මේරී පොපින්ස්ගේ නැවත ආගමනය

Mary poppins (1964)
IMDB 7.8
   Mary poppins කියන්නේ හොලිවුඩ් සිනමාවෙන් බිහිවෙච්ච් මනංකල්පිත, සංගීතමය (fantasy,musical) සිනමාපටයක් “ජූලී ඇන්ඩූරූස්“තම කුලුදුල් රංගනය මේ හරහා ඉදිරිපත් කරනවා. මතකනෙ sound of the music එකේ ඉන්නේ මෙයා තමයි.
        ජූලි ඇන්ඩෲස් මේ කුලුදුල් රංගනය වෙනුවෙන් ඇකඩමි සම්මානයෙන් පුද ලබන්න තරම් මේ රංගනය ප්‍රබල එකක් වෙනවා වගේම මේ කුඩේ එල්ලිලා අහසේ යන මේරී පොපින්ස් හොලිවුඩ් සිනමාවේ අමරණීය වගේම iconic කාන්තා චරිතයක් බවට පත්වෙනවා.
         
කතාව පොඩ්ඩක් මතක් කලොත්,
ජේන් ,මයිකල් කියන්නේ ධනවත් බෑන්ක් පවුලේ එකම දරුවෝ දෙන්නා. බෑන්ක් මහත්තයා ටිකක් දරදඩු වගේම කාර්‍යබහුල කෙනෙක්. ඔහුට ලමයින් එක්ක ඉන්න වගේම දරුවන්ට පිය සෙනෙහස ලබා දෙන්න වෙලාවක් නෑ.මේ දෙන්නගේ දගවැඩ නිසා කිසිම නැනී කෙනෙක් වැඩි දවසක් මේ ගෙදර ඉන්නේ නෑ.ඔය අතරේ තමයි මේරී පොපින්ස් ගේ ආගමනය වෙන්නේ. ඇය ලස්සනයි වගේම මයිකල් ජේන්,  නැනී කෙනෙක්ගෙන් බලාපොරොත්තු  වෙන සියලුම ලක්ශණ ඇය සතුයි. ඒ සේරටම වඩා ඇස් අදහා ගන්න බැරි  මැජික් …ඉතිං ජේන් -මයිකල්,  මේරී පොපින්ස් සමග මිතුරු වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. මේ තුන්කට්ටුවට වීදී රංගනශිපියෙක් වන බර්ට් එකතුවෙනවා. ඉතිං මේ සිනමා පටය පිරිලා තියෙන්නේ ඔවුන් සිව්දෙනාගේ වික්‍රමාන්ත වලින්. අවසානයේ බෑන්ක් මහතාගේ පිය සෙනෙහස මයිකල් -ජේන්ට ලබාදෙන්න මේරි පොපින්ස් සමත්වෙයිද?
ඒක  දැනගන්න මේ සිනමාපටය බලන්නම වෙනවා.
Mary Poppins Returns 2018
IMDB 7.1
             
2018 මේරී පොපින්ස්ගේ නැවත ආගමනය සිදුවෙන්නේ ඩිස්නි ප්‍රතිනිර්මානයක් (remake) එකක් විදියට නම් නෙවෙයි. එහි ඊලග පියවරක් (sequel)ලෙස. ඒ නිසා අලුත් සිනමාපටය බලන්න කලිං පරණ එක නොබැලූ අය ඒක බලලා ඉන්නව නම් වටිනවා. ඒත් ඒක නොබැලුවා කියලා අලුත් සිනමාපටය තේරුම් ගන්න අපහසුවක් වෙන එකක් නෑ. නමුත් ඒ දෙක අතර සම්බන්දයක් තියනවා. ඉතිං මම කියන්නේ ඒක මුලින් බලලා ඉන්න.
            පලමු චිත්‍රපටය 1964 නිර්මාණය වුණ එකක්. 2018 තමයි Mary Poppins  Return Film එක නිකුත් වුනේ..  ඒ කියන්නේ හරියටම අවුරුදු 54 කට පස්සේ… 
ඒත් ෆිල්ම් එකට තේමා වෙලා තියෙන්නේ පලමු චිත්‍රපටයෙන් හරියටම වසර විස්සකට පසු කාලීන කතාවක්…
           20 වසරකට පස්සේ පලවෙනි ෆිල්ම් එකේ හිටපු පොඩි ලමයි දෙන්නා ජේන් සහ මයිකල් බෑන්ක්ස් ඔන්න දැන් තරුණ වයසේ. ජේන් තවම තනිකඩයි. නමුත් ඇය තවමත් ඉස්සර වගේම ප්‍රීතිමත්.  ඒත් මයිකල්ගේ තත්වය හාත්පසින්ම වෙනස් ඔහුගේ පෙනුම පවා මලාණිකයි. ඔහු දැන් වැන්දඹුවක් වගේම දරුවන් එක්ක තනි වූ පියෙක්.ඇනබෙල් ,ජෝර්ජි සහ ජෝන්..
ඒ විතරක් නෙවේ මයිකල් ඉන්නේ දැඩි ආර්ථික අර්බුදයක, වෙසෙන පාරම්පරික බෑන්ක් නිවස පවා බැංකුවට සින්න වෙන තත්වයක් තීන්නේ. ඉතිං ලමයි බලාගන්න ඔහුට කාලයක් නෑ. ඉතිං ඔන්න මේ තමයි හොදම වෙලාව මේ පවුලට ආයෙමත් මේරි පොපින්ස්ගේ ආගමනය සිද්ද වෙන්න.. ඇය කුඩා දරුවන්ට හොද නැනී කෙනෙක් වේවිද. මේ බෑන්ක් පවුල වර්තමානයේ මූණපා තිබෙන අරබුධයට නැනීගේ පැමිණීම විසදුමක් වේවිද..? 
           මේවර ජූලි ඇන්ඩූරූස් නිරූපනය කල මේරී පොපින්ස්ගේ චරිතය ඔබ හමුවේ ජීවමාන කරන්නේ නවපරපුරේ දක්ශ නිලියක් වන  “එමලි බ්ලූන්ට්” ඇය කොහොමත් මේ ෆිල්ම් එක තුලින් ඔබේ බලාපොරොත්තු  කඩකරන එකක් නෑ කියලා මට විශ්වාසයි.. ජූලී ඇන්ඩූරූස්ගෙන් ඔබ දැක්ක ඒ පෞර්ශවත් රංගනය එමලි බ්ලූන්ට් අඩුවක් නැතුව ඉටුකරනවා. ඒත් ඒකේ තේරුම අනුකරණය කරනවා කියන එක නම් නෙවේ..  ඒවගේම පලවෙනි සිනමා පටයේ වගේම Mary Popins ගේ පලමු ආගමනය සරුංගලයක් යොදාගෙන හරිම ආකාර්ශණීය විදියට තිබුණා.. (මේ සරුංගලය අවසානයේ ෆිල්ම් එකේ වැදගත් කාර්‍යභාරයක් ඉටුකරනවා..
අප්පා spoil වෙයිද මන්දා …සෝරි සොරි..)
ඒ වගේම පලවෙනි සිනමා පටයේ වගේම අලංකාර පසුතල සහ 2D ඇනීමේශන් මෙම සිනමාපටයේ අන්තර්ගත වෙනවා.
පරන classic එකේ ප්‍රතිරූපයට හානියක් නොවන පරිදි මේ sequel එක ඉහල අන්දමින් නිර්මාණය කරලා තියනවා. ඒ නිසා බලන කෙනෙක්ට බලාපොරොත්තු  කඩ වීමක් වෙන එකක් නෑ. ඒත් ඔයාලා classic එකේ වගේ ලස්සන සිංදු නර්තයන් සහිත සංගීතමය කොටස් වැඩි වශයෙන් බලාපොරොත්තු වෙනවනම් එතන පොඩි බලාපොරොත්තු  කඩවීමක් තියෙන්නේ පුලුවන්. මොකද classic එකේ වගේ නෑ සිංදු සහ මේරී පොපින්ස්ගේ  නර්තන බහුලව අලුත් නිර්මානයේ අඩංගු වෙලා නෑ. ඒවගේම ජූලී ඇන්ඩෲස්ගේ ඒ හඩ, මූනේ ඉරියව් සිනහව දෑසේ කාන්තිය සහ ආඩම්බරකාර නර්තනය අභිබවා යන්නට නම් එමලි අසමත් වෙනවා. එසේම සෙසු නලු නිලියන් දක්ශ රංගනයක නිරත වෙනවා. Jack jack ගේ චරිතය නිරූපනය කරන Lin-Manuel , dick van මෙන් කඩිසර ශක්තිසම්පන්න නර්තන විලාසයන් නොමැති වුණත් ඔහුටම අනන්‍ය ආකාරයට එය ඉදිරිපත් කරලා තියනවා. හැබැයි orginal character  එකට තමා එතනින් මගේ වැඩි මනාපය. තවත් මතක් කරන්නම ඕනේ වගේම මගේ හිත ගත්තම රංගනයක්  මයිකල් ගේ වැඩිමහල් විය නැත්නම් පියාගේ චරිතය නිරූපනය කල ben whishaw විසින් සිනමාපටයේ නිරූපනය කරනවා.. ඒක පලවෙනි සිනමා පටයේ mr bank වගේ පෞර්ශවත් එකක් නෙවෙයි..ඒත් ඊටත් වඩා මගේ හිත ගත්ත රංගනය තමයි මේ ෆිල්ම් එකේ බෙන් කල රංගනය විශේශයෙන් ..උඩමහලෙදී ගීතය ගායනා කරන අවස්තාව. ඒක ඔයාලා බලද්දී විශේශයෙන් දැනෙයි කියලා හිතෙනවා. Jane ගේ චරිතයත් මට හරි සූවිට් හුරුබුහුටි එකක් විදියට දැනුනා.. අර පොඩි කාලේ පලවෙනි එකේ හිටිය කුඩා ජේන් වගේම. Meryl streep ගේ කෙටි රංගනයක් වගේම පලමු චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ Dick Van Dyke එහෙමත්මේ ෆිල්ම් එකේදී ඔයාලට දැකගන්න ලැබේවී.  කාලයන් සසදා බලද්දී vfx වගේම technical  පැත්තෙන් නව සිනමා නිර්මාණය ඉදිරියෙන් තියනවා . ඒ වගේම කාලය එක්ක ගනිද්දී classic එකට වඩා අලුත් plot ( කතාව) එක බොහෝ දෙනෙක්ගේ හිත ගනීවී කියලා හිතෙනවා.එහෙත් මේ නිර්මාණය හරහා මේරී පොපින්ස් චරිතය තවත් පුලුල් එකක් කිරීමට අසමත් වෙන්නේ ප්‍රේක්ශකයා තුල මේරී පොපින්ස් එකම පවුලකට (බෑන්ක් පවුල) පමක් උදව් කරන මනංකල්පිත චරිතයක් ලෙස ආකල්පයක් ගොඩනැගෙන නිසා.
          කොහොම වුනත් ෆිල්ම් දෙකේම අවසානයේ දෙන පණිවිඩය සමානයි. වගේම කාලයත් එක්ක පරණ නොවෙන එකක් ” එනම් පවුලක වටිනාකම සහ පවුලක් වශයෙන් එකට සිටීම සාමාජිකයන් අතර ශක්තිමත් සම්බන්දතාවක් පවත්වා ගැනීම “.
ඉතිං මේක බලන්න හිතන අය මුලිං classic එක බලන්න. පරණ එක බලපු වගේම classic remake /sequel වලට අකමැති අයත් මේ අලුත් සිනමා නිර්මානය බලන්න.
ස්වර්ණරේඛා සෙව්වන්දි (4 Posts)


One thought on “මේරී පොපින්ස්ගේ නැවත ආගමනය

  • March 22, 2019 at 5:36 PM
    Permalink

    පට්ට පට්ට 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!