බැට්මෑන් රීබර්ත් සිංහලෙන් කියවන්න (2016) #02 | මමයි ගෝතම් දෙවන කොටස….

පෙර කොටස මෙතැනින් බලන්න


  • ප්‍රධාන චරිතය: බැට්මෑන්
  • සහය චරිත : ජිම් ගෝර්ඩන්, ගෝතම්, ගෝතම් ගර්ල්
  • සතුරු චරිතය: සොලමන් ග්‍රන්ඩි, හියුගෝ ස්ට්‍රේන්ජ්, අමන්දා වොලර්, බොබ් කැස්ට්‍රෝ
  • අනෙකුත් චරිත : ඇල්ෆ්‍රඩ් පෙනිවොර්ත්, ඩියුක් තෝමස්, රොජර් හේඩන්, කෝබ්‍රා කල්ලිය, බාබරා ගෝර්ඩන් .
  • දකින්න ලැබෙන ස්ථාන: ආක්හම් රෝහල, ගෝතම් නගරය, බැට්කේව්, GCPD කාර්යාලය, යුක්තියේ ප්‍රතිමාව, වෙයින් මන්දිරය.
  • භාවිතා කරන වාහන සහ උපකරණ : බැට් පරිගණකය, බැට් සිග්නල්.


අලුත් සුපිරි වීර දෙපල වන ගෝතම් සහ ගෝතම් ගර්ල් දෙදෙනා සොලමන් ග්‍රන්ඩි සමඟ යුක්තියේ ප්‍රතිමාව අසන සටන් වදිමින් සිටිනවා. සොලමන් විසින් ගෝතම්ව පිළිමය දෙසට දමා ගැසීමෙන් පිළිමය දෙකඩ වන අතර එය ගෝතම් සහ ගෝතම් ගර්ල් දෙදෙනා විසින් අල්ලා ගනු ලබනවා. ඒ අතරතුර ග්‍රන්ඩි පැනයන්න උත්සහ දරන අතර එම ස්ථානයට බැට්මෑන් පැමිණ ඔහුව අල්ලාගනු ලබනවා. පසුව බැට්මෑන් ගෝතම් හට පවසන්නේ සොලමන් මීට පෙර අල්ලාගන්න හැකියාව තිබුණු බවත් ඔහු නොපැමිණියා නම් අසරණ මිනිසෙක් මියයන්න ඉඩ තිබුන බවත් සඳහන් කරනවා. තවද බැට්මෑන් විසින් ගෝතම් සහ ගෝතම් ගර්ල්ට පවසන්නේ ඔවුන් දක්‍ෂ බවත් තව ඉගෙන ගත යුතු දේ ඇති බවත්ය. එහිදී ඔවුනට ඒ දේවල් උගන්වන ලෙසට ගෝතම් බැට්මෑන්ගෙන් ඉල්ලා සිටිනවා.

පසුව බැට් කේව් එක තුලදී බැට්මෑන්විසින් ගෝතම් සහ ගෝතම් ගර්ල් සටන් වැදුන ආකාරය නිරීක්ෂණය කරනු ලබනවා. කලින් සිදුවූ ගුවන් අනතුර තුලදී ඔහු මිය ගියා නම් ඔහු මේ ගොඩ නගා ගත දේවල් සහ ඔහු කරන දේවල් වලට කුමක් සිදුවේ දැයි බැට්මෑන් විසින් කල්පනා කරනු ලබනවා. ඔහුගෙන් පසු බැට්මෑන් අනුගාමිකයන් හට ගෝතම් නගරය බාර දීමෙන් නගරයට කුමක් සිදුවේදැයි බැට්මෑන් අවිනිශ්චිත බවකින් පෙළෙනවා. පසුව මේ සැක සංකා පසෙකට කර වෙයින් මන්දිරය තුල ඇති සාදයකට සහභාගී වීමට බෘස් පිටත් වෙනවා.

ඒ අතරතුර ගෝතම් පොලිස් ස්ථානය තුල ජිම් ගෝර්ඩන් හා බොබ් කැස්ට්‍රෝ නැමැත්තෙක් අතර හමුවක් සිදුවනවා. බැංකු සේවකයෙක් ලෙසින් බොරුවක් පවසා පැමිණෙන ඔහු ජිම් හට යම් පාපොච්චාරණයක් සිදු කරනවා. කලින් හමුදා නිලධාරියෙකු වූ ඔහු සොලමන් ග්‍රන්ඩි නිදහස් කිරීමට ඔහු ගිය රථය බෝම්බ ඇටවූ බව එහිදී පවසනවා. පසුව ඔහු විසින් පවසන්නේ ” රාක්ෂයන් පැමිණෙන බවක් සහ ස්ට්‍රේන්ජ් යන වචනය එහිදී සඳහන් කරනවා.

බෘස් සාදයේ ගැහැණු ළමයෙක් සමඟින් නර්තනයේ යෙදෙන අතරතුර බැට්සිග්නල් එක දකනවා. එය නවතා දමා ජිම් මුණ ගැසීමට යන අතර තුර ඩියුක් සහ ඇල්ෆ්‍රඩ් හට පවසන්නේ ගෝතම් සහ ගෝතම් ගර්ල් දෙදෙනාට එතනට කතා කරන බවයි. එහිදී ඩියුක් අසන ප්‍රශ්නය වන ඔවුන් ඔබට විශ්වසදැයි කියන කාරණයට පිළිතුරු දෙන බෘස් කියා සිටින්නේ ඔවුන් ඇල්ෆ්‍රඩ්ට වඩා විශ්වාස බවකි. ඊට හේතුව ලෙස ඇල්ෆ්‍රඩ් කියා සිටින්නේ කුඩා අවදියේ තරහක් තවම පිරිමහන බවකි. ජිම් විසින් බැට්මෑන් හට කැඳවීමක් කරන්නේ බොබ් කැස්ට්‍රෝ සිදුවීම ගැන පැවසීමටයි. එහි පැමිණෙන ගෝතම් සහ ගෝතම් ගර්ල් දැකීමෙන් ජිම් පුදුම වනවා. එහිදී ගෝතම් ගර්ල් පවසන්නේ මිසයිල ප්‍රහාරය එල්ල කල ත්‍රස්තවාදියාද බොබ් ලෙසින් සියදිවි නාසාගෙන ඇති බවයි. බොබ් පැවසු ” රාක්ෂ මිනිසුන්” යන කාරණයට වැඩි අවධානයක් දෙන බැට්මෑන් එතනින් ගෝතම් සහ ගෝතම් ගර්ල් දෙදෙනාගේ අල්ට්‍රා විෂන් වලටත් සැඟවී ඔවුනට රහසේ නික්මෙනවා. ගෝර්ඩන් එහිදී පවසන්නේ ඊට පුදුම විය යුතු නැති බවත් මොකද ඔහු බැට්මෑන් නිසා එය සාමාන්‍ය දෙයක් බවකි.

ඒ අතර මහාචාර්ය හියුගෝ ස්ට්‍රේන්ජ් සහ අමන්දා වොලර් (සුයිසයිඩ් ස්කොඩ් කණ්ඩායමේ නිර්මාතෘ) සහ සෑම් ලේන් තිදෙනා එකතු වී රොජර් නමැති පුද්ගලයෙකුට හැඟීම් සම්බන්ධ තෙරපියක් සිදු කරමින් සිටිනවා. මෙය අවසානයේ ලේන් විසින් වොලර් හට පවසන්නේ ඇය විසින් ගෝතම් නගරය බේරාගත් බවයි.

එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනින් මුණ ගැසෙමු.

“I know I need to be better. We want to be better. We’re not here to challenge you or anything. We’re here to help this city. My city. Our city. You– You’re Batman. You’ve been fighting this war for years. But we’re here now and… if we’re fighting it wrong… show us how to fight it right. “
— Gotham

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

හසන්ත වික්‍රමරත්න (66 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


හසන්ත වික්‍රමරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

හසන්ත වික්‍රමරත්න has 66 posts and counting. See all posts by හසන්ත වික්‍රමරත්න

7 thoughts on “බැට්මෑන් රීබර්ත් සිංහලෙන් කියවන්න (2016) #02 | මමයි ගෝතම් දෙවන කොටස….

  • July 17, 2018 at 12:50 PM
    Permalink

    බොහොම ස්තුතියි…
    ඉදිරියටත් ලියන්න…
    ඔබට ජය…!!!

  • June 1, 2018 at 10:49 PM
    Permalink

    බොහෝම ස්තුතියි

  • June 1, 2018 at 6:46 PM
    Permalink

    බොහොම ස්තූතියි අයියෙ ❤️

  • June 1, 2018 at 4:29 PM
    Permalink

    thnx bro

  • June 1, 2018 at 1:38 PM
    Permalink

    ෆට්ට,බොහොම ස්තූතියි!!!

  • June 1, 2018 at 1:36 PM
    Permalink

    ෆට්ට බොහොම ස්තූතියි!!!

  • June 1, 2018 at 8:20 AM
    Permalink

    ස්තූතියි සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *