The Hidden Face (AKA La Cara Oculta) [2011]

 

The Hidden Face (2011) ( La Cara Oculta)
7.4/10 IMDb
(Drama, Mystery, Thriller)
18+

”හෙලෝ Adri,
මේක ලේසි නෑ.මේක ඔයාට මූණටම කියන්න තරම් මට ශක්තියක් නෑ.
ඒත් මේක වෙන්න ඇති වැඩකට නැති වාද මගහරින විදිය.
මං යනවා .මං ඔයාට ගොඩක් ආදරෙයි.
ඒත් මට මේක දිගටම ගෙනියන්න බෑ.
කරුණාකරලා මාව හොයන්නත් එපා.මට වෛර කරන්නත් එපා.”

මෙන්න මේ විදියට කියපු පුංචි වීඩියෝ පටයක් තියලා Adrián ගේ පෙම්වතිය Belén එකපාරටම අතුරුදහන් වෙනවා.
ඒත් කවුද මේ Adrián ??
ඔහු ඉතාමත් දක්ෂ තරුණ සංගීත ශිල්පියෙක්.
ඔහු ස්පාඤ්ඤයේ ඉඳල කොළොම්බියාවට එනවා වාද්‍ය වෘන්දයක් මෙහෙයවන්න.
මේ අතරතුර තමයි ඔහුගේ පෙම්වතිය වීඩියෝ පටය තියලා අතුරුදහන් වෙන්නෙ..
ඇයට මොකද්ද වුනේ?අනතුරක් වුනාද?නැත්තම් ආපහු හොරෙන්ම ස්පාඤ්ඤයට ගියා ද?
මේ ගැන පොලීසියෙනුත් හොයනවා.
මේ දුක නිසාම Adrián තදින්ම බීමට ඇබ්බැහි වෙනවා.
ඔය අතරේදි ඒ බාර් එකේ ඉන්න Fabiana කියන සේවිකාව ගැන Adrián ට කැමැත්තක් ඇති වෙනවා.
Fabiana සහ Adrián එකට ජීවත් වෙන්නත් පටන් ගන්නවා.
Adrián ගේ නිවසේදි Fabiana ට අමුතු අත්දැකීම් වලටත් මුහුණ දෙන්න වෙනවා.
ඉතින් Adrián ගේ මේ අලුත් ආදරේට මොකක් වෙයිද?
එතකොට කලින් පෙම්වතිය Belén ඉන්නේ කොහෙද..ඇය ජීවතුන් අතරද? නැද්ද?
සමහරවිට එයා නොහිතන තැනක ඉන්නවා වෙන්නත් පුලුවන්.

මේක ලෝකයේ හොඳම Spanish thriller කාණ්ඩයට අයත් චිත්‍රපට වලින් 21වෙන් ස්ථානය ලබා ගෙන තිබෙනවා. Spanish film ඉතින් කොහොමද කියලා බලන අය දන්නවා ඇතිනේ. ඉතින් ෆිල්ම් එක තාමත් නොබලපු අය ඉන්නවානම් අනිවාර්යෙන්ම බලන්න. වගගීමෙන් කියන්නේ..මේක මුල ඉදන් අගටම කුතුහලයෙන් බලන්න පුලුවන් සුපිරියක්.

ප.ලි.
මේක 18+ එකක් කියලා මං ආපහු මතක් කරනවා.scene 2ක් වගේ තියනවා.නොබලන අය පොඩ්ඩක් ඉස්සරහට දාලා හරි බලන්න.
මොකද මේ වගේ හොඳ ෆිල්ම් එකක් මිස් කර ගන්න එක අපරාදයක්.

Malith Jayakodi (1 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!