Gully Boy | වැයික්කියේ කොල්ලගේ රැප..

මේ වසරේ නිකුත් වෙන්නට නියමිත තවත් සුපිරි ඝනයේ සිනමා අද්දැකීමක් ගැන දැනුවත් කරන්නැයි මේ සූදානම. නම Gully Boy 2019 එහෙමත් නැතිනම් මෑත කාලයේ ට්‍රෙන්ඩින් වල ඉහලින්ම වැජඹෙන රන්වීර් සිං කොළුවගේ ඊළඟ සුපර් හිට් එක. ඩෑල් එක යුගදිවියට පත් වෙලා තවමත් වැඩි දවසක් ගෙවී ගොස් නෑ. ඒ වගේම පොරගේ Simmba 2018 චිත්‍රපටය තවමත් සාර්ථක ගමනක නියැලෙමින් බ්ලොක්බස්ටර් ලේබල් එක අලවගන්නට සමත් වෙමින් තිබෙනවා.  Zoya Akhta අධ්‍යක්ෂණය කරන ගලි බෝයි චිත්‍රපටිය ලබන පෙබරවාරි 14 වැලන්ටයින් දිනයේ ලොවපුරා තිරගතවීම ආරම්භ කිරීමට නියමිතයි.
රන්වීර් සිං එක්ක මේ චිත්‍රපටියේ රංගනයේ නිරතවෙන්නේ සුරූපී ආලියා බාත් කෙලි ගැටිත්ත. ඒ දෙන්නට අමතරව Kalki Koechlin,  Siddhanth Chaturvedi, Vijay Raaz, Vijay Varma, Amruta Subhas   එහෙමත් මේ සඳහා රංගන දායකත්වය සපයනවා.
මුම්බායිහි ඉන්න කොල්ලෙක් රැප් වලට ආස වෙලා ගහන ගේමක් ගැන තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. Excel Entertainment production ආයතනය යටතේ නිෂ්පාදනය සමගින් AA Films සහ Zee Studios International ආයතනය විසින් බෙදාහරින මෙම සිනමා සිත්තම ළඟදීම එනම් වැලන්ටයින් දින සිට තිරගත වීම ආරම්බ වෙනවා වගේම හොඳ කෝපි නිකුත් වූ විගස අපගේ මව් අඩවිය වෙතින් ඔබ හට ගෙන එන බලාපොරොත්තුවෙන් අප කණ්ඩායම ඇඟිලි ගැන ගැන බලා සිටිනවා.
එහෙනම් දිගටම රැඳී ඉන්න කියල ආරාධනා කරනවා සිංහල උපසිරැසිකරණයේ මහ ගෙදර බයිස්කෝප් සිංහලෙන් සමගින්. ඒ වගේම පූර්ව ප්‍රචාරක පටයත් පහලින් බලාගෙන යන්න කියල ආරාධනා කරනවා.

සිංහල උපසිරැසි ගැන්වූ පූර්ව ප්‍රචාරක පටය මෙතැනින් පිවිස නරඹන්න

තාරක නුවන් දිල්හාර (113 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!