බැට්මෑන් රීබර්ත් සිංහලෙන් කියවන්න (2016) #05 | ගෝතම්ගේ අවසානය….

  • ප්‍රධාන චරිතය: බැට්මෑන්
  • සහය චරිත : ඇල්ෆ්‍රඩ් පෙනිවොර්ත්, ඩියුක් තොම්සන්, ගෝතම් ගර්ල්, ඇක්වාමෑන්, සුපර්මෑන්, ෆ්ලෑෂ්, වොන්ඩර්වුමන්, සයිබෝර්ග්, ග්‍රීන් ලැන්ටර්න්
  • සතුරු චරිතය: ගෝතම්
  • අනෙකුත් චරිත : හෙන්රි ක්ලොවර්, මේරි ක්ලොවර්, සයිකෝ පයිරේට්, මාර්තා වෙයින්.
  • දකින්න ලැබෙන ස්ථාන: ගෝතම් නගරය, බැට් කේව්
  • භාවිතා කරන වාහන සහ උපකරණ : බැට් කම්පියුටර්, බැට්මුබයිල්, බැට්ප්ලේන්.

පෙර කොටස මෙතැනින්



බැට්මෑන් විසින් ඇල්ෆ්‍රඩ් හට පවසනවා ගෝතම් නගරය විනාශ කිරීමට පැමිණෙනවා ඔහුට වෙලාවට එතනට පැමිණිය නොහැකි බැවින් කල හැකි දෙයක් කරන්න කියල.

ඒ අතර තුර ගෝතම්, නගරයට අහසින් පැමිණ එහි සිටින මිනිසුන්ට දුවන්න කියනවා. ඇල්ෆ්‍රඩ් විසින් බැට්මුබයිල් එකේ නැග බැට්මෑන්ගේ ඇඳුම ඇඳගෙන ඔහු අසල තෝමස් වෙයින් සිටින ලෙසින් මවාගෙන කතා බහක යෙදෙනවා පෙනෙනවා. ඇල්ෆ්‍රඩ් මේ බොරු කතාබහේ නිරත වන අතර තුරේ බැට්මුබයිල් එක ගෝතම්ගේ ඇඟේ හප්පනවා. ගෝතම් අසනවා ඇල්ෆ්‍රඩ්ගෙන් තමන් කවුද කියා. එහිදී ඇල්ෆ්‍රඩ් පවසන්නේ මමයි බැට්මෑන් කියල. ඒ අතරේදී බැට්මෑන් එහි පැමිණෙන අතර ඇල්ෆ්‍රඩ් දෙවියන්ට ස්තුති කරමින් එතනින් පලා යනවා. ඒ සමඟින් බැට්මෑන් විසින් බැට්මුබයිල් එක පුපුරවා හරිනවා.

එය බලා සිටින ඩියුක් පවසන්නේ බැට්මෑන්ට මොනයම් මොහොතක හෝ බැට්මුබයිල් විනාශ වී ඉවර වෙන බව. ඒ අතර තුර ක්ලෙයාර් හොරෙන් ඩියුක් සිටින ස්ථානයට පැමිණෙන අතර තිරයේ දකින්න ලැබෙන දර්ශන දෙස බලා සිටිනවා. ඇය තවමත් සයිකෝ පයිරේට්ගේ පාලනයට නතුව සිටින අතර ඇය දැන් දෙපයින් ඇවිදගෙන යන මට්ටමට පැමිණ තිබෙනවා.

ඒ අතර තුර ගෝතම් හා සටන් වදින බැට්මෑන් විසින් ඔහුට පවසන්නේ තමන්ට ඇහුම්කන් දෙන ලෙසට. නමුත් ගෝතම් දිගින් දිගටම පාලනයෙන් තොර වී ඇති නිසා බැට්මෑන් විසින් බැට්ප්ලේන් එක ඔහු මතට කඩා වට්ටවනවා. ඒ වගේම බැට්මෑන් විසින් ඇල්ෆ්‍රඩ් හට පවසන්නේ ” ඇමතුම අරගන්න” ලෙසටය.

ඒ අතරේදී බැට්කේව් එක තුල සිටින ක්ලෙයාර් විසින් රොබින්ගේ ඇඳුම සහිත වීදුරු කුටීරය පරිගණක තොර මතට දමා ගසනවා. එසේ කර ඇය පවසන්නේ තමන්ගේ සහෝදරයා කවදාවත් තමා නොදමා යන බවත් එසේ කල නිසා ඇයට මෙසේ තනිව බියෙන් සිටීමට සිදුව ඇති බවයි.

ගෝතම් නගරයේ සිදුවන සටන අතරේදී ගෝතම් පවසන්නේ තමන් නගර බේරාගැනීමට උත්සහ කලත්, ගෝතම් හට එසේ කරන්න පුළුවන් උවත් ඔබට නොහැකි බවකි. ඒ අතරේදී ජස්ටිස් ලීගය පැමිණෙන අතර ගෝතම් ඔවුන් සමඟින්ද සටන් කරනවා. බැට්මෑන් තේරුම් ගන්නවා ගෝතම් විසින් සටන් කරන කෙනාට අදාලව අවශ්‍ය ශක්තිය ලබා ගන්නා බව. බැට්මෑන් විසින් ඩියුක් හට පවසන්නේ ගෝතම් නතර කල හැකි ක්‍රමය ගෝතම් ගර්ල්ගෙන් ඇසා දැනගන්න බවට. ක්ලෙයාර් ඔවුන් බලය බලාගත හැටිත් ඒවා යොදවන්න හැකි ආකාරයත් පවසනවා. ඔවුන් බලය වැඩියෙන් යොදාගන්නවා වැඩි තරමට තමන්ගේ ආයුශ අවුරුදු ගණනකින් අඩුවෙන බවකි.එය දැනගත් බැට්මෑන් පවසන්නේ ගෝතම් මරා දැමිය යුතු බවයි. පසුව එතනින් නික් මෙන ගෝතම් ගර්ල් ගෝතම් මරා දමනවා. ඉන් පසු වසර කීපය ගෙවී ගිය හැටිත් ඩියුක් සහ ඇය විවාහ වන බවත් ඉදිරියේදී ගෝතම් ගර්ල්ගේ ආරම්භය සිදුවන හැටිත් බැට්මෑන්ගේ අවසානය සිදුවන බවත්ය.

එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනින් මුණ ගැසෙමු.

“Fine. Fine. Do it, then. Kill Gotham. But this city–it’s just brick and concrete. It didn’t free the Pirate. Or hurt those soldiers. And it damn well didn’t murder your parents. The Pirate was here because I couldn’t stop the chaos that bleeds this city. You hurt those soldiers because I told you to fly to them. And your parents…they were murdered because I couldn’t save them! You want to kill Gotham?! For being weak! For being afraid! For failing again and again and again! I am Gotham. Kill me.”
— Batman

හසන්ත වික්‍රමරත්න (67 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

හසන්ත වික්‍රමරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

හසන්ත වික්‍රමරත්න has 67 posts and counting. See all posts by හසන්ත වික්‍රමරත්න

4 thoughts on “බැට්මෑන් රීබර්ත් සිංහලෙන් කියවන්න (2016) #05 | ගෝතම්ගේ අවසානය….

  • July 17, 2018 at 1:32 PM
    Permalink

    බොහොම ස්තුතියි…
    ඉදිරියටත් ලියන්න….
    ඔබට ජය…!!!

  • July 13, 2018 at 8:02 AM
    Permalink

    ස්තූතියි සහෝ

  • July 12, 2018 at 3:18 PM
    Permalink

    tnx bro

  • July 12, 2018 at 9:28 AM
    Permalink

    බොහෝම ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *