ඇරෝවර්ස් තුලට අලුතින් එකතුවන සාමාජිකාව “බැට්වූමන්”

CW නාලිකාවේ විකාශය වන සුපිරිවීර කතාවලට කැමති අයට සුභ ආරංචියක් අරගෙනයි අද මං ආවේ. Arrow, Flash, Supergirl, Legends of Tomorrow වගේ CW නාලිකාවේ කතාමාලාවන් වගේම ඩීීසිලගෙම ෆ්ලැට්ෆෝම් එක හරහා මේ වසරේ නිකුත් වීමට නියමිත Titans කතාමාලාව පවා වැඩි දියුණු කර නිර්මාණය කරන්නට දායක වූ Greg Berlanti අලුත්ම වැඩකට අත ගහලා තියෙනවා. ඒ තමයි CW නාලිකාවේ දැනට ඉන්න සුපිරි වීරයින්ට අමතරව තවත් කතාමාලාවක් හැටියට “බැට්වුමන්ව” එක්කාසු කරගනිමින් නිර්මාණය කරන්නයි හදන්නේ. 

The Vampire Diaries වගේම Smallville යන කතාමාලා දෙකෙහිම තිරපිටපත්වල කටයුතු සිදු කරපු Caroline Dries තමයි මේ අලුත්ම බැට්වුමන් කතාමාලාවෙත් තිරපිටත්වල වගේම විධායක අධ්‍යක්ෂකරුවන්ගෙන් කෙනෙක් හැටියටත් කටයුතු කරන්නේ. එතකොට මේ කතාමාලාවේ ඉහල විධායක අධ්‍යක්ෂවරුන් හැටියට කටයුතු කරන්නේ Sarah Schechter (Pan (2015) චිත්‍රපටය නිර්මාණයට දායක වූ..) වගේම Geoff Johns (කොමික් පොත් රචකයෙක් වගේම රුපවාහිනී කතාමාලා හා චිත්‍රපට නිෂ්පාදනයට දායක වූ කෙනෙක්) මේ දෙදෙනායි. 

මේ කතාමාලාවට කලින් ඔයාලට බැට්වුමන්ව කලින් දැකගන්න ලැබෙනවා. ඒ තමයි වාර්ෂිකව පවත්වන ඇරෝවර්ස් එකේ ක්‍රෝස්ඕවර් ඉවෙන්ට් එකෙන් Arrow, Flash, Supergirl, Legends of Tomorrow යන කතාමාලාවන්වල අයට බැට්වුමන්ව මුණගැහීමක් සිදු කරන බව මිට කලින් අපි මංසල ෆේස්බුක් පිටුව හරහා දැනුම් දුන්නා. විශේෂයෙන්ම කියන්න ඕන කාරණේ තමයි බැට්වුමන්ගේ චරිතේ ලයිව්-ඇක්ෂන් විදිහට ප්‍රේක්ෂකයින්ට දකින්න ලැබෙන පලවෙනි අවස්ථාව තමයි මේක. ඒකෙ මුල්ම අදියර හැටියට තමයි ඇරෝවර්ස් තුලින් බැට්වුමන්ව මෙවර දෙසැම්බරයේදි ක්‍රෝස්ඕවර් ඉවෙන්ට් එක තුලින් හදුන්වා දීමක් සිදු කරන්නේ. ඊටපස්සේ තමයි බැට්වුමන් රැගත් තනි කතාමාලාවක් අපිට CW නාලිකාව හරහා දැකගන්න ලැබෙන්නේ. කොටින්ම තාමත් ප්‍රකාශ කරලා නැහැ බැට්වුමන් සදහා රංගනයෙන් දායක වන නිළිය කවුද කියලාවත්. අලුත් විස්තර ලැබුණු සැනින් දැනුම් දෙන්නම්කො.

චාමර සම්පත් (97 Posts)


One thought on “ඇරෝවර්ස් තුලට අලුතින් එකතුවන සාමාජිකාව “බැට්වූමන්”

  • July 18, 2018 at 6:59 PM
    Permalink

    යකඩෝ
    සුපිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!