Superheroes (සුපිරි වීරයින්ගේ තතු) #1- රැඩිකල් වීරයා- අයන් මෑන්

ඔන්න මංසලේ අළුත් ලිපි මාලාවක් පටන් ගන්නයි සූදානම. ඉතිං ඔන්න පළවෙනි ලිපිය ගේන්නේ මගේ ආසම මාර්වල් කොමික් එකෙන්. ඉතිං අද අපේ මාතෘකාව වෙන සුපිරි වීරයා තමයි අයන් මෑන්. මෙයා ගැන හුඟක් අය දන්නවනේ? මොකද MCU එකේ ප්‍රධාන චරිතයක් තමයි මේ ටෝනි ස්ටාර්ක් නොහොත් අයන් මෑන්. මේ ලිපියෙන් අපි මේ චරිතේ ඉතිහාසය ඇතුළු දේවලුත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

අයන් මෑන් නොහොත් ඇන්තනි එඩ්වර්ඩ් “ටෝනි” ස්ටාර්ක් මාර්වල්හි ප්‍රධාන සහ ජනප්‍රිය චරිතයක් කිවුවොත් නිවැරදියි. මෙයාගේ නිර්මාණකරුවා තමයි මෑතකදී අප අතරින් සමුගත් ස්ටැන් ලී. ඊට අමතරව ලැරී ලයිබත්, ඩොන් හෙක් සහ ජැක් කර්බිත් සම්බන්ධ වෙලා තියෙනවා.
ටෝනී ස්ටාර්ක් අයන් මෑන් වෙන හැටි ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ; ඒත් ඒ ගැනත් පොඩ්ඩක් කියලම ඉන්නම්. ඇමරිකාවේ පොහොසත් වගේම බුද්ධිමත් විද්‍යානයෙක් වෙන ටෝනි පැහැරගැනීමක්දී දරුණු ලෙස පපුව තුවාල කරගන්නවා. ටෝනිව පැහැරගන්නේ යම් කිසි ආයධයක් හදාගන්නා අරමුණින්. ඒ වෙලාවෙදී ටෝනි ආයුධය හදනවා වෙනුවට එතනින් පැනගන්න ආමර් එකක් හදනවා. ඒක තමා ටෝනි ලොවක් මවිත කරන සුපිරි වීරයෙක් වෙන්න තැබූ පළමු පියවර. පස්සෙ කාලෙදී ටෝනි එයාගේ ආයතනය වුණ “ස්ටාර්ක් ඉන්ඩස්ට්‍රීස්” (Stark Industries) යොදා ගනිමින් මාර්වල්හි තියෙන දියුණුම තාක්ෂණයකින් යුක්ත ආමර්වලින් එකක් හදනවා. පස්සෙ කාලෙකදී ටෝනි තමන් අයන් මෑන් බව මාඬ්‍ය හමුවේ නිවේදනය කරනවා. ඒ නිසා යකඩ මිනිසා තමන්ගේ නියම පෞර්ෂය නොසඟවන සුපිරි වීරයෙක් බවට පත්වෙනවා. කොහොම හරි පස්සෙ අයන් මෑන් ඇවෙන්ජර්ස්හි ප්‍රධානතම වීරයෙක් බවටත් පත්වෙනවා.
01- ඉතිහාසය
 
1.1- ප්‍රථම හඳුන්වා දීම
අයන් මෑන් චරිතය ප්‍රථම වරට හඳුන්වා දෙන්නේ Tales of Suspense #39 කොමික් කතාවෙන් 1963 දී. ඒ ස්ටැන් ලීගේ වුණ ධනවත් වීරයෙකුගේ අදහස නිසා.
 
    “මං හිතන්නේ මං මටම අභියෝගයක් කරගත්තා කියලයි. ඒක යම්කිසි සීතල යුද්දයක්. පාඨකයෝ, තරුණ පාඨකයෝ, එයාලා අකමැති එක දෙයක් තිබුණොත්, ඒක යුද්දයක්, ඒක මිලිටරියේ… ඉතිං මං හැදුවා සියක උපාදියක් තියෙන කෙනෙක්. එයා ආයුධ හදනවා, එයා හමුදාවට ආයුධ හදනවා, එයා පොහොසත්, එයා ව්‍යාපාරිකයෙක්… මං හිතුවේ කවුරුත් අකමැති චරිතයක් හදන එක එක් තරා සතුටක් කියලා, පාඨකයෝ කවුරුත් අකමැති, ඒ වගේම බලෙන් කියවන්න දීලා… මාරම ජනප්‍රිය වෙන.”      – ස්ටැන් ලී
                                                                                                                          
ඉතිං ඔහොම කාලයත් එක්ක අයන් මෑන් චරිතය ලොව පුරා ලොකු කුඩා ඕන කෙනෙක් දන්න, අඩුම තරමේ අහලා හරි තිබිය යුතුම චරිතයක් බවට පත් වුණා. ඉතිං මේ චරිතයත් ලී හදපු හොඳම චරිත ගොඩට වැටුණා.
අයන් මෑන් හඳුන්වා දුන් Tales of Suspense #39
අයන් මෑන්ගේ රතු සහ රත්තරං පාට සහිත ආමර් එක හඳුන්වා දුන් Tales of Suspense #48

1.2- සෝලෝ මාලාවන්
 
99 වෙනි නිකුත් කිරීමෙන් පස්සේ Tales of Suspense කොමික් කතා මාලාව කැප්ටන් ඇමරිකා ලෙස නම් කෙරුණා. ඊට පස්සේ Iron- Man and Sub- Mariner කියන වන් ශොට් සීරීස් 1968 අප්‍රේල් වල නිකුත් කරනවා, ඒ Golden Avengers සහ 1968 මැයිවල නිකුත් වෙන Iron Man #1 සෝලෝ කොමික් එකට කලින්. ඊට පස්සේ මුල් කතාව 1996 සැප්තැම්බර්වල අවසන් වෙන්නේ 332 නිකුත් කිරීමෙන්. ඊට පස්සේ පැරලල් යුනිවර්ස් එකක් වටා ගෙතෙන නිකුත් කිරීම් 13 යුක්ත වෙළුමත්, පසුව වෙළුම් කිහිපයකුත් නිකුත් වීම අයන් මෑන්ගේ ඉතිහාසය තුළ වූ සාර්ථකත්වයට බලපෑ බව සඳහන් වෙනවා.
ඉන් පසුව අයන් මෑන් වටා ගෙතුණු කොමික් මාලාවන් කීපයක්ම නිකුත් වන්නේ The Invincible Iron Man, Iron Man: Director of S.H.I.E.L.D. නම් ජනප්‍රිය කොමික් කතාත් ඇතුළුව.


2- චරිතය
2.1- මූලාරම්භය
ස්ටාර්ක් චරිතය ගැන ඔයාල දැනටමත් දන්නවා ඇතිනේ, මොකද MCU එක තුළත් මේක කතා බහට ලක් වුණ නිසා. ඒ නිසා මේ ගැන ටිකක් විතරක් සඳහන් කරන්නම්.
ටෝනිගේ සම්පූර්ණ නම තමා ඇන්තනි එඩ්වර්ඩ් “ටෝනි” ස්ටාර්ක්. මෙයාගේ තාත්තා තමා හෝවර්ඩ් ස්ටාර්ක් සහ මව මරියා ස්ටාර්ක්. ටෝනි කුඩා කාලේ ඉඳන්ම ඉතාමත් බුද්ධිමත් චරිතයක් කීවොත් නිවැරදියි, මොකද මෙයා අවුරුදු පහලවේදීම MIT එකෙන් electrical engineering පැත්තට යනවා. පසුව මෙයා ෆිසික්ස් වලින් සහ electrical engineering ඉහළම උපාදියක් ගන්නවා. මෙයාගේ දෙමවුපියන් රිය අනතුරකින් මියගියාට පස්සේ ටෝනි එයාගේ තාත්තගේ ව්‍යාපාරය භාරගන්නවා.
කාලයත් එක්ක ටෝනිගේ ජීවිතේ වෙනස්ම පාරකට යොමු වෙන ලොකු සිද්ධියක් වෙනවා. ඒ ටෝනි පැහැරගැනීමකදී බරපතල අනතුරකට ලක් වීමයි. වොං- චූ කියන පුද්ගලයා ටෝනි ස්ටාර්ක්ව ආයුධයක් සෑදීමට එකතු කරගන්නවා. එකතු කරගන්නවා කිවුවට ටෝනිට බරපතල විදිහට තුවාල ඇතිකරන පැහැරගැනීමකුයි සිදු කරන්නේ (තුවාලය සිදුවෙන්නේ හදවත ආශ්‍රිතවයි). ඒත් ටෝනිගේ වාසනාවට එයා හිටපු හිර කූඩුවේම නොබෙල් ත්‍යාගය දිණූ හෝ- යින්සෙන් කියලා කෙනෙක් ටෝනිට කාන්දම් බලයකින් යුක්ත කෘතීම හදවතක් සවි කරලා අනාගත වීරයෙකුගේ ජීවිතය බේරගන්නවා. කොටින්ම කිවුවොත් ඒක තමයි අයන් මෑන් කියන චරිතය ඇතිවීමට දැමූ අත්තිකාරම. පස්සේ හෝ සහ ටෝනි එකතු වෙලා හිර කූඩුව ඇතුලෙම වොංගේ ආයුධය හැදීමට ලබා දුන් ආම්පන්න යොදාගනිමින් බල සම්පන්න ආමර් එකක් හදනවා. ඒ මෙතනින් පැන ගැනීමේ අරමුණින්. ආමර් එක හැදුවට පස්සේ මේ දෙන්නා පලා යන්න සූදානම් වෙනවා. නමුත් දෙන්නටම යන්න හම්බෙන්නේ නෑ. හෝ ටෝනිව බේරාගන්න තමගේ ජීවිතය පරිත්‍යාග කරනවා. පස්සේ තමන්ගේ හතුරගෙන් පලි අරගෙන නැවතත් ජේම්ස් “රෝඩි” රෝඩ්ස් ප්‍රමුඛ ගුවන් හමුදාවට එක් වෙනවා.
ගෙදර ආවට පස්සේ ටෝනි හොයාගන්නවා තමන්ගේ පපුව තුළ ඇති උණ්ඩය ඉවත් කල නොහැකි බව. කොහොම හරි මෙයාට එයාගේ චෙස්ට්ප්ලේට් එක රීචාර්ජ් කරන්න වෙනවා. නැත්නම් එයා තුළ ඇති උණ්ඩය එයාව මරා දමනවා. ඔන්න ඔහොම ටෝනි අයන් මෑන් ලෙස වැඩට බහිනවා. පස්සේ කාලෙකදී ටෝනි මාධ්‍ය හමුවේ තමන් අයන් මෑන් බවත්, අයන් මෑන් යනු හුදෙක් ආරක්ෂකයෙක් බවත් පවසනවා.
 
2.2- සතුරන්
 
හැම වීරයකුටම හතුරෙක් ඉන්නවා වගේ අයන් මෑන්ටත් හතුරෝ බොහොමයයි. ඉන් කිහිප දෙනෙකුත් කියලම ඉන්නම්කෝ.
2.2.1- මැන්ඩරින්

මෙයා අපරාධකාරයෙක්. Iron Man 3 (2013) බලලා තියෙන අයනම් මෙයාව දන්නවා ඇති. තියෙන විදිහට නම් මෙයාට මාශල් ආර්ට්ස්සුත් පුළුවන්.

මැන්ඩරින් (MCU)
 
2.2.2- ජස්ටින් හැමර්

මෙයා ව්‍යාපාරිකයෙක්. ටෝනිත් එක්ක මාර ඉරිසියයි. මෙයා Iron Man 2 එකේ හිටියා. මෙයා අයන් මෑන් එක්ක හැප්පෙන්න ආමර් සෑදීම වගේ දේවල් කරලා තියෙනවා.

ජස්ටින් හැමර් (MCU)

2.2.3- අයන් මෑන්ගේ තවත් හතුරන් කිහිප දෙනෙක්


මෝඩොක්:

ශොක්වේව්:
ස්ටේන්:
 ජස්ටිනී හැමර් (ජස්ටින් හැමර්ගේ දුව):
බ්ලිසාර්ඩ්:
නෝර්මන් ඔස්බෝර්න්:


2.3- සහයකයින්
වීරයෙකුට හතුරොම විතරක් නෙවෙයිනේ ඉන්නේ. ඔවුන්ට තමන්ගේ ජීවිතයම පරදුවට තබලා ඔවුන් සමඟ සටන් වදින මිත්‍රයින් ඉන්නවනේ. අපි බලමු එහෙනම් අයන් මෑන්ට ඒ වගේ ඉන්න මිත්‍රයින් කිහිප දෙනෙක් ගැන.
2.3.1- පෙපර් පොට්ස්
ටෝනිගේ ළඟම තැනැත්තියනේ පෙපර්. අයන් මෑන්ට සහය දෙන්න කැප වෙලා ඉන්න ක්නෙක් විදිහට හැදින්වුවොත් වඩා නිවැරදියි.
2.3.2- හැපී හෝගන්
 
හැරල්ඩ් ජෝසප් හැපී හෝගන් අයන් මෑන්ගේ තවත් ළඟම යාළුවෙක්.
2.3.3- වෙනත් සහය චරිත
උඩ සඳහන් කළේ ටෝනිගේ ළඟම සහයකයින්. ඊට අමතරව,
බෙතනි කේබ්
බ්ලැක් විඩෝ
එඩ්වින් ජාර්විස්
ෆ්‍රයි ඩේ
හෝව්ක්අයි
හල්ක්
වෝර් මැශීන් වගේ අයත් මතක් කල යුතුමයි.

 


 

3- ශක්තීන්, හැකියාවන් සහ ආයුධ
දැන් අපි අයන් මෑන්ගේ වැදගත්ම දේවල් කතා කරමු.
3.1- ආමර් එක
ආමර් එක තමයි අයන් මෑන්ගේ වැදගත්ම දෙය. අයන් මෑනුත් බැට්මෑන්ට සමානයි. මොකද අයන් මෑන්ටත් සුපිරි බලයක් නෑ බැට්මෑන්ට වගේම (ඒක අපි පස්සේ කතා කරමු). ආමර් එක මෙයාට ඩැඩි ශක්තියක් සහ ආරක්ෂාවක්, පියෑඹීමේ හැකියාව වගේම විවිධාකාර ආයුධ රැසක් ලබා දෙනවා.
අයන් මෑන් මාර්ක් IV ආමර් එක
ආමර් එක කාලයත් එක්ක වෙනස් වෙනවා. ඒකෙන් ආමර් එකට විවිධ ආම්පන්න එක් වෙලා තියෙනවා අද වෙද්දී.
3.2- ශක්තීන්
ආමර් එකේ ෆ්‍රයිඩේ වගේ AI Assistance ලා භාවිතා කරලා තියෙනවා. ඒකෙන් ටෝනිට මනසින් සහ හඬ පණිවුඩයකින් ඔටෝම දේවල් පාලනය කරන්න පුළුවන්. ඒ වගේම බලවත් විදුලියක් යොදා ගනිමින් අයන් මෑන් ආමර් එකට තමා විසින්ම චාර්ජ් වෙන්නත් පුළුවන්.
 
3.3- හැකියාවන්
ටෝනිට ගණිතය, ෆිසික්ස්, රසායන විද්‍යාව සහ පරිගණක ක්ෂේත්‍ර යන දේවල් ගැන හොඳම බුද්ධිමතෙක්. ඒ වගේම කාර්මික පැත්තෙනුත් ටෝනි සුපිරිම දැනුමක් ලද කෙනෙක්. ඒ වගේම ටෝනිගේ බොහෝ මිතුරන් හෑන්ක් පිම්, බෲස් බැනර්, රීඩ් රිචර්ඩ් වගේ බුද්ධිමත් තැනැත්තන්; ඒ වගේම ඔවුන් ටෝනිත් එක්ක බුද්ධියෙන් හැප්පෙන අය. ඒ වගේම මෙයාට කැප්ටන් ඇමරිකාගෙන් ලැබුණු සටන් ක්‍රම පිළිබඳ දැණුමකුත් තියෙනවා.


 

04- රූපවාහිනී කතා සහ චිත්‍රපට
1996 ඇනිමේෂන් කතා මාලවකත්, Iron Man:Armored Adventures හිත් අපිට මේ චරිතය දැක ගත හැකියි. Avengers Earth’s Mightiest Heroes, Avengers Assemble සහ Ultimate Spider-man
හිත් අපිට අයන් මෑන්ව දැකගන්න පුළුවන්.
Iron Man (2008), Iron Man 2 (2010), Avengers (2011), Iron Man 3 (2013), Avengers 2 (2015), Captain America Civil War (2016), Spider-man Homecoming(2017) සහ Avengers Infinity War හි අපට අයන් මෑන්ව චිත්‍රපට තුළින් දැක ගත හැකියි. ඒ වගේම මේ අවුරුද්දේ රිලීස් වෙන Avengers End Game හිත් අපට අයන් මෑන්ව දැකගන්න හැකිවෙයි.
(ඉහත චිත්‍රපට සියල්ලෙම සිංහල උපසිරැසි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් නොමිලේ ලබාගන්න)

ඔන්න ලිපියේ අවසානයට ඇවිල්ලයි ඉන්නේ. අද අපි කතා කළේ මාර්වල්හි සහ ඇවෙන්ජර් හි දැවැන්ත චරිතයක් වෙන අපි කවුරුත් ආදරේ කරන අයන් මෑන් ගැන.
ලිපිය කියවූ ඔබට ස්තූතියි. ඒ වගේම ඔයා දැකපු ලිපියේ වැරැද්දක් හරි, නොලියවෙච්ච දෙයක් තිබුණොත් හරි කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ. ඊළඟ Superheroes (සුපිරි වීරයින්ගේ තතු) ලිපිය ජනප්‍රිය DC චරිතයක් ගැන වේවි. අදට එහෙනම් බයිස්කෝප් ප්‍රේක්ෂක ඔබෙන් සමුගන්නවා.
තවත් නිර්මාණයකින් නැවත හමුවෙන තුරු ඔබ සැමට සුභ දවසක්!
සචින්ත කල්හාර (9 Posts)


4 thoughts on “Superheroes (සුපිරි වීරයින්ගේ තතු) #1- රැඩිකල් වීරයා- අයන් මෑන්

  • January 13, 2019 at 10:31 PM
    Permalink

    Tnx bro

  • January 10, 2019 at 2:44 AM
    Permalink

    Lipiya niyamai.Thanks

  • January 9, 2019 at 9:40 PM
    Permalink

    එළ.ස්තූතියි

  • January 9, 2019 at 12:58 PM
    Permalink

    Maru lipiya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!