බැට්මෑන් රීබර්ත් සිංහලෙන් කියවන්න (2016) #04 | මමයි ගෝතම් හතරවන කොටස….

පෙර කොටස මෙතැනින් බලන්න


  • ප්‍රධාන චරිතය: බැට්මෑන්
  • සහය චරිත : ඇල්ෆ්‍රඩ් පෙනිවොර්ත්, ඩියුක් තොම්සන්, ගෝතම් ගර්ල්
  • සතුරු චරිතය: හියුගෝ ස්ට්‍රේන්ජ්, අමන්දා වොලර්, සයිකෝ පයිරේට්, සෑම් ලේන්
  • අනෙකුත් චරිත : හෙන්රි ක්ලොවර්, මේරි ක්ලොවර්, රිඩ්ලර්, කිලර් ක්‍රොක්, පෙන්ගුයින්, ටු ෆේස්, ස්කෙයාක්‍රෝ, වික්ටර් සාර්ස්, මිස්ටර් ෆ්‍රීස්, ජෝකර්, මිස්ටර් බ්ලූම්, මොන්ස්ටර් මෙන්.
  • දකින්න ලැබෙන ස්ථාන: ගෝතම් නගරය, රෝබින්ස්විලි, බැට් කේව්
  • භාවිතා කරන වාහන සහ උපකරණ : බැට් කම්පියුටර්, බැට්මුබයිල්, බැට් ග්ලිඩර්.


බැට්මෑන්, මැරුණු මිනිසුන් 27 දෙනෙකුගේ සිරුරු දකිනවා. ඔහු අනුමාන කරනවා එසේ මරාදාලා තියෙන්නේ සුපිරි බලයක් තියෙන කෙනෙක් විසින් බව. ඒ අතර ක්ලෙයාර් හෙවත් ගෝතම් ගර්ල් දිගින් දිගටම ” මම බයවෙලා ඉන්නේ” පවසමින් සිටිනවා. ඒ අතර බිත්තියේ “මමයි ගෝතම්” යනුවෙන් ලේ වලින් ලිය තිබෙනවා.

වෙන ස්ථානයක ගෝතම් විසින් සියදිවි හානිකරගන්න හදන කෙනෙක් බේරගන්න උත්සහ දරනවා. පොලිසියෙන් සහ ගිනි නිවන හමුදා ඒ අසල සීරුවෙන් සිටිනවා. ගෝතම් විසින් සියදිවි හානි කරගන්න හදන කෙනාට එසේ නොකර ගන්න උපදෙස් දෙන අතර ඒ පුද්ගලයා තම අත තිබෙන ඩෙටනේටරය මගින් බෝම්බයක් පුපුරුවා හරිනවා. ඊට කලින් ඔහු පවසන්නේ ” රාක්ෂ මිනිසුන් පැමිණෙනවා” කියලා.

ඒ අතර බැට්කේව් එක තුල ක්ලෙයාර් කෑගසමින් සිටිනවා. ඇල්ෆ්‍රඩ් ඇයට කොපි කෝප්පයක් පිළිගන්වන අතර ඇය එපා කියා පවසනවා. ඒ අතර ඩියුක් ඇයට පෙරෝනයක් ලබාදේ පහසුව සලසනවා. මේ කාරණා සිද්ධ වන අතර බැට්මෑන් විසින් ඩියුක් අමතා පවසන්නේ මිනීමැරුම් සිදුවූ ස්ථානය ගැන විශ්ලේෂණය වහාම අවශ්‍ය බවකි.

වෙන ස්ථානයක ගෝතම් විසින් මට මේක හදන්න පුළුවන් කියමින් කැඩුන යමක් හදන්න උත්සහ දරනවා. එවිට එම ස්ථානයට පැමිණෙන බැට්මෑන් ගෝතම් හට පවසන්නේ ඔබට මේ දේවල් හදන්න බැරි බවත් මේ කරන දෙයින් තත්වය තවත් දරුණු වන බවත්ය. එවිට ගෝතම් බැට්මෑන් සමඟ කේන්තියෙන් තමන්ට කල හැකි දේවල් ඔහු නොදන්න බව කියා අත තිබෙන යකඩ බීම් එකෙන් බැට්මෑන් හට දමා ගසනවා. එය වැඩි බැට්මුබයිල් එක විනාශ වී යනවා. එහිදී බැට්මෑන් විසින් ගෝතම් හට පවසන්නේ මරා දමා තිබෙන මිනිසුන් 27 දෙනා දුටු පසු ගෝතම් හට කල හැකි දේ කුමක්ද කියා ඔහුට තේරුම් ගිය බව. එහිදී ගෝතම් එතනින් පියඹා ඉවත් වී යනවා. ඒ අතර ඩියුක් තම විශ්ලේෂණය අවසන් කර එහි විස්තර සහ රටාවක් ගැන බැට්මෑන් හට දැනුම් දෙනවා. එහි රටාව කෙලින්ම යොමු වන්නේ හමුදාවේ විශේෂ ඒකකයක් වන ටාස්ක් ෆෝර්ස් X හෙවත් සුයිසයිට් ස්කොඩ් වෙතටයි.

අමන්දා වොලර් සහ සෑම් ලේන් වෙනම භූගත ස්ථානයක සාකච්චා කරමින් සිටින්නේ බැට්මෑන් ගැන වදවිය නොයුතු බවයි. සෑම් අමන්දා හට පවසන්නේ බැට්මෑන් මේ ගැන ඔවුන්ගේ සම්බන්ධයක් දැනගත හොත් දැන් මේ සිටින ස්ථානයට කොහෙත්ම පැමිණිය නොහැකි බවකි. නමුත් වොලර් පවසන්නේ දැනටමත් බැට්මෑන් සෑම්ගේ පිටුපස හිටගෙන සිටින බවකි. එහිදී සෑම් හට පහර දී බැට්මෑන් විසින් අමන්දා හට බලකර සිටිනවා මෙහි කරුණු කාරණා පැහැදිලි කරන ලෙසට. එහිදී ඈය පවසන්නේ ගෝතම් නගරයේ බැට්මෑන් නැති කාලය තුල ඇති වූ ගැටළු නිරාකරණය කරන්න සයිකෝ පයිරේට් සහ හියුගෝ ස්ට්‍රේන්ජ් යොදාගත් බවත් ඔවුන් තමන්ට ද්‍රෝහී වී මෙවැනි දෙයක් කල බවත්ය. පසුව ඇය පවසන්නේ ඒ දෙදෙනා අල්ලා ගැනීමට ඇයට තම උදවු සපයා දිය හැකි බවත් එම ඉල්ලීම කාරුණිකව කරන ලෙසටත් බැට්මෑන් හට පවසනවා.

බැට්මෑන් විසින් රොබින්ස්විලි වල ඇති ගෝතම්ගේ නිවාස තුල ගෝතම් ඔහුගේ මියගිය දෙමාපියන් අසල 28 වෙනි පුද්ගලයාගේ බෙල්ලෙන් අල්ලාගෙන ඉන්නවා දකිනවා. එහිදී බැට්මෑන් විසින් දැනගනු ලබන්නේ මේ විසිඅටවෙනි පුද්ගලයා අනෙක් පිරිස අතර සිටියත් ඔහු මියගියා සේ රඟ පා ගෝතම් විසින් මුහුණු ආවරණය ඉවත් කරන අවස්ථාවේදී ඡායා රූපයක් ගෙන ඔහුගේ අනන්‍යයතාවය හඳුනාගෙන පළි ගැනීමක් ලෙස ගෝතම්ගේ දෙමාපියන් මරා දැමු බවකි. බැට්මෑන් විසින් ගෝතම් හට පවසන්නේ මේ පුද්ගලයා නොමරන ලෙසටත් ගෝතම් දැන් සිටින්නේ සයිකෝ පයිරේට්ගේ පාලනයේ බවත් ඔහුව සොයා එම පාලනයෙන් ගොතම්ව මුදවා ගන්නා බවත්ය. එහිදී ඊට පිටුපාන ගෝතම් විසින් එම පුද්ගලයාගේ බෙල්ල කඩා මරා දමන අතර බැට්මෑන් හට පවසන්නේ ගෝතම් බේරාගත නොහැකි බවත් එසේ කරන විට ගෝතම් නගරයෙන් තමන්ට පාඩු සිද්ධ කරන බවත්ය. එමනිසා ඔහු ගෝතම් විනාශ කරන බව පවසා එතනින් නික්ම යනවා.

එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනින් මුණ ගැසෙමු.

“I sacrificed–I gave up…everything! Everything! To save my city. To save Gotham! And it…this city–you try to save it, and it just…it bleeds you. It destroys you! It destroys…everything you–it destroys everything! In Gotham, the Monster Men are always coming.”
— Gotham

හසන්ත වික්‍රමරත්න (70 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


හසන්ත වික්‍රමරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

හසන්ත වික්‍රමරත්න has 70 posts and counting. See all posts by හසන්ත වික්‍රමරත්න

4 thoughts on “බැට්මෑන් රීබර්ත් සිංහලෙන් කියවන්න (2016) #04 | මමයි ගෝතම් හතරවන කොටස….

  • July 17, 2018 at 1:19 PM
    Permalink

    බොහොම ස්තුතියි…
    ඉදිරියටත් ලියන්න…
    ඔබට ජය…!!!

  • July 8, 2018 at 10:59 PM
    Permalink

    thx bro,

  • July 1, 2018 at 4:06 PM
    Permalink

    ස්තූතියි සහෝ

  • July 1, 2018 at 2:35 PM
    Permalink

    බොහොම ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!