Mortal Engines (2018) [යන්ත්‍ර බලයෙන් පණගැන්වු නගරයක් ]

ඔන්න මේ වනවිට මුළු ලෝකයේම සිනමා ලෝලීන්ගේ ඇස් යොමුවෙලා තියන චිත්‍රපටියක් ගැන විස්තරක් තමයි මේ ඇරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක හදලා තියෙන්නේ The Load Of The Ring, The Hobit ෆිල්ම් සීර්ස් එක හදපු කට්ටිය. ඉතින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ඔවුන් මේ චිත්‍රපටය වෙනුවෙන් යොදවලා තියනවා .Philip Reeve මහතා විසින් 2001දි රචනා කරන ලද Mortal Engines කියන ක්‍ෘතිය පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. The load of the rings වගේ ලෝප්‍රකට සිනමාක්‍ෘති රැසක් කරපු Christian Rivers මහතා තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ශකයා විදිහට කටයුතු කරන්නේ.

(හිතාගන්න පුලුවන්නේ මේක කොහොම එකක් වෙයිද කියලා).ඉතින් මේකේ කතාව ගැන කියනානම්,
 මිනිසා විසින් කරන ක්‍රියාකාරකම් නිසාම අපු මේ ජීවත් පොලෝ තලය අනාගතයේදී කෑලී කෑලී වලට කැඩිලා යනවා. ඉතින් වසර සියගනනකට පස්සේ මිනිසුන් විසින් තාක්ශනය පාවිච්චි කරලා අර විනාස උන නගර අහසේ, මුහුදේ වගේ තැන් වල නැවතත් ගොඩනගනවා. ඒත් සමහර මිනිස්සු මේ හැම දෙයක්ම අධ්‍යනය කරලා තමන්ගේ නගරය රෝද උඩ ගොඩ නගනවා. හරියට එහා මෙහා යන්න පුලුවන් විදිහට, කොටින්ම කියනවනම් යන්ත්‍රයක් විදිහට. ඉතින් මෙහෙම ගොඩනගපු එක නගරයක් තමයි ලන්ඩන් නගරය. ලන්ඩන් නගරය අනිත් හැම නගරයකටම වඩා වෙනස්, විණාශ කාරීයි. ඒක ගමන් කරනකොට ඒකට හරස් වෙන ඕනම දෙයක් ඒක ඒ වෙලවෙම විනාස කරලා දානවා… ඉතින් හේස්ටර් ශෝ කියන තරුනිය, එයාගේ යාලුවා ටොමියි එක්ක එකතුවෙලා එයාගේ අම්මගේ මතකයනුත් උදව් කරගෙන අර විනාසකාරී ලන්ඩන් නගරයෙන් තමන්ගේ  සමීපතයන් බේරගන්න රහසේ සංවිදානය වෙලා යුද්දයක් ආරම්බ කරනවා. ඉතින් ඒ මොකක්ද කියලා බලාගන්න නම් අපිට 2018 දෙසැම්බර් 13 වෙනකල් ඉවසන් ඉන්න වෙන්වා.
ඉතින් මේකත් The maze runner ෆිල්ම් සීරීස් එක, divergent ෆිල්ම් සීරීස් එක වගේ සුපිරියක් වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ වගේම මේකේ පොත් මාලාවේ තවත් පොත් තියනවා ඒක නිසා මේකෙන් ඉස්සරහටත් තව ච්‍රිත්‍රපටි 3ක්  අපිට බලාගන්න පුලුවන් වෙයි කියලා හිතමු.
එහෙනම් පහලින් තියන ට්‍රේලරෙන් වැඩි විස්තර සිංහල උපසිරසිත් එක්කම බලන් යන්න.
යූටියුබ් වීඩියෝව ක්‍රියා නොකරයිනම් මෙතැනින් පිවිස නරඹන්න
දිල්ශාන් සචින්ත (42 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *