වැලේරියන් කඩු/ක්වාත් හී කත / අතුරු චරිත වල ප්‍රබලත්වය/ ගෝෂ්ට් හා නමේරියා සහ කුරුමිණි කතාව
#got #ForTheThrone #GAMEOFTHRONE #Baiscopelk #Forthethrone #hbo
ඇත්තටම ටිරියන් ටාගේරියන් කෙනෙක් ද නැද්ද කියන දේ ගැන මං ලොකූ දෙයක්, කියන්න නොගියෙ ඇත්තටම ඒක ගැන අටෝරාසියක් ලිපි ලියවිලා තියෙන නිසා. ජොවෑනා සහ ඒරිස් ටාගේරියන් අතර සම්බන්ධයකින් ටිරියන් උපන්න බව, තමයි කට කතාව. ටයිවින් වුණත් තමන්ගෙ පුතා කොටා වුණත්, මේ තරම් පිළිකෙව් කරන්නෙ වෙනත් හේතුවක් නැතුව වෙන්න බෑ. අනික ටීවි සිරිස් එකේ අපි දකින ටිරියන්ට වඩා කොහොමත්..පොතේ එන ටිරියන්ගෙ රූපය විස්තර කිරීම වෙනස්. මීට වඩා ගොඩක් භයානක විකෘති රුවක් එය.
තව දුරටත් ටිරියන්, ටාගේරියන් කෙනෙක් කියන්න තියෙන ලොකුම දේ, ඔහු කුඩා කල සිටම මකරෙක් ඉල්ලා සිටීම. රේගාර් එක දිගට පොත් කියවපු කෙනෙක්..ඒ පුරුද්දම ටිරියන් ට තියෙනවා. ජේමි පොතක් අල්ලන්නවත් ආසා කළේ නෑ කියලත් කියනවා..ටිරියන් ගී ගයනවා. ටිරියන් වෝල් එක උඩට නැගලා බිමට චූ කරනවා. ඒ වගේම රේගාර් පාරෙ ඉන්න හිඟන මිනිස්සු එක්ක ගී ගයනවා. ඒ දෙන්නාගෙ මනෝ භාවයන් හරි සමානයි..ඒ නිසා රේගාර් , ජේමිට වඩා ටිරියන් ට සමාන කම් දක්වනවා.
ඔය කරුණු ටික මඟ හැරියාම, ටිරියන් තමන් ලැනිස්ටර් කෙනෙක් බව තරයේම කියන ආකාස සිර මැදුරෙදි අපිට Ready to fly කියලා අක්ෂර සංකේතයක් පේනවා. මේවා නිකම්ම දේවල් නෙවෙයි. ජොන් තමන් බාස්ටඩ් කෙනෙක් බව තරයේම කියද්දි, කණුවක RL කොටස් තිබෙනවා, දුටුවා වගේ සමාන සිද්ධියක්.
ඒත් තාමත් තේරුම් ගන්න බැරි, ටිරියන් ටාගේරියන් කෙනෙක් බවට පත් කරලා, ඉන් එහාට කතාව අද්දන්න ලොකු කාලයක් නැති එක. කොහොම කළත් ටාගේරියන් බාස්ටඩ් කෙනෙක් මිසක්, නීත්‍යානුකූල කරපු ටාගේරියන් කෙනෙක් වෙන්න බෑ ටිරියන්. හිතන්න, රේගාර් කළා වගේ ඒරිස් එහෙම කළා කියලා. එහෙම වුණොත් ඩැනී බාස්ටර්ඩ් කෙනෙක් වෙනවා. මොකද ඩැනීගෙ මව් ඈ ලබන්නෙ ටිරියන්ගෙ උපතින් පස්සෙ, රේගාර් ට මෙය බලපාන්නෙ නෑ. මොකද ඔහු ඉපදෙන සමයේ ඒ විවාහය නීත්‍යානුකූල එකක්. ඉතින්, ඔච්චර අන්තෝජටා බහිජටා වලට මේ කතාව අද්දයි කියලා හිතන්න ටිකක් අමාරුයි. අපි බලමු,අඩු තරමේ ඔහු මකරෙක්වත් පදීද කියලා.
ටිරියන් ගෙ කුරුමිණි කතාවත් මේ ගමන් ඉවර කරන්නම්. මේ ටෙලි මාලෙ තුළ අපුට පෙරදිත් කතන්දර හමු වෙනවා. ඒ බ්‍රැන් කියන කතාවක්. අමුත්තෙක්ට, අමුත්තාගේම පුතාව උයා කන්නට දුන් කෝකියාගේ කතාව.කෑමට තමන් කඟට එන අයට නරක කළාම වෙන ප්‍රතිවිපාක ඉන් කිය වුණා.එය සම්පූර්ණයෙන් Red Wedding එකට සම්පූර්ණයෙන් සමානයි. පස්සෙ ආර්යා ෆ්රේ ගෙන් හා මහා ෆ්රේ පවුලෙන්ම පළිගත් හැටි, අපි දැක්කා. ඒ කතාවෙ, කලින්ම වෙන දේ අපිට කියා තිබ්බා. ආර්යා ෆ්රේ අය විනාශ කරලා එද්දි, හමුවෙන ලැනිස්ටර් සෙබළු ආර්යා ට ආහාර offer කරන්නෙ stranger කෙනෙක්ට අපි සැලකුවොත්, ඔහුගෙ කරුණාව අපි ලබයි කියලා.
ඇත්තටම ආර්යාගෙ දැන් ස්වරූපයට උන් කිහිපදෙනා මරණ එක සුළු දෙයක් වුණත්, ආර්යා ඔවුන්ට අනුකම්පා කළේ ඒ කතාවට..
ටිරියන්ගෙ කුරුමිණි කතාව තුළ තියෙන්නෙ ම කළ කම් ඵල දීම..කුරුමිණි තලපු කොල්ලා කරත්තෙට යට වෙලා මැරෙන්නෙත් ඒ වගේමයි. ඒ දර්ශනය ට ටිරියන් එදා බය වෙලා හිටියෙ. ඊට මොහොතක ට පස්සෙ ටිරියන් දකිනවා මවුන්ට් ඔබ්රින්ගෙ හිස පොඩි කළ හැටි. ඒක කුරුමිණි තැලුවට වඩා වෙනස් නෑ. ඔර්න් ලැනිස්ටර් ඒක කළ දේට වෙනත් සංකේතයක් මට හමු වුණේ නම් නෑ.
ගෝෂ්ට ගෙ පැත්තට හැරුණොත්, අනිවාර්යෙන්ම ඔහු මෙවර සටනට එකතු වේවි.මං ටේලර් එක පොයින්ට් බයි පොයින්ට් බලද්දි, ජෝරා මෝමන්ට් පිටිපස්සෙන් ෆෝකස් නොවුණු සත්වයෙක් දැක්කා. ඒ අශ්වයෙක්ට වඩා කොට සතෙක්. ඒ නිසා වින්ටර්ෆෙල් සටනට ගෝෂ්ට් ඉන්න ඉඩ තියෙනවා කියලා පේනවා.
සටන අවසාන හරිය රිවර්ලෑන්ඩ් කලාපයේ තියෙන්න ඉඩ තියෙනවා. මං කලින් ලිපි වලත් ඔබට කිව්වා, බොහෝ තීරණාත්මක සටන් වල අවසානය එහි සටන් වූ බව. රොබට් බැරතියන් විප්ලවේ රේගාර් රොබට් සටන, ඒගෝන් ද කොන්කරර් ට ස්ටාර්ක් රජ යටත් වූ ස්ථානය ඔක්කොම තියෙන්නෙ මේ කලාපෙ, ඒ වගේම වෙස්ටරෝස් බල පෙරළිය ඇති කළ, මහා සටන් තරඟාවලිය තිබ්බෙත් මේ කලාපෙ. ඉතින් අපි දැනට දන්නවා මේ කලාපෙව් නමේරියා තමන්ගෙ කල්ලිය එක්ක ගැවසෙන බව, සටනකදි උදව් ඕනෙ කළොත්, අනිවාර්යෙන් ආර්යා වෙනුවෙන්, ස්ටාර්ක් වරු වෙනුවෙන් එක පාර ඈ සටන් බිමට ඒවි. ඒක බොහෝ විට ඇවටාර් වල වුණා වගේ, සටන අවසන් මොහොතෙ පරාද වීගෙන එද්දි, සියල්ල සමතුලිත කරන්න පරිසරය ලබා දෙන උත්තේජනයක් විදිහට, Livings ලා වෙනුවෙන් උන් එයිද, නැත්ටම්, twilight වගේ කලින් සැලසුම් කරන් නර වෘක්කයෝ වගේ එයිද කියලා නම් මට අනාවැකි කියන්න බෑ. නමුත් උන් ඒවි කියලා හිතෙනවා..මොකද මං ටේලර් එකේ, අශ්ව කකුල් වලට වඩා වෙනස් සිව්පා කකුල් වගයක් move වෙනවා දැක්කා. ඇස් වරදින්න පුළුවන් ..වැරදුණොත් සමාවන්න.
දැන් මං යන්නෙ ක්වාත් පැත්තට..මේක inbox එකෙන් මල්ලිලා තුන්දෙනෙක්ම ඇහුවා. ඒ ගැහැණිය ගැන නම් මට ලොකු දෙයක් කියන්න නෑ. ඈ lord of light ගෙ කෙනෙක් කියලා විතරයි මට දැනෙන්නෙ. ඇගෙ කරෙත් Red woman ගෙ මාලෙම තිබ්බා. ඈ මං හිතන්නෙ ඊට පස්සෙ අපි කතාංග තුළ දැක්කා. Red woman නොවෙන අනික් කාන්තාව ලෙස. ඔවුන් අනාවැකි කියන එක පූජකවරුන් හැටියට සාමාන්‍ය දෙයක්. ඈ කිව්ව දේවල් සියල්ලම හරි ගියා. ජෝරා ට ග්‍රේ ස්කේල් හැදෙන බව තමයි ඈ කිව්වෙ. ජෝරා ඒක තේරුම් ගත්තෙ නෑ. ඕල්ඩ් වැලේරියා ගාවින් යද්දි, ඇය අඳිමින් සිටි ටැටූව වගේ එකක් ඇඳන් යන්න ඕනෙලු.ඒත් ජෝරා ඒක ගණන් ගත්තෙ නෑ. ඔහු ආවෙ මකරු හොයන්න. ඈ තමයි, ජෝරා ඩැනීට කලින් පිටු පෑ බව ජෝරාට මතක් කළේ. අපි දන්නවානෙ ඉන් පස්සෙ වුණු හැමදේම.
හුඟක් අය මගෙන් ඇහුවා සන්සා ගැන මේ තරම් විශ්වසයක් ඇයි කියලා. මං හදන්නෙ කෙටියෙන් එයට උත්තර දෙන්න. පොත් තුළ සන්සා තාමත් බොහොම ආරක්ෂිතයි. රැම්සි සන්සා කියලා, සන්සාගෙ කුඩා කල අත්වැසිව සිටි ගැහැණු ළමයාව විවාහ කරගන්නවා. ඉතිං අපි දන්නවා නාට්‍ය තුළ සන්සා ට වුණු හැල හැපොඊම් ගොන්න. එකක් නිසා එකක් වෙන කතාවක, ඒ හැලහැප්පීම් වලට ඉඩක් හදන්නෙම චරිතයේ යම් වැදගත් කමක් නිසා. සන්සා හා ආර්යා යම් දවසක ජොන් ගෙ දරුවගෙ (ඩැනීගෙ දරුවාගෙ) භාර්කාරය වෙයි කියන්නත් සංකේතයක් තියෙනවා. ඒ දරුවෙක් ඉපදුණොත් විතරයි. ඒත් ඒක වෙන්න ඉඩ වැඩියි. සන්සා මවගෙ සොහොන් කුලුණ පසු කරද්දි, ඇයට ඇසෙන දෙබස් ගැන හිතන්න. ඈ කියන්නෙ ජෝන් ගැන නමුත් එහි අර්ථය ඊට එහා ගිය ගොඩක් ගැඹුරු දෙයක් කියලාම හිතෙනවා.
“මගේ පවුලට පැමිණි හැම විනාශයක්ම, වුණේ මට මවක් නැති දරුවෙක්ට ආදරේ කරන්න බැරි වුණු නිසා”
මට ඒ නිසයි ඔය විශේෂය හිතෙන්නෙ.
දැන් මං අතුරු චරිත ගැන කියන්නම්. සර් ඩාවොඉස්, ගෙන්ඩ්‍රි, බ්‍රියෑන් , පොඩ්‍රික් වගේ චරිත අනිවාර්යයෙන්ම සවයිව් වෙයි කියලා දැන්ම කියන්න බෑ. ඒත් ඒවා ප්‍රධාන ධාරාවට විශාල බලපෑමක් කරනවා. විශේෂයෙන් ඔවුන්ගෙ පක්ෂපාතී බව, හිතවත් බව, අවංක බව මෙහිදී වැදගත් වෙනවා. ඕනෑම අවිනිශ්චිත අවස්ථාව ක වඩාත්ම වැදගත් වෙන්නෙ පක්ෂපාති මිනිස්සු, සමූහය වෙනුවෙන් කැපකිරීම් කරන අය. යම් දවසක, ගෞරවාන්විත බව ලබන්නෙත් ඔවුන් විසින්ම තමා..කතාව යන යන විදිහ අනුව ඉදිරි විචාර වලදි මේ මිනිස්සු ගැන මං කතා කරනවා. හවුන්ඩ් සහ මවුන්ට් දෙන්නා ගෙ සටනක් දකින්නත් හුඟක් අය බලාපොරොත්තු වෙනවා. ඒක සන්සා සහ සර්සි වෙනුවෙන් වෙන්න ඉඩ තියෙනවා.
දැන් මං යන්න කැමතියි..වැලේරියන් කඩු දිහාවට
වැලේරියන් කියන දුර්ලභ ලෝහයෙන් නිර්මාණය වෙච්ච කඩු වලින් විතරයි වයිට් වෝකර්ස්ලා මරන්න පුළුවන්. ඩ්‍රැගන් ග්ලාස් හා ගින්න හැරෙන්න, පුළුවන් එකම දේ එච්චරයි .. හැබැයි වැලේරියා ව පුපුරා යාමෙන් පසු මේ ලෝහය වඳ වෙනවා. ගැණිය හැකි කඩු ප්‍රමාණයයි දැන් අපි දන්නෙ.
- සැමුවෙල් ටාර්ලි ළඟ තියෙන ටාර්ලි පවුලෙ හාට්ස්බීන් කඩුව
- ජෝන් ස්නොව් ළඟ තියෙන මෝමන්ට් පවුලෙ ලෝන්ග් ක්ලොව් එක
- ජේමි ළඟ තියෙන , ස්ටාර්ක් පවුලෙ අයිස් නම් කඩුව දිය කරලා හදපු විඩොව්ස් අයි සහ බ්‍රියෑන් ළඟ තියෙන , ස්ටාර්ක් පවුලෙ අයිස් ගෙන් හදපු අනෙක් කඩුව ඕත් කීපර්
- ආර්යා ළඟ තියෙන් ලෝර්ඩ් බේලිෂ්ට අයත් කිණිස්ස.එයට නමක් නෑ.
- මීරා රීඩ් ගාවත් වැලේරියන් කඩුවක් තියෙනවා. එය අතුරුදහන් ව ගිය ප්‍රසිද්ධ අනෙකුත් කඩු වලින් එකක් වෙන්න පුළුවන්.
කොහොම වුණත් කඩු තියෙන්නෙ අතළොස්සයි. සොයාගත නොහැකි කඩු සහ සියලු කෆු ගැන මතක විදිහට තරිඳු අයියා වීඩියෝවක් කළා..ඒකත් බලන්නකො.
ඒත් මං මෙ දැන් කියන්න හදන්නෙ, අද මෙ නෑ ගෙවල් වල ගිහින් එන ගමන් හදිසියේ බ්රේක් පාරකදි මතක් වෙච්චි දෙයක්. අර යකඩ සිංහාසනේ . ඒක හදා තියෙන්නෙ කඩු වලින්නෙ. අපිට ඒ යකඩ පුටුව සැක්රිෆයිස් කළොත්, මහා විපතෙන් , එහෙම නැත්තම් පොදු සතුරාගෙන් බේරෙන්න බැරි වෙයිද? එතන කඩු දෙසිය ගණනක් තියනවා නම්, ඒ කඩු වලින් සෑහෙන ප්‍රමාණයක් වැලේරියන් වෙන්නත් බැරි නෑ නේද?
හරි.. අදින් මේ පෙර ලිපි සමූහෙ ඉවරයි..මං හිතන්නෙ මං සෑහෙන්න ලිව්වා. හෙට ඉඳන් අපිට අලුත් සීසන් එකක් ලැබෙනවා. ඒ වගේම ඒක අවසානය. ඉතිං එපියක් තුළ ලිපි කිහිපයක් එන්න ඉඩ තියෙනවා.. මං මෙතැන් පටන් බයිස්කෝප් මංසලට මුලින් ලිපිය දෙනවා. ඉන් පැයකට පමණ පස්සෙ තමා බුකි ගත කරන්නෙ. නොවලපු අයට කිසිම හානියක් කරන්න මං කැමති නෑ. අකමැත්තෙන් කියවන්න එපා.. ඒ වගේම මං ළඟ ප්‍රෙඩික්ෂන් මිසක් ස්පොයිලර් නෑ..මං කියන හැම දේටම මං හේතු දෙනවා..
ඒ වගේම හෙට ඉඳං ලිපි හරි වැදගත්. එව්වාගෙ තියෙන විස්තර වලින් රොයිලි අයියා ප්‍රශ්න අහනවා. ඉතින් උත්තර දීලා දිනන්න බලන්න. ඔබ සැමට බලාපොරොත්තු වන කතාවම තිරයේ දකින්න ලැබෙන ලස්සන වසරක් වේවා!!!
හෙට හමුවෙමු.
මේ පෝස්ට් 1 කියවද්දි හිතුන දෙයක්. Lightbringer කියන්නේ ICE ම වෙන්න බැරිද? මුලින්ම ICE විදියතම Stark ලඟ වතුරෙන් පිරියම් උනා. අසාර්ථක උනා. Widow’s Wail විදියට Lanisters ලඟ සිංහයාගෙ හදවතින් පිරියම් උනා. අසාර්ථක උනා. Oathkeeper විදියට බ්‍රියෙන් ලඟ හදවතින් පිරියම් වෙනවා. දැන් ඒ කඩු 2ම තියෙන්නෙ ජෝන් ලඟ.
වොල් එකෙන් එහාපැත්තෙ මකර වීදුරු හම්බුනා එක තැනකදි. ඒ නැතත් dragon fire තියෙන නිසා මකර වීදුරු හදාගන්න පුලුවන් වෙන්නත් ඉඩ තියෙනවා
Got season 8 thama released wela nadddaaaa
ලිපියට බොහොම ස්තූති
නියමයි අක්කේ.ජෙමි ලැනිසටර්ට දැන් අර්මි එකක් නැති නිසා එයා රිවර් ලෑන්ඩ්ස් වලට ගිහිල්ලා එහෙන් සේනා සංවිධානය වෙන්න ඉඩ තියනවා නේද.කොහොම හරි අපිට මේ ලිපි ගේනවට ගොඩක් ස්තුතියි.සුබ අලුත් අවුරුද්දක් වේවා!