ටිරියන් ගේ භූමිකාව
#got #ForTheThrone #GAMEOFTHRONE #Baiscopelk #Forthethrone #hbo
ටිරියන් පිළිබඳ හුඟක් දෙනා බොහෝ කතාකරනවා.ඒ නිසාම මං එච්චර ඔහු ගැන කතා කළේ නෑ. පෙර සීසන් වල නිතරම ටිරියන් ගැන කතා කළත්, මෙවර ඔහුගෙ ගමන් මඟ කොයි පැත්තට හැරෙයිද කියන එක ගැටලුවක්.
ටිරියන් ගෙ උපත නිසා මව මිය ගියා. ටිරියන් තමන්ගෙ පියා ටයිවින් ව මරා දැමුවා. ඔහු සර්සි ට තර්ජනය කරනවා. දරුණුම විදිහට, උඹ හොඳම සතුටෙන් ඉන්න වෙලාවක මං සියල්ල අලු කරනවා කියලා. ලැනිස්ටර් වරු කියන්නෙ පළිගන්න ජාතියක්. තමන්ගෙ ණය ඔවුන් ගෙවනවා. කියන එකෙන් ප්රධාන වශයෙන් අදහස් වෙන්නෙ ඒක. ඉතින් සර්සි ඔහුගෙ ජීවිතේ පියා එක්ක එකතු වෙලා, ගොඩක් රිදවීම් වලට ලක් කළා. ඒ නිසාම තවමත් අලු යට ගිනි වගේ ඒ තරහා ඔහු තුළ ඇති.
හැබැයි..එහෙමයි කියලා ඔවුන් පවුල තම වංශය ගැන නොහිතා ඉන්නෙ නෑ. උදාහරණයක් ලෙස, තම වංශයට ඉතාම පක්ෂපාතී වූ ටාර්ලි වරු වෙනුවෙන්, ඩැනීගෙ අනුකම්පාව ගන්න, ඔහු උත්සාහ කළා. ලැනිස්ටර් සෙබළු මැරී වැටෙද්දි ටිරියන් ගෙ තැවෙන මුහුණ අපි දුටුවා.
ඒ නිසාම යම් මොහොතක තමන්ගෙ වංශය වෙනුවෙන් කරන උදව්වක්, පාවාදීමක් වෙන්න පුළුවන්, කිහිප දෙනෙක් ඉන්බොක්ස් සහ පෝස්ට් වල අහලා කියලා තිබ්බ විදියට ..හැබැයි ඔහු වෙනස් වෙන්න පුළුවන් …ඔහු කැමති කෙනෙක්ට අසාධාරණයක් වුණොත්..
වොලෙන්කා කියන්නෙ, අපේ ගොඩකගෙ ෆෑන් තියරි වල ජේමි වුණාට, සර්සි හිතා ඉන්නෙ ටිරියන් ගැන. පුංචි කාලෙ සිටම. වොලෙන්කා කියන්නෙ හයි වැලේරියන් බසින්, කුඩා සහෝදරයා / කුඩා සහෝදරිය පමණක් නෙවෙයි. කොටා කියන අර්ථයත් එහි තියෙනවා ..සමහර විට ටිරියන්ම සර්සි ගෙ ප්රොපසිය සම්පූර්ණ කරන්නත් ඉඩ තියෙනවා.
ටිරියන් කියන්නෙ තමන් කොට කෙනෙක් වීම පිළිබඳ ව පවුල තුළින්ම නඩුවකට පත් කරපු කෙනෙක්. ඉතින් ටිරියන්ගෙ චරිතය ප්රථම එපිසෝඩයේ සිට මෙතෙක් විකාශය වූ අවසාන එපිසෝඩය තෙක් සංවර්ධනය වෙන්නෙ හෙමින් මෙන්ම ඉතාම සංකීර්ණව, ටිරියන් යමක් දන්න කෙනෙක්. පොත් පත් කියවන කෙනෙක්. සුපිරි පොරක් වගේ හිටිය ට ඔලමොට්ටල වැඩත් කරනවා. කොහොම වුණත් ඩැනී ව හා ජොන් ව දැකලා මිනිහා පෙන්නපු මූඩ්ස් සහ සර්සි හමු වී කතා කළ සියල්ල අපි නොදැක්ක නිසා ෆෑන් තියරි ගොඩක් බිහි වෙලා තියෙනවා.. ටිරියන් ලොකු පාවාදීමක් කරලා , දුෂ්ට වෙනකල් බලා ඉන්න රසිකයො ගොඩක් ඉන්න බව පේනවා. ඒත්, ටිරියන් ට අනුව ඔහු පියාගෙ ඇසින් අවජාතක කෙනෙක් නිසා, නිර්මාපකයා ඔහුට ලොකු ම ලොකු හානියක් කරයි කියලා හිතෙන්නෙ නෑ. මොකද මේ නිර්මාණකරු අබ්බගාත අයට, අවජාතකයන් ට හා කෙළසුණු දේවල් වලට හරි ආසා කෙනෙක්.
ඉතිරිය පසුවට…
වැලේරියන් කඩු/ක්වාත් හී කත / අතුරු චරිත වල ප්රබලත්වය/ ගෝෂ්ට් හා නමේරියා සහ කුරුමිණි කතාව
ජොෆ්රිගෙ වෙඩින් එකේදි දීපු වස තිබ්බෙ සන්සාගෙ මාලෙ නම් ඒ වස වයින් වලට එකතු උනේ කොහොමද කොයි වෙලාවෙදිද?
සුපිරිම ලිපියක් සහෝදරිය.ගොඩක් ස්තුතියි ඈ.ඒ වගේම සුබම සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!