Teaspoon (2015) : තේ හැන්දේ ශාපය

කෙටි චිත්‍රපට කියන්නේ වෙනම කලාවක්.. විනාඩි 15කින් 20කින් වගේ ලබාගන්න පුළුවන් දේවල් බොහොමයි. ඒත් ඉතින් අපේ ගොඩක් අය ඒවා බලන්න පෙළඹෙන්නේ නැති හින්දා, බලන අය හරි අඩු හින්දත් කෙටි චිත්‍රපට වලට පොඩි තල්ලුවක් දෙන්න බයිස්කෝප් මංසල හිතුවා. ඒ අනුව කුමන බාසාවක වේවා කෙටි චිත්‍රපට මංසල ඔස්සේ බලාගන්න පුළුවන් වෙයි තේරෙන සිංහලෙන්ම.

  1. Ahalya (2015) : මායාවී
  2. Teaspoon (2015) : තේ හැන්දේ ශාපය

Ahalya අරන් ආවට පස්සේ මේ අරන් එන්නේ තවත් ඒ වගේම කුතුහලය පිරුනු ඇස් අහකට ගන්න බැරි කෙටි චිත්‍රපටියක් අරන්. එසේ මෙසේ එකක් නෙමේ, විනාඩි 20 පුරාවටම උනන්දුවෙන් බලාගෙන ඉන්න පුළුවන් එකක් වගේම සම්මාන බර ගානකටත් නිර්දේශ වෙච්ච වගේම කිහිපයක් දිනාගත්තු චිත්‍රපටියක්. IMDb අගය 7.6ක් අරගෙනත් තියෙනවා. රංගයෙන් ශ්‍රීස්වරා, බෝමි ධෝතිවාලා කියන අය දායක වෙනවා. තව කතන්දර කියන්න මුකුත් ඕන නෑනේ, දෙපාරක් නොහිතම බලන්න කියලා තමා කියන්න තියෙන්නේ. මිස් කරගන්න නම් එපා. මේ වගේ තවත් කෙටි චිත්‍රපට බලන්න ඕන නම්, අපේ මංසල චැනල් එකට සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන යන්න.

” කවීතා.. හොඳ බිරිඳක්.. හොඳ ලේලියෙක්.. ඔව් හොඳ ලේලියෙක් කියලා නම් කියන්න පුලුවන්. තමන්ගේ මහත්තයයි එයාගේ තාත්තයි එක්ක සාමාන්‍ය පවුලක දිවි ගෙවන කාර්යශූර ගැහැනියක්. උදේ නැගිට්ට නිදි පැදුරේ ඉඳන් වැඩ.. වැඩ.. වැඩ.. කලින් කිව්වනේ මෙයාලත් එක්ක කවිතගේ මහත්තයගේ තාත්තත් ඉන්නවා කියලා. මෙයා ඉන්නේ නම් කෙලින් කටින් නෙමේ. තාත්තට අංශබාගේ. ඇඳෙන් නැගිටින්නේ නැහැ. ඉතින් මෙයාගේ ආවතේව ඔක්කොමත් කරන්නේ මේ කවිතාම තමා. හිතේ මොනා තියෙනවද නම් දන්නේ නැහැ,, හැබැයි මාමණ්ඩිගේ වැඩ ටික කිසිම අඩුවක් නැතුව මෙයාගේ අතින් සිද්ධ වුණා. “

හොඳම හරිය දැනගන්න, බලන්න


යූටියුබ් එක්කල පිටපත අවහිර කර ඇත්නම් මෙතැනින් හෝ මෙතැනින් ගොස් නැරඹිය හැකිය


Mayura Suraj (5 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *