ලිපිය#2 : Moonlight හි ශෝකාන්තය

ලියමන ලිපි මාලාවේ දෙවන ලිපිය ලෙස Moonlight තෝරා ගැනීමට සිතුණේ නුදුරු දිනකදී අහම්බෙන් එය නැරඹීමට ලැබීමෙන් ඇතිවූ ආශ්වාදයයි. එකුදු සුදු ජාතිකයෙක්වත් තම රූපරාමුවට හසු කර නොගැනීමට තරම් සූක්ෂම වූ අධ්‍යක්ෂකවරයා මේ පෙන්වන්නේ වර්ණවාදයේ අඳුරු පැල්ලමට ලක් වූ කළු ජාතිකයන්ගේ අදීනත්වයේ ප්‍රතිබිම්බයද?

 

චයිරෝන් නම් කළු ජාතිකයාගේ ජීවිතයේ මුල් බාගයේ ප්‍රධානතම අවධි තුනක් ඇසුරෙන් නාභිගත වන Moonlight චිත්‍රපටය ඇමරිකාවේ එක් ප්‍රදේශයක් මූලික කර ගනිමින් මුලු සමාජයේම එක් පැතිකඩක් අණාවරණය කරන්නකි.

චයිරෝන් ඉපදෙන්නේද, හැදී වැඩෙන්නේද නූතනත්වයට කොටු වූ එකම සමාජ ස්ථරයක් තුළයි. ජන ජීවිතයට බලපාන ප්‍රධානතම සාධකයක් ලෙස මත්ද්‍රව්‍ය වැජඹෙන ඒ සීමාවේ චයිරෝන් තමන්ගේ ජීවිතය ගොඩ නඟා ගැනීමට වෙර දරයි. චයිරෝන්ගේ මව හෙවත් පෝලා ද, දැඩි මත්දව්‍ය ලෝලිනියකි. චයිරෝන්ගේ නිවැසියන්ගේ හා අසල්වාසීන්ගේ ජීවිතද ගෙවෙන්නේ මත්ද්‍රව්‍ය හා අතිශය සමීපව ය. චයිරෝන් ජීවත් වන්නේ මත්ද්‍රව්‍යවලින් ගිලගත් සමාජ වපසරියක ය. සමාජ ස්ථරායනයක මූලිකම සාධකයන්ට පිටුපාන චයිරෝන් මේ වටපිටාවෙන් දුරස් වන්නට තීරණය කරන අයුරු ව්‍යංගයෙන් දැක්වෙන්නේ Moonlight හි සමාජ ප්‍රතිභිම්බයද ප්‍රෙක්ෂකයන්ට ළඟා කරවමිනි.

ඕනෑම සමාජයක් තුළ සම්ප්‍රදායට අභියෝග කරන මතධාරීන් බිහිවනු දැක ගත හැකිය. සම්ප්‍රදාය තුළම හැදී වැඩෙමින්, සම්ප්‍රදාය තුළින්ම තම පැවැත්ම තහවුරු කර ගනිමින්, සමාජ ආභාෂයෙන් තුළින්ම සමාජය වෙනස් කිරීමට වෙර දරන එසේ මතධාරීන් සැමවිටම සමාජය තුළ විප්ලවකාරී හැඩ පවත්වා ගෙන යනු ලබයි. Moonlight හි චයිරෝන්ද එවැනි චරිතයකි. සමාජ වපසරිය තීන්දු කරන ප්‍රධානතම සාධකය ලෙස මත්ද්‍රව්‍ය ඉස්මතු වූවද එම ලාක්ෂණිකයන්ට අභියෝග කරමින් , මත්ද්‍රව්‍ය තුළින්ම තම පැවැත්ම තහවුරු කරගන්නා චයිරෝන් නූතන සමාජයේ විකල්ප මතධාරීයාව නියෝජනය කරන ව්‍යංගාර්ථයද?

 

There are black people everywhere.

Remember that, okay?

No place you can go in the world ain’t got no black people.

We are the first on this planet!

 

චිත්‍රපටය අවසානය කරා ලඟා වන විට චයිරෝන්ගේ සමාජ භාවිතය, ඔහුගේ අතීතය හා ඝට්ටනය වීමට පටන් ගනී. සම්පදායික සමාජයට විරුද්ධ වී එයින් පැන ආ චයිරෝන් නැවතත් තමන්ගේ අතීතය හා මුහු වෙයි. පෙර වූ සාම්ප්‍රදායික සමාජයට නැවතත් අඩිය තියමින් පෙ පැවති ලෝකයම තමන්ගේ වටපිටාව කර ගනී. කලකට පෙර දුටු විකල්ප මතධාරියා චයිරෝන් කෙරන් දුරස් වී ඇති බව ප්‍රෙක්ෂකයාට හැඟී යයි.

ආරාධනා කරනවා බයිස්කෝප් හිතවතුන් සැම දෙනාටම,

මේ මඟ නොහැරිය යුතුම සලරුවක්!

Kavinu Weerakkody (8 Posts)


2 thoughts on “ලිපිය#2 : Moonlight හි ශෝකාන්තය

  • January 25, 2019 at 10:53 PM
    Permalink

    සුපිරියක් ෆිල්ම් එක

  • January 22, 2019 at 4:18 PM
    Permalink

    Tnx bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!