ආර්‍යා ද ? වෙයිෆ් ද? කවුරු කාව ඝාතනය කළාද?

මේ විදිහෙ කුඩා ලිපි මාලාවක් මං ලියන්නෙ, මටම තියෙන සමහර ප්‍රශ්න නිරාකරණය කරගන්න. ඒවා පබ්ලිෂ් කරන්නෙ සමහර වෙලාවට ඔබටත් කැමති නම් කියවන්න.

මේ කතාවෙ, තියෙන යම් යම් නොවිසඳුනු උභතෝකෝටික අතර මං තේමාවෙ යොමු කළ ගැටලුව තිබෙනවා.

No one ගේම් එක ඇතුළෙ, තියෙන මුහුණු පෙරළිය නිසාම කවුරු තුළ කවුරු ඉන්නවාද කියන මහා ගැටලුව ඇතිවෙනවා. වෙයිෆ් ව ආර්‍යා විසින් මරපු බව, දේව මාලිගය තුළදි පිළි ගැනීමෙන් පමණක්, ආර්‍යා තුළ සිටින්නෙ ආර්‍යාම කියලා පිළිගන්න අපි කවුරුත් සතුටු නෑ.


එයට හේතු

01. ආර්‍යා වෙයිෆ් අතින්ම මරණීය තුවාල ලබා සිටියදී කීප වරක් නැවත නැවතත් තුවාලය වැඩෙද්දී, නිරෝගීව ඉතාමත් දක්ෂව සිටි වෙයිෆ් ව පරදා සිටියේ කෙසේද? දේව මන්දිරයට ලේ වැකුණු මුහුණ රැගෙන එන ආර්‍යා සිටියේ ඉතාම නිරෝගීව එය ඒ මොහොතේ සිදු වූයේ කෙසේද?

මේ ප්‍රශ්න දෙකේදිම වෙයිෆ් පැත්තට හැම වාසියම තියෙනවා. මුහුණ වුණත් ලේ වැකිලා නිසා අඳුන්නම බෑ. ආර්‍යා ට අන්ධකාරයේ වාසිය තිබුණා. ඈ අන්ධව සිට පෙනීම ලබපු නිසා. පූජනීය විලේ ජලය බීමෙන් ඇගේ අන්ධ බව හොඳ වුණා වගේ.. ඇගේ තුවාලත් පූජනීය විලේ ජලයෙන් ඈ සනීප කරගත්තා වෙන්න පුළුවන්. හැබැයි එය කියවුණේවත්, ප්‍ර්න්නුවෙ වත් නැහැ. ආර්‍යා අවසානයේ no one බව පවසන තැනදී,” The girl is Arya Stark of Winterfell and I’m going home” යන දෙබස තුළ තිබුණෙ, ඒ ආර්‍යා බවම තමයි.


02. නිමේරියා ඇයි ආර්‍යාව ප්‍රතික්ෂේප කළේ?

හුඟක් අය කියන්නෙ ඒ ආර්‍යා නෙවෙයි කියලා. ඒක සතෙක් නිසා නිමේරියා ට තේරුණා කියලා. නිමේරියා ආර්‍යාව ප්‍රතික්ෂේප කිරීම නිසා ආර්‍යාට ඇගේ පැත්තෙන් දුකක් දැනුණා. ඇගේ moods ඒ බව කියනවා. ඉතින් ඒ ඉන්නෙ ආර්‍යා නොවෙන්න බෑ. නිමේරියා නොඑන හේතුව, ආර්‍යා මුලින් ඇයව (ආරක්ෂාවට) කුඩා කල පන්නා දැමීම කියලා හිතෙනවා. ඒ වගේම නිමේරියා ට රැළක් ඉන්නවා. ඌට ආර්‍යා සමඟ එන්න හේතුවක් නෑ. තවත් දෙයක්. ආර්‍යා තුළ වෙයිෆ් නොහිටියත් No one ඉන්න පුළුවන්.


03. ආර්‍යා වෙයිෆ් නම් පවුලේ පලිගැනීම් උදෙසා සටන් කරයිද?

ඈ වෝල්ඩර් ෆ්‍රේ ඇතුළු මුළු හවුස් එකම මරා දමනවා. සර්සි මරන්න කින්ග්ස්ලෑන්ඩිං යන්න හදනවා. හොට් පයි තමා ඇගේ ගමන වින්ටර්ෆෙල් වෙත හරවන්නෙ. ඈ හොට් පයි බදා නොවැළඳගැනීම ඈ වෙයිෆ් කියලා පෙන්නන්න සාධකයක් ද? නෑ.. ඈ තුළ දැන් ඒ කුඩා දරුවා නෑ. ඈ තුළ ඉන්නෙ ඝාතකයෙක්. ඉතින් පුංචි පුංචි රොමැන්ටික් කරුණු මඟ හැරෙන්න පුළුවන්.


04. වින්ටර්ෆෙල් හී ආර්‍යා ගේ ක්‍රියාවන් ඈ වෙයිෆ් බව පෙන්වනවාද?

ඈ තමන්ගෙ මල්ලි බ්‍රැන්ට, සොයුරිය සන්සාව උණුසුම් ලෙස වැළඳ ගන්නවා.. ඒ විතරක් නෙවෙයි තාත්තා අම්මාට තමන්ගෙ පරමපරාවට මුලින්ම ගෞරවය පුද කරන්න ඈ යන්නෙ crypt එකට. ඈ තම නිවස කාලයකට පසු දුටුවාම ඒ දෙස බලන බැල්ම පවා, ඈ තුළ තවමත් ඈට අහිමි කළ ළමා ආර්‍යා සිටින බව පෙනෙනවා. අනික ඈ තුළ සැබවින්ම වෙයිෆ් ජීවත් වෙනවා නම්, බ්‍රැන් එයත් දකිනවා. ඔහු තමන්ට ලැබුණ හොඳම ආයුධය දෙන්න ඈව තෝරගත්තෙත් ඒකයි.


අලුත් ට්‍රේලරයෙන් පවා, ආර්‍යාගෙ හැඟීම් විරහිත බව පේන්වා. ඈ මරණය ට බිය නැති බව, ඇගේ ප්‍රකාශ වල දැනෙනවා. ඒත් ඈ මරණය මිසක් මරණය නැවත නැගිටීම දැක නෑ. ඈ එයට අනිවාර්‍යෙන් බිය වේවි.

මං නම් කියන්නෙ, ආර්‍යා සටන් කළේ ආර්‍යා එක්කමයි. ආර්‍යාට තමන්ගෙ ශක්තිය හොයාගන්න , අවබෝධ කරගන්න, වගේම ජය ගන්න ඈට දුන්නු, අභ්‍යාසය වෙයිෆ් කියලා මං දකිනවා. ඇත්තටම මේ තත්ත්වයට ආර්‍යාව තේරීම අහම්බයක් ද? නැත්තම් නෙඩ්, සිරියෝ ෆොරෙල් හරහා ඉන්පසු ජැක්න් හෙ’ගාර් වෙත ඈ මෙහෙයවනු ලැබුවාද? කොහොම වුණත් , ආර්‍යා කියන්නෙ ආර්‍යා ස්ටාර්ක්ම නෙවෙයි. ආර්‍යා ස්ටාර්ක් කියන්නෙ,වර්තමානයේ නම්, ඈ ජීවත් වෙන්න තෝරාගන්නා ලද ඈට මවගෙන් පියාගෙන් උරුම වූ මුහුණ. හැබැයි ඈ ට ඕනෑම මොහොතක වෙනත් කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් හොඳම දේ තමයි, ඈ ඒ හැම දේම කරන්නෙ ආර්‍යා ස්ටාර්ක් වෙනුවෙන්මයි. ඈ ෆ්‍රේ ව මැරුවෙ, ෆ්‍රේ හවුස් එක විනාශ කළේ, ලෝර්ඩ් බේලුෂ්ව මැරුවෙ, වෙයිෆ් ව මැරුවෙ, සර් මෙරියන් ටාන්ට් ව මැරුවෙ, ස්ටාර්ක් වරු වෙනුවෙන්. තමන් වෙනුවෙන්. ඉතිං මේ ඉන්නෙ ආර්‍යා ස්ටාර්ක් ම තමයි. නමුත් ඈ ට ඕනෙම වෙලාවක වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒතමයි මගේ අදහස. මං දන්න සිනමාවත් එක්ක.

ඒත් මං සිනමාව ගැන දන්නෙ කෙන්දක තරම් දෙයක්… අවසාන මොහොතෙ ප්ලොට් ට්විස්ට් එකක් ඔවුන් ගේන්න බැරිත් නෑ. ඒත් එහෙම වුණොත්, ඒක fab base එකට ලොකු ඉච්ඡාභංගත්වයක් ඇති කරයි. අපි බලා ඉමු.

ස්තූතියි ඔබ ලියන්න කරන දිරිගැන්වීම් වලට.

නෙරංජි සුලක්ඛනා (49 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

නෙරංජි සුලක්ඛනා has 49 posts and counting. See all posts by නෙරංජි සුලක්ඛනා

5 thoughts on “ආර්‍යා ද ? වෙයිෆ් ද? කවුරු කාව ඝාතනය කළාද?

  • March 23, 2019 at 12:03 PM
    Permalink

    ස්තූතියි

  • March 22, 2019 at 10:36 AM
    Permalink

    Thanks

  • March 21, 2019 at 2:05 PM
    Permalink

    Oyage upkalpan niverediti kiyala matath hithenava.no one thula ary neththam eyaata kavadavak stak la venuwen pali ganna oone venne.

    Thavarh ek karanavak hinda mee inne arya kiyalama kiyala mata hithenava
    Fre house ekedi savdiya purana kota arya kiyanava ubalata thibbe okkoma stark la maranna. Kiyala no one thula inne arya neme nam eyata kavadavath thamangem paula vansha tika avasana karanna oone vennee neda

  • March 21, 2019 at 1:19 PM
    Permalink

    Niymai. Digatama liyamu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!