Rugrats is coming back! | බබාලා පස්දෙනා නැවතත්

අද කලේ ටීවී එකක් ඉස්සරහ ඉදගත්තම මුළු ඉන්දියාව ඇස් දෙක ඉස්සරහට ගෙන්නලා පෙන්නුවට ඉස්සර එහෙම නැති විත්තිය ඒ කාලේ අපිට බලන්න ලැබුණු ස්කූබි ඩූූ, බැට්මෑන්, සුපර්මෑන්, ෆැමිලි ගායි, ටිං ටිං, අපි රජ ඉබ්බෝ එහෙම බලපු අය නම් හොදාකාරවම දන්නවා ඇති. මොකද දැන් විකාශය වෙන කිසිම හරයක් නැති ගුලි කාගත්ත ගමන් ඉන්න දෙකයි පනහේ කාටුන් වලට වඩා ඒ කාලේ ඒ ගියපු කාටුන් මොන තරම් නම් අපි රස වින්දද කියලා දන්නේ අපිමයි. ඒ අතින් ඉතින් පරණ කාටුන් බලන්න ලැබුණු පරම්පරාවේ අය සෑහෙන වාසනාවන්තයි. මේ අතරේ තවත් කාටුන් MTV එකේ එහෙමත් ගියා. Rugrats කියන්නේ අන්න ඒ වගේ කාටුන් එකක්. සිංහලෙන් නම් නෙවෙයි විකාශය වුණේ ඉංග්‍රීසියෙන්. මතක හැටියට ශක්ති ටීවී එකෙත් දෙමලෙන් ගියාද කොහෙද 🤔  බලපු අය දන්නවා ඇති. බලපු නැති අය නොදන්නවාත් ඇති. 

නොදන්න අය ඉන්නවනම් ඒ අයට දැනගන්නත් එක්ක කියන්නම්කො. Rugrats කියන්නේ Arlene Klasky, Gábor Csupó වගේම Paul Germain යන ත්‍රිත්වයෙන් නිර්මාණය වුනු ඇනිමේෂන් කතාමාලාවක්. හුගාක් පුංචි වයසේ පසුවෙන ළමයි හය දෙනෙක් ගැන තමයි කතාව පදනම් වුණේ. ළමයි කිව්වට ළමයිම නෙවෙයි පුංචි බබාලා. ටොමි, චකී, ෆිල්, ලීල් වගේම ඇන්ජෙලිකා තමයි මේ ළමයි හය දෙනාගෙ නම් වෙන්නේ. දෛනික ජීවිතේ මේ හය දෙනාට ගත කරන්න වෙන විදිහ වගේම මොන වගේ ප්‍රශ්න වලටද මේ හය දෙනාට එනවද කියන එක තමයි මේ කතාමාලාවේ පෙන්නුම් වුණේ. ඒවගේම නිතරම වගේ මේ අයගේ දෙමව්පියන් හැම වෙලාවකම මේ ළමයි ඉන්නේ කොහෙද කරන්නේ මොනාද කියලාවත් දන්නේ නැති වාර අනන්තයි. 1991 අගෝස්තු 11 වැනිදා තමයි ඇමරිකානු ජනපදයේ මේ කාටුන් එක විකාශය වෙන්න පටන් ගත්තේ. කතාසමයන් නවයකින් ඒ කිව්වේ සම්පුර්ණ කොටස් 172 කින් පස්සේ මේ කතාමාලාව 2004 අගෝස්තු 1’වැනිදා විකාශය වීම නැවතුණා. ඒවගේම තමයි Rugrats ඇසුරින් චිත්‍රපට දෙකක් මිට කලින් නිකුත් වුණා. එකක් The Rugrats Movie (1998) ලෙසත් Rugrats in Paris: The Movie (2000) වගේම Rugrats Go Wild (2003) යන වර්ෂ තුනේදී නිකුත් වුණා. 

ඉතින් මේ කාටුන් එකේ අලුත්ම විස්තරේ මේකයි, Nickelodeon මාධ්‍ය සමාගම හා Paramount Pictures  ඊයේ දිනයේදී නිවේදනය කරලා තියෙනවා මේ Rugrats නම් කාටුන් එක නැවත ආරම්භ කරන්න. ඒ කිව්වේ කතාමාලාවක් හැටියට නම් කොටස් විසි හයකින් යුක්ත කාටුන් කතාමාලාවක් හැටියටත්. චිත්‍රපටයක් වශෙයන් CGI මිශ්‍රිත සජීවී-ක්‍රියාදාම වලින් යුත් චිත්‍රපටයක් ලෙසත්. මේවායේ විධායක අධ්‍යක්ෂකවරුන් හැටියට කටයුතු කරන්නෙත් අර මං කලින් සදහන් කල පරණ කාටුන් එක නිර්මාණය කරන්න දායක වූ Arlene Klasky, Gábor Csupó වගේම Paul Germain යන අයවලුන්මයි. ඒවගේම මේ බබාලාගේ චරිත හයට අමතරව තවත් අලුත් චරිත ඇතුලත් වන බවත් මේ වෙද්දී දැනුම් දීලා තියෙනවා. චරිත අතරට අනිවාරයෙන්ම Reptar නම් ඩයිනෝසෝරයාත් ඇතුලත් වෙනවා. 

චිත්‍රපටයේ තිර පිටපත්වල කටයුතු සිදු කරන්නේ ඇමරිකානු තිර රචකයෙක් වන David Goodman විසිනුයි. ඒවගේම Rugrats චිත්‍රපටය නිකුත් කිරීමට මේ වෙද්දී මේ අය බලාපොරොත්තු වෙන්නේ 2020 නොවැම්බර් 13 වැනිදායි. ඒ කාලේ මතකයන් වලට නැවතත් එක්කන් යන්න හදන මේ ගමන කියන තරමටම අපුරු වේවි කියලා ප්‍රර්ථනා කරමු!

 

චාමර සම්පත් (94 Posts)


2 thoughts on “Rugrats is coming back! | බබාලා පස්දෙනා නැවතත්

  • July 18, 2018 at 7:41 AM
    Permalink

    ඇත්ත.ඉන්දියන් රැල්ල රට හරහා යන කාලයක්නෙ.ඉන්න පොඩි උනුත්(ඔක්කොම නෙමෙ) ඒකට ඇදල දාන්න වෙන්නැති
    කාටුන් ටිකටත් ඒ වැඩේම කලේසහෝ කියලා තියනවා වගේ

    ”මොකද දැන් විකාශය වෙන කිසිම හරයක් නැති ගුලි කාගත්ත ගමන් ඉන්න දෙකයි පනහේ කාටුන් වලට වඩා ඒ කාලේ ඒ ගියපු කාටුන් මොන තරම් නම් අපි රස වින්දද කියලා දන්නේ අපිමයි. ඒ අතින් ඉතින් පරණ කාටුන් බලන්න ලැබුණු පරම්පරාවේ අය සෑහෙන වාසනාවන්තයි”

    එකම දෙයකට කොටු නොවී වෙනස් නිර්මාණ දැකගන්නත්,දැනගන්නත් පුලුවන් උනේ ඔයාලා නිසා තමයි.
    ලිපිය මගින් දැනුවත් කලාට ස්තූතියි

  • July 17, 2018 at 7:56 PM
    Permalink

    Aniwa aniwa dan cartoonnum meloo deyak ganna na. Sonic, batman, wage cartoon balannath pina thiyenna one.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!