ය කියනවා ජෝන්ට පවුලේ අයව අමතක කරන්න එපා කියල
    ඒ එක්කම ජෝනුත් කියනවා මාත් පවුලේ කෙනෙක් තමයි කියල. අමතක කරන්න එපා. ජෝන් ආර්යා බැදීම වැඩි වෙනවා තීරණාත්මක මොහොතකදී. ආර්යා හදන්න දෙන වෙපන් එක ගැන කියල තියෙන කතාවට එකගයි.

    ඒ එක්කම බ්‍රන් ගැන කියන කතාවටත්. ඉස්සර කතාව දිවෙව්වේ බෙලිෂ්, දැන් ඒ තැන අරගෙන තියෙන්නේ බ්‍රන්. මිනිහ කරන දේවල් තමා කතාව පුරාවටම බලපෑම් කරන්නෙ දැන්. අනිවා ජෝන්ගේ ඇත්ත ජාතකත්වය කියන්න ඉක්මන් කෙරෙව්වේ බ්‍රන්ට ඕන කරන අවසානයට ජෝන්ව යොදාගන්න එක ඩැනි නිසා අවහිරයක් වෙන්න පුළුවන් නිසා විය හැකියි. ඒ හැර බ්‍රන්ට දැන් පලිගන්න අදහස් නැහැ මට තේරෙන විදියට. බ්‍රන් දැන් ඉන්නේ රහත් වෙලා වගේ බැදීම් කෙලෙස් රහිත සීන් එකක…

    ඊලග එපිය ගෑනු වලියක් අතරට පිතෘ ඝාතකයෙක් එන හැටි අම්මෝ ආතල් එකක් 😀

  • April 20, 2019 at 12:49 PM
    Permalink

    Happa lipiya

  • April 19, 2019 at 11:27 PM
    Permalink

    අපක්ෂපාතීව ඔබගේ review එක කරනවා නම් ගොඩක් හොඳයි. ඔබගේ deanerys ගැන තියෙන පවුද්ගලික අකමැත්ත ඔබගේ post වලින් ඉස්මතු වෙනවා. (අනික කවුද දන්නෙ deany සතුටු වෙයිද කියලා jhon , agon targeian උන එකට.) බලන්න tharindu vishwanath අපක්ෂපාතීව reviews කරන විදිය.

  • April 19, 2019 at 11:00 PM
    Permalink

    Don’t you get jealous with deanerys or her beuti. Several times,I seen it on your posts . she is a queen(a queen who had two dragons/ mother of dragons, large army and lot of flowers teams in the essos ) , so,she should be a proud one and she have many things to do so. Don’t forget that she was realised many slaves at Essos ( mother of merry ). She treat very well to her peoples and flowers than other kings and Queen in the GOT(like agon targerine/ jhon snow).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!