Game of Throne කතාවෙ, චරිත නිරූපණ

#got #ForTheThrone #GAMEOFTHRONE #Baiscopelk #Forthethrone #hbo


හුඟ දෙනෙක් මේ කතාවෙ ප්‍රධාන චරිතෙ කවුද?කොහොමද මෙයා ප්‍රධාන වෙලා අරයා එහෙම නොවෙන්නෙ ආදී සංවාද කිහිපයක් දැක්කා ..ඉතින් මං මගේ සත දෙක දාන්න එපැයි. මෙව්වා කියවලා, තරහ යන බය හිතෙන අයට දැන්ම කිව්වා හිත රිද්දගන්න එපා..

ටීවී සීරිස් එකක ගුවන් කාලය වැඩියෙන් ගන්න පිළිවෙලට තමයි..නම් පෙළ සකස් වෙන්නෙ. ගුවන් කාලය වැඩිපුරම ලබන කෙනා ප්‍රධාන් චරිතෙ වෙන්නෙ නෑ. විහිලුවට වගේ ජයන්ත චන්ද්‍රසිරි ගෙ ඝරසරප බැලුවා නම්, ඒකෙ ඔබට පෙනෙයි.. ප්‍රධාන චරිතය වන ජැක්සන් ඇන්තනී විනාඩි 5ක ගුවන් කාලෙකවත් නැහැ.

අපි දැන් මේ චරිත develop වුණ හැටි බලමු.. මං කතන්දරයක් නෙවෙයි මේ කියන්නෙ…

Game of Throne කතා මාලෙ හැම සුළු, අතුරු, සහය, ප්‍රධාන චරිතයකටම තියෙනවා target එකක්. ඒ target එක pass නම් එයාලා ඉදිරියට යනවා. fail නම් life එක ඉවරයි.. ජුමන්ජි වල වගේ life කිහිපයක් ලබන්න මේකෙ අය වාසනාවන්ත වුණේ නෑ.. ඒත් එක්කෙනෙක් ඉන්නවා. ඒ jon. මිනිහා ට ආයෙ life එකක් ලැබුණා. ඒකෙන් අපිට පේනවා එයාගෙ කාරිය සරල නෑ කියලා.

අපි යමු ඒ දවස් වල ඔයාලගෙ හිත සසල කළ, හිරිවැට්ටුව නෙඩ් ළඟට. ස්ටාර්ක් මූලිකයා. ජොන් ඇරන්ගෙ මරණය තමයි නෙඩ් ව රාජ්‍ය හස්තය බවට පත් කරන්නෙ. එතකොට නෙඩ් ට තිබ්බ ටාගට් එක මොකක්ද? නෙඩ් ට නිර්මාණය තුළ තිබ්බ එකම ටාගට් එක, බ්‍රැතියන් දරුවන්, බ්‍රැතියන් වාසගම දරණ ප්‍රතිරූපිකයන් මිස නියම උරුමක්කාරයන් නොවන බව වටහා ගැනීම. ඔහුට එය වටහා දෙන්නෙ පුස්තකාල පොත් නෙවෙයි. සන්සා ස්ටාර්ක්. කොහොම හරි.. එය සොයා ගැනීම හා පැවසීම හේතු කොට ගෙන නෙඩ් ගෙ මරණය සිදු වෙනවා. නෙඩ් ගෙ ටාර්ගට් එක ඉවරයි.

රොබ් තරුණියන් ගෙ නොමද ආකර්ෂණය ලබමින් king in the North වුණා..එයා හැමදේම ඉවර කරයි.එයා තමා ප්‍රධාන කියල කට්ටිය ඒ දවස් වල හිතුවා. ඒත් Rob ගේම් එක අතෑරියා. ඔහුගෙ විවාහය තමයි..ඔහුගෙ මරණය කැන්දුවෙ. ඔහුගෙ බිරිඳගෙ, මවගෙ , නූපන් ස්ටාර්ක් වංශයේ මරණය එදා සිද්ධ වුණා. හිතන්න.. ස්ටාර්ක් ලේ ඉතිරි වෙයි. එහෙත් ස්ටාර්ක් වංශයට කිසිවෙක් නෑ.

Game එක අතෑරීම තමයි මේ කතාවෙ මරණය.

මේ කතා මාලාවෙ කිසිම අනවශ්‍ය දේකට ඉඩ නෑ. කරන්න ඕනෙ අදාළ දේම විතරයි.. දැන් අපි දැනට Game එකේ ඉන්න අය පැත්තට හැරෙමු.

සර්සි කියන චරිතය විග්‍රහ කළොත්, ඒ චරිතය ආදරය නොලැබීම හරහා කෲර වූ චරිතයක්. කුඩා කල ඇයට මව් සෙනෙහස අහිමි වුණා. ඈ ඒ වෙනුවෙන් තමන්ගෙ කුඩා දුබල සොයුරාට වෛර කළා. ඇයව රේගාර් ට පොරොන්දු කරගෙන හිටියත්, ඒරිස් එයට අකමැති වෙලා එලියා මාටෙල් ගෙන්වා රේගාර්ගෙ විවාහය සිදු කරනවා. සර්සි ගෙ මව ජොවෑනාගෙ මරණය, ටිරියන් ගෙ උපත, රේගාර් ඒලියා විවාහය වෙන්නෙ එකම දවස් වල.. මේ සියල්ලම ඈට බලපෑවා..

ඒ අතරෙ ඈ තම නිවුන් සොයුරුට ළං වෙද්දි..පියා ඈ රැගෙන කාස්ටලි රොක් යනවා, ඒරිස් සමඟ අමනාප වෙලා. ජේමි ඔවුන්ගෙන් වෙන් වෙලා කින්ග්ස් ගාර්ඩ් එකේ නතර වෙනවා. සර්සි ඉච්ඡාභංගත්වය ට පත් වෙන්න මේ සියල්ල ප්‍රමාණවත්, බ්‍රැතියන් විප්ලවෙන් පස්සෙ ඈ රොබට් බ්‍රැතියන් ගෙ රැජිණ වුණත්, බ්‍රැතියන් ගෙ ඔලුවෙ තියෙන්නෙ ලියානා නොලැබුණු අවමානයේ හිස්තැන. රේගාර් ව මැරුවත්, යුද්ධෙ දින්නත් ලියානා ව අයිති කරගන්න බැරිවුණු පරාජයේ වේදනාව.

සර්සි ට නැවත වරක් සොයුරාට කිට්ටු වෙන්න මං පෑදුවෙ ඒ නොසලකා හැරීම. ඒත්, එය සමාජ සම්මත නොවන බව දැනෙන පීඩිත බවින්, ඈ නිතරම මිරිකුණා.ඇය ආදරේ කළේ බලයට හා දරුවන්ට පමණයි. ඈ අසා තිබූ අනාවැකිය නිසා ඈ නිරන්තරයෙන් පීඩාවෙන් පෙළෙමින් හිටියෙ. තමන්ගෙ කුඩා සහෝදරයා ගැන සැකෙන් පෙළෙමින්, තමන්ගෙ දරුවන් මියයන බවට බියෙන් තැවෙමින් තමා ඈ හිටියෙ… ඈ මුලින්ම මාජරී ට බිය වුණා. දැන් ඇය බය ඩැනීට.. ඒත් ඇගේ සත්‍ය බිය හැම විටම කේන්ද්‍ර වුණේ.. සන්සාට.. ඒ නිසයි ඈ සන්සාව යටහත් කරගන්න, බියපත් කරගන්න උත්සාහ කළේ…එය සාර්ථක වුණා.. සන්සාව තමන්ගෙ සතුරා යැයි සිතා සිටි ටිරියන්ට විවාහ කළා..මේ සියල්ලෙන් ඈ සන්සාගෙන් ආරක්ෂා වීම වක්‍රව අපේක්ෂා කළා.

ජොෆ්‍රිගෙ මරණයට සන්සාට වරෙන්තු තිබුණත්, ඈ ඩොන්ටෝස් ගෙ උදව්වෙන් බේලිෂ් වෙත පැන ගත්තා. සංකේතාත්මකව ගත්තත්, සර්සි ගෙ සහයට මවුන්ට් ඉන්නවා වගේ, සන්සා වෙනුවෙන් හැම මොහොතෙම වගේ හවුන්ඩ් හිටියා..හවුන්ඩ් හැම මොහොතෙම හරි මෘදු පෙනුමක් සන්සාට දැක්වුවා. කොහොම වුණත් සර්සිගෙ දේවල් ඩැනීට වඩා උදුරගන්න හැකියාව සන්සාට තියෙනවා. සන්සා කියන්නෙ සර්සි ගෙ හැම දුර්වල කමක් ම හොඳටම දන්න, සර්සි ළඟම හැදී වැඩුණු කෙනෙක්.

සන්සා ගෙ චරිතය විග්‍රහ කළොත්, ඇගේ එකම අරමුණ වුණේ රැජිණක් වීම. ඈට ඕනෙ කළේ, ආර්‍යා වගේ පාලනය හෝ සටන් නොවේ. රජෙකුගේ බිරිඳක් ලෙස රැජිණ වීම. හැබැයි, වේල් වලදි ඇගේ නැන්දා ගෙ මරණය එක්ක, ඈ ගේම් එකට බැස්සා..දැන් ඈ බල අරගලය තුළ ඉන්නවා. රැජිණක්, නායිකාවක් වීමේ ආශාව අපේක්ෂාව ඈටත් තියෙනවා .. ඈ වින්ද පීඩාවන්, අවමානයන් හිංසනයන්, පලා යෑම්, යුද්ධ ඇගේ වර්තමාන ඥානය ට ශක්තිය ට මඟ පෙන්නුවා..

ඈ එච්චර අපේ හිත් වල ආදරේ දින්නෙ නැහැ…ඒ නිසාම ජීවත් වෙන අය සටන දින්නොත්, ඒ මොහොතේදි සිංහාසනයට සුදුසුම කෙනා බවට පත්වෙන්නෙ සන්සා ස්ටාර්ක්..

කොහොමද ඒ? ඇයි ඒ?

ලිපියෙ ඉතිරි කොටස

නෙරංජි සුලක්ඛනා (57 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

නෙරංජි සුලක්ඛනා has 57 posts and counting. See all posts by නෙරංජි සුලක්ඛනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!