ගේම් ඔෆ් ත්‍රෝන්ස් : වීරයින්ගේ යුගයක නවතම කතාමාලාවේ තොරතුරු

අවසන් ගේම් ඔෆ් ත්‍රෝන් කතාමාලාව ලබන වසරේදී දකින්න ලැබුණත් මේ කතාමාලාව තුලින්ම තවත් ස්පින් ඕෆ් කතාමලාවක් නිර්මාණය කරන්න යන බව මිට පෙර HBO නාලිකාවෙන් ප්‍රේක්ෂකයන් හට දැනුම් දුන්නා. ඒ කතාමාලාවට අදාළ අලුත්ම විස්තර වලට අනුව නම් HBO නාලිකාවෙන් මේ වෙද්දී Game Of Thrones කතාමාලාවේ Prequel කතාමාලාව නිර්මාණය කිරීම සදහා එහි පිලොට් නොහොත් මුල් කතාංගය නිර්මාණය කිරීම සදහා විධි විධාන මේ වෙද්දී සකසලා තියෙනවා.

තාමත් මේ කතාමාලාවට නමක් නම් තියලා නැහැ. නමුත් මේ අලුත් කතාමාලාව නිර්මාණය වෙන්නෙත් ඔයාලා හුග දෙනෙක් දන්නා කියන ඇමරිකානු නවකතා රචකයෙක් වගේම තිර රචකයෙක් වන George RR Martin විසින් වගේම Kick-AssX-Men: First Class, Kingsman: The Secret Service වගේ චිත්‍රපට රැසකම තිර රචක කටයුතු සිදුකල Jane Goldman විසින්. මේ කතාමාලාව පාදක වෙන්නේ දැනට ගේම් ඔෆ් ත්‍රෝන් කතාමාලාවේ කාලයෙන් වසර දහස් ගණනකට පෙර “Golden Age of Heroes” නොහොත් “වීරයින්ගේ ස්වර්ණමය යුගයෙහි” සිදුවීම් පෙළයි. වෙස්ටරෝස්වල සැගවුණු රහස්, වයිට් වෝකර්ලගේ පෙර කතාව වගේම අපි මෙතෙක් නොදැන හිටිය ස්ටාක්ලා ගැන විවිධාකාර තොරතුරු දැනගන්න ලැබේවි. දන්නා විදිහට මේ කරුණු ටික විස්තර කරනවානම්, 

කාල වකවානුව

මේ කතාමාලාවේ කාල වකවානුව වෙන්නේ ගේම් ඔෆ් ත්‍රෝන් කාලයට පෙර වසර 10,000 කාලයයි. මේ කාලයේ තමයි තමයි First Men (පළමු මිනිසුන්) වගේම Children of the Forest (චිල්රන් ඔෆ් ද ෆොරස්ට්) අතර මිත්‍ර පාර්ශවිකයන් විදිහට හිටියෙ. මේ විදිහට මිත්‍ර පාර්ශව විදිහට මේ අය ගත කලේ වසර 4,000 ක කාලයක් විතරයි මොකද ඇන්ඩල්වරුන්ගේ ආක්‍රමණයෙන් පස්සෙ ඒසොස්වල ඉදන් පටන් ගත්තම වෙස්ටරෝස්වලත් සෑහෙන දුරක් යනකන් ආක්‍රමණය කරන්න හැකියාව ඇන්ඩල්වරුන්ට ලැබුණා. මේ Prequel කතාමාලාව “Golden Age of Heroes” මත පදනම් වෙනවා කියන නිසා නිකමට වගේ අනුමාන කරන්න පුලුවන් කතාමාලාවත් ඇන්ඩල්වරුන්ගේ ආක්‍රමණ සිදුවීම් මත පදනම් වේවි කියලා. 

ස්ටාක් හා ලැනිස්ටර් වංශයේ පෙර කතාව

ඒවගේම තමයි “Golden Age of Heroes” කිව්වම වෙස්ටරෝස්වල නූතන දේශපාලනික ව්‍යුහය බලපැවැත්වීමත් මේ කාලයේ සිදු වෙලා තියෙනවා. ස්ටාක් වංශය ගැන කතා කරද්දී හමුවෙන කෙනෙක් තමයි “Bran the Builder.” වෙස්ටරෝස්වල තියෙන හිතට අල්ලලා යන විදිහේ ඉදිරිකිරීම්වල ව්‍යුහයන් ගණනාවක්ම සිදු වෙලා තියෙන්නේ “Bran the Builder” කෙනාගේ අතින්. විශේෂයෙන්ම වින්ටර්ෆෙල්, ප්‍රකාරය එහෙමත් ඉදිවෙලා තියෙන්නේ එයාගේ ව්‍යුහයන් වලට අනුව. ගේම් ඔෆ් ත්‍රෝන්හි ඉතිහාසය තුල මේ කෙනා අතිශය ජනපි‍්‍රය කෙනෙක් නිසා එයත් මේ අලුත් කතාමාලාවේ බොහෝවිට දකින්න පුලුවන් වේවි යයි බලාපොරොත්තු තියාගන්න පුලුවන්.

මේ අතර කාලයේ තමයි ලැනිස්ටර් වංශයෙ හිටිය විරයෙක් වශයෙන් සලකන “Lann the Clever” නැමැති කෙනාට හැකියාව ලැබිලා තියෙනවා තමන්ගේ කපටිකම් ප්‍රයෝජනයට අරගෙන කාස්ටලී වංශයේ පෞරාණික නිවහනක් වන කාස්ටලී රොක් වලින් ඒ වංශය පලවා හරින්න. මේ දෙන්නා හැරුනම “Golden Age of Heroes” කාලයේ හිටිය තවත් චරිත බොහොමයක් තියෙනවා. අඩුම තරමේ අලුත් කතාමාලාවේ මේ දෙගොල්ලොවත් දකින්න ලැබේවි කියලා විශ්වාසය තියාගන්න පුලුවන්.

ප:ලි: “Lann the Clever” කියන්නේ නයිට් කිං කියලත් අන්තර්ජාලයෙ යම් යම් මුලාශ්‍රවල ලිපි පල වෙලා තියෙනවා. හරියටම නම් කියන්න දන්නේ නැහැ මොකද ඒ කවුද කියලා හෙලි නොකළ නිසා. නමුත් පහල තියෙන පින්තූරේ මුලින්ම දැක්කම මමත් රැවටුනා. ඒ තරමටම එක සමානයි වගේ නෙහ්?!

චිල්රන් ඔෆ් ද ෆොරස්ට් හා වයිට් වෝකර්ලා

වයිට් වෝකර්ලා නිර්මාණය කලේ චිල්රන් ඔෆ් ද ෆොරස්ට් සමූහයයි. ඒ පළමු මිනිසුන්ගෙන් බේරෙන්නයි. නමුත් පසුකාලීනව චිල්රන් ඔෆ් ද ෆොරස්ට් සමුහයට වගේම පළමු මිනිසුන් කියන මේ දෙගොල්ලොන්ටම තර්ජනයක් වෙච්ච කාලයකුත් තිබුණා. Children of the Forest ගැන කියද්දී විශේෂයෙන්ම කියන්න ඕනා වෙස්ටරෝස්වල මුල්ම අයිතිය තිබුණේ මේ අයටයි. පසුකාලිනම වයිට් වෝකර්ලව නිර්මාණය කරලා පළමු මිනිසුන්ට එරෙහිව සෑහෙන කාලයක් පුරාවටම සටන් කිරීමක් පවා සිදු වෙලා තියෙනවා. අලුතින් නිර්මාණය වන මේ ගේම් ඔෆ් ත්‍රෝන් කතාමාලාව තුලින් වයිට් වෝකර්ලගේ සැබෑ පෙර කතාව දැකගත හැකි වේවි යයි විශ්වාස කරනවා.

ඒවගේම බොහෝ දෙනෙක්ට තාමත් ප්‍රශ්ණයක් වෙලා තියෙන නයිට් කිං කියන්නේ කවුද කියලා පෙළක් විට දකින්න ලැබේවි. ගේම් ඔෆ් ත්‍රෝන් පොත් කතාමලාවට අනුව නයිට් වොච්වල කමාන්ඩර් හැටියට ඉදලා තියෙන්නේ ක්‍රැර පාලකයක්.  පසු කාලීනව වයිට් වෝකර් කෙනෙක් එක්ක ආදර සම්බන්ධයක් පවා පටන් අරගෙන තමන්ගේ ආත්මය පවා කැප කරපු. මේ අලුත් කතාමාලාවෙන් බොහෝ විට ඒ ගැනත් දකින්න ලැබෙයි කියලා විශ්වාසය තියාගන්න පුලුවන්. ඉතින් ඔය වගේ රසබර සිදුවීම් ගණනාවක්ම සිදුවුණු කාලයක් තමයි “Golden Age of Heroes” කියන්නේ. 

ගේම් ඔෆ් ත්‍රෝන් කියන්නෙත් ගුණාත්මක බවින් ඉහල කතමාලාවක් නිසා කිසිම තර්කයක් නැතුව මේ Prequel කතාමාලාවත් සුපිරියටම තියේවි කියලා බලාපොරොත්තු තියාගන්න පුලුවන්. නිකුත් වෙන දිනවකවානු ගැන නම් තාම දැනුවත් කරලා නැහැ. බොහෝවිට 2020 වසරේදී නිකුත් වේවි කියලයි මගෙ අනුමානය නම්. බලමුකො නෙහ්.

 

චාමර සම්පත් (82 Posts)


One thought on “ගේම් ඔෆ් ත්‍රෝන්ස් : වීරයින්ගේ යුගයක නවතම කතාමාලාවේ තොරතුරු

  • June 10, 2018 at 1:04 PM
    Permalink

    elama…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!