Finding Dory (2015) – ඒ ගමන ඩොරි නැති වෙලා…
මතක ඇති නේද සුප්‍රසිද්ධ ත්‍රිමාණ සජිවිකරණය -Finding Nemo(2003)- පුංචි මාළුවෙකුගේ වීර ගමනක් පිළිබඳව තමන්ගේ පුංචි මාළු පුතාව හොයන්න ගිය. අර මහා බාධක ගල් පරයේ ඉඳන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දන්ත වෛද්යවරෙයෙකුගේ සුරතල් මාළු ටැංකිය දක්වා ගිය පිය සෙනෙහස. කොහොමහරි 2003 අවුරුද්ද ඇතුළත මේ “මර්ලින්” කියන පුංචි මාළු තාත්තා තමන්ගේ “නීමෝ” කියන පුංචි පුතාව හොයා ගත්තා පොඩි මැන්ටලයක් එක්ක එකතු වෙලා. මතක ඇති නේද අර කෙටි කාලින මතකය නැති වීම වගේ පුංචි ලෙඩක් තියෙන “ඩොරි” කියන අනිත් මාළුවා. මේ කියන එක මේ මතක නැහැ. 😀 එහෙව් කෙනෙක් එක්ක ගොහිල්ලා තමයි “මර්ලින්” පුත්තරයව හොයා ගත්තේ. 2003 ඉඳන් මේ “ඩොරි” නැති වෙලා 2015 නොවැම්බර් 25 තමයිලු “නැති වෙච්ච ‘ඩොරි’ හම්බ වෙන්නේ” කියලා මේ චිත්‍රපටය අධ්‍යක්ෂක Andrew Stanton කියන්නේ.
ඒ උනාට “ඩොරිව” හොයන්න යන්න ගත්ත කාලය නම් වැඩි කියලා තමයි විචාරකයෝ වගේම ප්‍රේක්ෂකයෝ කියන්නේ මොකද “නිමෝව” හොයන්න ගිහින් ලබපු වියදම උන ඇමෙරිකානු මිලියන 94, 2013 වර්ෂය වෙනකොට මිලියන 380ක් ආදායමක් වෙලා තිබ්බ එකත් “නිමෝ” හොයන්න ගත්ත උත්සාහය 355,711 දෙනෙකුගේ ප්‍රතිචාර එක්ක ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ 8.1 ක අගයක් ලබා ගත්ත එකත් නිසාම. කොහොම කොහොම හරි Andrew Stanton හට “ඩොරිගේ” මදි පාඩුව දැනිලා ආයෙත් Walt Disney Pictures සහ Pixar Animation Studios එක්ක එකතු වෙලා සැලසුමක් දැනටමත් ගහලා තියෙන්නේ “ඩොරිව” හොයන්න යන්න.
වැඩේ කියන්නේ 2003 උන සිදුවීමක් නිසා මේ “ඩොරි” කියන්නේ කවුද කියන එක දැන් ඉන්න පරම්පරාව නොදැන සිටීමත් දැනගෙන හිටපු අය ජිවතුන් අතර නැති වීම හෝ අමතක වෙන්න තරම් වැඩිමහලු වෙලා තිබීම නිසා “ඩොරිව” හැමෝටම නැවත හඳුන්වා දෙන්න 2003 “නිමෝ” හොයන්න ගිය ගමන 3D ස්වරූපයෙන් නැවතත් මෑතකදී හඳුන්වා දුන්නා. ඒකත් ඉතාම සාර්ථකව තිරගත වුණ බවක් තමයි පෙන්නුම් කරන්නේ. මේ අලුත් චිත්‍රපටයට මග පාදන්ඩ ඒ සාර්ථකත්වය විශාල වාසියක් වෙනු ඇති කියලයි නිර්මාණකරුවන්ගේ අදහසත්.
ඒ වගේම 2003 “ඩොරිට” පණ දුන්න Ellen DeGeneres ආයෙත් අශාවෙන් පෙරුම් පුරාගෙන ඉන්නවා කියලා තමයි ආරංචිය. ඒ වගේම මේ “ඩොරිව” හොයන්න අර සිඩ්නි මාළු ටැංකියෙන් පැන්න වැඩකාරයෝ සෙට් එකත් කලිෆොනියානු මුහුදු තීරයේ ඉන්න අලුත් අලුත් යාළුවො ටිකකුත් සැදී පැහැදී ගෙන මඟ බලන් ඉන්නවා කියලා තමයි ආරංචිය, මේ මෙහෙයුමට එකතු වෙන්න. ඔන්න එහෙනම් ඒ වෙනකන් කට්ටිය එහෙට මෙහෙට පීන පීන “ඩොරි” ගැන විස්තර හොයමින් ඉන්න තමයි අදහස් කරන් ඉන්නේ.
~ලිපිය හසන්ත වික්‍රමරත්න සහෝගෙන් ~
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
Pingback:ඉදිරි දිගහැරුම XCVII (Part 2) | Finding Dory (2016) චිත්‍රපටයෙ දෙවන පූර්ව ප්රචාරක පටය සිංහල උපසිරස සමඟ | Mogo Reader CDN
Pingback:ඉදිරි දිගහැරුම LXXXXVII | Finding Dory (2016) චිත්‍රපටයෙ පළමු පූර්ව ප්රචාරක පටය සිංහල උපසිරස සමඟ (10) | එල්.සී. දමැල්ග
Pingback:ඉදිරි දිගහැරුම LXXXXVII | Finding Dory (2016) චිත්‍රපටයෙ පළමු පූර්ව ප්රචාරක පටය සිංහල උපසිරස සමඟ | Mogo Reader CDN
Pingback:Finding Dory (2016) චිත්‍රපටයෙ පළමු පූර්ව ප්රචාරක පටය සිංහල උපසිරස සමඟ. (10) | එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ල
yep its gonna be a great one hopefully.
welcome machan. Thanks for the appreciation.
කෑෂ් නම් අයියෝ වෙන එකක් නැහැ කලින් සැරේ නීමෝ හොයලා බර ගානකට වග කිව්වනේ.
ලේසි නැහැ නේද වැඩේ ඩොරි පණපිටින් ඉන්නවද දන්නෙත් නැහැ 😛
dory wa hoyanda wasara 12..
wow…..
Waaaaaaaw nice…movie……
superb, thanks machan.
WAAAAWWWWWWWWWW NICE MOVIE…………
ඒ ගමන ඩොරී නැතිවලා… අයියෝ කෑෂ්!