Season 08 1st Episode Questions and Answers

#Forthethrone #got #gameofthrone #hbo #baiscopelk #Season8 #Epi01 #GOT68


මුලින්ම කියන්න, ඕනෙ inbox එක පිරෙන්න ප්‍රශ්න. ඇමතිලාටවත් මෙච්චර ප්‍රශ්න නැතිව ඇති. මේ කතා මාලාවට හුඟක් අය දක්වන උනන්දුව හරිම ශෝක්. ඒත් මං අනතුරු ඇඟවීමක් කරනවා..සමහර දේවල් ඕනෑවට වඩා හිතන්නෙපා.. එතකොට අනවශ්‍ය හිරවීම් වෙනවා.

2016 හය වෙනි සීසන් එකේ ප්‍රාරම්භ ස්ටීල් පින්තූරෙක, ජොන් දොරටුවකින් යන පින්තූරයක් තිබ්බා. ඒ පින්තූරය දැකලා..ඒකෙන් ෆෑන් තියෙරි මහ ගොඩක් සතියක් පුරා හැදුණා. සමහරු කිව්වා, ඔහු නයිට් කිං හමුවෙන්න යනවා කියලා.තව අය කිව්වා ඒ යන්නෙ, ලොකු හාඩ් හෝම් වගේ ඇටෑක් එකකට කියලා.. වයිල්ඩ්ලිං අය එක්ක පහර දීමක් සැලසුම් කරන්න යනවා කිව්වා. මං එදා කිව්වා, ඔය යෝධයා යන්නෙ ඇඳුම් ටික පැක් කරං මෙහෙන් මාරු වෙන්න, වෙන්න ඇති..ලොකුවට හිතන්නෙපා කියලා.. අම්මෝ මට බැන්න තරමක්..මං ජොන් ව සුළුවට ගත්තා කියලා.. ඒත්, අන්තිමට වුණේ ඒක තමා. ඒ යකා එඩ් එක්ක ඇඳුම් පැක් කරන්න, උගෙ කාමරේ ට ගියා. ඒකයි මං කියන්නෙ සමහර දේවල් අනවශ්‍ය බරකින් හිතුවාම විචාර කිරීම, තේරුම් ගැනීම පැටලෙනවා කියලා. මං විචාරෙට කලිං ප්‍රශ්න වලට උත්තර දීලා ඉන්නම්..

වින්ටර්ෆෙල් වල මකර බිත්තර තියෙනවා ද?

ඒ ගැන කොහෙවත් කෙලින්ම සඳහනක් නැහැ. තිබ්බ වුණත්, මේ වෙලාවෙ ලොකු වටිනාකමක් නෑ. මොකද මේ වෙලාවෙ, උන්ට උපත දුන්නත්, ඔය පුංචි කටුස්සො තරම් මකර පැටියෙක්ට දෙන්නෙක්ට කරන්න පුළුවන් දෙයක් නෑ. හැබැයි ඉස්සරහට නම් වටීවි. හයි සෙප්ටන්ගෙ ඩයරිය, සහ බ්‍රැන්ගෙ විෂන් නිසා, රේගාර් ජොන් ගෙ පියා බව ඔප්පු කරන්න, දැන් මකර බිත්තර ඕනෙ වෙන්නෙත් නෑ. ඒ නිසා, මේ ගුවන් කාලෙ, ඒ වගේ දෙයක් පස්සෙන් යයි කියලා හිතෙන්නෙ නෑ.. ඒත් මකර බිත්තරයක් කියන්නෙ නම්, මේ වගේ අනපේක්ෂිත මොහොතක බලාපොරොත්තු කැඳවන්නක්. අපි බලමු. හමුවුණොත් වාසනාවක්.

නෙඩ් අම්බර් ගේ මිනියට පින් කරපු සංකේතය

අපි මේ සංකේතය නිතරම දැක්කා. මේ සංකේතය වැඩියෙන් ම හුරු ටාගේරියන් සංකේතයට කියලා පෙනුණෙ, නෙඩ් අම්බර් ව ගිනි තියපු වෙලාවෙ. ඒත්, ටාගේරියන් වරුන්ටත් වඩා මේ සංකේතය පරණයි. ඒක රවුමක් වටා වක්‍ර ඉරි 8ක් එක්ක තමයි හැදිලා තියෙන්නෙ. පැහැදිළිවම ඩ්‍රැගන්ස්ටෝන් හි ගල් ගුහාවෙ ඒක අපි දැක්කා. මේ සලකුණේ අරමුණ, ටිකක් සංකීර්ණයි..එක තැනකින් පටන් අරන් හැම තැනටම පැතිර යාම, බලය ව්‍යාප්තිය වගේ අර්ථයක් තිබෙන්නෙ.

අලුත් ඉන්ට්‍රො එක.

එහි තියෙන්නෙ නයිට් කිං ගෙ ගමන් මාර්ගය. පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙද්දි අපි දැක්කා ඔහු අම්බර් නිවාසෙට පහර දුන්නා. සන්සා නෙඩ් අම්බර් ව යැව්වා ඔබට මතක ඇති, සැපයුම් සහ සේනාව අරන් එන්න. ඒත් ඔවුන් එය සම්පූර්ණ කරගන්නට පෙර පහරදීමට ලක් වෙනවා.. නයිට් වොච් එකේ ඉඳලා කෙටි මගෙන් ආපු එඩ් ඇතුළු පිරිසට, බෙරික් ලා අම්බර් නිවාසෙදි හමුවෙනවා..ඔබ දැක්කානෙ, හරි..ඊළඟට ඉන්ට්‍රො එක අනුව පහරදීමට ලක් වෙන්න ඕනෙ වින්ටර්ෆෙල් .. ඒත් අම්බර් අයට හිමි last hearth සහ වින්ටර්ෆෙල් අතර තව නිවාස කීපයක් තිබෙනවා. හැබැයි කින්ග්ස් රෝඩ් එකේ නයිට් කිං එන බවක් තමයි පෙනෙන්න තියෙන්නෙ .. කොහොම වුණත් වින්ටර්ෆෙල් ඇතුළත මේ ඉන්ට්‍රො එකේ පෙන්වනවා..ක්‍රිප්ට් එක තුළින් මද දුරක් ගිහින්, ඊළඟට කින්ග්ස් රෝඩ් එකේ ම තවත් මරමස්ථානයක් වන ට්වින්ස් අපිට පේනවා. එතැනින් කින්ග්ස්ලෑන්ඩිං..සහ එම මාලිගය. ඒ මාලිගයෙ ව්‍යුහය අපිට පෙන්වන්නෙත් නිකමට නෙවෙයි. සෙප්ට් එකේ පඩි පෙළ, උමං මාර්ගය, ත්‍රෝන් එකේ යටින් දිවෙන උමඟ, මේ සියල්ලම ඉස්සරහට වැදගත් වේවි. එහි පෙන්වන පින්තූර කීපය නම්, කලින් පැහැදිළි කරලා තිබ්බා කීපදෙනෙක්ම.

ජේමි ගැන, මං 2017 සෑහෙන දිගු ලිපියක් ලිව්වා. කොහොම වුණත්, එයාගෙ චරිතෙ කීර්තිය උපයන මාර්ගය දිගේ දැන් ගමන් කරන්නෙ. ඒකට පෙර වැරදි බාධාවක් වෙයිද නොවෙයිද කියලා අපි බලමු. බ්‍රැන්ගෙ හැඟීම් ප්‍රකාශන තුළින් ඔහු හිතන තරම් ශාන්ත කෙනෙක් කියලා හිතෙන්නෙ නෑ. සර්සි ගැන කිව්වොත්,සිහසුන උදෙසා තිබෙන හැම තුරුම්පුවම භාවිතා කරාවි. මේ ගැන හාර්ඩ් රිවීව් එකේදි ලියන්නම්.

හවුස් ඔෆ් අන්ඩයින් ගැන ඉතාම හොඳ ලිපියකුත්, නයිට් කිං ගැන ලිපි අටෝරාසියකුත් පළවුණු එකේ මං ඒවා ගැන නැවත නැවත ලියන්නෙ නෑ.. searching බාර් එකක් තියෙන්නෙ ඔව්වාට.. හොයන්න කම්ම්මැලි වෙන්ඩ නරකයි.

මේ කතාව ෆැන්ටසි කතාවක්..ඒනිසායි මකරු ඉන්නෙ, වයිට් වෝකර්ස්ලා, ඩෙඩ් ආමි ඉන්නෙ, මැරිච්ච එකෙක්ට දවස් දෙකකට විතර පස්සෙ පණ එන්නෙ, මුණක් හම ගලවලා ඒක දැම්මාම කෙනාගෙ සිරුර මුහුණ සියල්ල ලැබෙන්නෙ. ඒවගේ කතා වලදි තාත්වික හැම දේම සියයට සීයක් බලන්නෙපා..

ඒ වගේම සිනමාව කියන්නෙ, කාලය සහ අවකාශය අතර ඕනෑම වෙලාවක රික්තයක් මතු කළ හැකි දෙයක්. එක සීසන් එකක දේවල් වෙච්චි, වේගෙන්ම, තව සීසන් එකක දේවල් වෙන්නෙ නෑ. ඉතින් මේ වගේ සියුම් දේ පස්සෙ එල්ලිලා කතාවෙ අවශ්‍ය ම තැන් මඟ හරවා ගන්නෙපා.

ඩැනී සමඟ ඩොත්‍රැකි හමුදාව හා අන්සලීඩ් හමුදාව ආවා. අන්සලීඩ් භටයො 13000ක් හිටියා. නුපුහුණු අය නැතිව. ඩැනී ඔක්කොම ගත්ත නිසා යුද්ධ වලින් විනාශ වෙච්චි අයත් අතෑරියොත්, 10000 ක් වත් ඇති. ඩොත්‍රැකි දළ වශයෙන් 40000 විතර සේනාවක් ඉන්නවා. එයාලාගෙන් 35000ක් වගේ සවයිව් වුණා නම්, ඔක්කොම 45000 ක විතර සේනාවක් ඉන්නවා..

උතුරු හමුදාවත් වේල්ස් අය සමඟ 25000 වගේ ඇති. මොකද බාස්ටර්ඩ් යුද්ධය හුඟක් අය නැති කළා.හැබැයි..එතනදි සහය නොදුන් අයගෙන් දැනට කාස්ටාක් ඉන්නවා මේ පාර්ශවේට සහය දෙන්න. අම්බර් සහය දුන්නෙත් නෑ..මෙවර දෙන්න වෙන්නෙත් නෑ. බෝල්ටන් නිවාසෙත් ඉවරයි. ගුඩ් ෆෝචූන් පතපු හවුස් එකකුත් තිබ්බනෙ. එයාලා එන්නෙත් නෑ.. කෝමහරි වයිඩ්ලිං ලා එක්ක 20000 ක් වගේ ඉන්නවා..
එතකොට ඔක්කොම 65000ක් වගේ,
මකරු දෙන්න එක්ක.

හැබැයි ඩෙඩ් ආමි එක නම් ලක්ෂ ගණනක්.

සර්සි ට ගෝල්ඩන් කම්පැනිය සහ ලැනිස්ටර් හමුදාව ඉන්නවා. ඩැනීට රීච් කලාපය යටත් වුණ නිසා, සර්සි ට ඒ අය ආයෙ පක්ෂ වෙන්නෙ නෑ රැන්ඩෙල් ටාර්ලී ගෙ මරණයත් එක්ක. සර්සිට ලැනිස්ටර් හමුදාවත් ඉන්නෙ ඉතාම අවමයක්.. ඈට golden කම්පැණියෙන් 20000 මිනිස්සු සහ අශ්වයො 2000ක් ඉන්නවා. හැබැයි හොඳ පුහුණු කරුවො. ඉතින් 25000-30000 විතර ආමි එකක් සර්සිටත් තියෙනවා..

හැබැයි ඩැනීට අවශ්‍ය නම්, ඩාරියෝ සෙකන්ඩ් සන්ස්ලා ගෙන්නත හැකි. හැබැයි එතන 2000යි. ඒ 2000 ගෝල්ඩන් කම්පැනියෙ 20000 වගේ දක්ෂයි කියනවා.. ආයේ ඩැනීගෙ සහයට ග්‍රේජෝයි වරු අරන් එන්න යාරාට පුළුවන්..රීච් කලාපෙන් වයිට්ස් ලා වෙනුවෙන් ජීවත් වෙලා ඉන්න ටාර්ලි සෙබලු හා රීච් කලාපෙ යුද්ධෙට ගේන ජොන් වෙනුවෙන් සෑම් පුළුවන් ..

මට හිතාගන්න පුළුවන් ක්‍රම ඔච්චරයි ..

ඩාරියෝ ට ආයෙ එන්න වෙන්න ඉඩක් තියෙනවා.ඒත් තාම ඒ ගැන හිතාගන්න බෑ..උඩ මදි නිසා ගුවන් කාලෙ, වේල් කට්ටිය සන්සා වෙනුවෙන් ආවා වගේ හිර වුණු වෙලාවක සහයට ආවොත් , ඒක ලස්සනට තියෙයි.

ඔය මදෑ කිව්වා.. ගිහින් එන්නම්..

හාර්ඩ් රිවීව් එකත් ඉක්මනින්ම දාන්නම්..

නෙරංජි සුලක්ඛනා (57 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

නෙරංජි සුලක්ඛනා has 57 posts and counting. See all posts by නෙරංජි සුලක්ඛනා

5 thoughts on “Season 08 1st Episode Questions and Answers

  • April 22, 2019 at 6:54 PM
    Permalink

    wt happen to the Red women ??

  • April 21, 2019 at 7:11 PM
    Permalink

    rgdsz

  • April 20, 2019 at 12:34 AM
    Permalink

    thanks sis…

  • April 19, 2019 at 5:54 PM
    Permalink

    තෑන්ක්ස් අක්කේ..ඊලග රිවීව් එකත් දෙන්න..ජය වේවා..!

  • April 19, 2019 at 10:40 AM
    Permalink

    ජෝන්ට එයාගේ ගැන කියන ඒක මීට වඩා ගතියට කරන්න තිබ්බා.එතනින් පොඩ්ඩක් එපියට ලොකු පහරක් වැදුණා කියලා කියන්න පුළුවන්.ගොඩක් කට්ටිය ඒ සීන් එකට බැනලා තිබ්බා.ඒ වගේම ජේමිට මොකක් කරන්න හදයිද කියලා බලන්නත් පුළුවන්.ඒ වගේම බ්‍රියන්නේ ඉන්න නිසා එච්චර අවුලක් වෙන එකකුත් නැහැනේ.ඒ වගේම මම නම් කියන්නේ අනිවාර්යෙන්ම වින්ටර්ෆෙල් පරාද වෙලා තව මකරෙකුත් මැරෙනවා.කට්ටිය කොහොම වුත් අනිවා රිවර්ලෑන්ඩස් වලට පහු බහිනවා.එතනදී ආපහු ජෙමි සටන් කරන්න එන්න පුළුවන් කට්ලින් ටලී ගේ සහෝදරයා එක්ක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!