The Maze Runner චිත්‍රපට මාලාව ගැන කෙටි විවරනයක්

 

හිතන්න ඔයා එක පාරටම නින්දෙන් ඇහැරෙනවා වගේ සිහිය නැති වෙලා ඉඳලා අවදි වෙනවා, ඒත් ඔයා මෙහෙම අවදි වෙදදී ඔයා ඉන්නේ භයානක සත්තුන්ගෙන් වට උන වංකගිරියක. නමුත් නරකම දේ ඒක නෙවෙයි ඔයාට අඩුම තරමේ ඔයාගේ නමවත් මතක නැති එක. ඔව් මේ වගේ අත්දැකීමක් ගැන දැනගන්නම උවමනා නම් ඔයා බලන්නම ඕන චිත්‍රපට මාලාව තමයි Maze runner චිත්‍රපට මාලාව. Action, Sci-Fi, Thriller වගේ කාණ්ඩ වලට වැටෙන, 2014 දී Wes Ball ගේ අධ්‍යක්ශණයෙන් ලොව පුරා තිරගත වෙන මේ චිත්‍රපටයට පාදක වෙන්නේ 2009 දී James Dashner විසින් රචනා කරලා ප්‍රසිද්ධ උන Maze runner කියන කතා පොත් මාලාව. Maze runner චිත්‍රපට මාලාවේ දැනට චිත්‍රපට තුනක් නිකුත් වෙලා අවසන් ඒ,

1. The Maze Runner – 2014
2. Maze Runner: The Scorch Trials – 2015
3. Maze Runner: The Death Cure – 2018

විදිහට. මේ චිත්‍රපට තුනම IMDB දර්ශක වල ඉහල අගයන් ලබාගෙන සාර්ථකව ආදායම් ලබමින් තිරගත වෙලා තියනවා. චිත්‍රපටයේ චරිත ගැන කතා කලොත්,

Dylan O’Brien – Thomas [ අපි කවුරුත් දන්න ස්ටයිල්ස් ]
Aml Ameen – Alby
Ki Hong Lee – Minho
Blake Cooper – Chuck
Thomas Brodie-Sangster – Newt
Will Poulter – Gally
Dexter Darden – Frypan
Kaya Scodelario – Teresa
Patricia Clarkson – Ava Paige

යන අය විදිහට බලාගන්න පුළුවන්.

හැරෙමු පොඩ්ඩක් කතාව දිහාවට. walking dead වගේ කතා මාලාවක් බලලා තියනවානම් කට්ටිය දන්නවනේ එක පාරටම ලෝකයටම වයිරස් එකක් වගේ දේකින් වෙන්න පුළුවන් බලපෑම. ඉතින් මේ Maze runner චිත්‍රපටයටත් පාදක වෙන්නේ මේ වගේ කතා තේමාවක්. මේ වගේ වයිරසයක් නිසාවෙන් මිනිස් සංහතියම විනාශ වෙමින් පවතින්නේ. මොලයෙන් ආසාදනය පැතිරෙන මේ වයිරසයට පිළියමක් හොයන්න W.C.K.D කියන ආයතනය කටයුතු කරනවා. මොවුන්ගේ අදහස වෙන්නේ තීරණ ගැනීම, නිර්භීතකම සහ අධිශ්ඨාන ශක්තියෙන් වගේ දේවල් වලින් ඉදිරියෙන් ඉන්න කෙනෙක්ගේ රුධිරයෙන් මේ වයිරස් එකට විරුද්ධව සටන් කරන්න පුළුවන් විදිහේ ප්‍රතිකාරයක් හොයාගන්න පුළුවන් වේවි කියන එක. මේ මතය පරීක්ශා කරන්න තමයි මෙයාලා ලෝකය පුරාවටම හුදකලා තැන් වල වංකගිරි හදලා ඒවා ඇතුලත විවිධ විදිහේ අභියෝග නිර්මාණය කරලා, ඒ ඇතුලට තරුණ ළමයින්ව යවලා, කලින් කිව්වා වගේ කෙනෙක් හොයන්න උත්සාහා කරන්නේ. කොහොමින් කොහොමින් හරි අපේ කථා නායකයා වෙන තෝමස් සහ ඔහුගේ මිතුරන් පිරිස මේ වංකගිරියෙන් බේරිලා ඇවිල්ලා W.C.K.D එකත් එක්ක මේ තරුණයන්ට වද හිංසා කරන එක නවත්වන්න කරන අරගලය තමයි චිත්‍රපට තුන පුරාවටම දැකගන්න ලැබෙන්නේ.

කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් විදිහේ චිත්‍රපට තුනක් කියලා නිර්දේශ කරනන් පුළුවන්. Divergent චිත්‍රපට මාලාව බලලා තියනවානම් අන්න ඒ වගේ පොඩ්ඩක් විතර. කුතුහලය, ත්‍රාසය, ආදරය වගේ හැම දෙයක්ම තියන සාර්ථක නිර්මාණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපට තුන නරඹන්න වැයකරන කාලය නම් අපතේ යැවීමක් නොවනවා කියන එක 200% විශ්වාසයෙන් කියන්නට පුළුවන්. සිංහල උපසිරැසි සුපුරුදු පරිදි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්.

එහෙනම් තවත් ලිපියකින් ආයෙමත් හමුවෙමු… ජය වේවා…!!

කවින්ද . බුද්ධික (2 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *