බැට්මෑන් රීබර්ත් සිංහලෙන් කියවන්න (2016) #03 | මමයි ගෝතම් තෙවන කොටස….

පෙර කොටස මෙතැනින් බලන්න


  • ප්‍රධාන චරිතය: බැට්මෑන්
  • සහය චරිත : ගෝතම්, ගෝතම් ගර්ල්
  • සතුරු චරිතය: හියුගෝ ස්ට්‍රේන්ජ්, අමන්දා වොලර්, සයිකෝ පයිරේට්
  • අනෙකුත් චරිත : ඇල්ෆ්‍රඩ් පෙනිවොර්ත්, හෙන්රි ක්ලොවර්, මේරි ක්ලොවර්, බකමුණු අධිකරණය, ජෝකර්, මිස්ටර් බ්ලූම්, මොන්ස්ටර් මෙන්.
  • දකින්න ලැබෙන ස්ථාන: ගෝතම් නගරය,
  • භාවිතා කරන වාහන සහ උපකරණ : බැට් ප්ලේන්, බැට්සයිකල්.


ඔබට මුලින්ම දකින්න ලැබෙන පිටු කීපය මීට කලින් දැක පුරුදු කතාවක් වගේ කියල හැඟෙනවා නිසැකයි. බෘස් කුඩා කාලයේ දෙමව්පියන් මරා දැමු අවස්ථාවට සමාන සිදුවීමක් තමයි අපිට දකින්න ලැබෙන්නේ.ගෝතම් නගරයේ පාක් රෝ පෙදෙසේ ඇවිද යන යුවලක් සහ ඔවුන්ගේ පුත්‍රයා වෙතට කඩා වදින මැරයෙක් ඔවුන්ව මංකොල්ල කන්න සූදානම් වෙනවා. මේ සිදුවීම වෙන කෙනෙක් විස්තර කරන ආකාරයක් තමා අපිට පෙනීයන්නේ. කොල්ල කෑමට සූදානම් වනවාත් සමඟින් එහි පැමිණෙන බැට්මෑන් එම පවුල බේරාගනු ලබනවා.ඒ අවස්ථාවේදී ඒ පිරිමි දරුවට බැට්මෑන් විසින් උපදේශයක් ලබා දෙනවා තමන්ගේ බිය හසුරවා ගන්නට. ඔහු පවසන්නේ බිය නිසා හැමෝටම ඊට එරෙහිව සටන් වදින්න නිර්භීත වීමට අවස්ථාවක් ලබා දෙන බව.

කලින් සිදුවීම සිදුවූ දෙපල වන්නේ හෙන්රි ක්ලොවර් සහ මේරි ක්ලොවර් නමැති යුවලයි. ඔහු තමයි කලින් සිදුවීම මෙලෙසින් විස්තර කරනු ලැබුවේ. ඔහු තවමත් එම කතාව FBI නිලධාරියෙක් හට පවසමින් සිටින්නේ. ඔහු විසින් හෙන්රිගේ දරුවන් වන හෑන්ක් සහ ක්ලෙයාර් ගැන තොරතුරු විමසීමක් කරමින් සිටින්නේ. තවද හෙන්රි පවසන්නේ එම සිදුවීමෙන් පසු බැට්මෑන් හෑන්ක්ගේ වීරයා වන බවත් ඔහුගේ හිත තුල බැට්මෑන් සහ ඔහුගේ ක්‍රියා ගැන සෑහෙන පැහැදීමක් ඇති වූ බවත්ය. ක්ලෙයාර් එම අවස්ථාවේදී මිතුරෙකුගේ නිවසේ සිටියත් ඇය කරන්නේ තම සහෝදරයා කරන දේම බවත් හෙන්රි පවසනවා. ඉන් පසු හෑන්ක් සහ ක්ලෙයාර් දෙදෙනා අසරණ සහ දුප්පත් මිනිසුන්ට උදවු කරන්න පෙළඹුන බවත් එසේ නොකර විටදී ඔවුන් දැඩි ලෙසින් පුහුණු වූ බවත් පවසනවා. පසුගිය වසරේදී ඔවුන් සේවේච්ඡා සේවය සඳහා විදේශගත වූ බවත් පසුව ඔවුන් සැලකිය යුතු තරමේ මුදලක් ඔහුගෙන් එම රටට ගෙන්වා ගත බවත් පවසනවා. පසුව ඔවුන් ඉතාමත් හොඳින් මාසයකට කලින් ගෝතම් බලා පැමිණි බවත් ඉන් පසු මේ නව වීරයන් දෙපල වන ගෝතම් සහ ගෝතම් ගර්ල් දකින්න ලැබුන බවත් ඔහු සඳහන් කරනවා. FBI නියෝජිතයා විසින් මුදල් ගණුදෙනුව ගැන පමණක් විමර්ශන කරන බව පවසන අතර එහිදී ඔහුගේ නම මැචස් මැලෝන් බව පවසනවා.

පිටවී යන අවස්ථාවේදී නියෝජිත මැලෝන් වශයෙන් පැමිණ ඇත්තේ වෙන කවුරුත් නෙමේ බෘස් වෙයින් බව ඔබට දකින්න ලැබෙනවා. නැවත පිටවීමට රථයට ගොඩ වදින්න සැරසෙන නියෝජිත මැලෝන් ඔහුගේ උඩු රැවුල ගලවා දමන අයුරු ඔබට දකින්න ලැබෙනවා. ක්ලොවර් නිවසෙන් නික්මෙනවාත් සමඟම ඇල්ෆ්‍රඩ් හරහා බෘස් හට දැනගන්න ලැබෙන්නේ වින්සේෆින්කල් පාලම මත මරාගෙන මැරෙන බෝම්බකාරියක් “රාක්ෂ මිනිසුන් එනවා” යයි කෑ ගසමින් බෝම්බයක් පුපුරවාගෙන ඇති බව. ඒ නිසා පාලම දැන් කඩාවැටෙන බවත් පවසනවා. ඒ සැනින් බෘස්ගේ කාර් රථය තුලින් එලියට ඇදෙන්නේ බැට්සයිකල් එක වන අතර බෘස් බැට්මෑන් ලෙසින් දකින්න ලැබෙනවා.

ඒ අතර ගෝතම් සහ ගෝතම් ගර්ල් දෙදෙනා පාලම මත සිටින මිනිසුන්ට උදවු කරනවා දකින්න ලැබෙනවා. ගෝතම් විසින් පාලම දරා සිටින අතර ගෝතම් ගර්ල් විසින් අනතුරට පත්වූ පිරිස් ඉන් ඉවත් කරනවා. ගෝතම් පවසන්නේ මෙය තව දුරටත් දරාගත නොහැකි බවයි. ඒ සමගම එහි පැමිණෙන බැට්මෑන් දකින ගෝතම් ගර්ල් පවසන්නේ සියළු දේ හරියන බවයි.

ඒ අතර තවත් පසුබිම් කථනයක් දකින්න ලැබෙනවා. ඔහු ඒ කතාව කරනු ලබන්නේ වොලර් මෙනෙවිය හට බව පැහැදිලි වෙනවා. ඒ වෙන කවුරුත් නෙමේ මහාචාර්ය හියුගෝ ස්ට්‍රේන්ජ්. ඒ සමගින් උදවු සපයා අවසන් වන බැට්මෑන් පාලමෙන් ඉවත් වෙමින් පවසන්නේ ඔහු බෝම්බකරුවන්ගේ හෝඩුවාවන් පසුපස යන බවත් තවත් සිදුවීම් සිදු උනොත් ඒ සනහා යොමුවන ලෙසට නව වීරයන්ගෙන් ඉල්ලීමක් කරනු ලබනවා. ඒ සමගම තවත් බෝම්බයක් ඈතින් පිපිරී යන අතර ගෝතම් සහ ගෝතම් ගර්ල් ඒ දෙසට පියඹා යනවා. පිපිරිම සිදුවී ඇති ගොඩ නගිල්ලට ඇතුල් වෙන ඔවුන්ට දකින්න ලැබෙන්නේ හියුගෝ ස්ට්‍රේන්ජ් සහ ඔහුගේ නවතම නිර්මාණය වන හැඟීම් පාලනය කල හැකි මිනිහා සයිකෝ පයිරේට්වයි.

එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනින් මුණ ගැසෙමු.

You feel each blow to the city as a blow to your own body. And you wonder when you, too, might fall. But that, Ms. Waller, is merely an illusion, a rather nifty trick of the mind. It is how the people of this city accept what they cannot accept. Indeed, what they should not accept. It lullabies them into complicity. Teaches them to ignore the horrors. To embrace the horrors. To become the horrors. It is our goal, then, to eliminate this illusion. To free the people from the psychosis of the city. They will not riot! They will resist! They will not panic! They will persevere! Villains will surrender. Heroes will triumph. And with my coaxing and Roger’s gifts… they will finally separate the life of the mind from the rot of the city. And they will declare… I am not Gotham. I am better than Gotham.”
— Hugo Strange

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

හසන්ත වික්‍රමරත්න (66 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


හසන්ත වික්‍රමරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

හසන්ත වික්‍රමරත්න has 66 posts and counting. See all posts by හසන්ත වික්‍රමරත්න

6 thoughts on “බැට්මෑන් රීබර්ත් සිංහලෙන් කියවන්න (2016) #03 | මමයි ගෝතම් තෙවන කොටස….

  • July 17, 2018 at 1:04 PM
    Permalink

    බොහොම ස්තුතියි…
    ඉදිරියටත් ලියන්න…
    ඔබට ජය…!!!

  • June 15, 2018 at 2:36 AM
    Permalink

    බොහෝම ස්තුතියි

  • June 13, 2018 at 2:25 PM
    Permalink

    Tnx ❤️

  • June 13, 2018 at 11:01 AM
    Permalink

    Thank you!!!

  • June 13, 2018 at 8:42 AM
    Permalink

    ස්තූතියි සහෝ

  • June 11, 2018 at 8:38 PM
    Permalink

    thx bro, digatama karagema yanna, thx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *