සන්සාට සිංහාසනය උදෙසා පාරක් තිබේද?

#got #ForTheThrone #GAMEOFTHRONE #Baiscopelk #Forthethrone #hbo


Iron Throne කියන්නෙ සරල දෙයක් නෙවෙයි. ඒක ඉතා අපහසුවෙන් දිනා ගත යුතු දෙයක්. මෙහි ඉඳගන්න පුළුවන්, රජු හෝ රැජිණට සහ Hand of the king /queen ට පමණයි. මෙතනදි, රජ බිසවට රැජිණ ලෙස එහි ඉඳගන්න බලයක් ලැබන්නෙ නෑ. රජු හෝ උරුමක්කාරයන් ජීවත් වෙනවා නම්. එගෝන් ටාගේරියන්ගෙ මහා වෙස්ටරෝස් ආක්‍රමණයෙන් පස්සෙ, ඔහු තම සතුරන්ගෙ කඩු එකතු කරලා, ඒවා බැලේරියන් නම් කලු බිහිසුණු මකරාගෙ ගින්නෙන්, ඉටිපන්දම් වගේ උණු කරලා මේ යකඩ පුටුව නිර්මාණය කරලා තියෙනවා ..

දැන් කවුද මේ සිංහාසනයේ සැබෑ උරුමක්කරු? සර්සි ලැනිස්ටර් .. මා වෙතට දැන් අවි අමෝරා එන පිරිස මට පේනවා.. පොඩ්ඩක් හෝව්..

ඒරිස් හෙවත් මෑඩ් කින්ග් ට වෙනකල්, මේ පුටුව ටාගේරියන් වරුන්ගෙ බල කේන්ද්‍රය වුණාට, රොබට් බ්‍රැතියන් සහ රේගාර් ටාගේරියන් අතරින් රොබට් දිනීම සමඟ බල හුවමාරුවක් වෙනවා. ඒරිස් ව ජේමි මරනවා. මවුන්ට් , එලියා මාටෙල් සහ දරුවන් මරනවා. ඩැනේරිස් කුසේ තියාගෙන ඒරිස් ගෙ බිරිඳ විසේරිස් එක්ක පැන ගන්නවා. පැනලා ගිය කෙනෙක්ට නැවත ආක්‍රමණයකින් යටත් කර ගන්නා තුරු සිහසුන අයිති නෑ.. ඉතිං සිහසුනේ අයිතිය රොබට්ගෙන් නෙඩ් ට පැවරුණත්, (ජොෆ්‍රි නිසි වයසට එන තුරු) ජොෆ්‍රි කලින්ම එය අයත් කරගන්නවා. ජොෆ්‍රිගෙන් පසු ටෝමන් ට එය ලැබෙනවා. ටෝමන් ගෙ මරණයෙන් එය මසෙලා ට හිමි විය යුතු වුවත්, ඈ ටෝමෙන් ට කලින් මිය යන නිසා, ඊළඟ උරුමය ලැබෙන්නෙ බිරිඳ විදිහට හිටි සර්සි ට. ඒ බ්‍රැතියන් වංශිකයෙක් විදිහට..

ඒත් සර්සි ට බෑ බ්‍රැතියන් ගෙ මරණයෙන් පසු ඉපදෙන දරුවෙක්, සිහසුනට නීත්‍යානුකූලව උරුම කාරයෙක් කරන්න. රොබට් බ්‍රැතියන් ගෙ බිරිඳ නිසයි ඈ ට රජ කම දුන්නෙ.

සර්සිගෙන් පස්සෙ සිහසුනට නීත්‍යානුකූලව උරුමක්කාරයන් නැහැ. ඒ නිසා ආක්‍රමණ වලට ඉඩ හොඳටම තියෙනවා. ආක්‍රමණ වලට පොදු ජන සහයෝගෙත් ලැබෙයි. මොකද සර්සි කියන කාන්තාවට පුද්ගලිකව ගොඩක් දෙනෙක් කැමති නැති බව අපි ට walk of Shame එකේදි පෙනුණා.. ඈ නගරයේ පූජා ස්ථානයත් බලකාමය හා වෛරය උදෙසා පුපුරුවා හැරියා.

ඉතින් ආක්‍රමණය ට එන්නෙ ඉපදෙන්නටත් පෙර පලාගිය ඩැනේරිස්. ඈට මේ සිංහාසනය පිළිබඳ ආශාව පළමු කතා සමයේ පටන්ම තිබුණා. ඈට තිබ්බෙ වෙස්ටරෝස් වල පළවෙනි රැජිණ වීමේ ආශාව කිව්වොත් තමයි වඩාත් නිවැරදි. ඇගේ ඒ ආශාව නම්, සර්සි ලැනිස්ටර් නිසා කඩාකප්පල් වුණා. ඒත් තාමත් ඈට, යකඩ සිහසුනේ හිඳ ගැනීමේ ආශාව තියෙනවා .

එහෙත්, ඒරිස් ගෙ දියණිය විදිහට සිහසුනට තමන්ට ඇති අයිතිය කියාපාන ඇයට වඩා, ඇගේ පරපුරේ ප්‍රබල උරුමක්කාරයෙක් දැන් ඉන්නවා. ඒ එගොන් ටාගේරියන් (ජොන් ස්නොව්) හැබැයි ඔහු මේ සිහසුනට තබා කිසිම සිංහාසනයකට කිසිම මොහොතක ආශාවක් තිබ්බ කෙනෙක් නෙවෙයි. ඔහුට ජීවිතේ තිබ්බ එකම හීනෙ, තමන් කවුද , කාගෙ කවුද බව දැන ගැනීම.

ජොන් ගෙ උත්පත්තිය සිට ප්‍රථම මරණය දක්වා ඔහුගෙ ජීවිතේ ගත වෙන හැටි දැක්කාම, ඔහු අනික් හැමෝටම වඩා වෙනස් කෙනෙක්. ඔහු වයිට් වෝකර් වරුන්ගෙ අවදානමේ පරිමාව දැන ගන්න , මොහොතේ ඉඳන් ඔහුට ඕනෙ වුණේ, හැමදාම වෙන් වෙවී ගැටුම් ඇති කරගත් වයිල්ඩ්ලිං සහ නයිට් වොච් ඇතුළු සාමාන්‍ය මිනිස්සු එකතු කරන්න. ඔහු දැන ගත්තා, නයිට් කිං ගෙ ආමි එක වැඩි වෙන්නෙ මැරෙන අයගෙන් නම්, මැරෙන ප්‍රමාණය අවම කළ යුතු බව. ඔහු ඒ වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළා.

කොටින්ම ඔහුගෙ මාර්ගයේ දි ඔහු තෝරාගත් පෙම්වතිය පවා, ඔහු නැවත තමන්ගෙ අරමුණ ට එද්දි අතෑරියා. ඒ ආදරය නැති කම නෙවෙයි. මහා අරමුණේ ප්‍රබලත්වය. රොබ් ට වැරදුණු තැනත්, ජොන් දිනපු තැනත් එතැන.. රොබ් තමන්ගෙ ආදරය නිසා, සියල්ල නැති කරගත්තා. අනික රොබ් තමන්ගෙ බිරිඳට ආදරය කළාට වඩා සෑහෙන වැඩියෙන්, ජොන් යීග්‍රට් ට ආදරය කළා. එයට හොඳම උදාහරණය තමයි, රෙඩ් වෙඩින් එකට පෙර රොබ් ගෙ මාමා ෆ්‍රේ තරුණියක් සමඟ විවාහ වෙන වෙලේ, ඈ තමන්ට නියමිතව සිටි බවත්, ඈ ඉතාම රූපත් බව දැනීමෙන් ඔහු ගෙ හිතට ක්ෂණිකව ඇති වූ හැඟීම්.. එය ඔහුගෙ මූණෙන් පෙනුණා. තම බිරිඳ අසල සිටියදීත් ඔහුට හැඟීම් පාලනය කර නොහැකිව තිබ්බෙ.නමුත් ජොන්, යීග්‍රට් ගෙ මරණයෙන් පසුවත් සෑහෙන කාලයක් ඇය ගැන විස්සෝප වුණා..කල්පනා කළා..

මේ නිසා අරමුණු වලදි ජොන් රොබ්ට,ඩැනීට හා අනෙක් අයට වඩා බොහොම ඉදිරියෙන් ඉන්නවා. ජොන් ගෙ චරිතය එක්ක කිට්ටුම චරිතය ජේසුස් වහන්සෙ. පාපයෙන් මිනිස්සු ගලවා ගන්න වෙහෙසුණු ඔහුට කුරුසයේ තබා ඇණ ගැහුවා. ජොන් ට වුණෙත් ඊට සමාන දෙයක්. ජේසුස් වහන්සෙ මරණයෙන් උත්තානය වුණා. ජොන් ට ත් ඒ අවස්ථාව ලැබුණා. ඔහු තවමත් මහ සටන උදෙසා උත්සාහ කරනවා.. ජීවත් වෙන මිනිස්සු වෙනුවෙන්..

ලද දෙයින් සතුටු වෙනවා මිස, ඔහුගෙ හීනය තුළ “බලය ” නෑ. ඒ නිසාම ඔහු සිහසුනට වඩා ගොඩක් ඉහළින් ඉන්නෙ. ඔහු සියල්ල ස්ථාවර වූ පසු අවසානයේ සියල්ල අතහැර යන තත්ත්වයක් තමයි.. චරිත ගොඩ නැංවීමෙන් පේන්න තියෙන්නෙ.

ඒත් රසිකයා ගෙ නොමද ආකර්ෂණයෙන් උද්දාම වුණු නිර්මාණ කරුවො අවසාන මොහොතෙ ජොන් ව ගේම් එකට බස්සන්න හොඳටම ඉඩ තියෙනවා..ඒකට එක් ඉඟියක් තමයි..ඩැනී සහ ජොන් ගෙ නැවෙ දර්ශනය . ඩැනීට දරුවෙක් අවශ්‍යයි.ඒ වෙනුවෙන් ජොන් කළේ එකතරා උදව්වක්. ඩැනී මානසික සේදිමකට ලක් වෙලා ඉන්නෙ, තමන්ට දරුවන් නොලැබෙන බවට.. අර යද්දෙස්සියගෙ කියමනෙන්.. ඒක නැති කරන්න ජොන් ට තිබ්බ අවශ්‍යතාවය තමයි..ආදරයට වඩා බලපෑවෙ. හැබැයි කතාංගයෙ එඩිට් එකේදි රේගාර් ලියානා විවාහය සහ මේ දෙන්නාගෙ දර්ශනය කතාව සෝප් ඔපෙරා මට්ටමක නතර කළා. ඒ හුඟක් fan ලා ට ඕන කරපු දේ.

ඉතින්, HBO මොන වගේ දෙයක් කරයි ද අපි දන්නෙ නෑ..

නමුත් ජොන් සිංහාසනේ ට එහා උත්තරීතර තැනක ඉන්නෙ. ඩැනී ඉන්නෙ අවසාන මොහොතෙදි සිංහසනේ ළඟටම ඇවිත්, හැරෙන තැනක. ඇගෙ house of undying විෂන් එකයි එයට තියෙන සංකේතය.

ජොන් සහ ඩැනී සිහසුන අතහැරියොත්, සර්සි නැත්තම් , ටිරියන් එයට සුදුසුකම් ලබනවා. ඩැනීගෙ හැන්ඩ් විදිහට. කයිබර්න් ලෝඩ් කෙනෙක් නොවෙයි නිසාත්, ප්‍රධාන පවුලක නොවන නිසාත් ඔහු සර්සි ගෙ හෑන්ඩ් වුණත්, ලොකු ඉඩක් නෑ..ටිරියන් ගෙ අවලංගු නොවූ විවාහෙ බිරිඳ ලෙස ටිරියන් ගෙන් පස්සෙ සිංහාසනයට ලොකුම අයිතිය තියෙන්නෙ සන්සාට. ඒත් සන්සා සිහසුන දැරුවොත් දරන්නෙ මේ පිළවෙලට වෙන්න විදිහක් නෑ..

ඒ ගැන තවත් ලිපියක් ලියන්නම්.

නෙරංජි සුලක්ඛනා (57 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

නෙරංජි සුලක්ඛනා has 57 posts and counting. See all posts by නෙරංජි සුලක්ඛනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!