කිංග්ස්මන් තවත් චිත්‍රපට ත්‍රිත්වයක් හා රූපවාහිනී කතාමාලාවක්.. .

මේ වෙද්දී එල්දැක්වුනු කිංග්ස්මන් චිත්‍රපට ද්විත්වය ඔයාලා මේ වෙද්දී බලලා ඇති කියලා. බලලා නැත්තම් මෙහෙමයි පිළිවෙල,

  1. Kingsman: The Secret Service (2015)
  2. Kingsman: The Golden Circle (2017)

මේ චිත්‍රපටවල නිර්මාතෘ වන Matthew Vaughn මේ වෙද්දී නිවේදනය කරලා තියෙනවා කිංග්ස්මන් හැසුරින් තවත් චිත්‍රපට තුනක් වගේම රූපවාහිනී කතාමාලාවක් නිකුත් වීමට නියමිත බව. මේ වෙද්දී නිකුත්වුණු චිත්‍රපට දෙකට පසුව නිකුත්වීමට නියමිතව තියෙන්නේ Kingsman 3 චිත්‍රපටයයි. ඒ චිත්‍රපටයේ රූගත කිරීම් නම් 2019 වසරේ ජනවාරි වලදී ආරම්භ වීමට නියමිතයි. මැතිව් කියලා තියෙන විදිහට නම් කිංග්ස්මන් තෙවන චිත්‍රපටයෙන් හැරීගෙයි, එග්සිගෙයි අතර තියෙන සම්බන්ධතාවය කෙළවරක් වෙනවලු. 2019 දී රූගත කිරීම් ආරම්භ වන මේ චිත්‍රපටය 2020 වසරේදී ලොව පුරා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.

මේ තෙවැනි චිත්‍රපටයෙන් පසුව නිර්මාණය වෙන්නේ Kingsman: The Great Game නම් වූ චිත්‍රපටයයි. මේක ඇත්තටම කිංග්ස්මන් ඇසුරින් නිර්මාණය චුනාට ස්පින් ඕෆ් ප්‍රික්වල් (කිංග්ස්මන් කතාවට පෙර සිදුවීම් සම්බන්ධ) චිත්‍රපටයක් විදිහටයි නිර්මාණය වෙන්නේ. 1900 කාලයේ රහස් ඔත්තු සංගමේ ගැන තමයි මේ චිත්‍රපටයේ මූලිකවම පාදක වෙලා නිර්මාණය වෙන්නේ.

ඊලග කිංග්ස්මන් චිත්‍රපටය තමයි Statesman (ස්ටේට්මන්) විදිහට නම් කරලා තියෙන්නේ. ඔයාලා මේ වෙද්දී Kingsman: The Golden Circle (2017) බලලා තියෙනවනම් මතක ඇති මේ චිත්‍රපටයෙන් අපට ස්ටේට්මන්ලව හදුන්වලා දුන්නා. මේ චිත්‍රපටයෙන් පෙන්නුම් කරන්න උත්සහ කරනවා කියන්නේ ස්ටේට්මන් රහස් ඔත්තු සංවිධානයේ පෙර තත්වයන් ගැනයි. මොකද අපිට ස්ටේට්මන්ලා ගැන වැඩිය දැනගන්න ලැබුණේ නැහැනේ. ස්ටේට්මන් චිත්‍රපටයෙන් Colin Firth, Jeff Bridges කියන දෙදෙනාව දැකගන්න ලැබෙයි කියලයි ආරංචි වෙන්නේ. Channing Tatum වගේම Halle Berry කියන මේ දෙන්නා ගැන නම් තාමත් ඒ හැටි ආරංචියක් නැහැ. බොහෝවිට මේ දෙන්නත් මේ චිත්‍රපටයේ ඉන්න ඉඩ තියෙනවා.

අවසාන වශයෙන් කිංග්ස්මන් චිත්‍රපට වලට පසුව කිංග්ස්මන් ඇසුරින් කොටස් අටකින් සමන්විත කෙටි රූපවාහිනී කතාමාලාවක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වන බව Matthew Vaughn බව දැනුම් දීලා තියෙනවා. ස්ටේට්මන් චිත්‍රපටයත් වගේම කිංග්ස්මන් රූපවාහිනී කතාමාලාවත් නිර්මාණය වෙන්න ටික කාලයක් ගත වෙයි කියලයි දැනගන්න ලැබුණු තොරතුරුවල සදහන් වෙන්නේ. බලමු නේද ඉස්සරහට මේ දේවල් කොයි විදිහට සිදු වේවිද කියලා.

චාමර සම්පත් (82 Posts)


One thought on “කිංග්ස්මන් තවත් චිත්‍රපට ත්‍රිත්වයක් හා රූපවාහිනී කතාමාලාවක්.. .

  • August 12, 2018 at 9:57 PM
    Permalink

    Trollo hunter session 3 eke sub eka dannako…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *