රෝදය බිඳ දමන්නට පෙර

#got #ForTheThrone #GAMEOFTHRONE #Baiscopelk

#Forthethrone #got #gameofthrone #hbo

Game of Throne පොත්, රිවීව්ස් තියන්… ඒ අස්සෙ ෆෑන් බේස් එකේ තියන දහසක් වීඩියෝ..අනෙක් අයගෙ අදහස් එහෙමත් කියවලා ඔලුවත් කුරුවල් වෙලා..මං හොයා ගත්තෙ මොකක්ද අනුන් හොයාගත්තෙ මොනාද කියලත් පැටලිලා තියෙන්නෙ…ඒත් එහෙම වෙන්න තරම් මේ කතා මාලාව හදවතේ සුපිරි ඉඩක් ගැනීම ගැන නම් හරි සතුටුයි.

ඒ වගේම තව පොඩි ඔත්තුවක් දෙන්න හිතා ඉන්නවා. දන්නවානෙ අපේ රොයිලි අයියාව..ඔව් එයා තමයි අර සෑම් ජෝරාට බේත් කරපු ශොට් එකෙන් පස්සෙ පීසා කෑම නැවැත්තුවෙ. ඉතින් එයා දෙන game of throne සබ්ටයිට්ල් අවසානෙ එයා හිතා ඉන්නවලු ප්‍රශ්නයක් අහන්න ඔයාලාගෙන්. ඒ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නෙ..එක්කො තරිඳු අයියාගෙ වීඩියෝ එකකලු නැත්තම් මං ලියන ලිපියකලු..ඒකට උත්තර දුන්නාම, මොනා හරි ඔයාලට හම්බෙන්නත් ඉඩ තියෙනවා..රොයිලි අයියා තමා කොහොමත් අපේ ටීම් එකේ නත්තල් පප්පා. වැඩේ කෝමද වෙන්නෙ කියලා පස්සෙ විස්තර කියන්නම්..

දැන් මං අද ලිපියට හැරෙන්නම්..

අපි මේ හැම වෙලේම කතා කරන්නෙ ටීවී සිරිස් එක ගැන.. හැබැයි, පොතට අනුව නම් යම් යම් වෙනස් දේවල් මේ වෙද්දි වෙලා තියෙනවා .. ඒත් ඒ වෙනස්කම් නොවී මේ විදිහෙන් පැවතීම ගැන ඇත්තටම සතුටුයි. විශේෂයෙන් කැටලින් ස්ටාර්ක් මරණයෙන් නැගිටීම තිබුණෙ නැති එකට මං හුඟක් කැමතියි. කොහොම වුණත්, පොත් වල සඳහන් වෙන game of throne ඉතිහාසය ඉතාම වටිනවා. ඒ හරහා අපිට වර්තමාන කතාවට ලොකු පිටි බලයක් ලැබෙනවා.

අද මගේ සූදානම සිනමාත්මකව පොඩි කල්පිත ටිකක් කියන්න. මේවා සිනමාවෙ දේවල්..ඒ නිසා ඒවා ඇත්ත කතාවෙන් වෙනස් වෙන්නත් පුළුවන්..කල්පිත හැම වෙලේම සත්‍යක් නොවුණාට, ගොඩක් වෙලාවට වෙන අවස්ථා නැතිවම නෙවෙයි..

Season 1 වල පූර්ව දර්ශනයක් විදිහට white walkers ලා සහ උන්ට මුහුණ දෙන night watchers තුන් දෙනා පෙන්නුවාට පස්සෙ, තමා opening music දැම්මෙ..ඉන් පස්සෙ වින්ටර්ෆෙල් මාලිගයෙ දුර රූපයක් එක්ක..බ්‍රැන් ට ඊතල විදින හැටි උගන්වන ජොන් එකම සමීප රූපයක අපි දකිනවා. රොබ් එතැන අසලම හිටියත් ඔහුව පෙන්වන්නෙ පසුව.. පළවෙනි සීසන් එක පුරා ලොකු ගුවන් කාලයක් ලබා නොදුන්නට, සිනමාත්මකව ඔවුන්ගෙ වැදගත්කම ඔවුන් අපිට පෙන්වලා තියෙනව..

පළවෙනි සීසන් එකේ, පළවෙනි එපියෙ සංකේත භාවිතය ඉතාම තද බව, මං ගිය වසරේ හා ඊට එපිට වසර වල ලිව්වා..ඒ වගේම ඒ සංකේත හරහා සිනමාත්මකව බොහොම ප්‍රබල තැන් ගැන කල් තියා අපිට කියන්න, නිර්මාණකරු සමත් වුණා. සමහර දෙබස් පවා හරිම උත්කර්ෂවත්.. මතකනෙ, බේලිශ් මිනිස්සු මිය යා හැකි බව කියන ආකාර ටික.

ඒ නිසාම අනිවාර්යයෙන් සීසන් 7 අවසානය සටහන් කරපු ආකාරෙන් සිනමාත්මකව පෙරකියවීමක් අපිට කරන්න පුළුවන්..හරි ගියත් වැරදුණත් පාඩුවක් නෑනෙ. අපි එහෙනම්, ටේලර් ටික, කලින් සිසන් ටික එහෙම අතේ තියං වැඩේට බහිමු.

සීසන් එක ආරම්භ වෙන එපිය වයිට්වෝකර් වරුන් ඉදිරියට එන එකෙන් පටන් ගන්නවා වෙන්න පුළුවන්..ඒත් ලොකු දෙයක් පෙන්නයි කියලා හිතන්න බෑ..වින්ටර්ෆෙල් වලට ඩැනී සහ ජොන් එන ආරංචිය මුලින්ම මකරු අරන් ඒවි. කොහොම වුණත් පිළිගැනිම් සහ නොරිස්සුම් අතරෙ, පැවැත්වෙන සභාවක් තියෙන්න පුළුවන් බව, අපිට ළඟදි ආපු ස්ටිල් ශොට් වලින්ම පෙනුණා. අනිවාර්‍යෙන්ම නෙඩ් අම්බර් හා ඇලිස් කාස්ටාක්ට නම් හොඳ කාලයක් උදා වෙන එකක් නෑ.මොකද වින්ටර්ෆෙල් වෙනකල් වයිට් වෝකර්ස්ලා එන්න..ඒ සීමාවල් පහු කරන්න ඕනෙ. ඒත්, නෙඩ් අම්බර් සහ ඇලිස් කාස්ටාක් වින්ටර්ෆෙල් මාලිගාවට ගෙන්න ගෙන තියෙන්නත් බැරි නෑ…ප්‍රධාන මූලස්ථානය විදිහට..

බ්‍රැන් හා සෑම් කට ඉස්සර කර නොගත්තොත්, ජොන් ට තව ටිකක් සතුරො අඩුවෙන් පවතීවි. කොහොම නමුත් සන්සාට සතුරු කරදරයක් ඇති වෙන්න ඉඩක් තියෙනවා කියලමයි මට හිතෙන්නෙ. ආර්‍යා වයිට් වෝකර් සමඟ සටනක් කරන්න ඉඩක් තියෙනවා..ඒත් ඒකට කල් වෙලා තියෙනවා. ඒ වගේම මුල් සටන පරාද වෙලා පසු බහින්නත්, වින්ටර්ෆෙල් අහිමි වෙන්නත් මං කලින් කිව්වා වගේම ඉඩ තියෙනවා.. ඉන් පස්සෙ දකුණෙ තව විශාල සටනක් ඇති වේවි.. ඒකට අනිවාර්යයෙන්ම ඩ්‍රැගන්ලා සම්බන්ධ වේවි. ත්‍රෝන් රූම් එක ගිනි ගෙන දැවෙන්නත් ඉඩ තියෙනවා..

මේවා වෙන අස්සෙ වයිට් වෝකර්ස්ලා ඉදිරියටම ඒවි..මහ සටනක් රිවරන් කලාපෙ සිදු වේවි..ඒ කලාපෙ තමා හැම ඉතිහාස තීරණාත්මක සටනක්ම සිදුවුණේ, අවසාන වුණේ..

ටිරියන් ගෙ ද්‍රෝහි වීමක් ගැනත් හුඟක් අය fan base එක ඇතුළෙ කියනවා.ඒක වෙන්න පුළුවන් දෙයක්.. අසෝර් අහායි ජේමි වීම කොහොම වෙතත්, මට නිකමට අර බ්‍රියෙන් ගෙ ළඟ තියන ජේමිගෙ කඩුව සහ, ජේමි ළඟ තියෙන ජොෆ්‍රි ගෙ කඩුව ඒකියන්නෙ oath keeper and Widows’ eye එකතු වුණොත්, මොකක් හරි යහපතක් වෙයි කියලා හිතෙනවා..

ඒ ස්ටාර්ක් කඩුවක් දෙකට කඩලා..හදපු කඩු දෙකක්.. ස්ටාර්ක් කියන්නෙ මෙතන ඉන්න ගැණිය හැකි වටිනාම වංශය (මේ මහ යුද්ධෙට) ඕක පාරම්පරික කඩුවක්..

මට හිතෙන දේවල්..පිස්සු උපකල්පන වෙන්න පුළුවන්.. කමක් නෑ..ෆිල්ම් බලල බලලා අවබෝධයක් ඔයාලටත් ඇති. හිතෙන දේවල් බෙදා ගමු..

ස්තූතියි..

නෙරංජි සුලක්ඛනා (57 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

නෙරංජි සුලක්ඛනා has 57 posts and counting. See all posts by නෙරංජි සුලක්ඛනා

3 thoughts on “රෝදය බිඳ දමන්නට පෙර

  • April 14, 2019 at 3:08 PM
    Permalink

    නෙඩ් , සර්සිගෙ ලමයි ගැන ඇත්ත දැනගත්තෙ සන්සගෙන් නම්.! ඒ කොහොමද.?

  • April 12, 2019 at 1:38 PM
    Permalink

    Happa

  • April 11, 2019 at 5:47 PM
    Permalink

    Tn x sis adahas walata.mt hithena widhihata White walkerlagen winterfall walata para wadila kattiya pahu bahi.ita passe kattiya dakune inne sarsi ekka satanak yai wage.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!