රැප් සිහිනයක් පසුපස හබායන වීදී තරුණයා.. Gully boy ♪♫

රැප් සිහිනයක් පසුපස හබායන වීදී තරුණයා..🎵Gully boy🎶

ලෝකේ ශේෂ්ඨම කලාකරුවන්ට
පවා නිර්මාණාත්මක අදහස් හිග
වෙලාවල් තිබුණා …..
ඒ ගින්න සංසිදුවගන්න
ඕන දෙයක් උකහාගන්න පෙලඹුණා …
එහෙන් මෙහෙන් දකින ….
අනුන්ගේ ජීවිත තුලින්
රිද්මය හොරා ගත්ත ඔවුන්….
ඒ තුලින්
තමන්ගේ කතාන්දර ගෙතුවා…….

ඒත් ඔයා වෙනස් ……

ඔයාට ඔයාගේම කතාවක් තියනවා….
ඔයාගේ ඇතුලේ පුපුරු ගහන්න
ගින්නක් තියනවා…
ඒකට ලවා වගේ
එලියට ගලා එන්න දෙන්න….
ඒ එලියට එන වචන දවසක ඔයගේ හදවත නිදහසින් පුරවාවි…………..

2019 පෙබරවාරි 14 වෙනිදා ලොවවටා ප්‍රදර්ශනය ඇරඹුණු රන්වීර් සහ අලියා එකට ප්‍රතම වරට රගන නවතම චිත්‍රපටය තමා Gully boy…
මේ වෙද්දී ෆිල්ම් එක ඉහලම ප්‍රතිචාර එක්ක තිරගත වෙනවා… දැනට iMDB ratings 8.4 ක් හිමිකරගෙන තිරගත වන මෙය සෝයා අක්තාර්ගේ අධ්‍යක්ශනයක්… සෝයා අක්තාර් දන්නවනේ “සින්දගී නා මිලේගී දෝබාරා “rock on ! dil chahta hai වගේ ෆිල්ම්ස් බලපු අයට ඒ films වල තිබ්බ රිද්මය මතක් වේවී… අක්තාර් පවුල් කොහොමත් සංගීතේ එක්ක බැදිච්ච පරම්පරාවක්නේ… Musical drama ගනයට අයත් මෙම සිනමා පටයේ තේමාව ගෙතෙන්නේ Murad නැමති තරුණයෙක් සහ ඔහුගේ සිහිනය වටා…. මුරාද් කියන්නේ මුම්බායේ ඉතා දිලිදු පවුලක උපන් තරුනයෙක්. ඔහුගේ පියා වෘතියෙන් රියදුරෙක්. මුරාද්ගේ අම්මා තාත්තා හොදටම මහන්සිවෙලා වැඩකරන්නේ තමන්ට අත්වුණ ඉරණම පුතාට අත්වෙන්න නොදී ඔහු හොද ටයිකෝට් දාන රැකියාවක් කරන මහත්මයෙක් කරන්න …. ඒත් මුරාද්ගේ හිත ඇදෙන්නේ වෙනනමම පැත්තකට… ඒ රැපර් කෙනෙක් වෙන්න..ඔහුගේ සිහින තියෙන්නේ එතන බව තේරුම් ගන්න ඔහුට වැඩි කලක් යන්නේ නෑ… ඉතාම පහල පැලැන්තියක උපත ලබා තමන්ට නොගැලපෙන තරම් ඉහල යතාර්තවාදී නොවූ සිහිනයක් පසුපස හබායන 22 හැවිරිදි දක්ශ තරුණයකුගේ කතාව.

ලෝකය පුරා මෙන්ම ඉන්දියාව , මුම්බායී වීදි පුරා සීමා බාධක රහිතව විහිදෙන මෙම රැප් සංස්කෘතිය..ඒ පදවල රැදී ඔවුන්ගේ ප්‍රශ්න ..සුලුතර දිලිදු,නමුත් සිහින පසුපස හබායන තාරුණ්‍යයේ ඇති සැබෑ ගැටලු ප්‍රශ්න මේ රැප් පදවැල් ගීතවල අඩංගු වෙනවා…. මේ ෆිල්ම් එකට මේ වෙද්දී ගොඩක් ප්‍රශංසා හිමිවෙලා තිබෙනවා.. ඒ අතර බොලිවුඩ් නලු “විල් සිමිත්”එහෙමත් ඉන්නවා… බොහෝවිට hip hop,pop culture ගැන films හැදෙන්නෙම බටහිර සිනමාවෙන්… ඉන්දියානු සිනමාවෙන් මේ හැදුණු gully boy සෑම සිනමා රසිකයෙකුට අලුත් අද්දැකීනක් වේවී..

රන්වීර් අලියා ප්‍රතමවරට එකට රගන gully boy ෆිල්ම් එක ආදරවන්තයන්ගේ දිනේ තමයි රිලීස් වුණේ. ඒ වාසිය එක්කම පලවෙනි දවසේම 18cr වගේ ඉහල ආදායමක් ලබා තියන බව ආරංචියි .. ඒ වගේම Simmba හැරුණු විට රන්වීර් සිංගේ ප්‍රතම දින ඉහලම ආදායම ලද සිනමාපටය වන්නේ gully boy ..එහි budget එක 75 cr බව පැවසෙනවා… කෙසේවෙතත් මේ සිනමා පටය සුපර් හිට් එකක් වන බවට දැනටමත් ඉගි පලවෙමින් තිබෙනවා..

ස්වර්ණරේඛා සෙව්වන්දි (4 Posts)


One thought on “රැප් සිහිනයක් පසුපස හබායන වීදී තරුණයා.. Gully boy ♪♫

  • March 17, 2019 at 2:18 PM
    Permalink

    එක දිගට එක පෙලට
    ලිපි තුනක්
    හොඳවයින් කියන්නම ඕන වැඩේ වෙන්න 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!