Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 27

සින්දුවේ නම                             : Dilbar
මුල්ම එළිදැක්වීම සිදුවූ වර්ෂය   : 1999
නව නිර්මාණය සිදුවූ වර්ෂය      : 2018

ආයුබෝවන් යාලුවනේ. ගොඩක් කලකින් තමා මම මේ මන්සලේ ලිපියක් දෙන්නේ. එත් කමක් නැහැ ඔන්න මගේ සුපුරුදු ලිපිමාලාවක තවත් ලිපියක් අරගෙන තමා මේ ආවේ. ඉතින් දැනටම මේ ගීතය ලබාගෙන ඇති ජනප්‍රිය බාවය හින්ද නිතරම ඇහෙන්න පුළුවන් එකක් හින්ද මෙම ගීතයේ අතීතය මතක් කරන්නයි මේ ආවේ. මොකද අලුත් සින්දු ලස්සනයි පරණ ඒවා වැඩක් නැහැ කියන අයට මේවා පරණ සින්දු අලුතෙන් ජනප්‍රිය වෙන්න ඒවා කොපි කරනවා කියල මතක් කරන්නයි ඇත්තටම මට ඕනා..

හරි සින්දුවේ නම ඉතින් දිල්බර්. ඇත්තටම මේ ගීතය පළමුවෙන්ම දක්නට ලැබෙන්නේ Sirf Tum කියන 1999 තිරගත වෙච්ච හින්දි චිත්‍රපටයේ. අනිල් කපුර්ගේ සහෝදරයා වෙන සන්ජේ කපුර් තමා ඒ චිත්‍රපටයේ රඟපාන්නේ අපි කවුරුත් හොඳින් දන්නා සුශිමිතා සෙන් එක්ක. එම ගීතය ගායනා කරන්නේ අල්කා යාග්නික්. සංගීතය නදීම් ශ්‍රවන් තමා කරලා තියෙන්නේ. පද රචනය සමීර් ගෙන්.

ඉතින් කොහොම හරි පැරණි ගීතයේ හිමිකම T-Series ආයතනය සතුව තියෙන හින්ද එයාලගේ ඉස්සරහට එන්න තියෙන චිත්‍රපටයකට යොදාගෙන. කොටින්ම ලස්සන ආදර ගීතයක් අයිටම් නම්බර් එකක් කරලා. එන්න තියෙන මෙම නව ගීතය අඩංගු චිත්‍රපටය තමා Satyameva Jayate කියන්නේ. අගෝස්තු අන්තිම වගේ එන්න තියෙන්නේ. එකේ රඟපාන්නේ ජෝන් එබ්‍රහිම් සමග අම්ර්තා කියන නවක නිලියක්. නව ගීතය ගායනා කරන්නේ නෙහා කක්කර්. තනිෂ් බාර්ගි කියන සංගීත නිර්මාණ ශිල්පියා නව සංගීතය ලබාදීලා තියෙනවා. පද රචනයේ වෙනසක් ශබීර් අහමඩ් කියන රචකයා විසින් කරලා තියෙනවා.

එහෙනම් මෙන්න ඒ ගීත දෙකම බලල රසවිඳින්න කියල කියනවා.

බුදු සරණයි


මෙන්න 2018  දී Satyameva Jayate චිත්‍රපටයට ඇතුලත්  අලුත් ගීතය

මෙන්න 1999  දී Sirf Tum චිත්‍රපටයට ඇතුලත්  පැරණි ගීතය

G.A.P. Ranathunga (52 Posts)


One thought on “Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 27

  • November 27, 2018 at 1:07 PM
    Permalink

    Sub aka dunnanm watinawa..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!