Game of Thrones Season 08 (2019) | පූර්ව ප්‍රචාරක පටය සඳහා නෙරංජිගේ විවරණය

(කියවීම නිසා ඔබේ සිතිවිලි වලට හානි වේ නම් නොකියවා සිටින්න.)

හුඟ කාලයක් බලන් සිටි game of throne නාට්‍ය ලෝලින් හට, විනාඩි දෙක තුනක ට්‍රේලර් එකක් ලැබීම, මේ දවස් වල ජනප්‍රිය මාතෘකාවක්. මේ වෙද්දි ට්‍රේලර් විග්‍රහයන් කිහිපයක්ම පිට වෙලා. පළවෙනියටම ස්තූති වෙන්න ඕනෙ නාත් අයියාට, ඉක්මනින් ශ්‍රව්‍ය දෘශ්‍ය පටයක් මේ ගැන ලබා දුන්නට.

ඒ වගේම මේ ලිපි බයිස්කෝප් අඩවියෙහි සුරක්ෂිත කරන තිසර මල්ලි ඇතුළු ටීම් එකටත් ස්තූතියි.

හරි. මේ වෙද්දි විසි තිස් වතාවක් පෝස් කර කර ට්‍රේලර් එක බලන්න ඇති ඔයාලා..අපි එහෙනම් අපිට දැනෙන දේවල් දකිමු.


1. ආර්‍යා

ආර්‍යා ට මේ ට්‍රේලර් එක පුරා වෙනදාට වඩා වැඩි ඉඩක් ලැබිලා තියෙනවා. ඈ තමන් මරණය දන්නා බවත්, එහි ස්වරූප දැක ඇති බවත් පවසනවා. මෙම මාරකය පැමිණෙන ස්වරූපය දකින්නට බලාපොරොත්තු වෙන බවත් පවසනවා. මේ වචන ඇය කියන්නෙ බොහොම ස්ථිරසාර හඬකින්. සැබෑම වීරවරියක් වගෙයි. හැබැයි ඈ හැබෑවටම මෙම මාරකයෙන් ඉතාම බිය වෙන බවක් අපිට පෙනෙනවා. ඈ දිව යන විදිහෙන්. ඈ දිව යන වෙලාවෙත් ඈ තුවාල ලබා ඉන්නා බවක් පේනවා. නමුත් ඈ දිවයන්නේ කොහේදැයි කුමන ස්ථානයේදැයි කියන්න, සාධක හා සාක්ෂි ටිකක් මදි. වින්ටර්ෆෙල් හී සොහොන් අතර පිහිටි උමං මාර්ග අස්සේ ඈ දිව යනවා කියා හිතෙනවා. සටන ඉතා දරුණුව පරාජය ආසන්නය ට ආ මොහොතක. ඈ සැඟවී ගත් පිරිස රැගෙන උමං මාර්ගය තුළින්ම වෙනත් තැනකට පලා යන්නට එනවාදැයි සිතෙනවා.

2. සන්සා
සන්සා මකරුන් දැකීමෙන් මවිත වුණත්, ඩැනී සමඟ හොඳ මිත්‍රත්වයක් ගොඩ නගා ගන්න පාටක් නම් නැති වෙයි. මුනිච්චාව වගේ දේවල් සර්සිගෙන් හොඳින් ඉගෙන ගත්ත සන්සාට තමන්ගෙ රාජධානිය වෙනුවෙන් ඒ ටික කරන්න බැරි නොවේවි. ටිරියන් සහ සන්සා ගෙ මුණ ගැසීමත් නරකම වෙන එකක් නෑ. කොහොම වුණත්, ශාරීරික පීඩා සහ ගෘහස්ථ හිංසනයට වැඩියෙන්ම ගොදුරු වුණු කෙනෙක් ලෙසත්, මානසික පීඩාවන්වට පත් කරනු ලැබූ කෙනෙක් ලෙසත්, සන්සා යම් සැනසිලි දායක අවසානයක් ලබන්න ඉඩ තියෙනවා. බොහෝ විට සන්සා, ජෝන් සහ ඩැනීගෙ දරුවා ට මව වෙයි කියලා හිතෙනවා. ඈ රන් හිසකෙස් ඇති දරුවන්ට ගොඩක් ආශා කළා. එහෙම හිතෙන්න එක හේතුවක් ඈ ගෙ රුව සමඟ cript trailer එකේ මවගෙ dialogue එක repeat වීම. ඒ ජෝන් ගැන පමණක් සිතා ඔහුව දේශපාලනික ලෙස සුරක්ෂිත කිරීම පමණක් නෙවෙයි කියලා හිතෙනවා.

3. Golden company
ඔවුන් සර්සි වෙනුවෙන් එන්නෙ ග්‍රේජෝයි නැව් වල. නායක තැනගෙ රුව නම් පෙනෙන්නෙ නෑ. නමුත් මේ සහය වින්ටර්ෆෙල් වලට දෙන මුවාවෙන්, වෙනත් යටි අරමුණක් වෙයි කියලා හිතෙනවා. කොහොමත් ගෝල්ඩන් කම්පැනිය තමන් නිර්මාණය වුණු පදනම එක්ක, ටාගේරියන් පිළකට සහය නොදී හිඳීවි. අනික එයාලා ජෙනුවින් කුලී හමුදාවක්. මේ අය එක්ක, අපිට ඩාරියෝ නහාරිස් ආයෙ මුණ ගැහෙන්නත් පුළුවන්. ඈ ඔහුව තනි කරලා ආපු නිසා. ගෝල්ඩන් කම්පැනිය මේ සටන සෑහෙන අමාරු කරන්නත් ඉඩ තියෙනවා .. පොරොන්දුව රකින්න ආපු, මිනිස්සු වෙනුවෙන් ආපු, ජේමිව නැවත කින්ග්ස්ලෑන්ඩිං වලට අරන් යන්න ඉඩක් තියෙනවා . පැහැර ගැනීමක් ලෙස. සමහර විට සර්සි ඒක අවශ්‍යතාව විදියට සටහන් කරයි කියලා හිතන්නත් පුළුවන්. මොකද සර්සිගෙ කැමැත්තක් නැතිවයි, ඔහු පිටවුණේ.

4. සර්සි
ඈ උගුල් ඇටවීමෙන් ලද ප්‍රීතිය සමරන්නෙ වයින් තොළ ග ගා හිනැහෙමින්. ඉතින් ට්‍රේලර් එකෙත් වයින් බොන්නෙ හොඳකට වෙන්න බෑ. ළඟ කයිබන් ඉන්නෙ මොකක් ම හරි කූට සැලැස්මක් කියලාමයි හිතෙන්නෙ. කින්ග්ස්ලෑන්ඩිං බොහොම ලස්සනට පෙනෙනවා..ට්‍රේලර් එකේ. ජොන් ගෙ අයිතිය ගැන කියද්දි. ඒත් ඒ සුන්දරත්වය ගිනි ගනී කියලා හිතෙනවා.

5.ජෝන් සහ ඩැනී
ඔවුන් බොහොම සමානාත්මතාවයකින්, මිත්‍ර බවකින් තමන්ගෙ යුධ සම්බන්ධය පවත්වා ගන්නවා. එක පෙළට හමුදාව සමග ගමන් ගන්නවා. ඒක හොඳ විදිහක්.වින්ටර්ෆෙල් වෙත ඇදෙන මහා හමුදාව දිහා කෙනෙක් ඉහළ සිට බලා ඉන්නවා. ඉස්සර නම් එහෙම ඉහළට නැගලා බලා ඉන්නෙ, උඩ නගින්න ප්‍රිය බ්‍රැන් ස්ටාර්ක්. ඒත් මේ බ්‍රැන් වෙන්න අමාරුයි.. මොකද මේ කෙනා බලන්නෙ වින්ටර්ෆෙල් වෙතට යන අය දෙස පසු පස සිට ඉහළ කෝණයකින්, ඉතින් ඒ වැදගත් චරිතයක්ද?

6.බ්‍රැන් හා සෑම්

ඔවුන් ජෝන්ට සැබෑව පවසයි කියල හිතෙනවා. එය මේ මොහොතෙ ඩැනී දැනගත්තත්, ඇය එය තර්ජනයක් ලෙස දකින්නෙ නෑ. ටාගේරියන් වරු සොභාවයෙන්ම තමන්ගෙ නෑයන්ට හදවතින් බැඳිලා ඉන්නෙ. විසේරිස් ඈ තම ස්වාමියා හරහා මරා දමන්නෙ බල ලෝභය නිසාම නෙවෙයි. ඈට ඔහු ඉතාම පිළිකුල් ලෙස තර්ජනය කරන නිසා, පීඩා කරන නිසා. ඈ කාල් ඩ්‍රෝගෝට බොහෝම පෙම් කළා. ඈ දැන් ජොන් ට ත් පෙම් කරන බව පේනවා. ඉතින් අනුවාර්‍යෙන් ඇත්ත දැන ගත්තත්, එය ඇගේ ගිවිසුම බිඳින්න සාධකයක් වෙන්නෙ නෑ. ඈ අනිවාර්යයෙන්ම ගර්භනී ඇති කියලා හිතෙනවා.


කොහොම වුණත්, ට්‍රේලර් එක පදනම් වෙන්නෙ වින්ටර්ෆෙල් වල ඇති වීමට නියමිත මහා යුද්ධය ගැන පොඩි පෙරනිමිති ටිකක් පෙන්වන්න. හිම සහ ගිනි අතර ඇතිවෙන ඝට්ටනය පෙන්වන්න. කොහොම වුණත්, ගෙන්ඩ්‍රි ආයුධ තැනීමේ මහා මොළකරු වෙලා කියලාත් අපිට ට්‍රේලර් එකේ පේනවා. ඒ වගේම තාප්පෙ හිටිය මේන් කැරක්ටර්ස් ටිකක් ජීවිතේ බේරාගෙන.. ඒකත් සතුටක්.

මේ නිකං ට්‍රේලර් එක දැක්කම උඩින් පල්ලෙන් හිතෙන දේවල් ටිකක්. අපි හෙට අනිද්දට මේකෙ තියෙන බැරෑරුම් දේවල් කතා කරමු.

යුටියුබ් එක්කල වීඩියෝව ක්‍රියා නොකරයිනම් මෙතැනින් පිවිස නරඹන්න

නෙරංජි සුලක්ඛනා (36 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

නෙරංජි සුලක්ඛනා has 36 posts and counting. See all posts by නෙරංජි සුලක්ඛනා

One thought on “Game of Thrones Season 08 (2019) | පූර්ව ප්‍රචාරක පටය සඳහා නෙරංජිගේ විවරණය

  • March 11, 2019 at 10:35 AM
    Permalink

    Wow.. Niyamay.. Enakan maga balan hitiye…
    Thanx sis..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!