Alita: Battle Angel (2019) – තම අතීතය සොයා යන දිරිය දියනියක්

ඇලිටා කියන්නේ අවුරුදු ගානකට කලින් තාක්ශනය උපරිම විදිහට භාවිතාකරලා හදපු නිර්මාණයක්. අවුරුදු 300කට පස්සේ එයාව ඩොක්ට අයිබෝ විසින් හොයා ගන්නවා. ඒත් ඇයට ඇය කවුද කියලා මතක නෑ, කොටින්ම කියනවනම් ඇගේ ලග මේ ලෝකේ කාටවත් නැති තරම් බලයක් තියනවා, ඇය මාරාන්තිකයි, ඇගෙත් එක්ක හැප්පෙන්න තරම් කෙනෙක් නැති තරම්. ඒත් ඩොක්ට අයිබෝ ඇගෙන් ඒ හැම දෙයක්ම හන්ගවා. ඒකට ලොකු හේතුවක් තියනවා. එත් ලොකුවෙන්න ලොකුවෙන්න ඇලීටා එයාගේ අතීතය ගැන අයිබෝගෙන් ප්‍රශ්න කරන්න ගන්නව, ඒත් ඇලීටට කරදරයක් වෙයි කියලා ඩොක්ට ඇයට කිසි දෙයක් කියන්නේ නෑ. ඒත් ඇලීටට ලොකු මෙහෙයුමක් තියනවා  ඇයට විතරයි පුලුවන් මරණයේ චක්‍රය නතර කරලා ටයිපර්ස් දේශය විනාශයෙන් ගලවාගන්න. ඉතින් ඇලීටා ලොකුවෙනකො එයාගේ සතුරන් ටිකෙන් ටික කිට්ටු වෙන්න ගන්නවා. ඉතින් ඉස්සරහට මොනවා වෙයිද. ඒක බලන්න නන් පෙබරවාරි 14( ඔව් ඔව් එදාට තමයි) වෙනකල් ඉවසන් ඉන්න වෙනවා.

මේක ඉතින් සුපිරි අධ්‍යක්ශක වරයෙක්ගේ සුපිරි නිශ්පාදක වරයෙක්ගේ, සුපිරි රචකයෝ පිරිසක් විසින් රචනා කරපු සුපිරි මුදලක් වැයකරපු සුපිරු කතාවක්. ඒක නිසා ලබන අවුරුද්දෙ බොක්ස් ඔෆිස් හොල්ලන ෆිලුමක් වෙයි කියලා බලාපොරොත්තු තියාගන්න පුලුවන්. එහෙනම් සිංහල උපසිරසිත් එක්කම මේකේ ට්‍රේලර් එක පහලින් බලලා යන්න.
යූටියුබ් වීඩියෝව ක්‍රියා නොකරයිනම් මෙතැනින් පිවිස නරඹන්න
දිල්ශාන් සචින්ත (47 Posts)


6 thoughts on “Alita: Battle Angel (2019) – තම අතීතය සොයා යන දිරිය දියනියක්

  • May 8, 2019 at 2:56 PM
    Permalink

    meka tama nedda kavadada danne

  • March 2, 2019 at 7:37 AM
    Permalink

    meka download karaganna kramayaknadda

  • February 26, 2019 at 10:43 PM
    Permalink

    ඉවසන්න බෑ තවත්. සබ් නැතුව.

  • February 25, 2019 at 3:44 PM
    Permalink

    ko tama damme nadda dakan apith balan inne sihala sub 1 balanna…

  • February 19, 2019 at 10:53 PM
    Permalink

    පෙබරවාරි 14 වෙනවක් ඉවසුවා ඒත් තාම නෑ…Released උනාම Baiscopedownloads වලට දාන්න

  • November 10, 2018 at 6:35 PM
    Permalink

    ayiyo
    labana awurudda wenakal inda wenawane

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!