ජපන් කොමික්දැනුමටවගතුගසියල්ල

ඔබ නැරඹිය යුතුම ක්‍රියාදාම ජපන් ඇනිමේ! What are the best action anime?

අළුත් දේවල් හොයාගන්න කැමති පිරිස ඕන තරම් අපි අතර ඉන්නවා. දූපතක් විදියට ලංකාව අනිත් රටවල් වලින් වෙන් වෙලා හිටියත් ලංකාවෙ පිරිස ලෝකෙ වෙන දේවල් ගැන ගොඩක් උනන්දුයි. ඒ වගේම අනික් රටවල් වල සංස්කෘතින් බොහොම ඉක්මණට වැළඳගන්න ලොකු කැමැත්තක් අපිට තියෙනවා. ඒ අපි ළඟ තියෙන අඩුපාඩු නිසාද එහෙමත් නැත්තන් ඒ දේවල් වල තියෙන අපූර්වත්වය නිසාද කියන්න හිතට එකඟව අපිට ටිකක් අහලා බලන්න වෙනවා. කොහොමහරි මං කියන්න හදන්නෙ අපි ඒ වගේ මොනාහරිම හේතු නිසා වෙනත් රටවල් වල ආවේණික දේවල්, උදාහරණෙකට.. කොමික්, රූපවාහිනි ටෙලි නාට්‍ය, චිත්‍රපටි, ඇනිමේෂන්, කාටුන් වගේ දේවල් හරිම ආදරෙන් වැළඳගන්නෙ. වැඩිකාලයක් නැතත් පටන් අරන්, කොමික් කොන් එකකටම කොච්චර රසික රසිකාවියො එකතු වෙනවද එයාලා ආදරය කරන දේවල් වල රසවත් තැන් බෙදාගන්න. ඒක දැක්කම පුදුමත් හිතෙනවා ලංකාවෙ තරුණ තරුණියො කොච්චර කාලයක් හිත යටින් ඒ ආසාව හංගගෙන තියාගෙන ඉන්න ඇද්ද කියලා. තමන් අාසම චරිතය පිළිඹිබු වෙන කොස්ටියුම් ප්ලේ (කොස්ප්ලේ) කරනවා. එහෙම එකක් ඇඳගෙන පිරිස් අතර ඇවිදින්නත් ලොකු හයියක් තියෙන්න ඕනෙ. ඔය එන පිරිස් අතර ඇනිමේ රසිකයන්ගෙ කිසිම අඩුවක් නෑ. තාමත් ගොඩක් අය මේ මාතෘකාවට යන්න කැමති නෑ. සමහරවිට හරය තේරෙන්න දෙයක් රසවිඳින්නම වෙනවා. කොරියන් නාට්‍ය බලන කී දෙනෙක් දැන් ලංකාවෙ ඉන්නවද? ඒ වගේ තමයි. මං ඇක්ෂන් ඇනිමේ ලයිස්තුවක් දෙන්න හිතුවෙ ගොඩක් අය ඇක්ෂන් ගණයෙ තේමාවන්ට කැමති නිසත්, අළුත් රසිකයෙක්ව ඇනිමෙ වලට යොමු කරන්න ගැළපෙනම වර්ගයත් ඒක නිසයි. මං ඇනිමෙ බලන්න යොමු වුනෙත් කුතුහලේ නිසයි. ඒ කුතුහලේ ලස්සන කතා ගොඩක් රසවිඳින්න මග පෙන්නුවා. වෙනස්ම අත්දැකීමක් ගන්න කැමති අය ඉන්නවනම් මේ ලිපියෙන් රුකුලක් ගනියි කියලා හිතෙනවා. එහෙනම් වැඩි විස්තර වලට යන්නෙ නැතුව ලයිස්තුවට යමු.

(මේක හදලා තියෙන්නෙ en.softonic.com වල තිබුනු චන්ද විමසීමකින්, මේ ලයිස්තුව ඇනිමෙ පදනම් කරගෙන හදලා තියෙන්නෙ, චිත්‍ර කථා අනුව පෙළගැස්සුවොත් ස්ථානවල ලොකු වෙනසක් වෙනවා)

 

#1 Fullmetal Alchemist: Brotherhood

තමන්ගෙ මැරිච්ච මව නැවත ගෙන්වා ගැනීමට තහනම් ඇල්කෙමි අත්හදා බලන එල්රික් සහෝදරයන්ගේ එම උත්සහය පොලාපැනීම නිසා ඔවුන්ට ශාරීරික හානි වීම් වලට මුහුණ දීමට සිද්ධ වෙනවා. පසුව තමන්ගෙ නැති වුන ශාරීරික අවයව සොයා යන ගමනෙ සිද්ධි ධාමයක් මේ ඇනිමෙ එකෙන් නිරූපණය වෙනවා. (මේකෙ සිංහල උපසිරසි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්)

 

 

Season Episodes Originally aired
First aired Last aired
1 64 April 5, 2009   July 4, 2010

 

 

ලයිව් ඇක්ෂන් චිත්‍රපට :-

 

 

#2 Attack on Titan

තමන්ගෙ මව මෙන්ම උපන් ගමත් විනාශ කර දැමීම නිසා, පෘථිවිය මතින් යෝධ ටයිටන්වරුන් විනාශ කර, වඳ වීමට නියමිත මිනිසුන් බේරාගැනීමට දිව්රන තරුණ Eren Jaegarගේ කතාව මෙයින් පිළිඹිඹු වේ. (රවිඳු නිලුපුල් සහෝදරයා ලබාදෙන මෙහි සිංහල උපසිරසි ළඟදීම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් බලාපොරොත්තු වෙන්න).

Season Episodes Originally aired
First aired Last aired
1 25 April 7, 2013 September 29, 2013
2 12 April 1, 2017 June 17, 2017
3 12 July 23, 2018 TBA

 

 

ලයිව් ඇක්ෂන් චිත්‍රපට :-

#3 Naruto Shippuden

නරුටො උසුමාකි කියන්නෙ ගොඩක් කටකාර, ගොඩක් දඟ තරුණ නින්ජා කෙනෙක්. පොඩි කාලෙ ඉඳන්ම තනියෙම හැදී වැඩුන නිසා ගමේ පිරිසගෙ අවධානය දිනාගන්න කරන්න පුළුවන් හැම වැඩක්ම කරනවා. එයාගෙ එකම අරමුණ හොකාගෙ වීම. හොකාගෙ කියන්නෙ ලොකු ගෞරවයක් තියෙන, දේශයේ විශිෂ්ඨම, බලවත්ම නින්ජා ලෙස නම් දරණ තනතුරයි. ඒත් එයා තේරෙන වයස එනකන්ම දන්නෙ නෑ එයාගෙ ඇඟ ඇතුලෙ දරුණු වලිග නවයෙ හිවල් රාක්ෂයෙක් සිර කරලා තියෙනවා කියලා. මේ කතාව මගනොරිය යුතුම කතාවක්.

 

Season Episodes Originally aired
First aired Last aired
Naruto 220 October 3, 2002   February 8, 2007
Naruto Shippuden 500 February 15, 2007 March 23, 2017

 

#4 One Piece

පුරාවෘත්ත ගත මංකොල්ල රජු, ගෝල් ඩී.  රොජර් මරණයට පෙර තබා ගිය විශිෂ්ඨ නිධානය “වන්පීස්” සොයා රබර් පළතුර කා රබර් ඇඟක් ලබාගත් මන්කි ඩී. ලූෆි තමන්ගෙ යාළුවන් සමග ලෝකෙ දරුණුම මුහුද වන ග්‍රෑන්ඩ් ලයින් වල කරන චාරිකාව මෙම විශිෂ්ඨ ඇනිමෙ එකෙන් පිළිඹිබු වෙනවා. (මේකෙ චිත්‍ර කතාව බයිස්කෝප් මංසල ඔස්සෙ සිංහලෙන් කියවන්න පුළුවන්.)

 

Season Episodes Originally aired
First aired Last aired
1-19 858+ October 20, 1999   Still Airing….

 

#5 Dragon Ball Z

Journey To the West නවකථාවෙ එන සන් වුකොංග් චරිතය පාදක කරගෙන බිහිවුන සන් ගොකු ප්‍රධාන චරිතය වූ ඩ්‍රැගන්බෝල් ඇනිමෙ එක පසුව බිහිවුන ගොඩක් ඇනිමෙ වල පසුබිම වී තිබෙනවා. ප්‍රාර්ථනාවක් ඉෂ්ඨ කරදෙන මකරෙකු කැඳවීම සඳහා එකතු කරගත යුතු ගෝල සතක් සොයා යාම මෙහි මූලික කතාවයි.

 

 

Season Episodes Originally aired
First aired Last aired
Dragon Ball 153 October 26, 1986   April 19, 1989
Dragon Ball Z 291 April 26, 1989 January 31, 1996
Dragon Ball Z Kai 167 April 5, 2009 June 28, 2015
Dragon Ball Super 131 July 5, 2015 March 25, 2018
Dragon Ball G T 64 February 7, 1996 November 19, 1997

 

 

 

#6 Hunter x Hunter

ගොන් කියන්නෙ හන්ටර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන ළමයෙක්. හන්ටර් කෙනෙක් කියන්නෙ  විශිෂ්ඨ හැකියාවක් තියෙන කෙනෙක්. මේ ඇනිමෙ එකේ වෙන්නෙ ගොන්ව පොඩි කාලෙම දාලා ගිය තාත්තව, තමන්ගෙ හැකියාවයි යාළුවන්ගෙ උදව්වයි එක්ක හොයාගෙන යන එක.

 

Season Episodes Originally aired
First aired Last aired
1 62 October 16, 1999 March 31, 2001

#7 One-Punch Man

සයිතමා කියන්නෙ වීරයෙක්. වීරයෙක්. හැබැයි විනෝදෙට වීරයෙක් වුන කෙනෙක්. මෙයාගෙ එක පන්ච් එකකින් සතුරව විනාශ කරලා දාන්න පුළුවන්. එහෙම වුනාම විනෝදයක් නෑ කියලා හිතෙනවා ඇති. නෑ ඇත්තටම මේ ඇනිමේ එක විනෝදයි.

 

Season Episodes Originally aired
First aired Last aired
1 12 October 4, 2015 December 20, 2015

#8 Bleach

ඉචිගෝ කුරෝසකී පාසලේ අනිත් ළමයින්ට වඩා ගොඩක් වෙනස්. එයාගෙ වෙනස තමයි එයාට හොල්මන් පේනවා. හොලෝ නම් වූ ආත්මයක් සමග සිදුවන ගැටීමකින් ඉචිගෝට ෂිනිගමි කියන විශේෂ බලයක් ලැබෙනවා. මේ බලයත් එක්ක එයාට හැකි වෙනවා නපුරු ආත්ම පළවා හරින්න.

 

Season Episodes Originally aired
First aired Last aired
16 366 October 5, 2004 March 27, 2012

 

 

ලයිව් ඇක්ෂන් චිත්‍රපට :-

#9 Code Geass

වෙනත් රාජයයක් විසින් ජපානය අත්පත් කරගැනීමෙන් පසු දැන් එම භූමිය හඳුන්වන්නෙ Area 11 ලෙසයි.  මෙහි Lelouch නම් වූ කාලකුමාරයා ඔහුගෙ අභිප්‍රායන්ට අනුව එම දේශය ගොඩනැගීමට උත්සහා කරයි. ඒ අතර ධවල නයිට්වරයා වන Suzaku Kururugi හදන්නෙ අයුක්තිය පලවා හැර යුක්තිමත් අවංක ජීවිතයක් ගත කිරීමටයි.

 

Season Episodes Originally aired
First aired Last aired
1 25 October 6, 2006 July 29, 2007

 

#10 Tokyo Ghoul

කනෙකි කෙන් කියන්නෙ කාටවත් වැරැද්දක් කරපු කෙනෙක් නෙවෙයි. වැරදි නොකර විඳවන මිනිස්සු ගොඩක් ඉන්නවා. ඔය අතර කනෙකි කියන්නෙ නොවිඳිනා දුක් විඳින්න සිද්ධ වුන කෙනෙක්. මිනී කන්නන් අතර මිනීකන්නෙක් ලෙස එකපාරටම අවදි වෙන්න වුනොත් මොනා කරන්න හිතෙයිද? තමන්ගෙ පළවෙයි පෙම් හමුව ජීවිතේ කාළකන්නිම මොහොත වෙයි කියලා කනෙකි නිකමටවත් හිතන්නෙ නෑ.!! මිනිසෙක් ලෙස ඉපිද එකැස් රජු දක්වා යන ගමන….

(දැනට නිකුත් වෙලා තියෙන සියළුම කොටස් වලට සිංහල උපසිරසි මෙතනින් ලබාගන්න)

 

Season Episodes Originally aired
First aired Last aired
1 Tokyo Ghoul 12 July 4, 2014 September 19, 2014
2 Tokyo Ghoul Root A 12 January 9, 2015 March 27, 2015
3 Tokyo Ghoul re Part 1 12 April 3, 2018 June 19, 2018
4 Tokyo Ghoul re Part2 .. September 29, 2018 Still Airing

 

 

ලයිව් ඇක්ෂන් චිත්‍රපට :-

  • Tokyo Ghoul 2017

 

 

හොඳයි එහෙනම්… ඔන්න හොඳම ක්‍රියාදාම ඇනිමෙ පෙළගැස්සුවා.. අළුතෙන් බලන්න ඉන්න යාළුවෙක්ට මේ එකකින් පටන් ගන්න පුළුවන්. මං ඉක්මණට ඉවර වෙන ඒවට කැමති නැති වුනත් මෙතනින් අන්තිම එකට ගොඩක් කැමතියි. ඒ වගේම ඔය ලොකු ගණන් තියෙන ඇනිමෙ සේරම බලලා තියෙන්නෙ කියලත් කියන්න ඕනෙ. පස්සෙ තව ලිපියකින් මුණ ගැහෙමු. 😛

Author

  • Navodani Thilini Sasanika

    "මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -

14 thoughts on “ඔබ නැරඹිය යුතුම ක්‍රියාදාම ජපන් ඇනිමේ! What are the best action anime?

  • Puluvan nam hunter x hunter ekatath sub denna

    Reply
  • පුළුවන් නම්,

    Bleach: Thousand-Year Blood War

    series එකටත් sub හදලා දාපන්කෝ… ☺

    And alsoo, Thank You for the ලිපිය….

    Reply
  • Naruto oll season sub denna berida

    Reply
  • mewa balalanam nha.1k 2k wage balala thiye.sinhala sub nathi hinda thamai balala naththe.naththan okkoma wage balanawa.mewata sub hadhanawanam eka kllekta kellekta bha.kandayamak wage ekathu wela sub hadhanna one.

    Reply
  • One piece eka sub dennako

    Reply
  • ane mata one punch man eke season 2 sinhala sub ganna kramayak kiyannako.hewwa hewwa hamba une nha.ane aiye ikmanatama mata reply ekak dala kiyannako eka ganna widiya.

    Reply
  • ඔබ උපසිරස දියයුතුම ඇනිමි set එක
    1.cowboy beop(මොකද්ද අනේ මේකෙ කොටස් 24රයිනේ තියෙනනේ දෙන්නකෝාාාාාාාාාාාාාා
    2.death note(ඇයිඅනේ මාසේට සබ් 50ක්60 හදන බයිස්කෝප් මේවට සබ්නොදෙන්නෙ)
    3.AOT(යාන්තම් සබ්දෙනවලු සුපිරි)
    4.one pieces(දුන්නනම් බලනවනේ නගේ අවුරැදු දහයක් විතර ඔයා දිලතියන එව ටිකක් බැලුව එත් කාටුන් එක ඔනි අනේ්්්්්්්්්්්්ි
    5.psycho pass
    6.sword art online
    7.angel beast
    8.fate
    9.naruto
    10.code geass

    Reply
  • කවුරු හරි Dragon Ball ඩවුන්ලෝඩ් කරන්න link එකක් දෙන්නකෝ… Plz..

    Reply
  • කීපයක්ම බලල තියනව තව හොද ඒව ටිකකුත් හම්බුනා මෙතනින්

    Reply
  • Tnx sis. Mama num balala thiyenne oya dena one piece aka witharai,akath chithra kathawa witharai. Puluwannum one piece ake animation tika download karaganna link akak danna. Plz

    Reply
  • මමත් මෙතන තියෙන ගොඩක් ඇනිමි බලල තියෙනව මෙ දවස්වල බලන්නෙ One Piece .Naruto තමා ඔතන තියෙන සුපිරිම කතාව story එකක් විදිහටත් ජීවිතයට ආදර්ශයක් ගන්නත් පුලුවන් සුපිරි එකක්.ඇත්තටම ලන්කාවෙ Naruto බලන අය ඉන්නව කියල අහන්නත් සතුටුයි.දැන් Naruto Next Generation Boruto කියල යනව ඒකත් ටිකක් හොදයි ඒත් Naruto තරම්ම නෑ.

    Reply
  • NARUTO THAMA BM BALANAWANM ANIME EKA 🙂 MN EKA BALALA IWARAIIIII .EKA NM SUPPA AHH

    Reply
  • නියමයි.

    Reply
  • මෙතනින් කිහිපයක් මත් බලලා ඉවරයි , අනික්වා තවම බලනවා (ලොකු ගණන් තියෙන ටික 😉 ), TV එකේ ගොඩක් ඉස්සර ගියා ඇලිස් ඉස්කෝලෙ එදා ඉඳන් අද වෙනකං මං ගොඩක් ඇනිමේ බලලා තියෙයි ., ඇක්ෂන් රොමැන්ටික් කොමඩි ෆෑන්ටසි 😉 හැම ජාතියකම එවා ඇත්තම කිව්වොත් එක කතාවක ඔය හැම එකක්ම තියෙනවා 🙂 . ලස්සන රුප (කෙල්ලෝ) 😛 , සුපිරි බලයන් , පිස්සු හැදෙන ස්ටොරි . විතරක්ම නෙමෙයි එවා ඇතුලේ සමහර වෙලාවට ජිවිතේට ගන්න දේවල් තියෙයි කියලයි මට නම් හිතෙන්නේ, baiscopelk එකේ ලස්සන ඇනිමේ film ටිකකටත් උපසිරැසී දිලා තිබුණා., අලුත් අය ඉන්නවා නම් ඔයාලාත් අරන් බලන්න … jaya..!!! නියම වැඩක් sis.,

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *