Night King ගේ අරමුණ කුමක් විය හැකිද?

#got #ForTheThrone #GAMEOFTHRONE #Baiscopelk

මේ ලිපිය කුඩා එකක්. මෙයින් මං කෙටියෙන්ම පහදන්න ආසයි මට දැනෙන හැඟෙන විදිහට නයිට් කිං ගෙ අරමුණ. ඒ හරහා, පුදුම සහගත හෝ අභව්‍යය බවට ඔබට හිතෙන තැන් සමහරකටත් සමහර විට පිළිතුරු ලැබේවි කියලා මං හිතනවා.

නයිට් කිං කියන්නෙ සාමාන්‍ය මිනිහෙක්ව හිටි කෙනෙක් බවත්, එයාව වෙයාවුඩ් ගහකට තද කරලා ඩ්‍රැගන් ග්ලාස් එකක් පපුවට බස්සපු බවත්, ඒක කළේ children ලා බවත්, ඒකට ආසන්නම හේතුවත් මේ වෙද්දි ගේම් ඔෆ් ත්‍රෝන් රසික ඔබට නොරහසක්.. ඒත් කාලාන්තරයක් තිස්සෙ, තාප්පෙකින් වෙන් වෙලා දෙගොල්ල දෙපැත්තෙ ඉඳලත්, ඒ අතර මැද්දෙ තවත් මනුෂ්‍ය ප්‍රජාවක් ඉඳලත්, මේ සියල්ල කාබාසිනියා කරගෙන ඔවුන්ට මොකක්ද සත් රාජධානිය ආක්‍රමණය ට තියෙන උවමනාව?

මේ කතාව කර්මයට විපාක ලැබෙන පැතලි නොවන සංකීර්ණ චරිත ඉන්න කතාවක්. කවුරුත් උපරිම සාධාරණ නෑ වගේම කවුරුත් උපරිම අසාධාරණත් නෑ. පළවෙනි වයිට් වෝකර් වුණු කෙනා, ඒකට ආසවෙන් ඉඩ දුන්නා වෙන්න බෑ. ඔහු කාගෙ හරි පියෙක්, පුතෙක්, පවුලක කෙනෙක් වෙලා ඉන්න ඇති…කාගෙ හරි ස්වාමිපුරුෂයා වෙලා ඉන්න ඇති, සමහර විට, තනතුරක් නිලයක් දරණ බල අභිලාෂය ඔහුට තියෙන්න ඇති..ඉතින්, ඔහුව නිර්මාණය කරන්නෙ නපුර කරා.ඔහුගේ අකමැත්තෙන්..ඒක හරි අසාධාරණ වැඩක්..

ඒ මදිවාට ඔවුන් පාලනය කළ නොහැකි මට්ටමට වැඩි වෙද්දි, සීතල උතුරු කරය ඔවුන්ට උරුම වෙනවා.. හරියටම ග්‍රීක් මිතොලොජි වල හේඩිස් ට පාතාලෙ උරුම වුණා වගේ..ඔහු ශක්තිමත් වෙන්නෙ මිනිස්සුන්ගෙ වේදනාවෙන්,

නයිට් කිං ඒ වගේමයි.. නයිට් කිං ටත් ඕනෙ මිනිස්සුන්ගෙ වේදනාව. Children ලා විනාශ කිරීම. ඇත්තටම කිව්වොත්, ඔහුට ඕනෙ Bran ව. ඇයි මං එහෙම කියන්නෙ.. ?

ඔහු ට සෑම් ව මූණට ම හම්බෙලා අතෑරියා….වයිට් වෝකර්ලා සෑම්ව අඳුරනවා වගේ කියලා හිතෙනවා නේද? අතාත්ත්වියි.. ජොන් ව දැක දැක දෙපාරක් අතෑරියා. පහර දීමට පහර දුන්නා මිසක්, ඔහු ඩැනීටවත් නියම විදිහට පහර දුන්නෙ නෑ..මකරෙක් අල්ලගන්න, මකරාට පහර දුන්නා..එච්චරයි ..ඔහුට ජොන් ඇතුළු පිරිස දෙවතාවක් ඉතා පහසුවෙන් මරන්න හැකියාව තිබ්බා.. තමන් අඳුනන කෙනෙක් වගේ ඔහු හැම විටම ජොන් ව අතෑරියා..ඔහු ක්‍රස්ටර් එක්ක හොඳින් හිටියා..කොහොම වුණත් ඔහු හැම වෙලේම ට්‍රැක් කළේ, ඇල්ලුවෙ, හඹා ආවෙ බ්‍රැන් ව. Three eye raven කියනවා..He will come for you කියලා..ගුහාවෙදි.නයිට් කිං three eye raven ව මරනවා. ඒ බ්‍රැන් පැනගත්ත කෝපයටද? තමන්ට බොරු කිව්වටද? කොහොම හරි හෝඩෝර් දොර අල්ලගන්නවා. බ්‍රැන් හා මීරා පැනගන්නවා.

හැබැයි කාලය හරහා තබන අතේ ලකුණ නිසා, දැන් බ්‍රැන් අනාරක්ෂිත කෙනෙක්.බ්‍රැන් ඉන්න තැනත් අනාරක්ෂිතයි. ඒත් දැන් ඔන්න තව ප්‍රශ්නයක් එනවා..

නයිට් කිං ට ඇයි බ්‍රැන් අවශ්‍ය? මේකට උත්තර කීපයක් උත්සාහ කරන්න පුළුවනි ..ඒත් මට හිතෙනවා හුඟක් දෙනා කියන fan theory එකට යන්න.. නයිට් කිං කියන්නෙත් බ්‍රැන් ම කියලා..

එතකොට වෝල් එක හැදුවෙ කොයි බ්‍රැන් ද? කොහොමද? දැන් බ්‍රැන්ඩන් ස්ටාර්ක් වින්ටර්ෆෙල් වල ඉන්නෙ කොහොමද? මේ සිදුවීම් එකකට එකක් බද්ධ වෙන්නෙ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා …ඒ නිසාම ඔබේ අදහසත් වටිනවා..ඔබ හිතන්නෙ මොකක්ද?

නෙරංජි සුලක්ඛනා (57 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

නෙරංජි සුලක්ඛනා has 57 posts and counting. See all posts by නෙරංජි සුලක්ඛනා

2 thoughts on “Night King ගේ අරමුණ කුමක් විය හැකිද?

  • April 9, 2019 at 11:04 AM
    Permalink

    Bran Stark is not a Night king

  • April 9, 2019 at 8:50 AM
    Permalink

    The shining 1980 please

    Ready player one එකෙන් දැනගත්තෙ මේ සිනමාපටය ගැන. ඒත් ඇත්තටම මෙහි කතා දාමය මා හට තරමක් අපැහැදිලියි. මෙම හෝටලයේ ඇත්තටම හොල්මන් ඉන්නවද? නැත්නම් තනිකම නිසා දැනෙන මානසික පීඩනය වගේ දෙයක්ද?
    තම බිරිඳ විසින් jack ව මුලුතැන්ගේ සිරකොට තබන ලදී. ඔහුව නිදහස් කරනලද්දේ කවුරුන්ද?
    සිනමාපටයේ අන්තිම විනාඩි කිහිපයේදී පෙන්වන වලස් ඇදුමෙන් සැරසි පුද්ගලයාගේ සැගවුනු අරුත කුමක්ද?
    අන්තිමට පෙන්වන පිංතූර අනුව මෙය jack ගේ නැවත ඉපදීමක්ද?
    බයිස්කෝප් මංසල???

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!