විප්ලවීය දෙවැන්න: Revolution Season-1 | Part-2

මාස හතරක නිහැඬියාවකින් පස්සෙ ඔන්න; ලෝකයේ ගමන් මග වෙනස් කරමින් මහත් පෙරළියක් සිදු වන අයුරු කැටිකරගත් ටෙලි කතාංගය නැවත වරක් තිරයට එන්ඩයි ලෑස්තිය. Revolution – S01|P02. පළමු කතා සමයෙහි දෙවෙනි බාගය. (පළවෙනි බාගය –S01|P01–  මෙතනින් අරගන්න)

විධායක නිෂ්පාදක සහ මාලා නිර්මාපක Eric Kripke කියන්නෙ මේ මාස හතරක කාලය තිරරචකයන්ට කතාවට අවශ්‍ය යම් වෙනස්කම් කරන්ඩ සහ වැඩි දියුණුකිරීම් කරන්ඩ ඉඩ සැලසූ බව. ඔහු කියන්නෙ නම්; “නිර්මාණාත්මකව, මම හිතන්නෙ ඒක සාර්ථකයි. දෙවෙනි බාගය මුල් එකට වඩා ඉහළයි.” අනික් කාරණේ මුල් බාගය ගැන ප්‍රේක්ෂකයන් කියපු දේවලටත් ඔහු ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඔහු පිළිගන්නවා මුල් බාගය බොහොම හෙමින් ඉදිරියට ඇදුණු බව. මේක කතාවෙ තිබිච්ච ලොකු අඩුවක් විදිහට හුඟ දෙනෙක් හැඳින්වුවා විතරක් නෙමෙයි, ඒ හේතුවෙන්ම ප්‍රේක්ෂකයන්ට ඉවසුම් නැතිව ගියා ඊගාවට වෙන්නෙ මොකද බලාගන්ඩත්. හැබැයි මේ පාර එහෙම වෙන එකක් නෑලු. “අපි කතාව ප්‍රමාණවත් වේගයකින් ගෙනගියේ නෑ තමයි. අපි ඇබින්දක් වතුර කලතලා තිබ්බා විතරයි.” ඔන්න ඔහුගේ ප්‍රතිචාරය.

මේක තහවුරු කරන්ඩ PaleyFest සමුළුවට ආපු අයට 11 කොටසින් මිනිත්තු 8ක් පෙන්නුවලු. බලාපු අය කියන්නෙ මේ පාර ඇක්ෂන් කෝටියයි කියලලු. ක්‍රියාදාම සහ කුතුහලයත් ජවයත් නොඅඩුවම තියේලු මේ පාර… ඒ විතරද? අපෝ නෑ! Monroe Militiaවට වඩා කතාව වෙනත් පැති වලට යනවලු. මේ පාර ඊටත් හපන් වෙට්ටපිත්තලයෙක් එකතු වෙනවලු. ඒ අතරෙම වෙනත් දිහාවල සෙවීම් කරන්ඩ අපේ වීරයන් පිරිස යොමු වෙනවලු.

ලොකුම ප්‍රශ්නෙ ඊළඟට! කොහොමද වගේම ඇයි බලශක්තිය ඇණහිටියේ? උත්තරේ මේ පාර හම්බෙයි වගේ… මොකද හේතුව දන්න කෙනා මේ පාර වීරයෝ කට්ටියට එක්කාසු වෙන නිසා. ඒ අතරවාරෙ මේ එක් එක් චරිතවල කැ‍රැට්‍ටුව ගැනත් අපිට දැනගන්ඩ ලැබෙන වගටත් පොරොන්දුවක් ලැබිලා. ඔවුන්ගෙ අතීත් කෙරුවාව, මේ සිද්ධියට ඒ අය ඈ‍ඳෙන විදිහ, වගේ දේවල් මේ පාර හෙළි වෙයි. නිසැකවම පැහැදිලි එක දෙයක් තමයි Miles ගෙ අතීත කෙරුවාව ගැන දැනගන්ඩ ලැබෙයි. මොකද කියැවෙන විදිහට මේ සිද්ධිය මීට වසර පහකට කලින් වුණානම් එකෙන්ම නරක හාදයා වෙන්නෙ එයාලු. ඒකයි හේතුව. ඒකට එයා දැන් හොඳ වෙන්ඩනෙ හදන්නෙ, ඒ නිසා එයාගෙ විස්තර හුඟක් තියේවිලු. ඒ ඇරුණහම Mathison පවුලට අමතරව වෙනත් පවුල් දිහාවටත් අවධානය ටිකක් යොමු වෙයි වැඩ සිද්ධ වේගෙන යන පිළිවෙළ හින්දා.

ගිය පාර අහවර වුණු හැටි මතක් කළෝතින්; Monroe සීමිත බල මූලාශ්‍ර කිහිපයක පාලන බලය නතු කරගත්තා. ඒ වගේම ඉතාම ප්‍රයෝජනවත් පෙතිකැටක්(Pendant) අත් පත් කර ගත්තා. Rachelට ඔහු වෙනුවෙන් ඊට වර්ධකයක්(Amplifier) හදන්නටත් බල කළා. ඒකට අනුව ඉදිරි මාසවලදී ලෝකයේ බල ශක්තිය කොයි අතකට අහුවේවිද කියන එක බොහොම අවිනිශ්චිතයි. Kripke කියන විදිහට තාක්ෂණය කතාවේ ගළායෑමේ වැඩි බලයක් පතුරුවන්නටයි යන්නේ. ඒ කියන්නෙ ගිය වර අහිමි වුණ බලශක්තියෙන් බොහොම සුළු තරමක් මේ වර ප්‍රකෘති ස්වරූපයට පත් වේවි. ඒ වුණාට මේ පාරත් ලෝකෙන් බොහොම පොඩි හරියකට මිස මුළු ලෝකෙටම ඒ වාසනාව ලැබෙන්නෙ නැති වෙයි වගේ.

කතාවෙ දෙවෙනි බාගෙ මාර්තු 25 දා හිටං NBC නාලිකාවෙන් විකාශය වෙනවා. එහෙමනම් ඔන්න මම රොයිලිව අමාරුවෙ දැම්මා… 😀 මොකද…? වැඩ තියෙයි! හා…….. 😉

10 thoughts on “විප්ලවීය දෙවැන්න: Revolution Season-1 | Part-2

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!