The Secret Life of Pets 2 (2019) [“මිතුරුකම” දෙවන දිගහැරුම]

The Secret Life of Pets ඩොලර් මිලියන බර ගානක් යට කරලා නිර්මාණය කරපු මේ චිත්‍රපටිය ලොව පුරා විකාශනය ආරම්භ කරේ 2016 වසරෙදි. ඒක ඇවිල්ල රසිකයෝ අතර අතිශය ජනප්‍රිය උනා. ඒ වගේම ඇමරිකන් ඩොලර් මිලියන බර ගානකුත් හොයන්න පුකුවන් උනා. ඒකේ උනේ මොනවද කියලා හැමෝටම මතක ඇතිනේ.

කේටි කියන්නේ නිව්යෝර්ක් වල තනියෙන් ජීවත් වෙන කෙල්ලෙක්.තනියෙන් කිව්වට එයාට ලස්සන බල්ලෙකුත් ඉන්නවා. ඒ තමයි මැක්ස්. මැක්ස්ගේ මුළු ලෝකෙම කේටි. කේටිත් මැක්ස්ට ගොඩක් ආදරෙයි. මෙහෙම ඉද්දි මේ දෙන්න අතරට තව කෙනෙක් එනවා. ඒ තමයි ඩූක්.ඇත්තටම කේටි තමයි එයාව එක්කගන එන්නේ. බලු කොටුවේ හිරකරගෙන ඉන්නවා දැකලා.ආයේ අහන්න දෙයක් නෑනේ ආදරේ බෙදෙනවානේ.මැක්ස්ට මේක කටු අනින්නා වගේ. ඩූක් මැක්ස් දෙන්නා එකිනෙකා තරහයි.ඔහොම ඉද්දි මැක්ස්ගෙයි ඩූක්ගෙයි වෛරයේ පලිගැනීමක් නිසා ඒ දෙන්නටම ගෙදර මග ඇරෙනවා.එයාලව අතරමන් වෙනවා. ඔන්න ඔතනින් තමයි ඇත්තටම කතාව පටන්ගන්නේ.මෙයාලව පාතාලේකටත් අහුවෙනවා. පාතාලේ ලොක්කා බටු ඇටයක් තරම්වත් උස නැති හා පැටියෙක්  .එත් කතාවයි හැසිරීමයි සිංහයා වගේ.ආශ්‍රේ කරන්නෙත් එසේ මෙසේ අයව නෙවෙයි.එයා මිනිස්සුන්ට විරුද්ධව සටන්කරන කෙනෙක්.මිනිස්සුන්ගෙන් බැට කාපු සත්තු එකතුකරගෙනයි එයා පාතාලේ හදාගෙන තියන්නේ. ඉතින් ෆිල්ම් එක අවසාන උන හැටි මම කියන්න ඕනී නෑනේ.

ඉතින් පලවෙනි චිත්‍රපටයෙන් ලැබුණු අතිශය ජනප්‍රියත්වය නිසාම මේකේ දෙවැන්නක් එලි දක්වන්න නිශ්පාදකයෝ තීරනණය කරලා තියනවා. ඒ අනුව  2019 වසරේ ජුනි 17 The Secret Life of Pets 2 (2019) නමින් එය තිරගත වීමට නියමිතයි. පළවෙනි චිත්‍රපටය වගේම දෙවැනි එකත් සුප්පා ඩුප්පා හිට් එකක් වෙයි කියලා විස්වාස කරන්න පුලුවන්. එහෙනම් මේකේ ට්‍රේලර් එකත් සිංහල උපසිරසි එක්කම පහලින් බලන්න.
යූටියුබ් වීඩියෝව ක්‍රියා නොකරයිනම් මෙතැනින් පිවිස නරඹන්න
දිල්ශාන් සචින්ත (42 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *