Men In Black – International (2019) | පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමඟ

  • Men In Black ආයෙමත් එනවා කියලා අවුරුදු ගාණක් තිස්සේ හොලිවුඩයේ කතාවුණා.ඒත් මේ ළඟදි තමයි Men In Black Official Site එකේ දාලා තිබුණේ Men In Black – International කියල අලුත් එකක් එනවා කියල.මේ ෆිල්ම් එක Original Men In Black Trilogy එකට සෙට් කරන්න තමයි හිතන් ඉන්නේ.ඒත් අලුත් චරිත යොදවලා, අලුත් තැන්වල ෆිලුම ශූට් කරලා වෙනස් විදියකට හදලා තියෙන්නේ.
    Titel – Men In Black : International
    Release Date – June 14, 2019
    Cast – Chris Hemsworth, Tessa Thompson, Liam Neeson, Rebecca Ferguson, Emma Thompson, Kumail Nanjiani
    Director – F.Gary Gary
  • චිත්‍රපටයේ නිල නාමය අවසානයට ප්‍රකාශයට පත් කළේ දෙසැම්බර්වල. ඊටපස්සේ එයාලගේ නිල Twitter ගිණුමේ ෆිල්ම් එකේ ලෝගෝ එක සටහන කරලා තිබුණා. 
  • Marvel Studio එකේ තරුව වන Chris Hemsworth හෙවත් Thor (අකුණට අධිපති) සමඟ නැවතත් එකතු වෙලා තියෙනවා  Thor: Ragnarok ෆිල්ම් එකේ නිළිය වන Tessa Thompson සමඟ, ප්‍රධාන චරිත විදියට.තව Taken ෆිල්ම් එකේ ප්‍රධාන වන Liam Neeson ටත් ෆිල්ම් එකේ චරිතයක් දීලා තියෙනවා.Chris Hemsworth එයාගේ Instagram හා Twitter ගිණුම් වල දර්ශන වාර ගන්න අතර තුර Tessa Thompson සමඟ ගත්ත පිංතූර වගයක් දාලා තිබුණා.
  • Men In Black III වෙනි චිත්‍රපටයේ හිටිය වන ඒජන්ට් O (Men In Black සංවිධානයේ ඇමරිකාවේ ශාඛාsවේ සභාපති) Emma Thompson වෙනස්ම විදියට මේ චිත්‍රපටයේ ඒ චරිතයට රඟපායි.මෙම චිත්‍රපටය රූගත කිරීමට කලියෙන් මෙහි එන චරිත හා එම චරිත සඳහා නළු නිළියන්ගේ නම් වර්තා කර තිබුණි.Jurrasic World: Fallen Kindom චිත්‍රපටයේ Rafe Spall හා Oscar සම්මාන සඳහා නාම වරම් ගත් The Big Sick චිත්‍රපටයේ Kumail Nanjiani සහ මෑතකදී ජනප්‍රිය වූ Les Twins (Laurent Nicolas Bourgeois & Larry Nicolas  Bourgeois) කියන වැඩකාර නර්ථන ශිල්පීන් දෙන්නත් මේකට සහභාගි කරන් ඉන්නවා.
  • අධ්‍යක්ෂවරයා ගැන කිව්වොත් කලින් ආව Men In Black චිත්‍රපට 03 අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Barry Sonnenfeld විසිනි.ඒත් මේ අලුත් චිත්‍රපටය Friday හා  The Fate of the Furious ෆිල්ම් දෙක අධ්‍යක්ෂණය කරපු F.Gary Gary තමයි මේකේ අධ්‍යක්ෂවරයා.
  •  Original Franchise තරුව වන Will Smith හා Tommy Lee Jones දෙනා මේ ෆිල්ම් එකේ නැහැයි කියලා තමයි කටකතා වල කියන්නේ.
– අපි තමයි කලු ඇදගත් මිනිස්සු –
පූර්ව ප්‍රචාර පටයට අදාළ උපසිරැසි ගැන්වීම හා සටහන
– පසියා –
යූටියුබ් එක්කල පූර්ව ප්‍රචාරක පටය ක්‍රියා නොකරයිනම් මෙතැනින් පිවිස නරඹන්න
පසිඳු මධුමාල් (11 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!